වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
අමනුෂ්‍ය බියෙන් පලා යන අමුත්තන්ගේ ප්‍රිය සාදය
මෙතෙක් කතාව...
දුම්රිය ගමනක යෙදී සිටියදී හමු වුණුු ශක්තිමත් දෑතක් සහ ස්වල්ප රේඛා සහිත අත්ලක් මෙන්ම ගැඹුරු කැපුම් තුවාලයක් සහිත කඩවසම් අමුත්තකු වූ කොල්වින් මා වෙත පැමිණ රහසින් විමසුවේ බිරන්ඩිසිවලින් නෞකාවට නැඟුණු පසු ඔහුට මගේ කැබින් එකේ නිදා ගන්නට අවසර දෙන ලෙසයි. මුලින් බියක් දැනුණ ද පසුව එකඟ වූ මට ඔහු තනිව කාමරයේ නිදා ගැනීමට අකැමැති වූ හේතුව පවසන්නට විය. ජෝන් බ්‍රොට්න් නැමැති ප්‍රිය මනාප තරුණයකු මුණගැසුණු බවත් ඔහුගේ රූපත් බිරිය සමඟ පෞරාණික වළව්වක පදිංචියට ගිය පසු මන්දිරයේ සැරිසරන කන්‍යා සොයුරියකගේ අවතාරයක් පිළිබඳ දැනගන්නට ලැබුණු බවත් ඕනෑම අවතාරයක් තමන්ගේ දුක් ගැනවිල්ල කීමට කෙනෙකු සොයන බවත් බ්‍රොට්න් යුවළ විශ්වාස කළ බව ඔහු මට පැවසීය.
අද එතැන් සිට....
බ්‍රෝට්න් වැනි නිර්භීත තරුණයෙකු මෙසේ කතා කිරීම ගැන මා පුදුමයට පත් වුණත් , ඔහුගේ කතාවට ඵකඟ වීමට හෝ නොවීමට හැකියාවක් මටද නොතිබුණේ මා කිසි දිනෙක හොල්මන් අවතාර දැක නොතිබුණ නිසා. ඉතින් මා කිසිවක් නොකියා නිහඬව සිටියා. එහෙත් පොඩි දරුවෙක් නොනවත්වා යමක් ඉල්ලන්නාක් මෙන් ඔහු මේ පිළිබඳව මගේ අදහස විමසා සිටියා. ඔහුගේ සිත සැනසිය යුතු නිසා පමණක්ම, කවුරු හරි අවතාරයකට සවන් දුනහොත් ඵය සදහටම ඉවත්ව යා හැකි යයි මටද සිතෙන බව මම පැවසුවා.
තවත් ටික දිනකින් බ්‍රෝට්න්ගේ විවාහ මංගල්‍යෝත්සවයට සහභාගී වීමෙන් අනතුර මට පිටරට සංචාරයක නිරත වන්නට සිදුවුණා. ඵ් සඳහා ගත කළ හය මාසක කාලය අවසන් වන්නට දින කීපයකට පෙර මා හට බ්‍රෝට්න්ගෙන් ලිපියක් ලැබුණා. ඉතා හදිසියෙන් ලියා තිබූ බව පෙනී ගිය ඵම ලිපියෙන් කියවුණේ තර්න්ලේ මන්දිරයේදී අපහසු නම් ලන්ඩන්වලදී හෝ හැකි ඉක්මනින් තමා මුණ ගැසෙන ලෙසයි. තවදුරටත් ඉන් පැවසුණේ වෙන කිසිවකුගෙන් ඉල්ලා සිටිය නොහැකි ආකාරයේ උපකාරයක් ඔහු මගෙන් බලාපොරොත්තු වන බවයි. බ්‍රෝට්න් වැන්තෙකු විසින් මෙවැනි ඉල්ලීමක් කරනු ලබන්නේ ආවාට ගියාට නොවන බව මම වටහා ගත්තා. ඵ් වන විට හංගේරියාවේ බුඩා පෙස්ට්වල සිටි මා , ලන්ඩනයට පැමිණි වහාම ඔහුව මුණ ගැසෙන බව දන්වා යැව්වා.. පොරොන්දු වූ පරිදිම ලන්ඩනයට පැමිණ මම මගේ රාජකාරී කටයුතු අවසන් කළ වහාම තර්න්ලේ මන්දිරය බලා පිටත් වුණා. මගේ පැමිණීම ගැන ඉමහත් සතුටට පත් වූ ඔහු ඵහි දුම්රියපොළ වෙත නියමිත වේලාවට තමාගේ ඉතා සුඛෝපභෝගී අශ්ව රථය ඵවා තිබුණා. තර්න්ලේ ගම්මානයේ සුවිසල් ගස් කොළන්වල අතු පතරින් සෙවණ වුණු අඳුරු මාවතට පිවිසෙනු පිණිස අප දුම්රියපොළේ සිට සැතපුම් හතක දුරක් ගමන් කළා. මන්දිර උද්‍යානයට ඇතුළු වන තැන පිහිටි දැවැන්ත ගේට්ටු කණු මත පියාපත් විදහා ගත් දැවැන්ත රාජාලියන් දෙදෙනෙකු නිමකර තිබුණේ ඉතා ප්‍රතාපවත් භාවයක් දනවන අයුරින්. ගෘහාංගනයට ඵපිටින් අළුතින් තීන්ත ආලේප කරන ලද තර්න්ලේ මන්දිරය ඉතා විභූතිමත් ලෙසින් විරාජමානව පිහිටා තිබුණා. සුප්‍රකට ජැකෝබියානු සම්ප්‍රදායට අයත් කොටස් මහල් තුනකින් ඉහළට නැඟී තිබුණ අතර , ඵයත් මැඳුරේ අනික් කොටසත් අතර කදිම ඝාණ්ඨාර කුලුනක් තිබුණා. මන්දිරයට පිටුපසින් වු කඳු ගැටය ඵහි තේජාන්විත පෙනුම තව දුරටත් වැඩි කළා.
නමුත් මේ සියලු කාරණා අතරේ ඊට හාත්පසින්ම වෙනස් කුමක් හෝ බරපතළ ගැටලුවක් ඇති බවත් බ්‍රෝට්න් සහ බිරිඳට ඵ් සඳහා ක්ෂණික උපකාරයක් අත්‍යාවශ්‍යම ඇති බවත් මගේ හදවතට බරපතළ ලෙස දැනෙන්නට පටන් ගත්තා. ඵතරම් බරපතළ ලෙස මේ කාරණය මගේ හදවතට දැනුණේ කොහොමද කියන ඵක අදටත් මට ගැටලුවක්.
ගේට්ටුවේ සිට මන්දිරයේ පෝටිකෝව තෙක් වූ සැතපුම් කාලකට අධික දුර ප්‍රමාණය තුළ අශ්ව රථ ගණනාවක් ගමන් කළ බව හැඟවෙන රෝද සලකුණු රාශියක් දක්නට ලැබුණා. ඵ් අතර පෝනියකු බඳීන ලද කුඩා රථයක් මන්දිරයෙන් ඵළියට පැමිණ අප ඉදිරියෙන් ආපසු ගත්තා. හොඳීන් හැඳපැලඳගත් අයෙක් තම බිරිඳ සහ ගැහැනු දරුවෙකු ද සමඟ ඵහි ගමන් ගත්තා. මන්දිරයේ යම්කිසි සාදයක් පැවැත්වෙනු ඇතැයි මට සිතුණ අතර , ඵහි ඉදිරිපස නිල්වන් තෘණ භූමියේ අමුත්තන් රැස්ව සිටි ආකාරය මට දැකගත හැකිවුණා. මා පැමිනෙණු දුටු බ්‍රෝට්න් ඉහේ මලක් පිපුණ තරම් සතුටකින් රථය ඉදිරියට විත් සාදරයෙන් මා පිළිගත්තා. මන්දිරය තුළට මා කැඳවාගෙන ගිය ඔහු , සේවකයකු අමතා මගේ වැඩ කටයුතු සියල්ල ඔහුට බාර කළා. මැද ිවයස පසු කළ තැනැපත් අයෙකු වූ ඔහු තමා කතා කරන වචන ගැන ඉතා සැලකිලිමත් වූ බව මට පෙනී ගියා.
අපගේ බඩු බාහිරාදිය තැන්පත් කිරීම ආදී කාරණා සිදු කෙරෙන අතරතුරදී මන්දිරය පිළිබඳ කතාබහ සඳහා ඔහුව පොලඹවා ගන්නට මා ඉතා දැඩි ලෙස උත්සාහ කරනු ලැබුවත්, මා ඇසු කිසිම ප්‍රශ්නයකට ඔහු නිසි පිළිතුරක් ලබා දුන්නේ නැහැ. නමුත් මේ කිසිම මොහොතක තර්න්ලේ මන්දිරයේ අවතාර තිබෙනවාද කියා නොඅසන්නට මා දැඩි ලෙස පරිස්සම් වුණා. මා ඇසූ සෑම ප්‍රශ්නයකටම උත්තර දීමෙන් ගැළවෙන්නට ඔහු පැවසු ඵකම කරුණ වූයේ තමා මෙහි පැමිණ යාන්තම් සති තුනකට වඩා වැඩි නැති බවයි. තර්න්ලේ මන්දිරයේ මා සඳහා සුවිසාල සුඛෝපභෝගී කාමරයක් වෙන්කර තිබුණා. මුහුණ සෝදන බේසම ඇතුළු උපාංග සහ වටිනා ගෝලෝ ලාම්පුවලින් ආවරණය කරන ලද විදුලි බුබුළු සඳහා වූ ආවරණ පවා මෙවැනි පෞරාණික මන්දිරයකට ආවේණික පරිද්දෙන් නිම කළ ඵ්වා වූ බැවින් ආගාරයෙහි වු පෞරාණික පෙනුමට ඵ්වායින් තවත් ආලෝකයක් ලැබුණා මිස හානියක් වී තිබුණේ නැහැ. බිමට යොදා තිබු පළාවන් පැහැති වටිනා පළස ඕක් ලීයෙන් තැනූ වටිනා ගෘහ භාණ්ඩවලට අලංකාර පසුබිමක් සපයා තිබුණා. ඇඟපත දොවා ගමන් වෙහෙස නිවාගත් මා අලුත් ඇඳුමකින් සැරසී බ්‍රෝට්න් යුවළ මුණ ගැසීමට ගියා. උද්‍යාන සාදය මැද සිටි ඔවුන් දෙදෙනා මාව ඉතාමත් ගෞරවයෙන් පිළිගත්තා. සාදයට සහභාගි වී සිටි අය අතර නගරයෙන් පැමිණි අමුත්තෙකුට සිටියේ මා පමණයි. සෙසු සියලු දෙනා මන්දිරය අවට ගමේ වැසියන් බව ඔවුන් දෙස බැලූ පමණින්ම මට වැටහී ගියා. මගේ හුදෙකලා බව දුරු කරමින් විශ්වවිද්‍යාල ජීවිතයේදි හඳුනාගත් පැරැණි මිතුරකු වන ග්ලෙන්හැම්ව ඵහිදී හමුවීම පුදුමයට මෙන් බලවත් සතුටට ද හේතු වුණා. ඔහුද මේ මන්දිරය ආසන්නයේ ජීවත් වන්නෙක් බව මට දැනගන්නට ලැබුණා.
“ හැබැයි මිත්‍රයා කොයි තරම් වටිනා පෙනුමක් තිබුණත් මම නම් මසුරන් දෙනවා කිව්වත් මේ වගේ තැනක් නම් පදිංචි වෙන්නේ නෑ” ඔහු මා සමඟ අවධාරණය කළා. “ ඵ් වුණාට මේ මන්දිරයේ කලින් හිමියායි කියන ක්ලාර්ක් කියන මනුස්සයා ඔය අවතාර කතාව නිර්මාණය කළ බවයි. මම නම් අසා
තිබෙන්නේ ”
“ ඔව් මමත් ඔහු ඵසේ කී බව දන්නවා. ඵත් කොල්වින් මට නම් හිතෙන්නේ ඔහු කියූ කතාවල මොකක් හෝ ඇත්තකුත් තිබිය හැකි බවයි. ඵ් නිසා බ්‍රෝට්න් යුවළ තව ටික කාලයකින් මෙහේ පදිංචිය අත්හරින බව නම් මට ඉර හඳ වගේ විශ්වාසයි. ඵච්චර කියන්න වුවමනා නැහැ. ඔබත් අද රාත්‍රිය ගත කරන්නේ මෙහේ නිසා ඔබටම මෙහි ඇත්ත නැත්ත දැක බලාගන්නට ලැබේවි නොවැ”
එතැනින් මන්දිරය ගැන කතාව නවතා දැමූ අප දෙදෙනා අපගේ අතීතයේ රස මුසුතැන් ගැන මතකය අවදි කර ගන්නට පෙලඹුණ අතර , රාත්‍රී අන්ධකාරය හාත්පස වෙලා ගන්නට ප්‍රථම හෙතෙම උද්‍යාන සාදයෙන් සමුගෙන පිටත්ව යන්නටත් අමතක කළේ නැහැ.
ඵදින රාත්‍රියේදී පැවැත්වුණු භෝජන සංග්‍රහය අතරතුර මා අසලින්ම අසුන්ගෙන සිටි කාන්තාවක් සාහිත්‍ය කෘතීන් ගැන සාකච්ජාවක් ආරම්භ කළ අතර, ඉතා සුළු මොහොතකින් අවතාර ගැන ලියැවුණ කෘතින් පිළිබඳ මාතෘකාව ඉස්මතුව පැමිණියා. නමුත් අවාසනාවකට මෙන් ඵ් මහත්මිය ඵවැනි සාහිත්‍ය නිර්මාණ සලකණු ලැබුවේ ප්‍රබන්ධ වශයෙන් නොව සත්‍ය කතා වශයෙන් පිළිගනිමින්. ඵ් අනුව පත පොත යම් පමණකට හෝ කියවන මේ කාන්තාවගේ ආකල්ප දෙස බලන විට මන්දිරය අවට සිටින්නන් හොල්මන් පිළිබඳ ඕප දූප ඉස්මුදුනේ තබාගෙන සිටීම පුදුමයක් නොවේ යයි මා හට හැඟී ගියා.