අද්භුත ගැලවුම්කාරයා

මාර්තු 22, 2024

එය 1965 වසරේ ග්‍රීෂ්ම සෘතුවයි. පීටර් නියර්මන් ඔහුගේ බිරිඳ වන අයිරින් සහ සිය කුඩා පුතුද සමඟින් තම කුඩා යොට් යාත්‍රාවට ගොඩවූයේ නුදුරින් පිහිටි දර්ශනීය කළපුවේ සතියක නිවාඩුවක් ගත කිරීමේ අදහසිනි. ඇය ඒ වන විට සිය දෙවැනි දරු ප්‍රසූතියට සුදානම් වෙමින් සිටියාය.

දෙවැනි දනයේ උදෑසනින්ම අවදි වූ පීටර් එහි වූ කුඩා ඔරුවේ නැඟී වෙරළට ගියේ දෛනිකව ඉටු කරන ඔහුට සුපුරුදු කිලෝ මීටර් තුනේ ඇවිදින ව්‍යායාමය පිණිසය.

මේ අතර යාත්‍රාවේ අහර පිසීමට සූදානම් වූ අයිරින්ට එක්වරම දැක ගත හැකි වූයේ සිය කුඩා පුතු කළපුවට ඇද වැටෙන අයුරුය. ගැබිනියක් වූ ඇයටද මහ හඬින් විලාප දෙනවා හැරෙන්නට හැකි දෙයක් නොවීය. නමුත් එසැණින් දිය යටින් මතුවූ එක්තරා පුද්ගලයෙකු දරුවාව රැගෙන ගොඩබිමට පීනන්නට වූයේය.

එසැනින් සිය යාත්‍රාවද පදවා ගෙන ජැටියට පැමිණි අයිරින්ට දක්නට ලැබුණේ දරුවාව ගොඩ බිමින් තැබූ මිනිසා ඈතට ඇවිද ගෙන යන අයුරුය. ඔහුට සිය ස්තූතිය පුද කරනු වස් ඇය ඒ මිනිසා පසුපස ඇවිද ගියද අසල වූ එක් ගොඩනැඟිල්ලක් අසලදී ඔහු අතුරුදන් වී ගියේය.

වෙරළේ සිටි කිසිවෙකුට ඔහුව සොයා ගත නොහැකි වූ අතර එක් මහලු ධීවරයෙකු පැවසුවේ, විපතට පත් වූවන්ට උදව් කළ පුද්ගලයෙකු කලකට ඉහත මෙහි සිටි බවත්, දිනක් ඔහු මේ ස්ථානයේදීම මුහුදේ ගිලී මිය ගිය බවත්, ඉන් අනතුරුව ඔහුගේ භුතාත්මය විසින් මෙතැන්හිදී අනතුරුවලට පත් වන්නවූන් මේ අයුරින් බේරා ගනු ලබන බවත්ය.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.