බුදු සසුන රැකීමට සඟරාජ හිමියන් යොමු කළ ශ්‍රී යෝගය

මාර්තු 1, 2024

දැනට වර්ෂ 326කට පෙර එනම් 17 වැනි සියවසේ අගභාගයේ ක්‍රි.ව. 1698 පොසොන් මස මෙලොව එළිය දුටු මහා යතිවර මාහිමිපාණන් වහන්සේ නමක් වූ ශ්‍යාමෝපාලි මහා නිකාය නැවත පිහිටුවමින් පරිහානියට පත්ව තිබූ බුදු සසුන නඟාසිටුවමින් උපසම්පදාව නැවත ඇති කරමින් බුදු සසුන රැක ගැනීමට මහත් කැපවීමක් කළ වැලිවිට අසරණසරණ සඟරාජ මාහිමිපාණන් වහන්සේගේ ජන්ම පත්‍රය පිළිබඳව කෙරෙන විග්‍රහයකි.

මෙම යතිවරයාණන්වහන්සේ උපත ලබා ඇත්තේ ක්‍රි.ව. 1698 ජූනි මස 19 වැනි දින හෙවත් පින්බර පොසොන් මාසයේ ය. අනුබුදු මිහිඳු මාහිමිපාණන්වහන්සේද සිරිලකට වැඩම කළේ පින්බර පොසොන් මාසයේ ය.

එබැවින් ක්‍රි.ව. 1698 වන විට 17 වැනි සියවසේ නැවත ශාසනය පිරිහී උපසම්පදා භික්ෂූන් වහන්සේ නමක් දැකීමට නොහැකිව සිටි කාලයක උපත ලද මෙම පින්වන්ත සඟරාජ මාහිමිපාණන් වහන්සේ දෙවැනි මිහිඳු මාහිමිපාණන් වහන්සේ යයි කීමට ද වරදක් නැත.

මේ මාහිමිපාණන් වහන්සේ උපත ලබා ඇත්තේ කන්‍යා ලග්නයෙනි. ලග්නාධිපති පංචමහාපුරුෂ යෝගය හා භද්‍ර යෝගය සමඟ යෙදුණු ධර්මකර්මාධිපති යෝගය බුධ ආදිත්‍ය යෝගය සහිත යෝග ගණනාවකින් සමන්විත රවිගේ දිග්බලයෙන්ද සැකසුන ග්‍රහයෝග ත්‍රිත්වයකින් සමන්විත දහවැන්න ප්‍රබල ග්‍රහයෝගයක්ව සැකසී ඇත.

බැලූ බැල්මට මේ ජන්ම පත්‍රය අපට පෙනී යන්නේ 8 වැන්නාධිපති පාප කුජ රාහුට සංයෝග වූ කුජ රාහු සංයෝගයයි.

එහෙත් මෙහි මේ කුජ යෝග ගණනාවකින් බලවත් වූ බුධගේ චතුරශ්‍ර දෘෂ්ටියට යටත්ව ලග්නයේ සිටින අතර මීන රාශිගත සඳුගේ ප්‍රබල දෘෂ්ටියක් ලබා චන්ද්‍ර මංගල යෝගයෙන්ද සමන්විත වෙයි. මේ ජන්ම පත්‍රයේ වටිනාම යෝග බලයක් වූ ශ්‍රී යෝගයද විද්‍යමාන වෙනවා.

කිසියම් ජන්ම පත්‍රයක කේන්ද්‍රස්ථාන අධිපතියෙකු එකී ජන්ම පත්‍රයේ දෙවැන්න සහ නව වැන්න අධිපතියෙන් ද සමඟ සංයෝගව ගුරුගේ දෘෂ්ටියට ලක්ව ඇත්නම් එය ශ්‍රී නැමැති බලවත් යෝගයයි. අප සඟරාජ මාහිමිපාණන් වහන්සේගේ ජන්ම පත්‍රයේ මෙකී යෝග බලය මනාව නිරූපණය වන අතර පෙර පින අමරණීය නාමය ප්‍රසිද්ධියට පත්වීම ශ්‍රී යෝගයේ ප්‍රධාන විපාක වෙනවා.

තවත් යෝග ගණනාවකින් සමන්විත සඟරාජ මාහිමිපාණන් වහන්සේ 17 වැනි සියවසේ අගභාගයේ ලක්දිව පහළව බුදු සසුන බැබළවූ බෞද්ධ අබෞද්ධ හදවත්වල සදා නොමැකෙන මතකයේ රැඳෙන සංඝයා අතර රාජයකු බඳු මාහිමිපාණන් වහන්සේ නමකි.

කුඹල්ගමුවේ ධම්මාලංකාර නාහිමි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.