වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
අත් පා වාරු නැති දියණිය විශේෂඥ වෛද්‍යවරියක කළ රන් සුරය
සුපුරුදු පිළිවෙත් හිමිදිරියේම ඉටු කළ කොණ්ඩදෙණියේ නායක සීලරතන හිමියන් දේව මන්දිරය දොර විවරකොට පහන් දැල්වූවා පමණි.
ඒත් සමඟම නවීන පන්නයේ කිරි සුදු බෙන්ස් රථයක් කොණ්ඩදෙණිය පන්සලේ ගේට්ටුව අසලම නතර කළේය.
“ඩිංගිරි බණ්ඩෝ” මේ පාන්දරින්ම ආවේ කවුරුන්දැයි සෝදිසි කර බලපන්. ඒ කවුරු වුණත් කමක් නැහැ අර ගේට්ටුවක් ඇරල වාහනය පන්සල ඇතුළටම ගන්න ඉඩ හැරහං” හිමිගේ නියෝගය එලෙසින්ම ක්‍රියාත්මක විය.
ලොකු වැදගත් පැළැන්තියේ නෝනා මහතුන් දෙපළකුයි. සාත්තු සේවිකාවක් වැනි අයෙක් කුඩා ගැහැනු දරුවකු වඩාගෙන කාරයෙන් එළියට බැස්සහ.
කාරයේ ඩිකියෙන් ලොකු තැඹිලි වලු දෙකකුයි ලොකු පිරිකර කිහිපයකුයි ඩිංගිරි බණ්ඩාගේද සහාය ඇතිව බා ගන්නට යෙදිණි. ඔවුන් බැලූ බැල්මට වත් පොහොසත්කම් ඇත්තන් බව පෙනෙන්නට විය.
හිමියන්ට දොහොත් මුදුන් දී වැඳ නමස්කාර කළ යුවළ “අවසරයි අපේ හාමුදුරුවනේ.. අපි කොළඹ ඉඳලමයි ආවේ ඔබ වහන්සේ මුණ ගැහෙන්න” තමන් රැගෙන ආ බුලත් අත හිමි අතට දී ගෙනා පිරිකරද පුදන්නට විය.
“මේවා මොනවටද? හා....කාරි නැහැ ඔය ඇත්තල විහාර මන්දිරයටත්, බෝධියටත් ගිහින් වන්දනා මාන කර තමන් පැමිණි කාරණය ඉෂ්ට සිද්ධ වන ලෙස ප්‍රාර්ථනා කරල එන්න.”
දෙන්න දෙමහල්ලෝ බුදුන් වැඳ හිමියන් සමඟ දේව මන්දිරයට පිවිසියෝය.
ඒත් සමඟම මුළු දේව මණ්ඩලයේ පිළිම සියල්ල වහා සලිත වන්නට පටන් ගති. ඒ මොහොතේ අර නෝනා මහත්තයා කලබල කරමින් හිසකෙස් විහිදුවමින් පරල වී දඟලන්නට පටන් ගති.
මේ කිසිවක් ගණන් නොගත් අප හිමියන් “නෝනා ඔහොම ඉද්දෙන්”අපි පොඩ්ඩකට එළියට යමු යයි යෝජනා කොට එම මහත්මයා සමඟ දේව මන්දිරයෙන් බැහැරව ගියේය.
“මොකක්ද මහත්තයෝ වෙලා තියෙන සංගදිය? “ යටහත් පහත්ව කඳුළු පිරි දෙනෙතින් යුතුව ඔහු හිමියන්ට තම දුක්ගැනවිල්ල කියන්නට විය.
අපේ හාමුදුරුවනේ කොළඹ නුගේගොඩ අපටම අයිති කඩ පෙළක්ම තියෙනවා. අපට සල්ලි භාගෙවලින් නම් අඩුවක් නැහැ. “අපට ඉස්සෙල්ලාම ලැබුණු දරුව තමයි මේ.”
“මුලදි හොඳට හිටිය දරුවා එක පාරට අතපය හොලවන්නවත් බැරිවෙලා.” අත්පා පණ නැතිව කඩා වැටෙනව හාමුදුරුවනේ මොනව වෙලාද කියල අදහගන්නවත් බැහැ... මේ දුවව සනීප කරගන්න ලංකාවේ දොස්තරල කීදෙනෙක් ළඟට යන්න ඇද්ද? නොකරපු ගුරුකමකුත් නැහැ. ඒ කිසිවකින් දුවව සනීප කරගන්න බැරි වුණා නොවැ. දුව බලාගත් අත ඔහේ බලා සිටිනවා. දුකේ බැහැ. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ වත් අපට පිහිට වෙලා දරුවා ගොඩ දාල දෙන්න”
“ඩිංගිරි බණ්ඩො” මෙහාට ආවනං
“එහෙමයි හාමුදුරුවනේ” අර ඊයේ ශාන්ති කර්මයට ගෙනාපු කෙසෙල් ගොබෙන් හැදූ ගොක්කොළ යහන හනිකට අරං එනවා මෙහාට” හිමි අණ වහා ක්‍රියාත්මක විය.
දේව මන්දිරය තුළ යන්තම් අවුරුදු තුනක් වු පුංචි දියණිය යහනාව මත නිසොල්මන්ව වැතිර සිටී. දේව මන්දිරය තුළ නායක හිමියන් බලගතු මන්ත්‍ර ජප කරන්නට විය. ඒත් සමඟම දේව මන්දිරයේ දේව පිළිම අබියස තිබූ සියලු පහන් ඒකාලෝක වන්නට විය.
යාතිකාව අවසානයේ මවුපිය දෙපළ රැගෙන ආ කුඩා රන්සුරයට සිංහ තෙල් බිඳුවක් සහ දහස්වර පිරිත්කළ නූල් කැබැල්ලක් ඇතුළුකර හිමියන් දරුවාගේ ගෙල පැලඳිය. පුදුමයක මහත, මෙතෙක් අත්පා නොසෙල්වා සිටි පුංචි දියණිය දෙඅත් ඔසවා දේව මන්දිරයේ පිළිමවලට නමස්කාර කළාය. මව්පියෝ් සතුටින් ඉපිළ ගියහ. මහත් භක්ත්‍යාදරයෙන් සතුටු කඳුළු වගුරුවමින් හිමි පා නැමද පිරිස කොළඹ බලා පිටත්වූහ.
කාලයද වහා පියඹා ගියේය. දියණිය කොළඹ විශාඛාවේ ඉගෙනුම ලබා පසුව වෛද්‍යවරියක් විය. කලක් කොළඹ රෝහලේ ප්‍රතිකාර කළ ඇය ආනමඩුව රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක විය. ඒත් නිවාඩු තිබුණු කාලවකවානුවල කොණ්ඩදෙණිය පන්සලට පැමිණ හිමියන්ගේ සැප දුක් බැලීමට ඇය කිසිසේත් අමතක නොකළාය.
“කොණ්ඩදෙණියේ පොඩි හාමුදුරුවෝ” නමින් ප්‍රචලිත කොණ්ඩදෙණිය රජමහා විහාරයේ වත්මන් විහාරාධිපති කඩම්බාවේ අනුරුද්ධ හිමියන් හමුවට සති අන්තයක ලංකාවේ සුප්‍රසිද්ධ විශේෂඥ වෛද්‍යවරු යුවළක් සුඛෝපභෝගී අවුඩි වර්ගයේ කාරයකින් කොළඹ සිට කොණ්ඩදෙණිය පන්සලට පැමිණියේය.
“අපේ නායක හාමුදුරුවනේ අපි කොළඹ ඉඳලමයි ආවේ. ඔබ වහන්සේව මුණ ගැහෙන්න” අපට අවසරයි”
“හොඳයි , ඔය මහත්තයන්ල විහාර මන්දිරයත්, බෝධීන් වහන්සේත් වන්දනාමාන කරගෙන එන්න කෝ ඔය දරුවොත් එක්කම” හිමියන්ගේ අණට ඔවුන් කීකරු විය.
මවුපියන් දේව මන්දිරය පෙරටුව ඇති කාර්යාලයේදී හිමියන් හමු විය. සෙල්ලක්කාරයන් වූ දරුවන් දෙන්නා අසල ඇති නෙල්ලි ගහේ නෙල්ලි කඩා අහුලමින් සිටියේය.
“අනේ අපේ නායක හාමුදුරුවනේ අපේ දරුවන් දෙන්නා නිඹුල්ලු ලබන අවුරුද්දෙ උසස් පෙළ විභාගයට ලියන්නයි ඉන්නෙ. ඉගෙන ගන්න මෑතක ඉඳල කිසි උනන්දුවක් නැහැ. දෙදෙනාම දඟ මලු. පොඩ්ඩ, ඇත්තං රණ්ඩු සරුවල් කරගන්නවා. ඉස්කෝලෙ පාඩම් වැඩ ගැන කිසිම උනන්දුවක් නැහැ.”
“මේ දෙන්නත් අපි වගේ විශේෂඥ වෛද්‍යවරුන් කරන්නයි අපි හිතන් හිටියේ දැන්නම් ඒ බලාපොරොත්තු ඉෂ්ට වෙයිද කොහෙත්ම කියන්න නම් බැහැ හාමුදුරුවනේ”
ඉස්සර වගේ නොවෙයි දඟකාරකම හුඟක්ම වැඩියි. ඔබ වහන්සේට කියල පොඩි ගුරුකමක්වත් කරගන්න පුළුවන්ද බලන්නයි අපි කොළඹ ඉඳලම ආවේ”
“හොඳයි දරුවො දෙන්නව දේව මන්දිරයට එක්ක ගෙන එන්න”
අනුරුද්ධ හිමියෝ තම කිරිඅප්පා වු කොණ්ඩදෙණියේ සීලරතන හිමියන්ගෙන් දායාද වූ බලගතු මන්ත්‍රයක් ජප කරන්නට වූහ දරුවන් දේව මණ්ඩලය අභියස වැඳගෙන සිටියේය. දේව මන්දිරයේ පහන් සිළු එක්වරම ඒකාලෝක විය. හිමියන් ඒ අභියෝගය භාර ගන්නට විය. දෙදෙනා අතේ ජප කළ පිරිත් නූල් හිමියන් විසින් ගැට ගසන ලදී. සිංහතෙල් අඩංගු පුංචි සුර දෙකක් දරුවන් සඳහා හිමියන් විසින් ප්‍රදානය කරන ලදී.
පුදුමයක මහත එදා පටන් දරුවන් මවුපියන්ට, ගුරුවරුන්ට කීකරු විය. හොඳින් අධ්‍යාපනය ලැබ උසස් පෙළ විභාගයෙන් ඒ සාමාර්ථ ලැබ දෙදෙනාම කොළඹ වෛද්‍ය විද්‍යාලයට පිවිස වෛද්‍යවරුන් විය. ඔවුන් දෙදනාම ඉඩ තිබූ විට කොණ්ඩදෙණිය පන්සලට ඒමට අනුරුද්ධ හිමිගේ සුවදුක් විමසා බැලීමට අමතක නොකළෝ්ය. තම මවුපියන්ගේ අඩි පාරේ යමින් ඔවුහු විශේෂඥ වෛද්‍යවරු වීමට වැඩිදුර අධ්‍යාපනය සඳහා මෑතක දී විදේශ ගත වූහ.
හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්)
ඡ්‍යොතිෂ අවිශ්කාර්
ඡ්‍යොතිෂ ශිරෝමණී
ආචාර්ය විජය සමරසිංහ