තම හිස අතින් එල්ලාගෙන ඇවිදින රැජන

අප්‍රේල් 26, 2024

ඒ කපා වෙන් කරන ලද තමාගේම හිස අතින් එල්ලා ගත් රැජිනකි. ඇය අටවැනි හෙන්රි රජුගේ දෙවැනි බිසව වන ඈන් බොලෙයින්ය.

1915 පෙබරවාරියේ මැද භාගය වන තෙක් මහා බ්‍රිතාන්‍යයේ සුප්‍රකට ලන්ඩන් කුලුන අභියසදී විටින් දක්නට ලැබුණු ඇයගේ හිස ගසා මරා දමා ඇත්තේ මේ ස්ථානයේදීය. සිය ස්ථීර වාසස්ථානය හැම්ප්ටන් කෝට් මාළිගය වූවත්, ඇයගේ අවතාරය මෙසේ සිය ජීවිතය හා බැඳුණු විවධ ස්ථානවලදී දක්නට ලැබී ඇත. සුප්‍රකට හැම්ප්ටන් කෝට් රජ මාළිගය ගැන අද ලොව පුරා කතාබහට ලක් වන්නේ එය මේ ආකාර භූතාත්මවලින් පිරී ඇති බැවිනි. භූතයින් සහ ආගන්තුයින් (ට්ඩධඵබඵ චදඤ ර්‍ණබඩඥප ඉබපචදඨඥපඵ)නමින් පොතක් ලියූ, පෝලීන් සෝල්ට්මන් නමැති බ්‍රිතාන්‍ය ලේඛිකාව සඳහන් කරන ආකාරයට එක් චිත්‍ර ශිල්පියකු මාළිගයේ හුදෙකලා ස්ථානයකට වී සිතුවමක් ඇ¼දීමට පටන් ගෙන තිබේ. මඳ වේලාවක් ගතවත්ම ඔහුගේ පින්සල රැගත් අත යම් අදෘෂ්‍යමාන බලයකට යටත් වූ බව ඔහුට දැනී ඇත. ඒ අනුව කැන්වසය මත 1, 2, 4 සහ 5 යන ඉලක්කම් ඇඳෙන්නට පටන් ගත්තේය. පසුව ඔහුට දැන ගන්නට ලැබුණේ මෙකී මාළිගයේ වාසය කළ කැතරින් හොවාඩ් නැමැති සුරූපී කාන්තාව ඝාතනය කර ඇත්තේ 1245 වසරේදී බවය. මේ කැතරින් නැමැත්තියගේ අවතාරය මාළිගය තුළ දිවා රාත්‍රී දෙකෙහිම සැරිසරන බව එහි සේවකයෝ පවසති.

එංගලන්තයේ අගනුවර වන ලන්ඩන්වල සිට කිලෝ මීටර් 20ක් පමණ ඔබ්බට වන්නට පිහිටා තිබෙන මේ මාළිගයේ 1526 සිට ි මුල්ම පදිංචිකරුවා වූයේ අටවැනි හෙන්රි රජතුමාය. බ්‍රිතාන්‍ය ඉතිහාසයේ වැඩිම වතාවක් විවාහ දිවියට එළැඹි රජතුමා ලෙස වාර්තාවන ඔහුගේ ප්‍රියතම වාසස්ථානය වූ මෙය කාමර දහසකින් යුක්තය.

අසන්නන්ගේ සියොළඟම කිළිපොලා යන භයංකාර වෘතාන්තයන් සහ හොල්මන් පිළිබඳ මොන තරම් ප්‍රචලිත වුවද වාර්ෂිකව මේ මන්දිරය නැරඹීමට ලක්ෂ හයකට ආසන්න සංචාරකයෝ පිරිසක් පැමිණෙති.

කෲර රජෙකු වූ අටවැනි හෙන්රි සය වතාවක් විවාහ ජීවිතයට පිවිසි අතර බිසවුන් දෙදෙනකුම හිස ගසා මරා දමා තිබේ. රජුගේ තෙවැනි බිසව වූයේ ජේන්ය. ඇය මිය ගියේ දරු උපතකට මුහුණ දීමේදී ඇති වූ රෝගාබාධයකිනි. එහෙත් එම දරුවා ජීවත් වූ අතර, ඔහු එඩ්වඩ් නම් විය. මව් බිසව නැති දරුවාගේ කිරි මව් තනතුරට පත් වූයේ සිබෙල් පෙන් නැමැති කරුණාවන්ත කාන්තාවකි. මේ කාන්තාව කොතෙක් විශිෂ්ට ගති ගුණවලින් සමන්විත වීද යත්, කෲර රජෙකු වූ අටවෙනි හෙන්රිගෙන් පවා ගරු බුහුමන් ලබන තත්ත්වයට පත් වූවාය. 1538 දි ඇය එඩ්වඩ් කුමරුගේ කිරිමව් තනතුරුට පත් වූ අතර, 1547 දී රජු මිය ගියේය. ඉන් අනතුරුව රජුගේ පුත්‍රයා හයවැනි එඩ්වඩ් ලෙස රජකමට පත් වූ මුත් ඔහුද 1553 දී ක්ෂය රෝගයෙන් මිය ගියේය.

තමාගේ දරුවකු ලෙස හදා වඩා ගත් එඩ්වඩ් කුමරාගේ අභාවය හේතුවෙන් සිබෙල් පෙන් දැඩි සේ ශෝකයට පත් වූවාය. ශෝකය විසින් රෝගාතුර තත්ත්වයට පත් ඇය ඉන් වසර නවයකට පසු අභාවප්‍රාප්ත වූවාය.

රජ පවුලේ සාමාජිකයකුට සිදු කෙරෙන පරිදි රාජ්‍ය ගෞරව සහිතව ඇයගේ අවමඟුල සිදු කරන ලදී. ඇයව මිහිදන් කරන ලද ස්ථානයේ සොහොන් කොතක්ද ඉදිකරන ලද මුත් 1829 දි එය එතනින් ඉවත් කර ඇත. ඒ මොහොතේ සිට සිබෙල් පෙන්ගේ අවතාරය හැම්ප්ටන් කෝට් මාළිගය තුළ පෙනෙන්නට පටන් ගෙන තිබේ.

එංගලන්තයේ අවතාර පිළිබඳ ගවේෂණ කරන්නෙකු ලෙස ප්‍රසිද්ධ පුද්ගලයෙකු වන එලියට් ඒ. ඩොනෙල් එහි ගිය අවස්ථාවක අටවැනි හෙන්රි රජුගේ තුන්වැනි බිරිය ජේන් සෙමෝටර් බිසවගේ අවතාරය තමා දුටු බව පවසයි. ඒ දැල්වුණු ඉටි පන්දමක් අතැතිව පඩිපෙළ දිගේ ඉහළට නැඟ යන අයුරිනි.

එහෙත් මේ මන්දිරයට අරක්ගත් නිත්‍ය අවතාරයක් බවට පත්ව සිටින්නේ අප මීට පෙරද සඳහන් කළ කැතරින් හොවාර්ඩ් බිසවය. අටවැනි හෙන්රි රජුගේ පස්වැනි බිරිය වූ ඇය මුළින්ම රජුගේ පළමුවැනි බිරිඳ වූ ඈන් රැජිණගේ පරිවාර කාන්තාවක වූවාය. මේ බිසවද රූමත් තැනැත්තියක් වූ නමුදු රජුගේ සිත මේ 18 හැවිරිදි කැතරින් කෙරෙහි බරපතළ ලෙස ඇදී ගියේය.

ඒ වන විට පනස් හැවිරිදි වියේ පසුවූ හෙන්රි රජු ඇයට දැඩි සේ ප්‍රේම කළ බව කියැවේ. එහි විශේෂත්වය ඇත්තේ ඔහු මෙතෙක් කිසිදු කාන්තාවකට පේ‍්‍රම කළ තැනැත්තෙක් නොවීම නිසාය. එහෙත් ඇයට රජුගේ පේ‍්‍රමය ප්‍රතික්ෂේප කරන්නට සිදු වූයේ ඔහු විවාහකයකුව සිටි නිසා හෝ වයස පරතරය නිසා හෝ නොවේ. ඇය ඒ වන විටත් රජයේ නිලයක් දැරූ තෝමස් නැමැති කඩවසම් නිලධාරියෙකු සමඟ පෙමින් බැඳී සිටි බැවිනි.

කැතරින් හා විවාහයට ඉඩ ප්‍රස්ථාව සාදා ගනු පිණිස හෙන්රි රජු තම බිසවට අග මෙහෙසිය තනතුරින් ඉවත්වන ලෙස නියෝග කළේය. වචනයකින් හෝ විරුද්ධත්වයක් නොපෑ ඇය එම තනතුරින් ඉවත් වූයේ හිස ගැසුම් කෑමෙන් ජීවිතය බේරාගනු පිණිසය. එයින්ද කැතරින්ගේ කැමැත්ත ලබා ගත නොහැකි වුවද රජුගේ බලය ඉදිරියේ ඔහුගේ බිසව බවට පත්වීම හැර වෙනත් විකල්පයක් ඇයට නොතිබිණි.

මේ ආකාරයට තමා ගත් සිත්ගත් රූමතිය විවාහ කර ගනු ලැබූවත් කැතරින් තවමත් තම පෙම්වතා වූ තෝමස්ට ආදරය කරන බව රජුට දැන ගන්නට ලැබීමත් සමඟ ඔහුගේ ක්‍රෝධය ඉස්මතුව ආවේය. ඉමහත් කෝපයට පත් රජු ඔවුන් දෙදෙනාගේම හිස් ගසා මරා දමන්නට අණ කළේය.

දශක දෙකක කාලයක් තම සේවයේ විවිධ අත්දැකීම් ඇති පොලිස් නිලධාරියෙකු එහිදී ලබා ඇති එක් අත්දැකීමක් මෙසේය.

එය 1907 වසරේ පෙබරවාරි මාසයේ රාත්‍රියකි. හිරිගඬු පිපෙන ශීතල මධ්‍යයේ ඔහුට සිය රාජකාරියේ යෙදෙන්නට සිදුව තිබුණේ රාත්‍රි 10.00 සිට පසුදා උදැසන 6.00 දක්වාය. ඒ මාළිගයේ ප්‍රධාන ගේට්ටුව අසළය.

මැදියම් රැයට ආසන්න වෙත්ම මනා ලෙස දිදුලන ඇඳුමින් සැරසුණ කාන්තාවන් හත්අට දෙනෙකු සහ පිරිමින් දෙදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ගේට්ටුව දෙසට ඇවිද ගෙන එමින් සිටියහ.

ඔවුන් තමා අසලට සමීප වෙද්දී හෙතෙම ගෞරවාන්විතව ගේට්ටුව විවෘත කර ඇතුළු වීමට ඉඩ සලසා දුන්නේය. සුපුරුදු ලෙස කෙරෙන ස්තුති කිරීමකින් හෝ තොරව එතැනින් ප්‍රවිෂ්ට වූ ඔවුන් කිසිදු කතාබහකින් තොරව ඇවිද ගිය අතර තමා දුටු බවට සලකුණක් මුහුණුවලින් හෝ පළ නොවීය. එහෙත් ඔවුන් ඇවිද ගෙන යනවිට මේ පිරිසගේ ඇඳුම්වලින් හඬ නැඟුණ ආකාරය ඔහුට මතකය.

මේ නිසා තමා පසුකර යන ඔවුන් දෙස නිලධාරියාගේ අවධානය යොමු වී තිබේ. ඔහු බලා සිටියේ මේ පිරිස මාළිගයට ඇතුළු වෙනු ඇතැයි කියාය. එහෙත් මේ පිරිස එක්වරම තම ගමන් මාර්ගය වෙනස් කර උතුරු දෙසින් පිහිටි මාළිගා උද්‍යානයට දෙසට හැරුණාහ. එසැණින් වාෂ්ප වූවාසේ ඔවුහු නිලධාරියාගේ දෙඇස් ඉදිරිපිටදීම අතුරුදන් වී ගියහ.

හැම්ප්ටන් කෝට් මාළිගය මේ මොහොත වන විට අයත්ව තිබෙන්නේ මහා බ්‍රිතාන්‍යයේ රජ පවුලටය. 1984 දී මහා බ්‍රිතාන්‍යයේ සංචාරයේ යෙදුණු සෝවියට් දේශයේ හිටපු නායකයකු වූ මීහයිල් ගොර්බචොප් පවා මෙහි රාත්‍රී භෝජන සංග්‍රහවලට සහභාගි වී තිබේ.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.