පඬි දන හැම තැන පිදුමට ලක්වන

ඔක්තෝබර් 27, 2023

ලෝකය විවිධාකාර පුද්ගලයන්ගෙන් ගැවසුණු සමාජයකි. තමන්ගේ බලය, ශක්තිය හැම ප්‍රදේශයට, රටට පමණක් පාලකයන්ගෙන් සිදුවෙයි. තමන්ගේ පාලන ප්‍රදේශයේ අධිපතියා ඔහු ය. ඒ පාලකයෝ ජනතාවගේ ගෞරවයට ලක්වෙති. මුළු ලෝකයෙහි නොවේ. ඒ පාලන ප්‍රදේශයේ ජනතාවගෙන් පමණි. තමන් කවර තරම් රජ කෙනකු වුව ද එම රාජධානියේ පමණක් වැසියන්ගෙන් පිදේ.

පණ්ඩිත ජනයා එසේ නොවේ. ඔහු ඕනෑම රටක, ඕනෑම ප්‍රදේශයක, ඕනෑම ස්ථානයකට ගිය ද ඒ හැම තැනින් ම ඔහු මහත් ඉහළින් පිළිගැනේ. මහා දැනුම් සම්භාරයකින් පරිපූර්ණ මහා පඬිරුවනට රාජ සභාවේ පැවැතියේ වැදගත් ස්ථානයයකි. රජුගේ ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු සපයන ප්‍රාඥයා රජුගෙන් පවා පිදුම් ලබයි. මහෞෂධ පඬිතුමා වැනි මහා දැනුම් සම්භාරයක් ඇති විද්වත්හු රජතුමා ප්‍රමුඛ සමස්ත ජනතාවගෙන් පිදුණු ආකාරය උම්මග්ග ජාතකය පෙන්වා දෙයි. සැම තැන ඉදිරියෙන් සිටිනුයේ විද්‍යාව දන්නෝ ය. අවි බලයෙන් හෝ කාය ශක්තියෙන් ලද නොහොන ජයග්‍රහණය විද්වතාගේ එක වචනයෙන් කළ හැකිය. එය ම ශ්‍රේෂ්ඨ ය.

විද්වත්වඤ්ච නෘපත්වඤ්ච
නෛව තුල්‍යං කදාචන
ස්වදේශෙ පූජ්‍යතෙ රාජා
විද්වාන් සර්වත්‍ර පූජ්‍යතෙ

 

පණ්ඩිත කම ද රජකම ද වෙනස් ය. එක බඳු නැත. රජතුමා තමන්ගේ රාජධානියෙහි පමණක් වැසියන්ගෙන් පිදෙයි. පණ්ඩිතයා එසේ නොවේ. හේ ලෝකයෙහි හැම සත පිදුමට ලක්වෙයි. විද්‍යාව දත්තහුට ලෝකයේ ඇති ස්ථානය වටහා ගත්තාහු එහි ලා කැපවෙමින් කටයුතු කරනු සිරිත ය.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.