වර්ෂ 2024 ක්වූ November 29 වැනිදා Friday
බුදු සිරිපා පහසලත් ශුද්ධ භූමියක් වූ කැලණිය
සෑම වසරකම දුරුතු මස කැලණි වෙහෙරේ පවත්වනු ලබන දුරුතු මහ පෙරහර කැලණි පුරවරයේ ශ්‍රේෂ්ඨත්වය සහ කැලණියේ කීර්තිය මනාසේ ඔප් නම්වන්නකි.
බුදුරජාණන් වහන්සේ ලංකාවට තෙවරක්ම වැඩම කළ බව මහාවංශයෙහි සඳහන් වේ. ඒ ප්‍රථමවර මහියංගණයටද දෙවැනි තෙවැනිවර කැලණියටද වැඩි සේක.
එදා චූලෝදර මහෝදර නා රජුන් මිණි පළඟකට යුද වැදුණු අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩ ඒ කළහය සංසිඳවූ බවත් එම මිණි පළඟ ඇතුළු කොට මණිඅක්ඛිත නා රජු විසින් කැලණිය වෙහෙර කරවන ලද බවත් ඒ පිළිබඳ ඉතිහාසයෙන් අනාවරණය වෙයි. මනි අක්ඛිත නා රජුගේ ආරාධනයෙන් තුන්වන වරට ලංකාවට වැඩම කළ බුදුන් වහන්සේ කැලණිය චෛත්‍ය පිහිටි ස්ථානයේ මණ්ඩපයක වැඩ සිට ධර්ම දේශනා කළ බවත් සඳහන් වේ.
සෑම වසරකම දුරුතු මස කැලණි වෙහෙරේ පවත්වනු ලබන දුරුතු මහ පෙරහර කැලණි පුරවරයේ ශ්‍රේෂ්ඨත්වය සහ කැලණියේ කීර්තිය මනාසේ ඔප් නම්වන්නකි. රාම රාවණා යුද්ධයෙන් පසු ජයග්‍රහණය කළ රාමකුමරු කැලණියට පැමිණ එවකට කැලණියේ ප්‍රාදේශීය නායකයෙකුව සිටි යුද ජයග්‍රහණයේදී තමාට උපකාරීවෙමින් සහාය ලබාදුන් විභීෂණට ලංකා රාජ්‍යය පවරාදීමේ කාර්යයෙන්ද කැලණියේ ශ්‍රී විභූතිය තව තවත් ඔප්පු වේ. විභීෂණ රජුන් එදා ලක්වැසි ජනතාව අතර දේවත්වයට පත් වීමත් අද ද කැලණියේ විභීෂණ දේවාලය පුද සත්කාරයට පාත්‍රවීමත් කැලණියේ ශ්‍රී විභූතියට තවත් හේතුවක් වී ඇත.
මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකා ගමනයෙන් පසු දෙවනපෑතිස් රජුගේ මලනු කෙනෙකු වූ උත්තිය කුමාරයා කැලණියේ වෙසෙමින් මායාරට රජ කරන ලදී. එකල උත්තිය කුමාරයා කැලණි වෙහෙර ප්‍රතිසංස්කරණය කොට භික්ෂූන්ගේ වාසය සඳහා විහාරයක්ද කරවන ලදී. ඉන් පසුව උපතිස්ස කුමරුගේ මුණුබුරුවකුවන කැලණිතිස්ස කැලණියේ රජු බවට පත් විය. කැලණියේ රාජශ්‍රීයට පත් වූ කැලණිතිස්ස රජු මහ රහතන් වහන්සේ නමක් තෙල් කටාරමක දමා මරා දැමීම හේතුවෙන් සිදුවූ ස්වභාවධර්මයේ කෝපයෙන් මහ මුහුදු ගොඩ ගලන්නට විය. එහිදී කැලණිතිස්ස රජුගේ දූ කුමරිය දේවී මුහුදට පාකර හරින ලද්දේ රට බේරා ගැනීම සඳහා නිමිති ඇදුරන් රජුට දුන් උපදෙස් අනුවය. ඈත මුහුදට පාවී ගිය දේවිකුමරිය එවකට රුහුණේ රජකම් කළ කාවන්තිස්ස රජ විසින් පාවී ආ කුමරිය බේරාගෙන සරණාපාවා ගන්නා ලදී.
මොනරාගල සිරිගල ආයුර්වේද වෛද්‍ය
මැණික් නේරංජනා
හෙට්ටිආරච්චි
සටහන – බී.ඇල්. පේ‍්‍රමරත්න