සොබාදහමට තුති පුදන තෛපොන්ගල්

ජනවාරි 11, 2019

සොබාදහමට තුති පිදීම වෙනුවෙන් පවත්වනු ලබන තෛපොන්ගල් උත්සවය සූර්ය දිව්‍යරාජයා මුල්කරගෙන පුද පූජා පවත්වනු ලබන මකර සංක්‍රාන්තිය නමින්ද හඳුන්වනු ලබන උත්සවයකි. හින්දු භක්තිකයින්ගේ පිළිගැනීමට අනුව සූර්යවංශය ආරම්භවන්නේත් තෛපොන්ගල් ජනවාරි පහළොස්වනදා ය.

එබැවින් සූර්යය වංශය ආරම්භවන මුල්ම දවසේ තමන්ගේ ගොවිබිම් සරුසාරවත් කර ගැනීමට උදව්කළ හිරු දෙවියන්ට පුද පූජා පවත්වා වන්දනාමාන කිරීම මෙහි අදහස වී ඇත. හින්දු භක්තිකයින්ගේ ඉතා වැදගත් ආගමික උත්සවවලින් එකක් වන තෛපොංගල් උත්සවය පැවැත්වෙන්නේ ශීත සෘතුව ගෙවී වසන්ත සෘතුව උදාවීම නිමිත්තෙනි.

දමිල මාස ක්‍රමය අනුව වසරේ පළමු මාසය තෛ යනුවෙන් හැඳින්වේ. වසරක් පුරා හිරු තමන්ගේ ජීවනෝපාය සඳහා භව භෝග සම්පත් සාර්ථකකර දෙමින් කළ සේවයට කෘතගුණ සැළකීම සඳහා ප්‍රණාමය පුදකිරීම මෙහි එක් අරමුණක් වී ඇත. හිරු දෙවියන් සතුටුකොට ලබන වසරේ ද පෙර වසරේ වගේම සශ්‍රීකත්වයත් සෞභාග්‍යයත් ලබාගැනීම සඳහා හිරු දෙවියන්ට පුදසත්කාර කොට සතුටුකිරීම හා පිහිට පැතීම ඉන් සිදුවේ. තෛපොන්ගල් උදාවත් සමඟ ජීවිතයද අලුත් වී සතුට සම්පත සෞභාග්‍ය ලැබෙන බවට ද විශ්වාස කරති. සතුන්ට හා වෘක්ෂලතා සඳහා හිරුගේ බලපෑමක් පවතින බැවින් අලුත් වී අස්වැන්න ලබාගත් විගස සහල්වලින් කිරිබත් සාදා තම දියුණුවට මඟපෑදූ හිරු දෙවියන්ට පූජා පැවැත්වීම සෑම හින්දු භක්තිකයකු විසින්ම කරනු ලබන්නකි.

මොනරාගල සිරිගල 

මැණික් නේරංජනා හෙට්ටිආරච්චි

සටහන – බී. ඇල්. ප්‍රේමරත්න

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.