වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
ගිරය
දෙසැම්බර් 14, 2018
විස්කම් දෙවිඳු මවලා දුන්නු රන් ගිරේ
තොස්කර කියමි වින කැපුමට පැවැති ගිරේ
යකඩවානේවලින් සාදන ලද ගිරය එදා මෙන්ම අදත් විශේෂයෙන්ම ගමේ ගොඩේ ගැමි ගෙදර මෙන්ම නගරබදවද සමහර නිවෙස්වලද ගෘහ භාණ්ඩයක් ලෙස පාවිච්චි කරති. ගිරය පුවක් කැපීමට මෙන්ම ගෘහණියන් වියළිකහ කැපීමට මෙන්ම උම්බලකඩ කැපීමටත් වෙනිවැල් වැනි ඖෂධීය වර්ග කැපීමටත් පාවිච්චි කරති.
එදා සෑම නිවසකම වාගේ ගිරයේ අවශ්‍යතාවය වූයේ නිවසට පැමිණි කාටවුවද පළමුව දෙනු ලබන බුලත් හෙප්පුව සමග බුලත් පුවක් හුණු, දුම්කොළ, වසාවාසි, කරඳමුංගු, වැල්මී එක්ව ගිරයද තබාදෙන බැවිනි. බුලත් හෙප්පුව (ඉලත්තට්ටුව) සමග ගිරය තබා තිබුණේ පුවක්ගෙඩිය කපා ගැනීමටයි. පුවක් ගෙඩිය කපා ගැනීමෙන් පසු සමහරු දුම්කොළයද රවුමට එකතුකොට අවශ්‍ය ප්‍රමාණය ගිරයෙන් කපා ගැනීමටද පුරුදුව සිටියේ දුම්කොළ කෑල්ලක් අතින් කඩාගන්නවාට වඩා එය පහසුවූ බැවිනි. මෙම ගිරයෙන් එකක් දෙකක් නොව බොහෝ දේවල් මෙම ගිරයෙන් සිදුකළ හැකිව තිබුණි.
ගිරයේ උපත
ගිරයේ උපත ගැන කතා කිරීමේ දී ඉතා වැදගත් කරුණු රැසක්ම දැනගන්නට ඇත. මහා සම්මත රජුගේ අග මෙහෙසිය වූ මැණික්පාල බිසවුන් වහන්සේට වැළඳුණු ග්රහදෝෂයකට ඇති වූ රෝගාබාධයක් සුවකිරීමට යන්ත්රමන්ත්ර යාග හෝම සිදුකොට දෙහි කැපීම සඳහා ගිරයක අවශ්‍යතාවයක් ඇතිවිය. ඒ පිළිබඳ සාකච්ඡා කළ දේව සභාව ගිරයක් මැවිය හැකි දෙවියකු මවන ලෙස ඊශ්වරට නියම කරන ලදී. එහිදී ඊශ්වර දෙවියන් විශ්කම් දෙවියන් මැවූ බව දේවකතාවල සඳහන්ව ඇත. විස්කම් දෙවියන් යකඩ උණු කිරීමට ලිපක් මවා යගල්දමා උණුකර ලෝකඩ කිරීහිරක් මත තබා ගිරය තනන ලද බව කියවේ. වානේ සහ යකඩ උණුකර ගිරවකුගේ හැඩරුව සිටින ආකාරයට රනින් සාදන ලද ගිරයේ පිට වාටිය මොනරකමෙන් ස්වරූපයට නිමව තිබුණි. ගිරයේ අඬු දෙක නිමවූයේ ගුරුලකුගේ පාදවලට සමානවන අයුරිනි.
පාරම්පරික ඡ්‍යොතිෂවේදී ඡ්‍යොතිෂ විද්‍යානිධි
ඡ්‍යොතිෂ්ශාස්ත්‍රඥ මොරටුවේ
තිස්ස මහානාම
සටහන –
බී. ඇල්. ප්‍රේමරත්න
071 6571205 – 011 2645598
වැඩිපුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
෴ සබැඳි ලිපි ෴
විදේශිකයන් ශ්‍රී ලංකාවට පාන් හඳුන්වා දීමට පෙර ශ්‍රී ලංකාවේ එකම ආහාරය වූයේ බත් ය. අතිරේක ආහාර ලෙස කුරක්කන්, මෙනේරි, ඇල් වී, තල, උඳු වැනි ධාන්‍ය වර්ගත්...
2023-03-30 18:30:00
විශ්වය වනාහි මහා විස්මිත අපූර්වතම වූවකි. අපට දෘෂ්‍යමාන කරුණු එමටය. එහෙත් අදෘෂ්‍යමාන කරුණු ද එමට ය. ඒ ගුප්ත කරුණු අදෘෂ්‍යමාන බලවේග මනුෂ්‍යයාට බලපායි....
2023-03-30 18:30:00
ගොයමට පණු රෝග වැලඳී ඇත්නම් අලුයම කපුටා නාද කරන්නට පෙර නිරුවතින් ගොස් දර අලු ඉසින්න.අස්වැන්න, ගිරවුන්ගෙන් බේරා ගැනීමට එකවිට එකම ගසකින් කඩාගත් දිමිගොටු...
2023-03-23 18:30:00
සම්බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී පාද ලාංඡන සතරක් නර්මදා නදී තීරය සච්චබද්ධ ගිර, සමනොළ ගිර, යෝනක පුර යන ස්ථානයන්හි වන බැව් “යන්නම්මදාය නදියා පුලිනේච තීරේ...
2023-03-16 18:30:00
ආදිවාසි ගල් යුගයේ ස්ත්‍රිය හා පුරුෂයා එකම ගුහාවක් තුළ අඹුසැමියන් ලෙස ආදරයෙන්, සොම්නසින්, පේ‍්‍රමයෙන් එකිනෙකා අවබෝධාත්මකව දරුවන් බිහිකර සොබාදහමට එකඟව...
2023-03-16 18:30:00
ලෝකවාසී බැතිමතුන්ගේ සර්ව ආගමික කේන්ද්‍රස්ථානයක් වු රුහුණු මහා කතරගම දේවාලය මුල් කරගෙන බෞද්ධ හින්දු බැතිමතුන් කතරගමට පැමිණ දෙවියන්ගේ ආශීර්වාදය...
2023-03-09 18:30:00
ගුරුකම් කරනකොට ඉතා පැහැදිලිව ඒ තත්ත්වය වටහා ගන්නට ඕනෑ. හේතුවක් නැතිව දාලා ගිය කෙනකුට හෝ තරහ වෙලා ගිය අයට වශී ගුරුකමට සුපුරුදු මල්බුලත් පුටුව...
2023-03-09 18:30:00
ත්‍රිකෝණවල මෙන්ම කේන්ද්‍රගතව හෝ පාප බැල්මට, දර්ශනයට ලක් නොවුණ ලග්නාධිපති බ්‍රහස්පති ලග්නයේ සිටියේ නම් එසේ ජන්මලාභය ලැබූ අයට නානාප්‍රකාර සැප සම්පත්ද,...
2023-03-09 18:30:00
මේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්ට කලින් අපි ගුරුකම් කරන්නෙ ඇයි? ඒක වරදක්ද? එහෙමත් නැත්නම් අකුසලයක්ද? මගේ පුද්ගලික අදහස නම් වරදක්වත් අකුසලයක්වත්...
2023-03-02 18:30:00
1915 දී ඇති වූ ජාතිවාදී අරගලයේ දී අත් අඩංගුවට පත් සිංහල නායකයන් බේරා ගැනීම සඳහා විජයවර්ධනයන් සහ ඔහුගේ පුවත්පත් ගත් තැත සුළුපටු නොවීය. ලංකාවට...
2023-02-23 18:30:00
රටෙහි ඉදිරි අනාගතය කෙරෙහි මහත් බලපෑමක් ඇති කරන රවි, ශනි යෝගය පෙබරවාරි මස 13 වෙනි දින රවි කුම්භ රාශිගත වීමෙන් ඇති විය. රවි ග්‍රහයා...
2023-02-23 18:30:00
උත්තරායනය - වස්සාන සෘතුවෙහි - කුම්භ රවි 15 භාග - මැදින් මහේ පුර අටවක තිථිය - කුම්භ රාශිය තුලා නවාංශකය - දෙනට නැකතේ 03 පාදය. පෙබරවාරි 27 වැනි...
2023-02-23 18:30:00
විදේශ ආධාර ලැබේකාලගුණ විපර්යාස හේතුවෙන් ජනතාවට අසීරුතා හදිසි මරණ, මාර්ග අනතුරු වැඩිවේසෞඛ්ය, අධ්‍යාපන අංශ දියුණුවට පියවර ගැනේ 2023 මාර්තු...
2023-02-23 18:30:00
සංකීර්ණ සමාජයක් තුළ ජීවත්වන අපිට නොයකුත් ආකාරයේ පුද්ගලයෝ හමුවෙති. ඔවුන්ගේ ගතිගුණ හා ක්‍රියා කලාපයන් පිළිබඳව විමර්ශනය කිරීමේ දී එක් එක්...
2023-02-16 18:30:00
සංකීර්ණ සමාජයක් තුළ ජීවත්වන අපිට නොයකුත් ආකාරයේ පුද්ගලයෝ හමුවෙති. ඔවුන්ගේ ගතිගුණ හා ක්‍රියා කලාපයන් පිළිබඳව විමර්ශනය කිරීමේ දී එක් එක්...
2023-02-16 18:30:00
උත්තරායනය සිසිර ඍතුවෙහි මකර රවි 21 භාග නවම් මහේ පුර තුදුස්වක තිථිය පෙරදැරිව ක්‍රි.ව. ‘2023’ පෙබරවාරි 04 ශනි දිනට මෙවර 75 වැනි නිදහස් සමරු දිනය...
2023-02-09 18:30:00