රවි-ශනි යෝගය සුබවාදී ද?

පෙබරවාරි 24, 2023

 

රටෙහි ඉදිරි අනාගතය කෙරෙහි මහත් බලපෑමක් ඇති කරන රවි, ශනි යෝගය පෙබරවාරි මස 13 වෙනි දින රවි කුම්භ රාශිගත වීමෙන් ඇති විය.

 

රවි ග්‍රහයා පෙබරවාරි මස 13 වෙනි සඳුදා උදේ 09.44ට කුම්භ රාශි ගතවීමෙන් රවි, ශනි යෝගයක් ඇති විය. ඒ අනුව මෙකී රවි, ශනි යෝගයට සම්බන්ධ රවි සහ සෙනසුරු ඔවුනොවුන්ට අන්‍යෝන්‍ය වශයෙන් ඔවුනොවුන්ට සතුරු ග්‍රහයන් වන හෙයින් මෙකී යෝගයෙන් 75%ක් පමණ ලැබෙන්නේ අශුභ ඵලය.

ඒ අනුව ලංකා කේන්දරය වන කුම්භ ලග්නයේ යෙදෙන මෙකී රවි, ශනි යෝගය තවදුරටත් පාපී කුජ සහ කේතු යන ග්‍රහයන්ගෙන් පීඩා වීම හේතු කොට ගෙන මේ කාල සීමාව තුළ හෘදයාබාධයන්ට ගොදුරුවන ජන සංඛ්‍යාව ඉහළ යාම, ඉන් මිය යන ජන සංඛ්‍යාව ඉහළ යාම, එමෙන්ම ඇස් රෝග, උණ රෝග වෙනදාට රට තුළ ව්‍යාප්ත වන්නේ ය.

ලංකා කේන්දරයේ සිවුවැන්න වූ වෘෂභ රැසෙහි අඟහරු ගෝචරය වීමත් එම අඟහරු රවි, ශනි, ග්‍රහයන්ගේ කේන්ද්‍රීය දෘෂ්ඨියට භාජනය වීමත්, සහ රාහු, කේතුගෙන් එම අඟහරු පාප කර්තරිත වීමත් හේතු කොටගෙන ගැටුම් ඇති කරන ග්‍රහ බලයක් පෙන්වන අතර මෙහිදී වෙඩි තැබීම්වලට වඩා තියුණු ආයුධවලින් පහරදීම හේතුකොට ගෙන තුවාල ලබන මෙන්ම මියැදෙන ජන සංඛ්‍යාව ඉහළ යන්නේ ය.

එහෙයින් විශේෂයෙන් අඟහරු මහ දශා අතුරු දශා සමඟ ඒරාෂ්ඨක අපල පවතින ජන්මීන් මෙම කාල සීමාව තුළදී ගැටුම්වලට මැදිහත්වීමෙන් වැළකී සිටිය යුතු ය. ලංකා කේන්දරයේ අයස්ථානාධිපති සහ ධනස්ථානාධිපති ගුරු යෝගකාරක සිකුරු සමඟ යෝගව 2 වැන්නේ සිටියත් එම සිකුරු රවි/ ශනි, රාහු / කේතු යන ග්‍රහයන්ගෙන් පාප කර්තරිත වීම හේතු කොට ගෙන රටේ මුදල් අඩුවන බව පෙන්වා දෙන ග්‍රහ බලයක් වනවා සේම මෙකී රවි/ශනි යෝගය අනෙක් අතට කන්‍යා, මීන ලග්න හිමියන්ට පිළිවෙළින් හර්ෂ සහ විමල යන යෝග දෙක එකවර යෙදීමෙන් 6, 12 යන භාව කේන්ද්‍ර කොට ගනිමින් බලගතු විපරිත රාජයෝගයක් යෙදෙන හෙයින් උප්පතියෙදී මෙකී විපරිත රාජ යෝග දෙක යෙදී ඇති කන්‍යා, මීන ලග්න හිමියන්ට මේ වන විට රවි, මහ දශාවක් සහ ශනි අතුරු දශාවක් ලබා ඇත්නම් එවන් ග්‍රහබලයක් ඇති කන්‍යා, මීන ලග්න හිමියන්ට යටකී විපරිත රාජයෝගය ගෝචරයෙන් සක්‍රීය වී නඩුහබ සතුරු ප්‍රශ්නවලින් ජයග්‍රහණයත්, පදවි තානාන්තර ලාභත් ලැබෙන්නේ ය.

 

ප්‍රවීණ ඡ්‍යෝතිෂවේදී

උදම් පෙරේරා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.