2023 නිදහස කොයිබටද?

පෙබරවාරි 10, 2023

 

උත්තරායනය සිසිර ඍතුවෙහි මකර රවි 21 භාග නවම් මහේ පුර තුදුස්වක තිථිය පෙරදැරිව ක්‍රි.ව. ‘2023’ පෙබරවාරි 04 ශනි දිනට මෙවර 75 වැනි නිදහස් සමරු දිනය යෙදුණි. බලලෝභී කැරළි කෝලාහාලන්හි සමාරම්භය 16 වැනි සියවසෙහි සිට පැණ නැගුණු බව ශ්‍රී ලංකා රාජ්‍ය පාලනය දෙස විමසිලිමත්ව බැලීමේදී පැහැදිලි වෙයි.

ක්‍රි.ව. 1505 දී ලංකාවට පැමිණි පෘතුගීසින් ද 1658 දී පැමිණි ලන්දේසීන් ද ක්‍රි.ව. 1796 දී පැමිණි ඉංගී‍්‍රසින් ද ශ්‍රී ලංකාව මුළුමනින්ම අත්කර ගැනීමේ උත්සාහයේ වරින්වර නියැලුණු බව රහසක් නොවේ. ජෝන් ඩොයිලි ඉංගී‍්‍රසි චර පුරුෂයා ශ්‍රී ලංකාවට පැමිණ වසර 19ක් වැනි කෙටි කාලයකින් 1815දී ලක්දෙරණ ඉංගී‍්‍රසින්ට යටත් වීමත් සමඟ මෙරට පාලන තන්ත්‍රය මුළුමනින්ම විනාශවීමට අඩිතාලම වැටුණි.

අනුර නැකත 04 පාදය, සෙනසුරු හිමි කුම්භ රාශිය සෙනසුරු මහ දශාව වර්ෂ 02 යි මාස 05 දින 24 ක්ද මතුවට තිබියදී ඉංගී‍්‍රසි ආධිපත්‍යයෙන් තුන් සිංහලය බේරාගැනීම සිදුවිය.

ක්‍රි.ව. 1948 පෙබරවාරි 04 වැනි දින පෙ.ව. 7.20 ට පමණ ජාතියට බත් දුන් පියා ඩී.එස්.සේනානායක මැතිඳුන්ගේ ප්‍රධානත්වයෙන් ත්‍රී සිංහලේ යළි පණ ගසා නැගී සිටින්නට විය. එතැන් පටන් මෙරට කෘෂිකර්මාන්තය, ගොවිජනපද ඇතිවෙමින් පියවරෙන් පියවර දියුණුවට පාත්‍ර විය.

වර්ෂ 75වැනි නිදහස් සැමරුම් අවස්ථාව උදා වූ මොහොතේ සමස්ත ජනතාව අර්බුධකාරි ජීවන රටාවකට මැදිවී ජීවිතය ගෙවමින් සිටියි. මෙම අභාග්‍ය සම්පන්න තත්ත්වය ඉදිරියට කෙසේ වේවිද? මේ ගැන විමසා බලමු.

නැඟෙනහිර ක්ෂිතිජයෙහි සෙනසුරු හිමි මකර රාශි උදාවෙහි රවි සතුරුව ප්ලූටෝ සතුරුව පැවතීම ජනප්‍රධානීන් ආශි‍්‍රත යම් ආකරයක අර්බුද නිර්මාණය විය හැකි බවද නැප්චූන් සමව සිකුරු මිත්‍රශීලිව සෙනසුරු ස්වක්ෂේත්‍රව මුල ත්‍රිකෝණව 02 ධනස්ථානගතවද බ්‍රහස්පති ස්වක්ෂේත්‍රව 03 වැන්නවූ වික්‍රම ස්ථානගතව ද රාහු සතුරුව යුරේනස් සමව 04 වැන්නේද අඟහරු සමව 05 වැන්නේ ද චන්ද්‍රයා මිත්‍රශීලිව රෝග සතුරු ස්ථානය වූ 06 වැන්නේද කේතු සතුරුව 10 වැන්න වූ කර්මස්ථාන ගතවද බුධ සමව 12 වැන්නේ ද විශ්වතාරකා මන්ද්‍රකිණිය මෙදින විද්‍යමාන විය.

මෙකී ග්‍රහචාරය විශ්ලේෂණය කිරීමේදී තුවක්කු බද්ද, බලු බද්ද, ඇඟ බද්ද, කරත්ත බද්ද, පොල් බද්ද, පාර බද්ද, මුද්දර බද්ද, එදා ඉංගී‍්‍රසිහු ධනවතුන් බලවතුන්වන බදු ක්‍රමෝපායක් ගෙන ගියහ. ත්‍රීසිංහලේ ජනතාව අසීමිත බදු බර බදු තවලම්කොට ඇද්දේය. මෙදා ද බදුවර්ග සිය ගණනකි.

75 වැනි සැමරුමේදී මෙකී ශෝකාකූල තත්ත්වය අප්‍රමාදීව දුරුකර ගැටලු සමථයකට පත්කර ගැනීම විය යුතුව ඇත.

 

කොත්මලේ විජිත ඩී. ලියනආරච්චි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.