හිතට වදදෙන රෝග රැසකට සුවය සාදන රත් සඳුන් හා සුදු සඳුන්

ඔක්තෝබර් 1, 2021

ආයුර්වේදයේදී සොයා ගෙන ඇති සිරුරට පැහැපත් වර්ණයක් ලබා දෙන වර්ණ කාරක ද්‍රව්‍යයන් 10 අතරටද රත් සඳුන් එක් වී තිබීම විශේෂත්වයකි. නමුත් සිරුර සිසිල් කරවන සුදු සඳුන්වලින් නම් සිරුරට පැහැපත් බවක් ගෙන නොදෙයි. සුදු සඳුන් සම පැහැපත් කරන බව බොහෝ දෙනා සිතුවද එය වැරදි මතයකි.

 

පැහැය වඩවා සිරුර සුවඳීන් නහවන - රත් සඳුන් රූපලාවණ්‍යයේදී නිතරම භාවිතයට ගන්නා ද්‍රව්‍යයන් අතරින් සඳුන්වලට මුල් තැනක් හිමි වෙනවා. ආයුර්වේදයේදී චන්දන ලෙස හඳුනා ගන්නා සඳුන් වර්ග දෙකක් දැක ගන්නට පුළුවන්. රතු හා සුදු යන සඳුන් වර්ග රක්ත චන්දන හා ශ්වේත චන්දන ලෙසත් හඳුන්වනවා.

 

සිරුර පැහැපත් කරන රත් සඳුන්

ආයුර්වේදයේදී සොයා ගෙන ඇති සිරුරට පැහැපත් වර්ණයක් ලබා දෙන වර්ණ කාරක ද්‍රව්‍යයන් 10 අතරටද රත් සඳුන් එක් වී තිබීම විශේෂත්වයකි. නමුත් සිරුර සිසිල් කරවන සුදු සඳුන්වලින් නම් සිරුරට පැහැපත් බවක් ගෙන නොදෙයි. සුදු සඳුන් සම පැහැපත් කරන බව බොහෝ දෙනා සිතුවද එය වැරදි මතයකි.

ප්‍රසන්න නැවුම් සුවඳක් ලබාදෙන සුදු සඳුන් සමට සිසිලසක් ලබා දෙයි.

සුදු සඳුන් රූපලාවන්‍ය සත්කාර සඳහා යොදා ගනී

ස්වාභාවික රූපලාවන්‍ය සත්කාරවලදී සුදු සඳුන් නිතරම භාවිතයට ගනියි.

ක්ලෙන්සර් වර්ග ස්ක්‍රබ් හා පැක් වර්ගවලටද සුදු සඳුන් මිශ්‍ර කරගෙන සමට නිරෝගී බවක් ලබාදිය හැකිය.

විවිධ රූපලාවන්‍ය නිෂ්පාදනවලට ද සුදු සඳුන් බොහෝවිට එක්කර ගනියි.

දහඩිය දුගඳ පාලනයට සුදු සඳුන්

දහඩිය දුගඳ පාලනයටත් සුදු සඳුන් කදිම රූපලාවන්‍ය සත්කාරයකි. සුදු සඳුන් ජලය හා මිශ්‍රකර ශරීරයේ ගැල්වීමෙන්ද දහදිය දුගඳට පහසුවෙන්ම පිළියමක් ලබාගත හැකිය.

 

තෙල් සහිත සමට සුදු සඳුන් සත්කාරයක්

තෙල් සහිත සමට සත්කාර කිරීමේදී ඔබ වඩාත් සැලකිලිමත් විය යුතුයි. හාල් පිටි, කඩල පිටි, සුදු සඳුන් කුඩු, මුං ඇට පිටි ආදිය සමව ගෙන වතුර සමග මිශ්‍රකර මුහුණේ ගල්වා විනාඩි 30 කින් පසුව සෝදා හරින්න. තෙල් සහිත සමට මෙය කදිම සත්කාරයක් ස්වාභාවික ඩියෝඩරන්ට් නිෂ්පාදනයට සුදු සඳුන් අත්‍යාවශ්‍යයි. සිරුරින් පිටවන දහඩිය දුගඳ ඔබේ සුන්දරත්වයටත් බාධාවක්. නිතර ආලේප කරන ඩියෝඩරන්ට් ආලේපන මගින් කෙටි වේලාවකට දහඩිය දුගඳ පාලනය කළද මින් දිගු කාලීන පිළියමක් ලැබිය නොහැකිය. නමුත් ස්වාභාවිකව සකසා ගන්නා මේ මිශ්‍රණය එයට හොඳම පිළියමක්. සුදු සඳුන් කුඩු, සුවඳ කොට්ටං කුඩු, වෙනිවැල්ගැට කුඩු, ලොත් සුඹුල් කුඩු ජලය හා මිශ්‍ර කර සාදා ගන්නා මිශ්‍රණය නෑමට පෙර ආලේප කරන්න. මේ සත්කාර සිදු කර බලන්න. දින 4 කින් පමණ පසු ඔබේ දහදිය තවදුරටත් ගැටලුවක් නොවේවි.

බෙල්ල කළු පැහැ නම් සුදු සඳුන් වලින් පිළියමක්

බෙල්ල අවපැහැ ගැන්වී ඇත්නම් සුදු සඳුන් කුඩු වතුර සමග මිශ්‍රකර ස්ක්‍රබ් එකක් ලෙස භාවිත කරන්න. ඉන් අනතුරුව ජලයෙන් සෝදා දෙහි යුෂ ආලේප කර පැහැපත් බවක් ලබාගන්න පුළුවන්. සිරුර ඇතුළතින්ම නිරෝගී වන්නට සුදු සඳුන් සත්කාරයක් ශරීරයේ උණුසුම වැඩි නම් සිරුරට සිසිල් බවක් ලබා ගන්නට සුදු සඳුන් තම්බා පානය කරන්න. සුදු සඳුන් මිශ්‍රකළ කෂාය සිරුරේ දාහය නිවන අතරම අර්ශස්, රක්තප්‍රදර වැනි රුධිරය පිටවන රෝගවලටද මේ කෂාය ඉතාම ගුණදායකයි.කාන්තා රෝග බොහොමය කට ගන්නා ක්ෂාය වර්ගවලට සුදු සඳුන් ද මිශ්‍ර කරයි. දද, කුෂ්ඨවලට නැතිවම බැරි රත් හඳුන් සමේ ඇති වන දද, කුෂ්ඨ වැනි රෝගවලටත් රත් හඳුන්කදිම ඖෂධයක් රත් සඳුන් මිශ්‍ර කෂාය චර්ම රෝගවලට වඩාත් හිතකරය.

 

කුඩා දරුවන්ට රත කල්ක

කුඩා දරුවන්ට ලබා දෙන රත කල්කය සෑදීමට සුදු හා රත් සඳුන් ද යොදා ගනියි.

දරුවාගේ බුද්ධිය වර්ධනයටත්, රෝගවලට ඔරොත්තු දීමට හා රතු බිබිළි ඇතිවීම පාලනයටත් සඳුන් කදිම ඖෂධයක්.

 

සුගන්ධවත් තෙල් නිපදවීමට සුදු සඳුන් අත්‍යාවශ්‍යයි

ඇරෝමා තෙල් වැනි සුගන්ධවත් තෙල් නිපදවීමටද සුදු සඳුන් මිශ්‍ර කර ගනියි.

රූපලාවණ්‍ය සත්කාරවලදී වඩාත් ජනප්‍රිය ඇරෝමා තෙල් වර්ගවලට නැවුම් සුවඳක් ලබා දෙන්නේ සුදු සඳුන්වලිනි.

 

සැකසුම

රඹුක්කන

කීර්ති එස්. කුමාර

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.