බැඳුණු නිවාස සංකීර්ණවල වාස්තු නිරවුල් කරන හැටි

දෙසැම්බර් 15, 2023

තනි තනි ඉඩම්වල තනි තනි නිවාස ඉදිකර ගැනීම සෑම විටම කළ හැක්කක් නොවේ. එවිට එක් එක් වෙන් වූ නිවාස වෙනුවට ඉහළින් පහළින් මෙන්ම විවිධ පැතිවලින් එකිනෙකට බැඳී ගිය නිවාස සමූහයන් ඉදිවීම ස්වභාවයයි. මෙහිදී රටක් වශයෙන් ඉඩම් ඉතිරිය සේවා සැපයීම් සරල පහසුවීම් ඇති වුවත් පාරිසරික ශක්තිමය වශයෙන් හෙවත් වාස්තුමය වශයෙන් විවිධ වියවුල් ඇතිවිය හැකියි. එබැවින් මේ තත්ත්වය හුදු හීතළු සීමාවෙන් ඔබ්බට යමින් විසඳා ගැනීම අප විසින් කළ යුතු වන්නේ බොහෝ වාස්තු ශිල්පීනට එවැනි කාර්යයක අවශ්‍යතාව බරපතළ ලෙස නොදැනෙන බැවිනි.

මෙහිදී වාස්තු පරීක්ෂාවක සෑම විටම පාහේ සිදු කරන පරිදි ඒ ඒ නිවාසවල මධ්‍ය ලක්ෂ්‍යය සොයා ගැනීම අත්‍යවශ්‍ය වේ. එහිදී බොහෝ වාස්තු ශිල්පීන් සිදු කරන පරිදි ගෘහයේ වැඩිම දිග හා වැඩිම පළල සඳහා කල්පිත හතරැස් (ඍජුකෝණාස්‍රාකාර) හැඩක් සකස් කරයි. 

ඒවායේ කොන් යා කරමින් ඒ යා කරන රේඛාවන් කැපෙන ස්ථානය නිවෙසේ මධ්‍යය ලෙස තෝරා ගනු ලදී. මෙහිදී සත්‍ය වශයෙන් ගෘහයට අයත් නොවන මිදුලේ කොටස් මෙන්ම යාබද නිවෙසේ කොටස් පවා මෙකී කල්පිත ඍජුකෝණාස්‍රයට අයත් වන බැවින් සපුරාම වැරදි බව ඉතා පැහැදිලිය.

කෙසේ හෝ නිවැරදි ලෙස මධ්‍යය සොයා ‘නිවැරදි ඇලය සලකමින් දිශා අටෙහි සීමා රේඛා සකස් කර ගත්තේ යැයි සිතමු. එවිට ඇති වන ගැටලු විමසීමේදී අප පරීක්ෂා කළ එක්තරා මහල් නිවාසයක් අපට සිහිපත් වේ. එහි යාබද නිවාසවල ඉහළ හා පහළ මහල් ඇත්තේ එක් නිවාසයක් ඇතුළතට අනෙක නෙරා ‘යන පරිදිය. එනම් පළමුවන නිවසේ ඉහළ මහල දෙවන නිවසේ වන අතර, දෙවැනි නිවසේ ඉහළ පළමු වන නිවස පිහිටා තිබේ. මෙසේ නිවසක් එකිනෙකට ඇතුළත්වූ විට වාස්තු පරීක්ෂාව පහසු නොවේ. ඒ සඳහා මැනැවින් වාස්තු සිද්ධාන්ත දැන සිටීම පවා ප්‍රමාණවත් නොවේ. තමන් දන්නා වාස්තු සිද්ධාන්ත නිර්මාණාත්මක ලෙස භාවිතයට ගැනීමට තරම් පරිකල්පනයක් ද ගොඩනඟා ගැනීම අවශ්‍ය වන්නේ මේ සංකීර්ණ තත්ත්වයට විසඳුම් ලබා දෙනු සඳහායි.

මෙහිදී අප විසින් අන්තරීක්ෂ ශක්තියෙන් හා භූ ශක්තියේ බලවත් බව ඉහළ පහළ වශයෙන් වන වෙනස්කමත් දිශා අට කෙරෙහි නිවාස ඒකකවල ඇති කරන බලපෑමක් මැනැවින් අවබෝධ කර ගත යුතු වේ.

පෙර අප අත්දුටු නිවාස සංකීර්ණයේ යාබද නිවාස හා අප පරීක්ෂා කළ නිවස ඇසුරින් මේ තත්ත්වය තවදුරටත් විග්‍රහ කර ගත යුතුවේ. අප පරීක්ෂා කළ ‘නිවෙස පළමුවන නිවෙස ලෙසත් යාබද අන්‍ය නිවස දෙවන නිවස ලෙසත් නම් කරමින් මේ අත්දැකීම තවදුරටත් විස්තර කර ගනිමු. මෙහිදී පොළොවේ වැදී ඇති අප පළමුවන නිවසේ ඉහළ මහල පිහිටා ඇත්තේ අනෙක් නිවසට බස්නාහිර දිශාවට වන්නටය. මෙහිදී නිවාස දෙකෙහිම සාලය සඳහා ඉහළ මහල සැලසුම් වී ඇති අතර එකම පඩිපෙළක අන්තයෙන් දෙපසට නිවාසයෙහි පිවිසුම් දොරටු යොදා ඇති බව අපට මතකය. ඉහළ මහලේ එක් කාමරයක්ද සාලයට අමතරව යොදා තිබේ. කුඩා වැසිකිළි කුටියක්ද ඊට ඇතුළත්ය. පහළ මහල කාමරයක්, මුළුතැන්ගෙයක් හා කෑම සාලයක් සහිතව ගොඩනඟා ගෙන තිබේ.

මෙහිදී අප විසින් පළමු වන නිවසේ සාලය නැඟෙනහිර දිගින් යාබද නිවසේ සාලයෙන් බාධාවී ඇති බව පළමුව දැන සිටිය යුතු වේ. එවිට නිවසට ගලා එන ශක්තිය සැසදීමේදී පළමුවන නිවසට බාහිර ශක්තිය ලැබෙන්නේ අඩුවෙනි. දෙවන නිවස සැලකීමේදී විවෘතව පවතියි. එවිට මැනැවින් අන්තරීක්ෂ ශක්තිය යාබද නිවසට ලැබෙන බවත් තහවුරු කර ගන්නා ලදී.

මෙහි පළමු නිවස වන අප පරීක්ෂා කරනු ලැබූ නිවසේ ඉහළ මහලේ ඇති වැසිකිළිය වයඹෙ පිහිටා තිබූ අතර, කාමරය නිරිතට වන්නට පිහිටා තිබිණි. යාබද නිවසේ මෙයට සපුරා වෙනස්ව වැසිකිළිය ඊශානයට හා කාමරය ගිනිකොනට යොදා තිබේ. මේ අනුව අප විසින් ගෘහ මූලිකයන් සඳහා නිරිත නිදන කාමරය වෙන් කර දෙන ලද අතර වයඹ වැසිකිළියද භාවිතයට උචිත බව දන්වන ලදී.

එයින් පසු පළමු මහලට පිවිසීමේදී නිවසේ ඊශාන – නැඟෙනහිර – ගිනිකොන තීරයට මුළුතැන්ගෙයට වෙන් කර ඇති බවත් එහි නිරිතෙහි නිදන කාමරයක් හා කෑම සාලය වයඹටත් යෙදී ඇති බව පෙනිණි. මෙහිදී මුළුතැන්ගෙය පිහිටි කොටසේ ඊශානයේ පිහිටි අප ගිනිකොනටම යෙදීමටත් සේදීම් කැපීම් ආදිය අන් ඊශාන හා නැඟෙනහිර දිශාවනට යොදා ගැනීමට යෝජනා කෙරිණි.

සිවිල් ඉංජිනේරු 
විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්ය 
විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක 
ජනක පි‍්‍රයන්ත දයාරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.