විභාග ජයගන්න වාස්තු යොදාගන්න

මැයි 12, 2023

අපේ රටේ අධ්‍යාපන ක්‍රියාවලියද විවිධ වියවුල් මැද ඉදිරියට යමින් පවත්නා මෙවන් අවස්ථාවක එහි සාර්ථකත්වය උදෙසා අප විසින් ගත හැකි සියලු උපාය මාර්ග හඳුනා ගත යුතුව තිබේ. මේ අනුව වාස්තු විද්‍යානුකූලවද අපට විවිධ ක්‍රියාමාර්ග ගැනීමෙන් අධ්‍යාපනයේ සාර්ථකත්වයට සුවිශේෂ බලපෑමක් ඇති කළ හැකි බව තහවුරු වී තිබේ.

 

මෙහිදී අප විසින් සාම්ප්‍රදායික වාස්තු ශාස්ත්‍රය අනුව ද ඊශාන දිශාවෙහි ඇති අදාළත්වය පැහැදිලි කර ගත හැකියි. එයින් ඔබ්බට කෙරෙන නිරවුල් පැහැදිලි කර ගැනීමක් සඳහා නූතන බටහිර භෞතික විද්‍යාවේ එන සිද්ධාන්ත මත ගොඩනැඟුණු නූතන වාස්තු විද්‍යාව ද යොදා ගත හැකියි.

ඒ අනුව අප වෙත අන්තරීක්ෂ (cosmic)  ශක්තිය ගලා එනුයේ (සාපේක්ෂ වශයෙන්) ඊශානයෙන් බව සිහිපත්කර ගත යුතු වේ. එසේ නැවුම් අන්තරීක්ෂ ශක්ති ධාරාවක රැඳී සිටීම නිසා නිවැසියන් ඊශානයේ රැඳී සිටීමේදී ඔවුන්ගේ ශක්ති ශරීරයේ (ENERGY BODY) හෙවත් ප්‍රභා මණ්ඩලයේ (AURA) ඉහළ ශක්ති කේන්ද්‍ර (CHAKRA) බලවත් වන්නට පටන් ගනී. මෙසේ විශුද්ධි, අර්ත හා සහස්‍ර යන ඉහළ චක්‍ර බලවත් වීම නිසා ඔවුන්ගේ ආධ්‍යාත්මය සහ මනස බලවත් වන්නට පටන් ගනී. එවැනි මානසික අවදිවීම සිදුවන අවස්ථාවකදී චිත්ත ඒකාග්‍රතාවය වර්ධනය වීමටද පටන් ගනී. එය අධ්‍යාපන ක්‍රියාවලියට අවශ්‍ය කරන භෞතික පරිසරය මනාකොට නිර්මාණය වීමකි.

 

ඊශානයෙන් ලැබෙන අන්තරීක්ෂ ශක්තියෙන් සැලකිය යුතු කොටසක් නැඟෙනහිරෙන් හා ඊශානයෙන් ලැබෙන බැවින් ඒ ඕනෑම දිශාවකට මුහුණලා සිය අසුන (පුටුව) පිහිටුවා ගැනීම අධ්‍යාපනයේ යෙදෙන්නන්ට අතිශය ප්‍රතිඵලදායක වේ. එසේම ඊශානයෙන් ගලා එන අන්තරීක්ෂ ශක්තිය වේගයෙන් තමන් පසුකර යා හැකි වන පරිදි වූ හිස් අවකාශයක් තමනට පිටුපසින් නොපිහිටන පරිදි ඝන බිත්තියක් හෝ එවැනි යමක් පිහිටුවා ගැනීමද නැවුම් අන්තරීක්ෂ ශක්තියෙන් පිරී ගිය පරිසරයක් ඔවුනට හිමි කර දෙනු ඇත.

දෙපා මැනැවින් පොළොවේ පිහිටුවා ගැනීමත් ඍජු කාය විලාසයක් ( කොන්ද හැකි තාක් කෙළින් තබා ගැනීමත්) පිහිටුවා ගැනීමත් ශක්ති ශරීරය සක්‍රියව පවත්වා ගැනීමට මහත් සේ බලපානු ඇත. එවිට දෙපයේ සිට හිස දක්වාම එකම ශක්ති වලාවක් ලෙස ක්‍රියාත්මකව පවතිනු ඇත.

හැඩතල භාවිතයට ගැනීමෙන්ද ඔවුන්ගේ කාර්යයන් සාර්ථක කර ගැනීමේ ඉඩප්‍රස්ථාව හිමි වේ. (1,2 රූප බලන්න)

එසේම නූතන පර්යේෂණ අනුව නිමවා ඇති තවත් විශේෂ පිරමිඩ මෙවලම්ද අධ්‍යයන කාර්යයන් බලවත් කර ගැනීමට යොදා ගත හැකියි. ඒවා අතර අධ්‍යයන පටිය (Study Band) මෙවලම අතිශය ජනපි‍්‍රය වූවකි. අධ්‍යයන වෙහෙසෙන් ඇස් මුදා ගැනීමට අධ්‍යයන අක්ෂි පටිය  (STUDY EYE BAND) අධ්‍යයන සටහන් රඳවන අධ්‍යයන පුවරුව (STUDY PAD)  අධ්‍යයනයේදී ආසනය මත රැඳවීමෙන් මූලාධාර චක්‍රය බලගන්වන අධ්‍යයන අසුන (STUDY SEAT)  හිසෙහි පලඳන අධ්‍යය හිස්වැසුම(STUDY CAP)  අධ්‍යයන මේසයේ සවි කර තබන පිරමිඩ කුලුන (STUDY TOWER)  අධ්‍යයනයෙන් යෙදෙන්නන්ගේ සිරුර ඇසුරේ පලඳින අධ්‍යයන කාඩ්පත (STUDY PYRA CARD)  අධ්‍යයන ස්ථානයේ බිත්තිය එල්ලා තැබිය හැකි පිරමිඩ පුවරුව (STUDY PYRON)  ආදී පිරමිඩ මෙවලම් රැසක් අද වන විට අධ්‍යයන කටයුතු සඳහා භාවිතයට පැමිණ තිබේ.

මෙවැනි ක්‍රමවේද නිරවුල්ව හා විධිමත්ව භාවිතයට ගැනීමෙන් අධ්‍යයන හා ධ්‍යාන කටයුතු වඩ වඩාත් සාර්ථක කර ගත හැකිවනු ඇත.

 

 

 

ජනක පි‍්‍රයන්ත දයාරත්න

සිවිල් ඉංජිනේරු

විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්ය

විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.