ඇතිවන හෝ නැතිවන නිවාස නැකැත්

ඔක්තෝබර් 7, 2022

 

අද අපි කතාබහ කරන්නට අදහස් කරන්නේ වාස්තු විද්‍යාව හා සම්බන්ධිත ඡ්‍යෝතිෂයේ මුලාශ්‍රය නැකත් පිළිබඳවය. අපේ ඉපැරණි ගැමියන් නිවෙසක් ඉදිකිරීමේදී නැකත් උපයෝගී කර ගන්නා ලද්දේ නිසි පරීක්ෂාවකින් අනතුරුවයි. දෙව්සතරේ නැකත් 27 ක් සඳහන්ව ඇත. ඉඩමේ හතරවට වැට බැඳීම, ගෙපල ශුද්ධ පවිත්‍ර කිරීම, නිවාස හිමියාගේ ජන්ම නැකතට සීහෙන සම්පත් ක්ෂේම, මෛත්‍රී පරම මෛත්‍රී යන ක්ෂේත්‍රයන්ට ගොනුකර ගැනීම කරනු ලැබේ. වද විපත් ප්‍රත්‍යාරි ගනු නොලැබේ.

නිවාසයක වැඩ ඇරඹීමට සුබදායක නැකත් දක්වා ඇත්තේ පහත සඳහන් ආකාරයට ය. නැකත් 18 ක් ම සුබ යැයි සඳහන් කර ඇතත් ඒවායින් ලැබෙන ප්‍රතිඵල සඳහන් වී නොමැත. මෙතැන් සිට නැකත් 27 ප්‍රතිඵල පිළිබඳව අපි විමසා බලමු.

 

අස්විද නැකත

අස්විද නැකතින් නිවෙසක වැඩ කටයුතු ඇරැඹූ විට ධන සම්පත් ලැබේ.

 

බෙරණ

මිල මුදල් හානි සතුරු බිය ඇතිවේ. සොරුන්ගෙන් හානි සිදුවේ.

 

කැති

අසුබ දෑ සිදුවේ. ආර්ථිකමය හානි සිදු වේ. සම්පත් හිඟ වේ. අසුබයි.

 

රෙහෙණ

සම්පත් විනාශයත් සතුරු පීඩා කරදර හිමි වේ.

 

මුවසිරස

යහපත් වූවත් පසුව ප්‍රශ්න පැන නගී. ගැටලු පැන නගී.

 

අද නැකත

අයහපත්ය. ධනය පිරිහේවි. නීතිමය ගැටලු පැන නගී.

 

පුනාවස

ඉතාම සුබයි. ධන සම්පත් ලැබේ. දියුණුව ලැබේ.

 

පුෂ නැකත

ධන සම්පත් පිරිවර ලැබේ. නිවස කල් පවතී. සුබයි.

 

අස්ලිස

ලෙඩ දුක් කරදර හිරිහැර පැමිණේ. ධන හානි ඇතිවේ.

 

මා නැකත

සැප සම්පත් ලැබේ. කීර්තිය ගෙනදේවි. නමුත් හදිසි විපත් ගෙනදේවි.

 

පුවපල් නැකත

ඉතාම සුබපල ගෙනදේවි. හදිසි ධන ලාභ අත්වේ. ලොතරැයි ජයද ලැබේ.

 

උත්‍රපල් නැකත

පිරිවර සැප සම්පත් ලැබේ. ධන ධාන්‍ය ලැබේ. ඉතාම වාසනාවන්තයි.

 

හත නැකත

යහපත් ලැබීම් සහිතයි. නීරෝගි දිවියක් ගෙවයි. යහපත් ය.

 

සිත නැකත

කලාකරුවන්ට යහපත් ය. සැප සම්පත් ධනය ලැබේ. ශි‍්‍රයාව ඇති වේ. පංච මහා සම්පත් හිමිවේ.

 

සා නැකත

ධනය හිමි වේ. ඉතාම ඉක්මනින්ම දියුණුව ලැබේ. ශ්‍රී කාන්ත බැල්ම ඇති වෙව්.

 

විසා නැකත

භූත දෝෂ ඇති වේ. ධන හානි ගෙන දේවි. නීතිමය ගැටලු පැන නගී.

 

අනුර

ඉතාම සුබයි. ධන ධාන්‍ය සියලු සම්පත් හිමි වේ.

 

දෙට නැකත

ධන ධාන්‍ය සියලු වස්තු සම්පත් හිමි වේ. නීරෝගි නිවසකි.

 

මුල නැකත

යහපත් වූවත් කරදර ඇති වේ. භූත දෝෂ හට ගනී.

 

පුවසල

වස්තු ධන ධාන්‍ය ලැබේ. යහපත් නිවෙසක් වේ.

 

උත්‍රසල

නිවෙසට සෞභාග්‍යය සැප සම්පත් උදා වේ.

 

සුවණ

සමයි, දුක් පීඩා ගෙන දේවි.

 

දෙනට

ඉතාම සුබයි. පංච මහා සම්පත් ලැබේ. නීරෝගි නිවසකි.

 

සියාවස

අසුබයි. දුක් කරදර චිත්ත පීඩා ඇති වේ. සම්පත් හීන වේ. ජනපි‍්‍රය වේ.

 

පුවපුටුප

සැප සම්පත් ලැබේ. සෑම අතින්ම යහපත්ය. දියුණුව ලබයි.

 

උත්‍රපුටුප

වස්තු සම්පත් ලැබේ. පිරිස් බලය අත්වේ. ජනපි‍්‍රය වේ.

 

රේවතී

ඉතාම සුබ ධන සම්පත් ලැබේ. වාසනාවන්ත දරු සම්පත් හිමිවේ. දිනුම් ලැබේ. බලය වැඩි වේ.

 

ඡ්‍යෝතිෂ සහ වාස්තුවිද්‍යාවේදී දේශබන්ධු

ටී. හෙන්රි බෙම්මුල්ල

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
20 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.