වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
මගේ උපන් නැකැතට හදන නිවෙස ඔබේ වාසයට සුදුසුද?
වාස්තු විද්‍යාව ගැන එතරම් දැනුමක් නැති අය පවා “ වර්ග කරනවා ” කියන වචනය අහලා ඇති. ඒත් ගොඩක් අයට වර්ග කරනවා යනුවෙන් අදහස් කරන්නේ මොකක්ද කියන එක ගැන නම් වැටහීමක් නැහැ. කුඩා කල උගත් ගණිත සිද්ධාන්තයක් වන වර්ගඵලය බොහෝ දෙනෙක්ට මතක ඇති. එය සූත්‍රයක් ලෙස දිග ඔ පළල යැයි බොහෝ සරලව දැක්විය හැකිය. වර්ගඵලය යනු යම් වස්තුවක මතුපිට පෘෂ්ඨයේ පැතිරී ඇති පරාසයයි.
වර්ගඵලය යන සිද්ධාන්තයට “වර්ග කිරීම” සමාන වුණත් ඒක එතරම්ම සරල නැහැ. සරලව කිවහොත් වර්ග කිරීම යනු ගෘහ මූලිකයාගේ උපන් නැකැතට ගැළපෙන ලෙස නිවෙසක දිග පළල තීරණය කිරීමයි. නිවාස වර්ග කිරීමේ සිද්ධාන්තය තවදුරටත් ඔබට වැටහෙන ආකාරයට විග්‍රහ කළොත් මෙහෙමයි.
වර්ග කිරීම
වර්ග කිරීම යනු නිවෙසේ අත්තිවාරමෙන් පොළොව වසාගෙන පැතිරී ඇති භූමි ප්‍රමාණය හෝ වර්ගඵලයයි. වාස්තු විද්‍යාවේ මෙයට ධ්‍රැවය කියයි. අප ගන්නා වර්ගය අනූව එහි එකොළොස් මහා දෝෂ සෙවීමක් සිදු කරනු ලැබේ. එකොළොස් මහා දෝෂ සෙවීම ඒක දශා වර්ගය සෙවීම ලෙසද හඳුන්වයි. එහිදී සෙවිය යුතු කරුණු එකොළහ මෙසේයි.
1) අය 7) රාශිය
2) වැය 8) තිථිය
3) යෝනි 9) වංශය
4) නැකැත 10) දේවතා
5) වාර (දිනය) 11) ආයුෂ
6) අංශක
මෙහිදී මෙම කරුණු එකොළහ තුළින් හයකට වඩා සුබ නම් නිවෙස සෑදීමට ගත හැකිය.
වර්ග කිරීමේදී මූලික වශයෙන් ඔබේ නිවසේ දිග පළල ලෙස සම්මත වඩු රියන් ප්‍රමාණයන් ගත යුතුය. වඩු රියනක් යනු අඟල් 31 කි.
වර්ගය සෙවීමේදී සෑම විටම ගණනය කළ යුත්තේ අත්තිවාරම, බිත්ති, වහලය යන අංග තුනෙන්ම සැදුම්ලත් කොටස්වල පමණි. වර්ග කිරීමේදී වැරැන්ඩා, ඉස්තෝප්පු, විවෘත ගරාජ කොටස් නොගත යුතුයි.
නිවාස වර්ග කිරීම පිළිබඳ වර්තමානයේ පවතින ජනකාන්ත මිථ්‍යා මතයක් වන්නේ ගෙදර හැමෝටම ගැළපෙන ආකාරයට ගේ වර්ග කළ හැකි බව පැවසීමයි. කිසිදු විටෙක නිවෙසේ සාමාජිකයන් සියලු දෙනාටම ගැළපෙන ආකාරයට නිවෙසක් වර්ග කිරීමට නොහැකියි. මන්ද පවුලේ සාමාජිකයන් එක් එක් ජන්ම නැකැත්වලින් උපත ලබා ඇති බැවිනි. යම් පුද්ගලයකුගේ ශරීරයේ හරියටම මිනුම් ප්‍රමාණ ගෙන ඇඳුමක් මැසුවා යැයි සිතමු. මැසූ ඇඳුම නිවෙසේ සියලු දෙනාටම ඇඳීමට නොහැකි වෙන්නේ එක් එක් ශරීර ප්‍රමාණයන් එකිනෙකාට වෙනස් වන නිසායි. නැකැත් වෙනස් වන්නේද එලෙසයි. එබැවින් කිසිදු නිවෙසක් හැමෝටම ගැළපෙන ලෙස වර්ග කිරීමට නොහැකි බව මතක තබාගන්න.
*****************
ගෘහ මූලිකයාට පමණයි !
නිවෙස් වර්ග කරනවා යැයි බොහෝ දෙනෙක් කරන්නේ දිග පළල ප්‍රමාණයක් ලබාදීම පමණයි. වර්ග කිරීමේ මූලික අරමුණ ගෘහමූලිකයා ජීවතුන් අතර සිටින තුරු ශුභ පල ලබාදීමයි. කොතරම් වර්ග කර නිවෙසක් සෑදුවද එය පල දෙන්නේ ගෘහමූලිකයා ජීවතුන් අතර සිටින තුරු ඔහුට විතරයි. ඔහුගෙන් පසු නිවෙසේ කිසිවකුට නිවෙස පල නොදේ. මෙය බොහෝ දෙනෙකු නොදන්නා වාස්තු රහසකි. මෙහිදී පල නොදීමට හේතුව වන්නේ ඒ නිවෙස සාදා තිබෙන්නේ ගෘහමූලිකයාගේ උපන් නැකැතට වර්ග කර මිස ගෙදර අනෙකුත් සාමාජිකයන්ගේ නැකැත්වලට ගැළපෙන පරිදි නොවන නිසායි. උදාහරණයක් පැරැණි වලව් තුළින් ඉදිරිපත් කළ හැකිය. තේජසින් බැබළුණ වලව්වල ගෘහමූලිකයා මිය ගිය පසු දිනෙන් දින වලව් පරිහානියට පත් වී යන බව ඔබ හොඳීන්ම දන්නා කරුණකි.
අප රටේ අවසන් රජ වූ ශ්‍රී වික්‍රම රාජසිංහයන් දෙනගමුවේ ආචාරියා ලවා රජ මාලිගාවේ නව ඉදිකිරීම් කර ගැනීමට උත්සාහ කළේ පෙර පැවැති රාජ මාලිගාව තමාට පල නොදෙන බව දැන පලදෙන ආකාරයට සකස් කරගනු පිණිසයි. එහෙත් රජුගේ අනුවණ ක්‍රියා කලාපය නිසා ඉන් පලක් නොවුණු බව පැහැදිලිය.
අතීත රජවරු ඔටුනු පැළඳීමෙන් පසු නව මාලිගාවක් තනා රජකම් කළා මිස පියාගේ මාලිගාවේ සිට රාජ්‍ය පාලනය නොකළේ එබැවිනි. එසේම කොතරම් වර්ග කර තැනුවද වාස්තු දෝෂ ඇති නම් නිවාස පල නොදෙන බවත් පෙනෙන්නට ඇත.
වර්ග කිරීමේ ඇතුළාන්තය දැන් ඔබට හොඳීන් වැටහෙනවා ඇති. රජවරුන්ට, ව්‍යාපාරිකයන්ට, දේශපාලනඥයන්ට මෙන් සෑම අයකුටම ඊළඟ උරුමකරුවන්ට නව නිවාස සාදා දීමට වත්කම් නොමැති හෙයින් කළ යුත්තේ නියමිත වඩුරියන් ප්‍රමාණයක් ගෙන (මෙය වර්ග කිරීම නොවේ) වාස්තු විද්‍යානුකූලව නව වෙනස් කම් සිදුකරමින් නිවෙස අලුත්කර ගැනීමයි. එය ඔබගේ දරු මුණුපුරන්ගේ අනාගතයේ දියුණුව, යහපත උදාකරනු ඇත.
ඒ. සී. එස්. නවීලා