නිවැරදිව දොරටුව තබමු

ඔක්තෝබර් 1, 2021

දියුණුව පතන මිනිසුන් තම නිවාසයෙන්ම දොරවල් තැබීමේ දී වාස්තු විද්‍යාවට අනුව සුබ පාදයන්හි සුබ නැකැත්වලට අනුව තබා ගත යුතු ය. විශ්ව කර්ම ප්‍රකාශයේ හැටියට නිවසකට දොරටු තැබීමේ දී දොරටු වර්ග 15 ක් තිබෙන බව පෙන්නා දී තිබේ. එම දොරටු වර්ග මෙසේ ය.ධාන්‍ය, ජය, නන්ද, බර, කාත්ත, මනෝරාමා, සුමුච, දුර්මුච, උග්‍ර රිපුද, ධනදා, නාශා, අක්‍රාන්ද, විපුල සහ විජයයනාදී වශයෙනි.

 

ධාන්‍ය වර්ග

නැඟෙනහිර දිසාවට සම්මුඛව එන දොරටුව සහිත ගෙය ධාන්‍ය නම් වේ. එබදු බොහෝ වස්තුව ලබා දේ.

ජය වර්ගය

දකුණු දිසාවට සම්මුඛ වන දොරටුව සහිත ගෙය මෙය වර්ගයට අයත් වේ. එබදු ගෙය ජයග්‍රාහි හෙවත් ජයග්‍රහණය ලබා දේ.

නන්ද වර්ගය -

නැගෙනහිර හා දකුණු දිසාවට සම්මුඛ වන දොරටුව සහිත ගෙය නන්ද නම් වේ. එබදු ගෙය ස්ත්‍රීන්ගේ විනාසයට හේතු වේ.

බර වර්ගය

බටහිර දිසාවට සම්මුඛ වන දොරටුව සහිත ගෙය මෙම වර්ගයට අයත් වේ. එබදු ගෙය සැප සම්පත් විනාශයට හේත වේ.

තාන්න වර්ගය -

නැඟෙනහිර හා බටහිර දිසාවට සම්මුඛ වන දොරටුව තාන්න නම් වේ. එබඳු ගෙය පුත්‍ර ලාභය පිණිස හේතු වේ.

 

මනෝරාමා වර්ගය -

දකුණ හා බටහිර දිසාවට සම්මුඛ වන දොරටුව මෙම වර්ගයට අයත් වේ. එම ගෙය බොහෝ සැප සම්පත් ලබා දේ.

සුමුඛ වර්ගය

නැඟෙනහිර හා බටහිර හා දකුණු දිසාවට සම්මුඛ වන දොරටුව සහිත ගෙය මෙම වර්ගයට අයත් වේ. එම නිවැසියන්ට බොහෝ භව භෝග සම්පත් ලැබෙන බව පෙන්නා දේ.

දුර්මුඛ වර්ගය -

උතුරු දිශාවට සම්මුඛ වන දොරටුව සහිත ගෙය මෙම වර්ගයට අයත් වේ. එබඳු අපි‍්‍රය පිණිස හේතු වේ.

උග්‍ර වර්ගය -

උතුරු හා නැඟෙනහිර දිසාවට සම්මුඛ වන දොරටුව සහිත ගෙය මෙම වර්ගයට අයත් වේ. එවැනි ගෘහයක පදිංචිවීමෙන් දුක් කරදර වැඩිවන බව පෙනේ.

ප්‍රද වර්ගය -

උතුරු හා දකුණු දිසාවට සම්මුඛ වන දොරටුව සහිත ගෙය මෙබඳු වර්ගයට අයත් වේ. එබඳු ගෙයක පදිංචි වීමෙන් සතුරු බිය වැඩිවීමට හේතු වන බව පෙන්නා දේ.

 

ධනද වර්ගය -

උතුර දකුණ හා නැඟෙනහිර දිශාවන්ට සම්මුඛ වන දොරටුව සහිත ගෙය මෙම වර්ගයට අයත් වේ. එවැනි ගෙයක බොහෝ ධන සම්පත් ලැබීමට හේතු වන බව පෙන්නා දේ.

නාශ වර්ගය -

උතුරු හා බටහිර දිසාවන්ට සම්මුඛ වන දොරටු සහිත ගෙය මෙම වර්ගයට අයත් වේ. එවැනි ගෙයක පදිංචි වීමෙන් ඉක්මණින් විනාසයට පත් වන බව කියා පායි.

ආක්‍රාන්ද වර්ගය -

උතුර, නැඟෙනහිර හා බටහිර දිසාවන්ට සම්මුඛව වන දොරටුව සහිත ගෙය මෙම වර්ගයට අයත් වේ. මෙම නිවසේ පදිංචි අයට නිතර ශෝක ඇතිවන බව පෙනේ.

විප්‍රල වර්ගය -

උතුර, දකුණ හා බටහිර දිසාවන්ට සම්මුඛ වන දොරටුව සහිත ගෙය මෙම වර්ගයට අයත් වේ. එවැනි ගෙයක පදිංචි අයට බොහෝ යස ඉසුරු සම්පත් ලබා දෙන බව පෙන්වා දේ.

විජය වර්ගය -

සතර දිසාවන්ට සම්මුඛ වන දොරටු සහිත ගෙය මෙම වර්ගයට අයත් වේ. එවැනි ගෙය බොහෝ දියුණුව සතුට සම්පත් ලබා දෙන බව පැරණි සෘෂීන් විසින් ලෝකයාට පෙන්නා දී ඇත. මේ නිසා මෙලොව දියුණුව පතන අය මේ ආකාරයට තම දොරටු සකස් කර ගත යුතු බව පෙන්නා දිය හැකි ය.

 

ඡ්‍යොතිෂවේදී,

නන්දසේන වීරසිංහ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
18 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.