වැඩිහිටියන්ට ළදරු ගතිගුණ ගෙන දෙන වාස්තු

මැයි 17, 2024

දොඩන්ගොඩ ප්‍රදේශයේ දැවැන්ත නිවාසයකි. වර්ග අඩි 5,000කට වැඩි වහලක් සහිත මේ නිවහන පිහිටා ඇත්තේ පර්චස් 100ක පමණ ඉඩමකය. ඉඩමේ බෑවුම වයඹට, උතුරට පිහිටා තිබේ. ඉඩමේ ගිනිකොනට වන්නට ගොඩනැඟිල්ල ඉදිකර ඇත. නිදන කාමර හත අටක් සහිත මේ නිවෙසේ ජීවත් වන්නේ සොහොයුරන් දෙදෙනකුත්, සොහොයුරියකුත් මෙහෙකාරියකුත් පමණි.

උතුරු, ඊශාන කොටසේ එක් නිදන කාමරයක් ඇති මුත් එය නිදා ගැනීමට වඩා ලිපි ලේඛන ආශි‍්‍රත කටයුතු සඳහා වෙන් කර තිබේ. ඊශානයට පිහිටි නිදන කාමරයේ බාල සොයුරාත් මධ්‍යාසන්නයේ වැඩිමහල් සොහොයුරාත්, නිරිත දිශාවට සොහොයුරියත් පදිංචිව සිටිති. මෙහෙකාරිය කාලෙන් කාලයට විවිධ දිශාවන් නිදාගැනීමට භාවිත කර ඇති බව කියැවේ.

අත්දැකීම වන්නේ බාල සොයුරා අවිවාහකව කටයුතු කිරීමයි. එහෙත් ඉතා සාර්ථක නිර්මාණශීලී ව්‍යාපාරිකයකු වූ ඔහු අතිශය පි‍්‍රයමනාපය. සතුටින් කටයුතු කරන, බොහෝ අය සමඟ සුහදව ක්‍රියා කරන්නකු වෙයි. වාස්තු අධ්‍යයනයෙන් පසුව සාකච්ඡා කිරීමේ දී පැහැදිලි වූයේ එකිනෙකා අතර හොඳ සුහදතාවක් සහිතව පොදුවේ ආර්ථික වශයෙන් තිදෙනාම සාර්ථක ආකාරයක් ගැනීමයි. මේ අත්දැකීම වාස්තු විද්‍යානුකූලව පැහැදිලි කර ගන්නේ කෙසේද? වටහා ගන්නේ කෙසේද?

ඊශානයේ අදටත් වාසය කරන බාල සොයුරා දීර්ඝ අධ්‍යයන කටයුතු හා නිර්මාණශීලී අලුතින් හිතන්නකු වීම ස්වභාවයයි. එසේම ඊශානය අන් අයගේ පාලනයට බොහෝ හසුවන බැවින් වැඩිමහල් සොහොයුරියගේ බලපෑමට කලක් තිස්සේ හසු වීමට ඇය නිරිත දිශාවේ වාසය කිරීම නිසා බලවත් වීම ද ඉවහල් වේ.

සාමාන්‍යයෙන් පාසල් සමය ගෙවමින් අධ්‍යාපන කටයුතුවල යෙදෙන්නන් සඳහා අප නිරන්තරයෙන් යෝජනා කරනු ලබන්නේ ඊශාන දිශාවේ නිදන කාමරය පවත්වා ගන්නා ලෙසයි. එසේ වුවත් අධ්‍යයන සමය අවසන් කිරීමත් සමඟම දකුණ, නිරිත, බස්නාහිර දිශාවන් කරා ඔවුන් පිවිසිය යුතු වෙයි. එසේ වුවත් පාසල් සමයේ දී මෙන්ම ඉන් පසුවත් නිවැසි බාල සොහොයුරා තවමත් ජීවත් වන්නේ ඊශාන දිශාවම යොදා ගනිමිනි. එවිට ආවාහ, විවාහ කටයුතු ආදියට වඩා තමන් කරන නිර්මාණාත්මක කටයුතුවලට උනන්දුව දැක්වීම සිදුවේ. එසේම නිරිතේ නිදන කාමරය භාවිත කරන වැඩිමහල් සොයුරියගේ යෝජනා ආදිය අතිශය ගෞරවාදරයෙන් පිළිගෙන කටයුතු කිරීම නිසා සිය ජීවිතය තනිකඩව වුවත් සාර්ථක ව්‍යාපාරිකයකු ලෙස ගෙවීමට බාල සොයුරාට අවකාශ සැලසේ.

අප ඒ නිවෙසේ වාස්තු පරීක්ෂාවේ යෙදෙන පැය කිහිපය අතරේදී විදුලිය ලබා ගැනීම සඳහා සූර්ය කෝෂ භාවිතයට බාල සොයුරා යොමු වී තිබිණි. ඊට පෙරත් සූර්ය කෝෂ පැනල ගණනාවක් වහලයේ සවි කොට ඇති අතර ඒවා සවිකොට ඒවායෙන් නිපදවන විදුලිය දකුණෙන් පොදු විදුලි සැපයුමට බස්නාහිරින් සම්බන්ධ කොට තිබේ.

එක් වැසිකිළියක් උතුරු දිශාවට යෙදී තිබුණද එය කිසිවකු භාවිත නොකරන තරම් ය. එයම බාල සොයුරාගේ නිදන කාමරයත් මඳක් විශාල කිරිමට තිරව අදිටන් කොට සිටින ඔහුගේ නිර්මාණශීලී සැලසුම් නිවසේත් ඉඩමේත් තැනින් තැන දක්නට ලැබේ. ගිනිකොන දිශාවට වන්නට වියළිව පිරිසුදුව නමුත් වැඩි වැඩියෙන් භාවිතයට ගන්නා වැසිකිළියක්ද දක්නට ලැබෙයි. මේවායෙන් වාස්තුමය වියවුල් ඇති නොකරන බව වාස්තු සිද්ධාන්ත අනුව පහදා දිය හැකියි.

නැසීගිය පියාගේ නිදන කාමරයත් මවගේ ඇඳුම් කාමරයත් බාල සොයුරාට භාවිතයට උචිතම වන පරිදි නිරිත බස්නාහිර කොටසේ පිහිටා ඇති බව පෙනිණි. ඒවා වෙත යන ලෙස අප බාල සොයුරාට ඇරයුම් කළත් ඊශාන කාමරයේ විසීමට විවිධ අවශ්‍යතා සුහදව මතු කිරීම ඔහු නිරන්තරයෙන් සිදු කළේ ය. ඊශාන දිශාවේ කාමරවල ඇති සුවදායක බව හා වගකීම් නොදැනෙන නිදහස් ගතිය බාල සොයුරා ඊශාන කාමරයේම වාසය කිරීමට පෙලඹවීමක් ඇති කළා විය යුතු යි.

කෙසේ වෙතත් ඕනෑම වාස්තුමය වියවුලකදී පිහිට ලබා ගත හැකි ‘පිරමිඩ’ භාවිතය වෙත යොමු වීම හැර වෙනත් සරල ක්‍රමවේදයක් බාල සොයුරාගේ “ළමාබවෙන්” මුදා ගැනීමට අපට නොපෙනිණි. එවැනි යෝජනාවක් අප විසින් සිදු කළ විට ඊශාන කාමරයේම ජීවත් වෙමින් එයින් ඇතිවන වාස්තු වියවුල විසඳා ගත හැකි වීම පිළිබඳව ඔවුන් සියලු දෙනා සතුටට පත්වූ බව පෙනිණි.

පිරමිඩ භාවිතයේ දී අප එතරම් භාවිතයට නොගන්නා යෙදීමක් මෙහිදී යෝජනා කිරීමට අපට සිදුවිය. එය නම් යම් ස්ථානයක පවත්නා ගෘහ අංගයක් ශක්තීමය වශයෙන් වෙනත් තැනක පැවතීමෙන් ලබන අත්දැකීම් හිමිකර දෙන යෙදීමකි. නිදසුනක් ලෙස නිදන කාමරයක් ඊශානයේ ඇති විට එය නිරිත දිශාවේ පවතින ප්‍රතිඵලයම අත්දැකීම සඳහා නිදන කාමරයේ සැබෑ භෞතික පිහිටීමෙන් අපට එය ශක්තිමය ලෙස පිහිටුවා ගත යුතු ස්ථානයේත් එකේළි වන ලෙස (සමාන උසකින් හා සමාන පරතරවලින්) පිරමිඩ පිහිටුවිය යුතු විය. මේ නිදසුන එලෙස නූතන පිරිමිඩ ශිල්පයේ නිර්මාණයක් මහාචාර්ය ජිතෙන් භට්තුමා සිය පොතපතේ නිරන්තරයෙන් දක්වා තිබේ.

ළමා වියෙන් තරුණ වියට චර්යාවන් පත් කර ගැනීමේ මෙකී ක්‍රමවේදය මීට පෙරත් අප විසින් සිදුකර ඇති බැවින් එසේ “පිරමිඩ ප්‍රතිකාර” සිදු කිරීමට දිනයක් ද සාකච්ඡා කරමින් හා තවත් සරල සුහද වාස්තු භාවිතයක් රැසක් සඳහා දිනයක්ද තීරණය කර ගනිමින් අපි උක්ත නිවසින් පිටත් වීමු.

 

සිවිල් ඉංජිනේරු

විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්ය

විද්‍යාත්මක වාස්තු පර්යේෂණ ආයතනයේ ප්‍රධාන පර්යේෂක

ජනක පි‍්‍රයන්ත දයාරත්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.