නිවස වර්ණ ගන්වන්න කලින් මේ දේවල් ගැන හිතන්න

ජුනි 25, 2021

නිවසක අසිරිය, සුන්දරත්වය හා වටිනාකම දිස්වන්නේ එයට ආලේප කරන ලද වර්ණයන් අනුවයි. ඉතා විශාල මුදලක් වැය කර ඉදිකරන ලද නිවෙස් වල පවා නිවැරදි වර්ණ භාවිතයක් සිදු නොකළ විට ඉන් අපේක්ෂිත සුන්දර පෙනුම ලබාගත නොහැකි අවස්ථා සුලබව දකින්න පුළුවන්.

 

එසේම කෙනෙකු නිවසට ආලේප කරන වර්ණයන් අනුව ඔවුන්ගේ සමාජ තත්ත්වන් හා ආකල්ප පිළිබඳව පූර්ව තක්සේරුවක් කළ හැකියි.නිවසකට ආලේප කරන වර්ණ ප්‍රධාන කොටස් දෙකකින් යුක්තය. ඒ උණුසුම් වර්ණ හා ශීත වර්ණ වශයෙනි. ශීත වර්ණ වශයෙන් සැළකෙන්නේ කොළ, නිල් හා දම් පැහැයයි. උණුසුම් වර්ණ ලෙස කහ, රතු හා තැඹිලි පැහැය නම්කර තිබේ.

 

වර්ණ වල විශේෂතා

රතු වර්ණය

රතු වර්ණය ආලේප කළවිට ගොඩනැඟිල්ලක වර්ගඵලය කුඩාකර පෙන්වන අතර, කලහාකාරීත්වයට ආරාධනා කිරීම, උත්තේජනය හා උණුසුම් ගතිය ඇති කරනු ලබයි. විශේෂයෙන්ම බඩගින්න ඇති කරන වර්ණයක් සේ පිළිගැනෙන රතු පැහැය අවන්හල් භෝජනාගාර හා රාතී‍්‍ර සමාජ ශාලා වැනි ස්ථාන වල ආලේප කිරීමට සුදුසුය. ආදරණීය වර්ණයක් සේ සැළකෙන රතු පැහැය නව යුවතියන්ගේ නිදන කාමර වල ආලේප කරන මුත් වාස්තු විද්‍යානුකූලව එය අනුමත නොකෙරේ. නිදන කාමර සඳහා වඩාත්ම සුදුසු වර්ණය වන්නේ ළා දම් පැහැයයි.

 

කහ වර්ණය

මෙය පී‍්‍රතිමත් වර්ණයක් සේ පිළිගැනේ. හිරු එළිය පි‍්‍රය කරන මෙම වර්ණය උණුසුම හා උත්තේජනය ඇති කරනු ලබයි. ආලෝකමත් වර්ණයකි. නිවසක ඉඩකඩ පෙන්වීම සඳහා යොදා ගතහැකි සුදුසුම වර්ණයක් ලෙස කහ පැහැය හැඳීන්විය හැකිය.

 

කොළ වර්ණය

ස්වභාවිකත්වයේ වර්ණය ලෙස කොළ පැහැය හැඳීන්විය හැක. මහන්සිය විඩාඩ දුරුකර ගත සිත ප්‍රබෝධමත් කළ හැකි වර්ණයකි. නිදහසේ ගත කරන ස්ථාන, රූපවාහිනි නැරඹුම් ස්ථාන හා සාලය වැනි ස්ථාන සඳහා කොළ පැහැය යොදා ගැනීම සුදුසුය. ඉතාමත් සුබදායී වර්ණයක් වන කොළ පැහැය සුදු පැහැය සමඟ මිශ්‍රකර ගැනීමෙන් වර්ණයේ තීව්‍රභාවය අඩුකර භාවිතයට ගත හැකිය.

 

තැඹිලි වර්ණය

නාන කාමර, කි‍්‍රයාකාරී ස්ථාන, කී‍්‍රඩා මණ්ඩප ආදී ස්ථාන වලට මෙම වර්ණය සුදුසුය.

 

නිල් වර්ණය

සාමය, සහයෝගය, සහ පක්ෂග්‍රාහී බව ඇති කරයි. සිසිල් වර්ණයකි. කලබල ගතිය දුරු කරවයි. ආලෝකය හා වාතාශ්‍රය ඇති කරනු ලබන වර්ණයකි. සාලය හා ජලය සම්බන්ධ වන ස්ථාන වලට භාවිත කිරීමට සුදුසුය. තද නිල් පැහැය (අධරචත ඕතභඥ) පෞරුෂත්වය හා ගාම්භීර බවක් ගෙන දේ.

 

වයලට් වර්ණය

මෙය රතු සහ නිල් පැහැය මුසු වී සැකසෙන වර්ණයකි. රතු පැහැය වැඩිකර උණුසුම් වර්ණයකුත්, නිල් පැහැය වැඩි කර සිසිල් වර්ණයකුත් සාදා ගැනීමට පුළුවන. ආදරණීය වර්ණය ලෙසට සැළකේ. නිදන කාමර සඳහා ලා පැහැය යොදා ගැනීමට හැකිය. වයලට් පැහැය ආලේප කළ කාමරයකට එම පැහැයේම දොර, ජනෙල්, රෙදි යොදා ගැනීම වාස්තු විද්‍යාත්මකව ඉතා හොඳ ගැළපීමකි.

 

කළු වර්ණය

බටහිර රටවල නම් සතුට හා දුක යන අවස්ථා දෙක සඳහාම කළු වර්ණය භාවිත කෙරේ. නමුත් අපේ රටේ කළු වර්ණය ආලේප කෙරෙනුයේ ජල කාන්දුවන බිත්ති සඳහා පමණී. අඳුරු බවක් ගෙන දෙන කළු කම්මැලි බවක්ද ඇති කරනු ලබන වර්ණයකි. නමුත් නිවසේ ගාම්භීරත්වය, ස්ථීර බව හා ශක්තිමත් බව පෙන්වීම සඳහා කණු බීම් වල ආලේප කිරීමට කළු පැහැය භාවිතයට ගැනේ. වර්ගඵලය අඩුකර පෙන්වන කළු පැහැය වෙනත් වර්ණ සමඟ මුසු වන පරිද්දෙන් භාවිතයට ගැනීමට හැකිය.

 

සුදු වර්ණය

ආලෝකය, පිරිසිදු බව හා නිසංසල බව ඇති කරවන වර්ණයකි. කුඩා ඉඩක් වුව මෙමඟින් විශාල කර පෙන්වීමට හැකිය. නිවසේ ඇතුළත හෝ පිටත හෝ ඕනෑම ස්ථානයක් සඳහා යොදාගත හැකි වර්ණයකි. නමුත් ගෙබිම ටයිල් සුදු පැහැයෙන් යුක්ත නම් බිත්ති සඳහා තනි සුදු පැහැය ආලේප කිරීම නොගැළපේ.

 

කාමරයකට වඩාත් හොඳම වර්ණ

අඩු වියදමකින් ඔබේ කාමරය හැඩකර ගැනීමට නම් මුලින්ම ඔබට කාලය පරතරය කළමනාකරණ හැකියාව හා අලංකරණ අදහස් කිහිපයක් තිබීම අත්‍යවශ්‍යය. එනම් කාමරයකට අලංකාරය ලබා දෙන්නේ විවිධ භාණ්ඩ වලින් නොව එය රඳවන ක්‍රමයෙනි. ඒවා රැඳවිය යුත්තේ ඔබේ සුව පහසුව හා සෞන්දර්යය සංකලනය වන ලෙසිනි.

කාමරයකට වර්ණ කීපයක් යෙදීම.

බිත්තියක වර්ණ කිහිපයක් යම් රටාවක් සහිතව ආලේප කිරීමෙන් වැඩි පෙනුමක් ලබා දේ. කාමරයේ බිත්ති සතරින් එකක එක් වර්ණයක්ද, අනෙක් දෙකෙහි වර්ණ දෙකක්ද ආලේප කළ හැකි අතර මෙම වර්ණ යෙදීමේ දී එකම වර්ණයේ ප්‍රභේද හෝ එකිනෙකට ගැළපෙන වර්ණද උපයෝගී කරගත හැකිය. කුඩා කාමර වලට ලා වර්ණ ආලේප කළ යුතුය යන මතය අද පිළිනොගැනේ. ඔබට කැමති වර්ණ මේ සඳහා භාවිත කළ හැකිය. කාමරයේ දොරෙහි වර්ණය බිත්තිවල වර්ණයට වැඩි කැපී පෙනුමක් දිය යුතුවේ. සාමාන්‍යයෙන් එක් බිත්තියකට දීප්තිමත් වර්ණ ආලේප කිරීම සුදුසුය.

 

විසිත්ත කාමරයට සුදුසු වර්ණ

විසිත්ත කාමරය නිවැසියන්‌ගේ පෞරුෂය ගොඩ නඟන ස්ථානයයි. මේ නිසා විසිත්ත කාමරය වර්ණ ගන්වා ගැනීමේ දී ඔබේ රුචිකත්වය පිළිබඳ හොඳ සැලකිල්ලක් දැක්විය යුතුය. එසේ නොවී වර්ණ තෝරා ගතහොත් ඔබ විසිත්ත කාමරයෙන් අපේක්ෂා කරන විනය අහිමි වීමට ඉඩ තිබේ. නිවසේ ගෘහපති සහ ගෘහපතිනිය මැදි වයසේ යුවළක් නම් ළා කොළ, රෝස, ළා නිල් වැනි වර්ණ තෝරා ගන්නවාට වඩා තද කොළ, දුඹුරු වර්ණ, තද දම් පැහැය වැනි තරමක් තද වර්ණ සමඟ සුදු පැහැයට හුරු වර්ණ තෝරා ගැනීම වඩාත් යෝග්‍යද වේ. මෙවැනි තද වර්ණ වඩාත් සුදුසු වන්නේ සෝෆාව පිටුපස ඇති බිත්තියටය.

පැරණි නිවෙස් වල දක්නට ඇති ගෘහ භාණ්ඩ බොහෝමයක් පරණ වර්ගයේ ඒවාය. මේ නිසා නිතරම නිවස අලුතින් වර්ණ ගැන්වීමේ දී එම ගෘහ භාණ්ඩ වල වටිනාකමට ද හානියක් නොවන පරිදි ඔබේ පෞරුෂයටද වටිනාකමක් සැපයෙන වර්ණ තෝරා ගැනීම පිළිබඳ ඔබ සැළකිලිමත් විය යුතුය. ඔබේ නිවසේ විසිත්ත කාමරයේ පැරණි වටිනාකමක් ඇති ඡායාරූප රැසක් ප්‍රදර්ශනය කර තිබෙනවා නම් එවැනි පින්තූර ඇති තැන්වල පෞරාණික පෙනුම රැඳෙන ආකාරයට දුඹුරු වර්ණ සහ සුදු පැහැයට හුරු වර්ණ වලින් වර්ණ ගැන්වීම වඩා උචිතය.

 

කෑම කාමරයට සුදුසු වර්ණ

කෑම කාමරයට වඩාත් සුදුසු කහ සහ තැඹිලි වර්ණයයි. ළා‌ කොළ පැහැය ද කෑම කාමරයේ බිත්ති කිහිපයකට යොදාගත හැකිය. මේ සමඟම එළවළු, පලතුරු දර්ශනය වන පින්තූරයක් එල්ලා ගැනීමත් කෑම මේසය මත පලතුරු වට්ටියක් වැනි දෙයක් තැබීමෙනුත් වර්ණ සංකලනය හොඳීන් සිදුකරගත හැකිය.

 

දරුවන්ගේ කාමර වලට සුදුසු වර්ණ

දරුවන්ගේ කාමර වර්ණ ගන්වා ගැනීමේ දි දරුවන්ගේ වයස සහ ඔවුන්ගේ රුචිකත්වයත් සළකා බැලීම බොහෝ වැදගත්ය. පාඩම් කරන වයසේ දරුවෙකු සිටිනවා නම් ප්‍රබෝධය රැඳෙන වර්ණ එනම් කහ, තැඹිලි වර්ණ තෝරා ගැනීම වඩාත් උචිතය. අවුරුදු පහට වඩා අඩු කුඩා දරුවන්ගේ කාමර නම් හැකිතාක් ළා වර්ණ වලින් වර්ණ ගන්වා ගැනීම උචිතය.

 

නිදන කාමරයට හොඳම වර්ණ

නිදන කාමරය සඳහා සුදු, කහ, තැඹිලි වැනි උණුසුම් වර්ණ සුදුසු නැත. ඒ සඳහා වඩාත් සුදුසු නිල්, තද දම් පැහැය, දුඹුරු වැනි වර්ණය. ඒ වගේම ගෘහපති සහ ගෘහපතිනියගේ ඡායාරූප කිහිපයක්ද එහි දර්ශනය කළ හැකි නම් උචිතය‍. බෙඩ් හෙඩ් එක ඇති පැත්ත අනෙක් බිත්ති වලට වඩා තද වර්ණයකින් වර්ණ ගැන්වීම වඩාත් උචිතය.

 

ගෘහ භාණ්ඩ වල වර්ණ ගැනත් හිතන්න

අලුතින් වර්ණ තෝරා ගැනීමට සිතනවා නම් ගෘහ භාණ්ඩ වල වර්ණ ද වෙනස් කර ගැනීමට සැළකිලිමත් විය යුතුය. උදාහරණයක් ලෙස ඔබ සම්පූර්ණ විසිත්ත කාමරයම මේ දක්වා වර්ණ ගන්වා තිබුණේ තනි සුදු වර්ණයෙන් යැයි සිතන්න. මේ වසරේ මේ ඒකාකාරි බව දුරුකර වෙනත් වර්ණයක් තෝරා ගැනීමට සිතනවා නම් සෝෆාවේ සහ කුෂන් වල වර්ණ සඳහා බිත්ති වලට යොදන වර්ණ තෝරා ගත හැකිය. ඒ වගේම එම වර්ණ වලින් වර්ණ ගැන් වූ විවිධ හැඩයේ වීදුරු බඳුන් කිහිපයක් මේස මතට එක්කර ගත හැකිය. ඒ වගේම අනවශ්ය ලෙස ගොඩගසා ඇති විවිධ ගෘහ උපකරණ තිබේ නම් ඒවාද වර්ණ ගන්වා නව මුහුණුවරක් දීම හෝ අනවශ්‍යය.

 

වර්ණ වල හොඳ නරක

රෝස වර්ණය

යහපත් ලක්ෂණ :- ආදරයේ වර්ණයයි. නිදන කාමරයට රෝස පාට ආලේප කිරීමෙන් බොහෝ සාමකාමී හා විවේකි ස්වරූපයක් ලබාදෙයි. අනුරාගී බවකින් යුක්තය. එහෙත් රෝස වර්ණයෙන් සියුම් මලානික ස්වරූපයක් ද ආරෝපණය වේ.

 

ළා කොළ වර්ණය

ස්වභාවිකත්වයට හා විශ්ව ශක්තියට සමීප වර්ණයකි. නිහඬ ස්වරූපයක් නිදන කාමරයට එක් කරයි. සමබර, ආරක්ෂිත හා ස්ථාවර හැඟීම් ඇති කරයි. එහෙත් පමණට වඩා කොළ පාට වැඩි වූ විටදී සිතිවිලි තෙරපීම හා සිත නොසන්සුන් වීමක්ද සිදුවේ.

 

ළා නිල් වර්ණය

මෙම වර්ණයට පරිසරය නිශ්චල හා මෘදු කිරීමේ හැකියාවක් තිබේ. බුද්ධිමත් සිතිවිලි වර්ධනය කෙරෙන අතර කුසගින්න කල් දමයි. බියකරු සිහින නොදකී. මෙම වර්ණය සහිත නිදන කාමරයක දී පුද්ගලයන්ගේ සිතිවිලි බොහෝ සාමකාමීය.

 

ළා දම් පාට

මෙය බොහෝ දුරට අධ්‍යාත්මික සුවය ළඟාකර දෙන වර්ණයකි. එහෙයින් මෙම වර්ණය කාමරයෙහි බිත්ති වල ආලේප කිරීමෙන් මානසික ආතතිය මඟ හැරේ. එහෙත් මෙම වර්ණය මන්දෝත්සාහි ගතිය මතුකර පෙන්වයි.

 

නිදන යහනේ කොට්ට උර වල වර්ණ

යහනට අලංකාරය ලබා දීමට එහි රඳවන කොට්ට වලට සැමවිට තිබිය යුත්තේ ඉතා මෘදු හා විවිධ හැඩතල ඇති කොට්ට කිහිපයකි. එකම වර්ණයකින් තෝරාගත් රෙදි වර්ග වලින් කපු, සැටින්, සිල්ක් ආදී වශයෙන් රෙදි වර්ගය වෙනස් කිරීමෙන්ද ප්‍රබල අලංකාරයක් යහනට එක්කර ගත හැකිය. යහනෙහි කොට්ට රඳවන ආකාරයෙන්ද එහි අලංකාරය හා ප්‍රමාන්විත බව වර්ධනය වේ. කොට්ට රැඳවිමේ දී විශාල කොට්ටය යටින් ද එයට උඩින් කුඩා කොට්ටද රැඳවීම මඟින් බොහෝ අලංකාරයක් ලබාදේ.

 

 

ප්‍රවීණ ඡ්‍යොතීර්වේදී, වාස්තු විද්‍යා ශිල්පී,

පි‍්‍රයංකර දිවාරත්න

 

රඹුක්කන

කීර්ති එස් කුමාර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.