වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
ශි‍්‍රයා කාන්තාවගේ වාසස්ථානය
වාසයට සුදුසු හා වාසනාවන්ත නිවස ශි‍්‍රයා කාන්තාව සිටින නිවසයි.එවන් නිවාස දිනෙන් දින දියුණුවට පත්වන අතර නිවැසියෝ සියලුම දෙනා සැනසීමෙන් ජීවත් වෙති. එහෙත් ශි‍්‍රයා කාන්තාව යනු අදෘශ්‍යමාන දේවතාවියක් නම් නොවේ.
සෑම කුල කාන්තාවකටම ශි‍්‍රයා කාන්තාවක් වීමට බැරිකමක් නැත. ශි‍්‍රයා කාන්තාවක සතු ගතිගුණ පුරුදු පුහුණුූ කරගත් විට එවන් කාන්තාවන් වෙසෙන නිවාස නිතැතින්ම සිරි නිවාසයක් බවට පත්වේ.
සිතට, කයට සැනසීමක්, සතුටක්, සනීපයක්, සැහැල්ලුවක් දැනෙන ප්‍රදේශයකට හෝ තැනකට ගිය විට මෙතන නම් හරි සිරියාවයි යැයි සිතයි කියයි. කන්‍යාවියක් ශි‍්‍රයා කාන්තාවක් වීමට මූලික සුදුසුකම ලබන්නේ විවාහ වීමෙන් පසුවය. විවාහයෙන් පසු මෙනවියක ලෙස සැලකූ තරුණිය මහත්මියක ලෙස සලකයි. එසේම ඇය සිටින ගෘහයේ මෙහෙයුම් කටයුතු කරන්නියද වන්නේය. එම නිසා ගෘහණිය වශයෙන්ද හඳුන්වයි. සැමියා ගෘහමූලික ලෙස හඳුන්වයි.
ගෘහණියක වශයෙන් පැවතිය යුතු ගුණාංග හයක් ගැන සඳහන් වේ.
කාර්යේසු මන්ත්‍රී – කරනේසූ දක්ෂී
රූපේසු ලක්ෂ්මී – සමයන්ත රඤ්ඤා
ස්නේහේසූ මාතා – සයනේසු වෛශ්‍යා
ෂඩ් බිස්තු නාරි – කුලමුද් භවන්තී
කාර්යේසූ මන්ත්‍රී – කරනේසූ, දක්ෂී – මෙයින් අදහස් කරනුයේ නිවසේ ගෘහණිය වන කාන්තාව මන්ත්‍රීවරියක ලෙස ඇඟේ කථාබහ , ඇහුම්කම් දීම, ඉවසීම, හා කාර්යක්ෂම වීම ආදී කරුණුය. රාජ සභාවක මන්ත්‍රීවරයෙකුගේ වගකීම වනුයේ තමාට පැවරී ඇති බල ප්‍රදේශයේ ජනතාවගේ අදහස්වලට ඇහුම්කම්දීම හා ඔවුන් සමඟ කථාබහ කර ඕනෑ එපාකම්, ගැටලු කාර්යක්ෂවම ඉටුකර දීමය. එසේ නොවන මන්ත්‍රීවරුන්ට ජනතාවගේ ප්‍රසාදය ගෞරවය නොලැබී මන්ත්‍රීකමත් නැතිව යාමට හේතු වෙයි. එසේම නිවසක වගකීම දරන කාන්තාව එම නිවසේ නිවැසියන් සමඟ සුහදව කථාබහ කරමින් ඔවුන්ගේ අදහස් උදහස්වලට සවන් දෙමින් එම අයගේ ඕනෑ එපාකම් ඉටුකර දෙමින් කඩිසරව වැඩපල කිරීමය. නිවසක මන්ත්‍රීකම ගෘහණියට නිතරඟයෙන් හිමිවේ. එම නිසා හැමදෙනාගේම මනාපය ඇය දිනා ගැනීමට සමත්විය යුතුය.
රූපේසුලක්ෂ්මී සමයන්ත රඥ්ඥා
තම රූප ශෝභාව පිරිසුදුව හා සිත් ගන්නා පරිදි තබා ගැනීමට සැලකිලිමත් විය යුතුය. සහජයෙන් ලැබී ඇති රූපයට ගැලපෙන ඇඳුම් පැළඳුම් හා ඒවායේ විලාසිතා වර්ණ තෝරා ගත යුතුය. වයසට සරිලන හා ගැලපෙන විදියට රූපය අලංකාර කරගත්විට දකින්නන් තුළ ගෞරවය හා ප්‍රසාදය ඇතිවේ. දරු මුණුපුරන් සිටින මවක් තරුණියක් සේ සැරසී සිටින විට දකින අය තුළ හාස්‍ය මිස ඇයගේ ගතිගුණ කෙරෙහි ප්‍රසාදයක් ඇති නොවේ. සමයන්ත රඥ්ඥා යනුවෙන් ආගම් දහම් ගැන දැනීමකින් යුක්ත විය යුතු බව පැවසෙයි. තමා අදහන ආගම පමණක් උසස්කොට සලකා අනෙකුත් ආගම් ඇදහීම් පහත්කොට නොසලකා සියලුම ආගමිකයන් පූජක පක්ෂයට එකසේ ගරුබුහුමන් කළ යුතුය.
ස්නේහේසු මාතා ශයනේසු වෛශ්‍යා –
ශි‍්‍රයා කාන්තාවක් තුළ පැවතිය යුතු සුවිශේෂ ගුණාංග දෙකක් මින් පැවසෙයි. මාතෘ ස්නේහය තම දරුවන් කෙරෙහි පමණක් නොව මාතෘ භාර්යාවක ලෙස සිය සැමියා කෙරෙහිද එසේම එම නිවසේ සිටින නැන්දා, මාමා, සහෝදර සහෝදරියන්, දරුවන් මුණුබුරන් යන සැමදෙනා කෙරෙහිම සෙනෙහසින් ඔවුන් රැකබලා ගන්නියක විය යුතුය.
ශයනේසු වෛශ්‍යා යනුවෙන් අදහස් කළේ වෛශ්‍යාවන් තමා වෙත පහස සොයා එන පුරුෂයන් යළි යළිත් තමා වෙත ගෙන්වා ගැනීමට නොයෙකුත් මායම් පානු ලබයි. කාන්තාවන්ට දෙසැට විය .මායම්පෑමට හැකියාව ඇත. ඒ අනුව තම ස්වාමි පුරුෂයා තමන් වෙත ආකර්ෂණය කරගෙන ඇඳ බැඳ තබා ගැනීමට සමර්ථ විය යුතුය. ඒ සඳහා මිහිරි වදන් පැවසීම, ඇල්ම බැල්ම උකුළු මුකුළු පෑම ආදී බොහෝ ක්‍රම හා විධි තිබේ. ශයනය යනු බිරිඳට සැමියා සමඟ හුදෙකලාව සිටීමට නිවසක ඇති ස්ථානය හා අවස්ථාන වේ. එබැවින් එහිදී කාන්තාවගේ හැසිරීම් රටාව අනුව බිරිඳ කෙරෙහි ස්වාමිපුරුෂයා තුළ ඇල්ම, ආදරය, පේ‍්‍රමය, කරුණාව අගය ආදී හැඟුම් පහල වෙයි. විවාහ ජීවිත නීරස වන්නේ හා බිඳ වැටෙන්නේත් පුරුෂයන් පරස්ත්‍රී සේවනයට යොමු වන්නේත් සයනේදී ඔවුන් තුළ ජනිත වන හැඟීම් හා ප්‍රතිචාර දක්වන ආකාරය අනුවය. නිවස නැමති කුඩාම පාලන ඒකකයේ තීන්දු තීරණ ගන්නා දෙපළ වන සැමියා සහ බිරිඳගේ කැබිනෙට්ටුව වන්නේ ශාසනාසනයයි.
ගෘහ ජීවිතය සාර්ථක හෝ අසාර්ථක වීමට බලපාන හේතු විග්‍රහ කළ ඉතා මා හැඟි දේශනාවක් බුදුරජාණන් වහන්සේ මථුරා පුරයේදි දේශනාකොට තිබේ. සංවාස සූත්‍රය ලෙස නම් කර අති අතර සංවාස යන්නෙහි අර්ථය වන්නේ එක්ව වාසය කිරීම යනුය.
අද මෙන්ම එකල ද අලුත විවාහවන ජෝඩු මධුසමය ගත කිරීම පිණිස සුන්දර නිසංසල ප්‍රදේශවලට ගියේය. එකල ඉන්දියාවේ මථුරාපුරය එවන් පරිසරයක් පැවති ප්‍රදේශයෙකි. උද්දාල බමුණාද එකල සිය පි‍්‍රයාව වූ හුලවාලියට මථුරා පුරයට කැඳවාගෙන ගිය බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන්ව ඇත. උද්දාල පි‍්‍රයේ හඳහුන් ළඳකට හුලවාලි අපි යමුකො ඉතින් මථුරාපුර පෙම් පෙල පාලි යනුවෙන් ජනපි‍්‍රය ගීතයකින්ද මෙය කියවේ.
මථුරා පුරයේ නිසංසල ස්ථානයක නිස්කලංකව සමාධි සුවයෙන් වැඩසිටින බුදුපියාණන් වහන්සේ දුටු තරුණ අඹුසැමි ජෝඩු උන්වහන්සේ වෙත එළැඹ එකත් පසෙකට වී සිටින විට බුදුරජාණන් වහන්සේ ඔවුන්ගේ සිතැඟි අනුව මෙකී සංවාස සූත්‍රය දේශනා කළේ කම්සුවය සොයා යන මෙම පිරිසට නිවන් සුවය ගැන කියාදීම ප්‍රඥා ගෝචර නොවන නිසා ඔවුන්ගේ ජීවිත මෙලොව වශයෙන් සුවසේ ගත කර පරලොවද යහපත් කරගැනීමට හේතුවන බැවිනි. ඒ අනුව අදහන ආගම ජාතිය, කුලය, වත්පොහොසත්කම් කුමක් වුවද මුළු ලෝකයේම අඹුසැමියන් වශයෙන් එකට වාසය කරන සියලුම දෙනා කොටස් හතරකට වර්ගකර ඒ අතරින් ඔවුන් වාසය කිරීමට කැමති ක්‍රමය තෝරාගන්නට අවස්ථාව සැලසීය. මේ වර්ග කිරීම එදාට පමණක් නොව අදටත් මතුවටත් එසේම පවතී.
1.පෙරේතියෙක් දෙවියෙක් සමඟ විසීම මෙන් සිටීම
2.දේවතාවියක් පෙරේතියෙක් සමඟ විසීම මෙන් සිටීම
3.පෙරේතියක් පෙරේතයෙක් සමඟ විසීම මෙන් සිටීම
4.දේවතාවියක් දෙවියෙක් සමඟ විසීම මෙන් සිටීම
1.පෙරේතියක් දෙවියෙක් සමඟ විසීම ලෙස අදහස් කළේ සැමියා ධාර්මිකව උත්සාහයෙන් උසස් ගති පැවතුම්වලින් යුතුව යහපත් ජීවිතයක් ගෙන යාමට මහන්සි වුවද බිරිඳ අපිරිසුදු මෙන්ම අධාර්මිකව කටයුතු කරමින් ගෙදර දොර කටයුතු පිළිවෙළකට නැතිව අපිරිසුදු අරපිරිමැස්මත් නැතිව කටයුතු කරන්නේනම් එම දෙදෙනාගේ එක්ව වාසය තුළින් අයහපතක් මිස සතුටක් සැනසීමක් නොලැබෙන බවය.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>