වාස්තු විද්‍යා ගුරු මුෂ්ටි 05

හෘද රෝගයට අත වනන ගෙයි මැද තරප්පුව
අගෝස්තු 21, 2020

නිවසක් හෝ ගොඩනැගිල්ලක් ඉදිකිරීමේදී අද බොහෝ දෙනා ‘වාස්තු’ කෙරෙහි අවධානය යොමු කරයි. 

තට්ටු ගෙයක් නිර්මාණයේදී පඩිපෙළ (තරප්පු පෙළ) ් ස්ථාන ගත යුත්තේ කෙසේද? කුමන දිශාවට එය සුදුසුද? යන්න පිළිබඳ අද සාකච්ඡා කරමු 

තරප්පුව :–

නිවසේ හෝ ගොඩනැගිල්ලේ මධ්‍ය ලක්ෂයේ සිට වාස්තු මාලිමාව හැසිරිය යුතු අතර, මධ්‍ය ලක්ෂයෙන් බ්‍රහ්ම පාදය නිදහස් කර, එනම් එම පෙදෙසින් බැහැරව ස්ථාන ගත කළ යුතුය. 

උතුරු දිශාව :– චුම්බක බලය අධික දිශාව වන අතර, වාස්තු පුරුෂයා කෙරෙහි අවධානය යොමුකර මඟහැරිය යුතුය. (ජීවන මාර්ග දිශාව) 

 ඊසාන දිශාව :– වාස්තු පුරුෂයාගේ ‘හිස’ කොටස පීඩාවීම නිසා සියලු විශ්ව ශක්තීන් අඩාල වෙයි. ගෘහ හිමියා වටා රැස්ව සිටින්නන්ට තද බල මරු පහරක් වදියි. 

නිරිත දිශාව – රාහු ග්‍රහයාට අයිති දිශාව වන අතර ඊසානයෙන් ඇතුළු වන විශ්ව ශක්තිය නිරිතෙන් පිටවෙයි. බලය අධික වන අතර, ‘පඩිපෙළ’ නොව ප්‍රධාන නිදන කාමරය මේ පෙදෙසේ ඉදිකළ යුතු වේ. 

තරප්පු පෙළ වඩා සුදුසු වන්නේ දකුණ, බටහිර , වයඹ සහ නැගෙනහිර (නැගෙනහිර අනු කොටසට) ඉතා ශුභ වේ. ගෘහ නිර්මාණ ශිල්පියා අන් දිශාවකට මෙය නොදැමිය යුතුය. 

සෑම විටම තරප්පුව ‘දක්ෂිණා වෘත්තව‘ ගමන් කිරීමට සෑදිය යුතු අතර, වමට නොතැබිය යුතුය. 

වමට ඇත්නම් නිවැසියන්ගේ ‘සතුට සමාදානය’ තුරන් වෙයි. 

නිවස කුලීකරුවන් /බදුකරුවන්ට වාස භූමි වේ 

ගෘහ හිමියන් උදාසීන වීම /අසනීප වලට ගොදුරු වීම 

නිවසේ වාසය පි‍්‍රය නොවීම 

නිවසේ මත ගැටුම් ඇතිවීම, කාර්යයන් සඵල නොවීම 

ප්‍රධාන දොර අභියස සිට ගේ ඇතුල බැලීමේදී කෙළින් ඉදිරිපිට පඩිපෙළ නිර්මාණය නොකළ යුතුය. වේද දෝෂයන් වන අතර, ගෘහ මූලිකයාට කරදර ඇතිවේ. 

උතුරු හා ඊසාන දිශා කෝණ තුළ ඔබගේ පඩිපෙළ ඇත්නම්, 

1. සෞඛ්‍ය ගැටලු හා ධන හානි ඇති කරයි 

2.නිවාසය සෑදීම ප්‍රමාද වෙයි 

3. විවාහ වයසේ සිටින අයගේ විවාහ ප්‍රමාද කරයි 

4.රාජ්‍ය ත්‍රස්තවාදයට ලක්වීම /විප්ලවකාරි අය බිහිවේ 

5.සමාජ විරෝධීන් බිහිවේ. (තහනම් සංවිධාන ගත වීම) 

6.නිවසේ ගෘහමූලිකයාගේ ආදායම් මාර්ග අවහිර වීම 

රැකියා ගැටලු ( හිටි හැටියේ වැඩ නැවැත්වීම) 

තරප්පුවේ පඩි සංඛ්‍යාව ඔත්තේ ගණනකට නිර්මාණය කළ යුතු අතර, වාස්තු නාභිය මඟහැර සෑදිය යුතුය. 

ගමන් කරනවිට සෙලවෙන, පැද්දෙන, කැඩුණු හා අක්‍රමවත් පඩිපෙළ ඉතා අයහපත්ය 

ගෘහය හෝ ව්‍යාපාරික ස්ථානයක, තරප්පු පෙළ යට බුදුමැදුර, වන්දනා කරන තැන්, මුදල් තැබීම (සේපපු) කෑෂ් (මුදල් අයකැමි) ස්ථානගත කිරීම ඉතා අශුභ වේ. 

තරප්පු පෙළ යනු පෑගෙන ගමන් මාර්ගයකි. ගෙදර නම් සාමාජිකයන් ද ව්‍යාපාරයක් නම් පාරිභෝගිකයින් ද විශාල ප්‍රමාණයක් ඉහල පහළ යයි. 

මේ පඩිපෙළ යටින් යාමට නිදන කාමර, වැසිකිලි, රාක්ක, පොත් කබඩ්) ආදි කිසිම දෙයක් සෑදීම ඉතා අශුභය. (ඍණ අගයක් ගනී) 

ඉහළින් ගමන් කරන්නා, ඔබව පාගාගෙන යයි. විශාල බරක් දරාගෙන සිටී. “උළුවස්ස හෝ ‘ආරුක්කු’ යෙදූ කාමර නොසෑදිය යුතුය. 

හිස් අවකාශය ඉතාම ශුභ වේ. අතුගෑම ,මොප් කිරීම පහසු විය යුතුය. 

බ්‍රහ්ම පාදය තුළ පඩිපෙළ (1 රූපය බලන්න) 

මර්මස්ථාන රේඛා කැපෙන තැන අයිති වන ප්‍රදේශය ‘බ්‍රහ්ම පාදය’ තුළට ගණනය කරයි. 

රූපයේ පඩිපෙළ දකුණට වන අතර, නිවසේ මැද පිහිටා ඇත. 

මෙහි ඵල විපාක මෙසේය 

1.සාදාගෙන යන නිවසක් නම් නිවසේ වැඩ ඇණ හිටියි. වහලය දක්වා වැඩ ඉවර කර ගැනීමට බාධා පැමිණේ. 

2.නිවස අතින් අතට විකිණීමට අදහස් කරයි නම් එය කළ නොහැකිවීම. 

3.පදිංචි වූ නිවසක් නම් නිවෙස් හිමියාට හෝ සාමාජිකයෙකුට හෘදය වස්තුව හෝ ඒ සම්බන්ධ ආශි‍්‍රත දරුණු රෝගයක් පහල වෙයි. 

විශේෂයෙන් වාමාවෘත්තව ඇති, බ්‍රහ්ම පාද පඩිපෙළ ගෘහ හිමියා දරුණු රෝගවලට ගොදුරු කරයි. හෘද රෝගියෙක් ගෙදරට දායාද කරයි. 

නිවසේ වැඩ ඉවර කර ගැනීමට බැරිය. මෙවැනි නිවෙස්වල දොරවල් රටාව ද ‘අශුභ චක්‍රයකට ‘ වැටේ. ඒ නිසා තවත් හිර වේ. නිවෙස් හිමියාට විපත්ම උදා කරයි. 

වසර 7,8ට පමණ කලින් නුවර ප්‍රදේශයේ මෙවැනි නිවසක පඩිපෙළ කඩා ඉවත් කළ පසු රෝගියා ප්‍රතිකාර මගින් සුවවිණි. (හෙදියකගේ නිවසකි) 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.