ඔබේ නිවසේ ප්‍රධාන දොර කොඩි විණයක් කර ගන්න එපා

අගෝස්තු 14, 2020

මනුෂ්‍ය ශරීරයේ හදවත හා සමානවන නිවසේ ප්‍රධාන දොර , ඉතා ආරක්ෂාකාරිව නිසිතැන තබා නොගතහොත් එය ජීවිතයට සැමදා කොඩිවිණයක් වන්නේය.

 අලංකාරයට හැඩයට වශී වුණ බොහෝ දෙනා නිවාස සැලසුම් ශිල්පීන්ගේ අක්‍රමවත් දොර උළු අහු සකස් කර ඔවුන්ගේ නිගමනය අනුව ප්‍රධාන දොර තැබීම නිසා නිවසට කොඩිවිණයක් වන අවස්ථා ඇතිවෙනවා මෙන්ම එයින් සමහර පවුල්වල විනාශයද සිදුවී ඇති අවස්ථා දක්නට ලැබේ. නිවසට ගෙවදී මාස කීපයකින් දරුවන් පවා මුරන්ඩුවී ආගිය අතක් සොයා ගැනීමට නොහැකි ස්ථාන මා හට හමුවිය. 

එවැනි නිවසක දකුණු පැත්තේ ගිනිකොණ කෙළවර තබා තිබූ ප්‍රධාන උළුඅස්ස හා ජනේලය මෙන්න. 

1 සටහන

මෙම ප්‍රධාන දොර හා ජනේලය එකට සකස් කර තිබීම අලංකාර වුවත් පොරෝ සැලැස්ම එල් හැඩ ඉතා අසුබය. ගිනිකොණ මර පාදයද ඊටත් වඩා අසුබ ගෙන දෙයි. 

මෙය තිබූ නිවසේ ගෘහමූලිකයා ශරීරයේ වම් පැත්තේ අංශ භාග රෝගයකින් එක් තැන්ව සිට මිය ගොස් ඇත. පවුලේ එකම පිරිමි දරුවා නොගැලපෙන වයසට නොගැලපෙන විවාහයක් සිදුකරගෙන රැකියාවක් නොමැතිව අධ්‍යාපනයද කඩාකප්පල් කරගෙන නිවසේ සිටී. ඒ  අනුව මව තද බල මානසික පීඩනයකට ලක් වී සිටී. 

 2- 3 සටහන

වෙනත් නිවසක අත්තිවාරමේ මුල්ලක් තම නිවසේ ප්‍රධාන උළුඅස්සට කෙලින් කෝණය වැටීම ඉතා අසුබ වන අතර කොඩිවිණයක් හා සමාන වේ. නිවෙස් දෙකේ සාමාජිකයන් අතර අසමගිය ආරවුල් ඇතිවේ. 

4 සටහන

මේ මාහට ලැබුණ එක්තරා නිවාස සැලසුමකි. මෙහි වාස්තු දෝෂ ඉතා අසුබ ලෙස පිහිටා ඇත. ප්‍රධාන දොර උතුරු පැත්තේ මර පාදයේ ගිනි කතුරු මධ්‍ය රේඛාවට කැපී ඇත. කොඩිවිණයකටත් වඩා දරුණු දෝෂයකි. ප්‍රධාන දොර උතුරටත් පිටවීම් දොර නැගෙනහිරටත් අසුබ වී ඇත. මෙම නිවසේ අයිතිකරුට විශාල ලෙස ධන හානි ව්‍යාපාර බිඳ වැටීම් සිදුවී ඇත. තමන් සතු ඉඩමක් අනුන් අයිතිය කියමින් නඩුමගට යොමුවී ඇත. 

5 සටහන 

මෙම නිවසේ පල දෙකේ වහලයේ මුදුන්යට ලීයේ සිට යටලී තුනේම පිරිද්දුම් එක කෙලින් ඇති අතර බිත්තිය උඩ යට ලීයේ පිරිද්දුම ප්‍රධාන උළුඅස්සේ මැදට වැටී ඇත. අයිතිකරු මිය ගොස් ඇත. පසුව නිවස පාළුවට ගිය අතර දැනට මෙය කඩා සියල්ල අස් කර විකුණා ඇත. ප්‍රධාන දොර පිරිද්දුම්වලට සම්බන්ධ වී කොඩිවිණයක් බවට පත්විය. මා පරික්ෂා කළ නිවසක තිබූ ආකාරයයි මේ දැක්වෙන්නේ.

මේ ආකාරයට ප්‍රධාන පාරට වැටී ඇති අතුරුපාර හා තුංමංසල නිවසේ ප්‍රධාන දොරට එල්ලවීම ඉතා අසුබ වන්නේය. ගෙදරට කොඩිවිණයක් වන්නේය. මානසික පීඩනය සතුරු කරදර සීමාවන් නැත.

7 සටහන

කාලයකට ඉහත දී මේ මට ලැබුණ එක්තරා නිවාස සැලසුමකි. මෙහි පඩි පෙළ ප්‍රධාන දොරට එකඑල්ලේ කෙලින්ම යොදා තිබුණේය. මේ නිවස සාදා අවසන් කිරීමට නොහැකි විය. තදබල දොස් ඇතිවිය. නිවසේ ප්‍රධාන අය තද බල ධන හානියකට ලක්වී පසුව විකුණා දැම්මේය. ඒ  ගත් අය සම්පූර්ණයෙන් කඩා දොස් ඉවත් කර ගත්තේය. මෙම දෝෂය කොඩිවිණයක් හා සමානය. 

මීට අමතරව තවත් ඔබට දැන ගැනීමට මේවාද වැදගත් වේ. ප්‍රධාන දොර ඉදිරිපිට ජලාශි‍්‍රත ටැංකි සාදා මඩ දමා මල් වර්ග හා මාළු දැමීම අසුබ වේ. වැසිකිලි වලවල්, අපද්‍රව්‍ය එකතු කිරීම. ඉදුල් වතුර ආදි අපිරිසුදු ජලය ගලා බසින කානු, ප්‍රධාන දොර ඉදිරිපිට අසුබ වේ. රෙදිවැල් ඇදීමද සුදුසු නැත. 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.