වාස්තු විද්‍යා ගුරු මුෂ්ටි - 02

බ්‍රහ්ම පාදය පෑගි , පෑගී යාම තුළින් ගෘහ හිමියා විනාශ මුඛයට යයිද?
ජුනි 12, 2020

මේ දවස්වල පත්තර හා ටී.වී. රේඩියෝ වැඩ සටහන්වල ප්‍රධාන මාතෘකාවක් තමා “බ්‍රහ්ම පාදය” පෑගීම ඉතාම අශුභය යන්නය. අද මේ ලිපියෙන් ඔබගේ ප්‍රශ්න නිරාකරනය වන අතර ප්‍රශ්න ඇතොත් “සුබසෙත”ට යොමු  කරන්න. 

1 සටහන 

ඉඩම පාද බෙදා, පැලෑන අටේ කොටස් බෙදීම තුළින් හා විකර්ණ රේඛා යා කිරීමෙන් කැපෙන තැන “මරුසුලම” ගිනි කතිරය, මධ්‍ය ලක්ෂය නමින් හැඳින්වේ. 8 ය 8 =64 චක්‍රය තුළින් එන කොටස් 04 ක් බ්‍රහ්ම පාදයට අයත් වෙයි. (රූපය බලන්න)

ඔබගේ නිවසේ, මෙම කොටස තුළ කුමක් සාදා ඇත්ද? පාද බෙදා ගත් කල කුමන දෙයක් අවහිර වීද කැපෙන ලක්ෂ්‍යයට අයිති ප්‍රදේශය තුළ බිත්ති , වහල, කාමර, බීම්ස් (සාලයට, කෑම කන පෙදෙසට, පැසේජ් එකකට , බිත්තියක් අයිනට, පෑගෙන ගමන් මාර්ගයකට) වැටේද? ඉන් ඇතිවන බලපෑම කොතෙක්ද? මාරකද?

මෙම කොටස දේවතා කොටස බ්‍රහ්ම පාදය නමින් අර්ථ දක්වා ඇති අතර “එම කොටස වන්දනාමාන (ආගමික) සංකේත තබා ගැනීමට යොමු කෙරේ. 

1.බ්‍රහ්ම පාදය “සාලයට” රූපය බලන්න 

2 සටහන 

වන්දනා මාන කිරීම පිණිස ( තමන් අදහන ආගම අනුව සංකේත තබා ගැනීම) වඩාත් සුදුසුය. මෙය සැකසීමේදී ප්‍රධාන දොර හා පිළිමයේ මූණත ගැන විශේෂයෙන් සැලකිලිමත් වන්න. 

එසේ නොවන අවස්ථාවක නම් “බිත්තියකට ආධාරක සවිකොට ඇදහීම් කළ හැකිය. කැපෙන ලක්ෂයේ බරින් අඩු මල් ගොමු, පුන්කලස්, තැබිය හැක. 

සාලයේ පුටු සැටි, ඒ මත තැබිය නොහැකිය. වාඩිවී සිටීමට නොහැකිය. ටී.වී. රේඩියෝ වැඩකරණ මේස, ඒ සී උපකරණ , කබඩ්, අල්මාරි කිසිසේත් සුදුසු නැත. ලක්ෂයේ සිට අඩි 5 ‘-0 ‘ ඈතින් තබන්න. 

2.බ්‍රහ්ම පාදය (කෑම ගන්නා පෙදෙස) ච්ඪදඪදඨ  3 සටහන 

කැපෙන ලක්ෂය මගහැර බඩු තබා ගත යුතුය. ලක්ෂය කාමරය මැදට වැටේ නම් එය මැදිකොට තැබිය නොහැකිය. සැඟවිය නොහැක. 

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.