වාස්තුවේ ගුප්තමය රහස්

මාර්තු 13, 2020

ඔබ විසින් දැන ගත යුතුම ඉතාම වැදගත් වාස්තු දෝෂ පිළිබඳව සටහන් කර සුබසෙත සති සංග්‍රහය වෙතින් දක්වමු. බොහෝ නිවාස පිටතින් අලංකාර කලාත්මක පෙනුමකින් යුක්තව නිමකර ඇතත් ඇතුළත ඇති මහා වාස්තු දෝෂ නිසා නිවැසියන් කායික, හා මානසික පීඩාවන්ට ගොදුරුවී ඇති බැව් අප විසින් කරන ලද නිවාස නිරීක්ෂණ වලදී හෙළි වී ඇත්තේය.

නිවසේ හරිමැදට යට ලීයක (කිඹුල්තැල්ල) මූට්ටන වී තිබීම අසුබයි. මර්මස්ථාන දෝෂය වේ. සමීප නිවෙසේ බාල්කය හෝ මුදුන් යටලී එකිනෙකට එල්ලී තිබීම අසුබයි. වැසිකිලි ,නානකාමර නිරිතට අසුබයි.

මුදුන් යටලීයට මූට්ටු තුනක් තිබීම අසුබයි. කුරුපා බෙදෙන 2,4 , 6 වැනි සංඛ්‍යාවක් තිබීම සුබයි. කුරුපා ප්‍රධාන දොරට එල්ලවීම අසුබයි. දොරටුව නන්දා ජයා පූර්ණාපාද තුනේ තැබීම සුබයි. භද්‍රා රික්තා පාද දෙකේ අසුබයි.

උලුවහු හරිමැදට කණු දෙකට මුදුන් හෝ හරස් යටලීයට තැබීම අසුබයි. ප්‍රධානම කෙලින් පිටුපස උලුවස්ස තැබීම අසුබයි. නිවසේ ප්‍රධාන දොරටුවට කනට ජනේල කනක් හේත්තු කිරීම අසුබයි. විකර්ජන රේඛා කැපුමට අසුවන සේ උලුවස්සක් තැබීම අසුබයි. බිත්ති මුල්ලකට අසුවන සේ උලුවස්ස තැබීම අසුබයි. යටලීය හා අනෙකුත් ලී ළිඳට එල්ලවීම අසුබයි .නිවසේ ඉදිරිපස කුස්සිය අසල තරප්පුවට යට වැසිකිළි අසලම නිදන කාමර තිබීම අසුබයි.

බිත්ති කුරුස හැඩයට තිබීම අසුබයි. ඉඩමේ හරි මැද නිවසේ හරි මැද නොගත යුතුයි. අසුබයි.

බ්‍රහ්ම පාදයට පීඩාවනසේ නිවසේ මුල්ගල නිධන් නොකළ යුතුයි.

මර්මස්ථානවලට හසුවනසේ ජනේල තැබීම සුදුසු නැත. නිදන කාමරයේ වහලයේ හරහා බාල්ක කොන්ක්‍රීට් හරස් බීම් ආදිය තිබීම සුදුසු නැත.

නිවසට අලුතින් කොටස් එකතුකරන විට වර්ග මූලයට එකඟ වනසේ යෙදිය යුතුයි. බිත්තිය හරි මැද යටලී මූට්ටුවක් තිබීම අසුබයි. පරාලයක් සවිකිරීම අසුබයි. යටලී මූට්ටු තුනක් සහ එක එල්ලේම ඊට මූට්ටු තුනක් තිබීම අසුබයි. වහලයට සොහොන් පරාල සවිකිරීමෙන් සියලුම සම්පත් විනාශ වේ.

නිවසින් පිට බුදුමැදුරක් සදන්නේ නම් එය නිවසට ඊසාන දෙසින් තිබීම සුබයි. නිදන ඇඳේ බාපත උතුරට නොදමන්න. දකුණ නැගෙනහිර සුබයි.

ඇඳුම් – මුදල් රන් භාණ්ඩ අල්මාරි, කබඩ් උතුරට හෝ නැගෙනහිරට මුහුණලා තබන්න.

ඉඳුල් වතුර ජනේලයකින් වීසිකිරීම අයපත්ය.

කුස්සියේ මුදුන් බිත්තිය හරි මැද සිටින සේ මිරිස්ගල තැබීම අසුබයි.

නිවසේ අල්මාරි, කබඩ්, සේප්පු නැගෙනහිරට මුහුණලා තබන්න.

බොහෝ දෙනෙක් වාස්තු දෝෂ ගැන එතරම් සැලකීමක් නොදක්වයි. එහෙත් කරදර ප්‍රශ්න, හිරිහැර ආ විටයි කල්පනා කරන්නේ. දේවාල ගානේ යයි. බලිතොවිල් යන්ත්‍ර මන්ත්‍ර කර්මවල යෙදෙයි.

නමුත් ඒවායින් නිවාසිය වාස්තු දෝෂ භංගකර ගැනීමට නොහැකිය.

කළයුත්තේ වාස්තු විද්‍යානුකූලව එම දෝෂ ඉවත්කර ගැනීමයි. මේ සඳහා මෙම කරුණු කාරණා ඔබට ප්‍රයෝජනවත් වේ යැයි කල්පනා කරමු. වාස්තු දෝෂ ඇති නිවසක (රෝගී නිවසක) වාසය කිරීම නිසා අරිටුපල විපාක ඇතිවේ. ලෙඩ රෝග, නිදන්ගත රෝග, රැකියා කරදර, අහිමිවීම සම්පත් මුදල් විනාශවීම දරුවන් අසමගිවීම පවුල් ආරවුල් , අඹුසැමි ප්‍රශ්න වාද විවාද ආදි ගැටලු වාස්තු දෝෂ නිසා හටගන්නා බැව් බොහෝ පර්යේෂණ වලදී සොයා ගෙන තිබේ. ඔබ නිවසක් සදන විට මෙම වාස්තු දෝෂ නොමැතිව සාදන්න. නැත්නම් සාදා ඇති නිවසේ වාස්තු දෝස ඉවත් කර ගන්න.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.