ප්‍රධාන දොරටුව සම්බන්ධ බාහිර දෝෂ

ඔක්තෝබර් 18, 2019

නිවසක ප්‍රධාන දොර නිවැරැදිව තබන්නේ කෙසේද? යන්න හා එහිදී යෙදිය හැකි අභ්‍යන්තර දෝෂ පිළිබඳව පසුගිය ලිපිවලින් අප පැහැදිලි කළා.

අද අප සළකා බලන්නේ ප්‍රධාන දොර සම්බන්ධ බාහිර දෝෂ පිළිබඳවයි. එබඳු දෝෂ 18 ක් සෘෂිවරුන් විසින් හඳුනා ගන්නා ලදුව, වාස්තු විද්‍යාවේ මෙසේ දැක්වෙයි.

වෘක්ෂවේධ දෝෂය

නිවසේ ප්‍රධාන දොරටුවට එල්ලවන සේ අතු විහිදුණු විශාල ගස් පිහිටීම වෘක්ෂවේධ දෝෂයයි. එමගින් නිවසට ආලෝකය, වාතාශ්‍රය නොලැබීම, සුළඟින් හානි සිදුවීම මෙන්ම මෙම දෝෂයෙන් ගෙහිමියාට හා දූ දරුවන්ට හානි, සතුරු කරදර, සතුන්ගෙන් හානි, දියුණුවට බාධා වැනි අහිතකර ප්‍රතිඵල ද ඇතිවේ.

සුසාන වේධ දෝෂය

නිවසේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට සුසාන භූමියක්, ආදාහනාගාරයක්, සොහොන් කොත්, ආදිය පිහිටීම මෙම දෝෂයට අයිති වේ.

මෙම දෝෂය නිසා ධන විනාශය, රෝගපීඩා, සිත්තැවුල් නිවස තුළ හා අසල්වැසියන් සමඟ සාමය සමඟිය බිඳ වැටීම, අකල් මරණ සිදුවීම වැනි දේ සිදුවිය හැකි ය.

මාර්ගවේධ දෝෂය

නිවසේ ප්‍රධාන දොරට එක එල්ලේම පාරක වංගුවක් හෝ හන්දියක් පිහිටා තිබීමෙන් ගෙහිමියාට කරදර බාධක, විපත්, රාජභය, සොර බිය, මරණ බිය ආදිය ඇති වේ.

කෝණවේධ දෝෂය

නිවසේ ප්‍රධාන දොරට කෙළින් වෙනත් නිවසක මුල්ලක් පිහිටීම හෝ මං සන්ධියකි. නගර සන්ධියක්, ග්‍රාම සන්ධියක් පැවතීම මෙම දෝෂයට අයත් වේ. එයින් හදිසි අනතුරු, සොර සතුරු කරදර, භූත ප්‍රේත දෝෂ, බලාපොරොත්තු කඩවීම දියුණුව ඇන හිටීම වැනි අසුබ යෙදේ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

ඡ්‍යොතිෂවේදී,
වාස්තු විද්‍යා උපදේශක
කපිල ඉන්ද්‍රික ගුණදාස

මාලිබොඩ - දැරණියගල

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.