ගේට්ටුව අසුබ තැනක තිබීමෙන් මහත් විපත්

ඔක්තෝබර් 4, 2019

නිවසකට ගේට්ටුවක් තිබීම අවශ්‍යමය. එය නූතන සමාජය තුළ පවතින විවිධ ගැටලු මෙන්ම ක්‍රමවත්ව ගෙමිදුල තබා ගැනීම සඳහාද යෝග්‍යය. එහෙත් ඉතා පටු සහිත ඉඩම්වල එනම් ගේට්ටුව තබන ඉඩමේ පැති විකෘතිවීම් මෙන්ම ඉඩමේ වපසරිය ඉතා කුඩාවීමද, ගේට්ටුවක් වාස්තු විද්‍යානුකූලව තැබීම අසීරු විය හැකිය. එසේ වුවද ගේට්ටුව තබන ඉඩමේ පැත්ත දිගින් වැඩිවීම මෙන්ම වෙනත් ගැටලු වලින් තොර වූ ඉඩකඩ ඇති ඉඩමක මෙම ගේට්ටුව තැබීම පහසුය. මේ සඳහා ඉඩමේ ගේට්ටුව තබන පැත්ත අඩුම වශයෙන් දිග අඩි 100 ක් වත් විය යුතුය. එයට හේතුවන්නේ මෙම අඩි 100 පාද නවයකට බෙදීම කළ යුතු නිසාය.

මෙම අඩි 100 ක් දිග ඇති පැත්තක් නවයට බෙදීමේදී එක් පාදයක (කොටසක) ප්‍රමාණය වන්නේ අඩි 11 ක් පමණය. මෙම ප්‍රමාණයේ සටහන් මෙසේය.

ගේට්ටුව තබන ඉඩමේ පැත්ත දෙපැත්ත වැටවල් දෙක අතර නවයකට බෙදිය යුතුවේ. එම කොටස් නවයෙන් (පාද නවයෙන්) සුබ තැනක ගේට්ටු තැබීම නිදොස්ය.

මෙම වගුවේ පාද නවයට බෙදූ කොටස් සඳහා සුබ අසුබ වන ග්‍රහයින් නව දෙනා දක්වා ඇත. ඒ අනුව තමාට ඉඩමේ හා නිවසේ පිහිටීම මත කුමන පැත්තකින් ගේට්ටු තබන්නේද යන්න අවබෝධ කරගත යුතු වේ.

එසේ කොටස් තෝරාගත යුත්තේද සුබ ග්‍රහයින් තෝරා ඒ කොටසක ගේට්ටුව තැබීම කළ යුතු වේ. ඒ අනුව මෙම කොටස් නවයෙන් සුබ වන්නේ අංක 2,5,6 එය පිළිවෙළින් චන්ද්‍ර, ගුරු, කිවි යන්න වේ.

අපි හිතමු ගෙහිමියා වම් පැත්තේ ගේට්ටුව තබනවා කියා. එසේනම් වම්පැත්තේ කුළුනේ සිට (පසුව ගේට්ටුව සවිකරන කුළුන) සිට අඩි 11 ක් දුරින් චන්ද්‍රපාදය තැබිය යුතුය. එවිට එම ගෙහිමියාට එම සුබ පාදයෙන් ධනය ලැබීමට මෙන්ම සමාජයේ පිළිගත් පුද්ගලයකු වන බව වාස්තුවේ සඳහන් වේ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.