වාස්තු විද්‍යා ලිපි පෙළෙහි සයවැන්න සුබ පාදයක තැබිය යුතු ප්‍රධාන දොර

සැප්තැම්බර් 13, 2019

මහේන්ද්‍ර පාදයේ දොර තැබීමෙන් අසල්වාසීන්ගේ උදව් උපකාර ලබමින් ගෞරවනීය ලෙස ජීවත් විය හැකි වේ.

නිවසක ප්‍රධාන දොර තැබීම ඉතාමත්ම නිවැරදිව කළ යුතු ය. ප්‍රධාන දොරටුව දෝෂ සහිත වීම සෘජුවම ගෘහමූලිකයාට බලපාන බව වාස්තු විද්‍යා පූර්වාචාරීන් විසින් පෙන්වා දී ඇත.

එබැවින් ප්‍රධාන දොර සුබ පාදවල තැබිය යුතුමය. මෙම පාද බෙදීම සම්බන්ධව වාස්තු විද්‍යාවේ ප්‍රධාන මත දෙකක් දැක්වෙයි. එක් මතයක් වන්නේ ප්‍රධාන දොර තැබීම සඳහා ගෘහ අක්ෂය කොටස් අටකට බෙදා ශුභ පාදයක දොර තැබීමයි. අනෙක් මතය වන්නේ ගෘහ අක්ෂය කොටස් 09 කට බෙදා ඉන් සුබ පාදයක ප්‍රධාන දොර තැබීමයි. අප මෙහිදී අක්ෂය පාද නවයකට බෙදා දොර තැබීම පිළිබඳ සළකා බලමු. මෙහිදී ප්‍රධාන දොර තබන අක්ෂයේ දිග සමාන කොටස් 09 කට බෙදා ගත යුතු ය. මෙය පහත රූප සටහනෙන් පැහැදිලි කර ගන්න.

මේ අනුව ඒ ඒ දිසාවන්හිදී ප්‍රධාන දොර තැබිය යුතු නියමිත සුබ පාදය තෝරා ගත යුතු ය. ඒ ඒ පාදවල දොර තැබීමෙන් ඇතිවන සුබ අසුබ පල වාස්තු විද්‍යාවේ මෙසේ දැක්වේ.

01. ශිඛී පාදය ප්‍රධාන දොර තැබීමට සුදුසු නැත. එම පාදයේ දොර තැබීමෙන් ස්වාභාවික විපත්වලින් කරදර පැමිණිය හැකිය.

02. පර්ජන්‍ය පාදයද සුදුසු නොවන අතර ස්ත්‍රීන් කණවැන්දුම් වීම, දරුපල නොලැබීම, විවාහ ප්‍රමාද වීම ආදී අසුබ ප්‍රතිඵල අත්විය හැකි ය.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ඡ්‍යොතිර්වේදී, වාස්තු විද්‍යා උපදේශක

කපිල ඉන්ද්‍රික

ගුණදාස

මාලිබොඩ - දැරණියගල

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
17 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.