ඔක්තෝබර් 25 සිට 31 දක්වා සතිය ඔබේ ලග්නයට...

ඔක්තෝබර් 25, 2024

 

මේෂ

රැකියාවේ නව මුහුණුවරක්

උත්සහවන්තව කටයුතු සිදු කරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 4,5, 6 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

වගකීම් කීපයක් තමා වෙත පැවරීමට ඉඩ ඇත. විදෙස් චාරිකාවකට සැලසුමක් සකස්කර ගන්නා කාලයකි. පවුලේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා සොයා බැලීමක් කළ යුතුය. එමෙන්ම පවුලේ අයගෙන් උදවු උපකාර ද හිමිවන බවක් පෙනේ. අවිවාහකයන්ට යහපත් කාලයක් වන අතර යෝජනා ස්ථිරවීමක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි.

රැකියාව

රැකියාවේ කටයුතු අලුත් මුහුණුවරකින් කරගෙන යන බවක් පෙන්නුම් කරයි. වෙනදාට වඩා අතමිට සරු කරන ආදායම් මාර්ග හිමිකරයි. එමෙන්ම රැකියාවේ කටයුතු සඳහා දුර පළාතකට යාමට සිදුවෙයි. ඇවිදිලි වැඩිකරන රැකියා මාර්ගයකට ඉඩකඩ ඇති බවත් පෙනේ.

අධ්‍යාපනය

තරගකාරි කටයුතු කීපයකට සම්බන්ධවීමට සිදු වෙයි. වෙනදාට වඩා පොත්පත් වැඩ කටයුතු සම්බන්ධ අමතර කාලයක් යොදවයි. අමතර දේ ඉගෙනීමට විවිධ පර්යේෂණ වැඩකටයුතුවලට තදබල කැමැත්තක් දක්වන කාලයකි. උත්සාහවන්තව අධ්‍යාපන කටයුතු කරගෙන යන සතියකි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය අතින් එතරම් සුබදායක කාලයක් නොවනු ඇත. වරින්වර ඇති කරන සෙම් රෝග, හිසේ ආබාධ හේතුවෙන් පීඩාකාරි බවක් ඇති කරයි. පැවැති චර්මගත ආබාධයක් සුව අතට හැරෙන ලකුණු පෙන්නුම් කරයි.

 

අය 06 වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - කොළ

සුබ දවස - සිකුරාදා

 

වෘෂභ

හිතවත්කම් අලුත් වෙයි

අමතර කටයුතු කීපයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරමින් පවතින සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 3,4,5 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

හදිසි තීරණයක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදුවේ. වෙනදාට වඩා දරුවකු පිළිබඳ සොයා බලා කටයුතු කරන්න. නීතිමය ගැටලුවකින් නිදහස උදා කරන සතියකි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. පැරැණි හිතවත්කම් අලුත් කරන සතියකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. දෑතේ මහන්සියෙන් කරන රැකියා කටයුතුවලින් අතමිට සරුකරයි. රැකියා ස්ථිරවීමක් ප්‍රමාද කරන කාලයකි. විදෙස් රැකියාවක් පිළිබඳ සැලසුමක් ඇතිකර ගන්නා බවක් පෙනේ.

අධ්‍යාපනය

ඉගෙනීමේ කටයුතුවලට තරමක බාධා ඇතිකරන සතියකි. එහෙත් උගත් දෙයින් පල ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙනේ. විවිධ තරග විභාගවලට සම්බන්ධවීමට අවස්ථාව උදා කරයි. විවිධ කණ්ඩායම් වැඩසටහන්වල නායකත්වයක් දැරීමට අවස්ථාව උදා කරයි.

සෞඛ්‍යය

ශාරිරික වෙහෙස මහන්සිය ගෙන දෙන සතියකි. උගුර ආශි‍්‍රත ආබාධ, සෙම් අමාරු හිසේ වේදනා ආදිය හේතුවෙන් ප්‍රතිකාර පතයි. රුධිරගත සීනි මට්ටම කෙරෙහි ද සැලකිලිමත් විය යුතු බවක් පෙනේ. වෙනදාට වඩා කෑම බීම පිළිබඳ සැලකිලිමත් වන්න.

 

අය 07 වැය 06

ජය අංකය - 04

ජය වර්ණය - කහ

සුබ දවස - බදාදා

 

මිථුන

විශ්වාසවන්ත බැඳීමක්

ශාස්ත්‍රීය කටයුත්තක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 2,3,4 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

විශ්වාසවන්ත බැඳීමකට කටයුතු උදා කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත්වන්න. හදිසි තීරණයක් වෙනස් කිරීමට සිදු වෙයි. පුණ්‍ය කටයුතු වෙනුවෙන් අමතර කාලයත්, ශ්‍රමයත් වැය කිරීමට සිදු වේ. අමතර ලැබීම් සහිත කාලයකි. නිතර තමා හමුවට යන එන කෙනකු පිළිබඳ සැලකිලිමත් වන්න. ප්‍රමාද වූ ගනුදෙනුවක් සාර්ථක වන ලකුණූ පෙන්නුම් කරයි.

රැකියාව

විදේශ රැකියාවක් කෙරෙහි සැලසුමක් ඇතිකර ගන්නා කාලයකි. රැකියාවේ කටයුතු සඳහා වෙනදාට වඩා උනන්දුවක් දක්වන අතර මෙතෙක් අතපසුව පැවැති කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. ආයතන ප්‍රධානීන්ගේ පැසසුමට ලක්වන කාලයකි. වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු සිදු කරයි.

අධ්‍යාපනය

මෙතෙක් ගැටලුකාරි ලෙස කරගෙන ගිය පාඩම් වැඩ කටයුතු කීපයක් සාර්ථක ලෙස කර ගැනීමට හැකිවන කාලයකි. අලුත් භාෂාවක් ඉගෙනීම වෙනුවෙන් වෙහෙසක් දරන බවක් පෙනේ. සාහිත්‍ය කලා අංශය කෙරෙහි වැඩි නැඹුරුතාවයක් දක්වයි. උසස් අධ්‍යාපන කටයුතුවලට අවස්ථාව උදාකරන කාලයකි.

සෞඛ්‍යය

නින්ද නොයාම අඩුවීම, ඇඟපතේ වේදනාව වැනි ශාරීරික අපහසුතා මතුකරයි. හදිසි අජීර්ණ ආබාධයක් මතුවිය හැකි කාලයක් බැවින් කෑමෙන් බීමෙන් පරිස්සම් වන්න.

 

අය 06 වැය 05

ජය අංකය 04

ජය වර්ණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

කටක

උත්සව පිරුණු සතියක්

විශේෂ කෙනකුගේ හමුවීමක් සිදුවීමට ඉඩ ඇති කාලයක් බැවින් මේ සතියේ සඳු ග්‍රහයා 1,2,3 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ උත්සව අවස්ථාවක් පිළිබඳ සැලසුමක් ඇතිකර ගන්නා සතියකි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත්වන්න. නොසිතු පාඩුවක් සිදුවීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන්න. පවුලට අලුත් සාමාජිකයකු එක්වීමෙන් ඉදිරි වැඩපිළිවෙලක් වෙනස් කරයි. හිතුවක්කාර තීරණයක් හේතුවෙන් පවුලේ මතභේදයක් පැන නැගීමට ඉඩ ඇත.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට එතරම් යහපත් කාලයක් නොවනු ඇත. පිරිස් පාලනය, අණදෙන ක්ෂේත්‍රයේ රැකියා කටයුතුවල නියැළී සිටින අයට සුබදායකයි. වගකීමෙන් රැකියාවේ කටයුතු කරගෙන යන බවක් පෙනේ.

අධ්‍යාපනය

බාධා පැමිණිනුත් ඉගෙනීමේ කටයුතු සාර්ථක ලෙස කරගෙන යන කාලයකි. අමතර පොත්පත් මිලදී ගැනීමට උනන්දුවක් දක්වයි. විවාද කණ්ඩායම්වල විවිධ වැඩසටහන්වල මූලිකත්වයට ගන්නා බවක් පෙනේ.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍ය එතරම් යහපත් කාලයක් නොවනු ඇත. වරින්වර හට ගන්නා අතේ පයේ වේදනාවකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. හදිසි වැටීම් තැලීම්වලට ඉඩ ඇත. වෛද්‍ය ප්‍රතිකාර පතා දුර පළාතකට යාමට කටයුතු සැලසෙන සතියකි.

අය 06 වැය 04

ජය අංකය - 07

ජයවර්ණය - ළා දම්

සුබ දවස - සිකුරාදා

සිංහ

පවුලේ සුහදතාවය වැඩේ

පැවැති නොසන්සුන්කාරි බව මඟහැරී යන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 12,1,2 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

වගකීම් බහුල වුවත් ඒවා ක්‍රමවත් ලෙස කරගෙන යන බවක් පෙන්නුම් කරයි. පවුලේ සුහදතාවයට හේතු ඇති කරයි. සහෝදර සිත් අමනාපයක් මඟ හැරී යයි. හදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරයි. පවුලේ දානමය කටයුත්තකට සැලසුමක් ඇති කර ගනී. නොසිතූ ලෙස ප්‍රසිද්ධියට පත්වන අන්දමේ කරුණු ඇති කරයි.

රැකියාව

රැකියාවේ කටයුතු ක්‍රමානුකූලව කරගෙන යන බවක් පෙන්නුම් කරයි. නිතර සෞන්දර්යාත්මක රැකියා කටයුතු කෙරෙහි පි‍්‍රයතාවයක් දක්වයි. අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. රැකියාවේ ඉදිරි සැලසුමක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. තනතුරු වෙනසක් සිදුවිය හැකි කාලයකි.

අධ්‍යාපනය

වෙනදාට වඩා උත්සාහයෙන්, උනන්දුවෙන් අධ්‍යාපන කටයුතු කරගෙන යයි. අතපසුවූ පාඩම් වැඩ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. තාක්ෂණික අංශයේ කටයුතුවලට දැඩි පි‍්‍රයතාවයක් දක්වයි. උසස් අධ්‍යාපන කටයුතු හේතුවෙන් දුර පළාතකට යාමට සිදුවන සතියකි.

සෞඛ්‍යය

ගතට සිතට පීඩාකාරි සතියකි. පාදයේ හටගන්නා ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. වරින්වර හටගන්නා ක්ලාන්ත ගතියක් හේතුවෙන් ප්‍රතිකාර පතයි. හදිසි වෛද්‍ය පරීක්ෂණයකට භාජනය වන සතියකි.

කන්‍යා

අමතර ලැබීම් හිමිවේ

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගන්නා සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 11,12,1 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

එදිනෙදා කටයුතු ක්‍රමවත් ලෙස කරගෙන යෑමට වෙහෙසක් දරන සතියකි. නිතර ආගමික කටයුතු කෙරෙහි නැඹුරුතාවයක් දක්වයි. මවගේ අසනීපයක් හේතුවෙන් සිතේ නොසන්සුන් බවක් ඇති කරයි. නොගැළපෙන ඇසුරකට සිත යොමුකරන කාලයකි. අමතර ලැබීම් හිමිවන කටයුතු කීපයකට සම්බන්ධ වීමට සිදුවෙයි.

රැකියාව

රැකියාවේ කටයුතුවලින් කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. එමෙන්ම විවිධ වරප්‍රසාද හිමිකරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. දරුවන්ට දැනුම ලබාදීමේ රැකියා කටයුතුවලට යොමුවන කාලයකි. ස්වයංරැකියා මාර්ගවලින් අතමිට සරුකරන බවක් පෙනේ.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතුවලට විවිධ බාධා පැන නැගෙන කාලයකි. විශේෂ පාඨමාලාවක් හැදෑරිමට අමතර මුදලක් වැය කරයි. දහම් අධ්‍යාපන කටයුතුවලින් විවිධ ජයග්‍රහණ හිමිකරන බවක් පෙනේ. පොත්පත් ලිපි ලේඛන ගැටලුවක් විසඳා ගැනීමට හැකිවන සතියකි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍ය පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් වන්න. පරම්පරාගත රෝගයක් ඉස්මතු විය හැකි කාලයකි. හදිසි රුධිර පරීක්ෂණයකට භාජනයවීමට සිදුවෙයි. හිස ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි.

 

අය 06 වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - නිල්

සුබ දවස - බ්‍රහස්පතින්දා

තුලා

දුර ගමනකට සූදානමක්

වෙනදාට වඩා සිතේ සැහැල්ලුවෙන් කටයුතු සිදුකරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 10,11,12 ස්ථානවල ගමන් කරයි.

ගෘහ ජීවිතය

අමතර ලැබීම් සහිත කාලයකි. බාහිර අලංකාරයට වැඩි කැමැත්තක් දක්වන බවක් පෙනේ. අලුත් බඩුබාහිරාදිය මිලදී ගැනීමකට කටයුතු උදා කරයි. අඹුසැමි සුහදතාවයට කරුණු සැලසෙන බවක් පෙනේ. වෙනදාට වඩා පින් දහම් කටයුතුවලට නැඹුරුතාවයක් දක්වයි. අලුත් දැන හැදුනුම්කම්වලට කරුණු සැලසේ. දුරගමනකට සූදානමක් ඇති කරගන්නා සතියකි.

රැකියාව

රැකියාවේ කටයුතු ක්‍රමානුකූලව කරගෙන යන බවක් පෙනේ. එහෙත් තනතුරු මාරුවක් හෝ ස්ථාන වෙනසක් සිදුවිය හැකිය. ජලාශි‍්‍රත කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. රැකියාවේ කටයුතු හේතුවෙන් පදිංචි ස්ථානයෙන් පිට වාසය කිරීමට සිදුවෙයි.

අධ්‍යාපනය

වෙනදාට වඩා උදාසීන ලෙස අධ්‍යාපන කටයුතු කරගෙන යන බවක් පෙනේ. අමතර පොත්පත් මිලදී ගැනීමකට වියදම් කිරීමට සිදුවේ. අලුත් දේ ඉගෙනීමට කටයුතු උදාකරන සතියකි. අමතර භාෂාවක් ඉගෙනීමට වෙහෙසක් දරන සතියක් බවත් පෙනේ.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍ය අතින් එතරම් යහපත් කාලයක් නොවනු ඇත. විවිධ ශාරීරික පීඩාවලට මුහුණපෑමට සිදුවෙයි. හදිසි ප්‍රතිකාර පතා දුර පළාතකට යාමට සිදුවන බවක් පෙනේ. සෙම් අමාරු, හිසේ ආබාධ. පපුව ආශි‍්‍රත ආබාධ බහුල කාලයකි.

අය 06 වැය 04

ජය අංකය - 07

ජය වර්ණය - රතු

සුබ දවස - ඉරිදා

වෘශ්චික

කලා කටයුතු ප්‍රියවේ

උත්සාහවන්තව කටයුතු සිදුකරන කාලයක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 9,10,11 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

කැපී පෙනීමට ප්‍රසිද්ධියට කැමැති කාලයකි. උසස් අයගේ ඇසුරට වැඩිකැමැත්තක් දක්වන බවක් පෙනේ. එහෙත් අසල්වැසි සුහදතාවයකට බාධා ඇති කරයි. කලබල වී තීරණ ගැනීම තමාට අවාසි සහගත තත්ත්වයක් ඇති කරයි. පේ‍්‍රම සබඳතාවයකට වැඩිහිටි ආශිර්වාදය හිමිවන කාලයකි. හිතවත් අයකුගේ මුණගැසීමක් තුළින් ඉදිරි වැඩපිළිවෙලක් වෙනස් කරයි. අලුත් බලාපොරොත්තු ඇති කරන සතියකි.

රැකියාව

රැකියාවේ කටයුතු ක්‍රමානුකූලව කරගෙන යන බවක් පෙනේ. කලා ක්ෂේත්‍රයේ රැකියා කටයුතුවලට වැඩි පි‍්‍රයතාවයක් දක්වන බවක් පෙනේ. එමෙන්ම තනතුරු අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. ආයතන ප්‍රධානීන්ගේ පැසසුමට ලක්වන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි.

අධ්‍යාපනය

අතපසු වූ පාඩම් වැඩ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. තාක්ෂණික අංශයේ කටයුතුවලට දැඩි පි‍්‍රයතාවයක් දක්වයි. කණ්ඩායම් වැඩසටහන්වලදී නායකත්වයක් ගැනීමට අවස්ථාව සැලසෙන බවක් පෙනේ. උසස් අධ්‍යාපන කටයුතු හේතුවෙන් නිවෙසින් බැහැරව සිටීමට සිදුවවේ

සෞඛ්‍යය

ශාරීරික වෙහෙස ගෙන දෙන සතියකි. පාදයේ හට ගන්නා ආබාධයක් වෙනුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙනේ. රුධිරගත සීනි මට්ටම කෙරෙහි සැලකිලිමත් විය යුතුය. හදිසි වැටීම් තැලීම් වැනි අනතුරුවලට ඉඩ ඇති කාලයකි.

අය 08 වැය 06

ජය අංකය - 04

ජය වර්ණය - දම්

සුබ දවස - ඉරිදා

ධනු

දුන් ණයක් ආපසු ලැබේ

පැවැති උදාසීන ගතිපැවතුම් මඟහැරී යන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 8,9,10 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

මෙතෙක් මඟහැරී තිබූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. තැන තැන ඇවිදිලි ඇතිකරන කටයුතු කීපයක් යෙදීමට ඉඩ ඇත. අසරණ කෙනකුට පිහිටවීමට අවස්ථාව උදා කරයි. මෙතෙක් ප්‍රමාදතා සිදු කළ ණය ගනුදෙනුවක් සාර්ථක වන ලකුණූ පෙන්නුම් කරයි. අසල්වැසි සුහදතාවයට කරුණු සැලසෙන සතියකි. විදෙස් උපකාරයක් හිමිවීමට ඉඩ ඇත.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. අලුත් ව්‍යාපාර කටයුත්තකට සම්බන්ධවීමට අවස්ථාව උදාකරයි. ශාරීරික වෙහෙසීම් බහුල රැකියා මාර්ගවලට ද ඉඩකඩ ඇති බවක් පෙනේ. රැකියාවේ තනතුරු ස්ථිරවීමක් ඉටුකරයි.

අධ්‍යාපනය

උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි කටයුතු කීපයක් යෙදේ. අමතර පොත්පත් කියවීමට වෙහෙසක් දරන සතියකි. මෙතෙක් ගැටලු සහගත වූ පාඩම් වැඩකටයුතු කීපයක් නිරවුල් කර ගැනීමට හැකිවෙයි. නිර්මාණාත්මක කටයුතුවලට යොමුවන කාලයකි. ගුරු දෙගුරුන්ගේ ප්‍රසාදයට පාත්‍රවන කාලයකි.

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍ය අතින් එතරම් යහපත් කාලයක් නොවනු ඇත. පපුව, පෙනහැල්ල ආශි‍්‍රත ආබාධයකින් පීඩා අත්කරයි. එමෙන්ම බෝවන රෝගයක් හේතුවෙන් ද පීඩා ඇතිවීමට ඉඩ ඇති බැවින් වෙනදාට වඩා කල්පනාකාරි වන්න.

 

අය 06 වැය 04

ජය අංකය - 02

ජය වර්ණය - නිල්

සුබ දවස - සිකුරාදා

මකර

නව තනතුරු හිමිවේ

 

යම් යම් අපහසුතා කීපයක් පැනනැඟෙන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 7,8,9 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

දියුණුව සම්බන්ධ විශේෂ පියවර කීපයක් ගන්නා කාලයකි. අසරණ අයකුට පිහිටවීමට අවස්ථාව උදාකරයි. ගුප්ත කටයුතුවලට ඇල්මක් දක්වන කාලයක් වන අතර ඒවායින් පල ප්‍රයෝජන ලබා ගන්නා බවක්ද පෙනේ. රහස් රැකීමට දක්ෂය. අලුත් නෑදෑ හිතවත්කම්වල කටයුතු උදාකරයි. වගකීම් වැඩි කරන කාලයකි.

රැකියාව

සෞන්දර්යාත්මක රැකියා කටයුතුවලට යොමුවන කාලයකි. වෙනදාට වඩා අතමිට සරුකරන ආදායම් මාර්ග හිමිකරයි. රැකියාවේ තනතුරු අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. රැකියාවේ කටයුතු හේතුවෙන් නිවෙසින් පිට වාසයට හේතු ඇති කරයි. ස්වයංරැකියා කටයුතුවල නියැළී සිටින අයට සුබදායකයි.

අධ්‍යාපනය

උනන්දුවෙන්, උද්‍යෝගයෙන් අධ්‍යාපන කටයුතු කරගෙන යන බවක් පෙන්නුම් කරයි. විශේෂ පාඨමාලාවකට සම්බන්ධවීමට අවස්ථාව උදාකරයි. විභාග ජයග්‍රහණයක් පිළිබඳ සතුටුදායක ආරංචි ලැබේ. සරසවි වරම් අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක කාලයකි.

සෞඛ්‍යය

වරින්වර මතුවන උගුර ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. හදිසි වැටීම් තැලීම්වලට ඉඩ ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ සැලකිලිමත්වීම වැදගත් වන බවක් පෙනේ. චර්මගත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන සතියකි.

 

අය 06 වැය 05

ජය අංකය - 04

ජය වර්ණය - කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

කුම්භ

රැකියාවේ වරප්‍රසාද

සිතේ සැහැල්ලුවෙන් කටයුතු සිදුකරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 6,7, 8 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

මෙතෙක් බාධා ගෙනදුන් ගැටලු කීපයකින් නිදහස උදාකරයි. වෙනදාට වඩා මිහිරි ආහාරපාන ගැනීමට අවස්ථාව උදාකරයි. අවිවේකී වුවත් එදිනෙදා කටයුතු ක්‍රමවත් ලෙස කරගෙන යෑමට අවස්ථාව උදාකරයි. පවුලේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා උනන්දුවක් දක්වයි. හිතවතකුගේ ආගමික වැඩසටහනක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ පැවැති බාධා කීපයක් මඟහැරී යයි. උනන්දුවෙන් උද්‍යෝගයකින් රැකියාවේ කටයුතු කරගෙන යන කාලයකි. දෑතේ මහන්සියෙන් කරන රැකියා කටයුතුවලින් අමතර ලැබීම් හිමිකරයි. රැකියාවේ විවිධ වරප්‍රසාද හිමිකරන කාලයකි.

අධ්‍යාපනය

මෙතෙක් ගැටලුකාරි බවක් ගෙනදුන් අධ්‍යාපන කටයුතුවලට පැවැති බාධා මඟහැරී යයි. පොතට පතට වැඩි උනන්දුවක් දක්වන කාලයකි. ගණිත අංශයේ කටයුතුවලට විශේෂ දක්ෂතා දක්වන බවක් පෙනේ.

සෞඛ්‍යය

උරහිස ආශි‍්‍රත ඇතිවන ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. එමෙන්ම මෙතෙක් පීඩා ඇති කළ සෙම් රෝගයක් සුව අතට හැරෙන ලකුණු පෙන්නුම් කරයි. ඇසේ ආබාධයකට ප්‍රතිකාර පතන සතියකි. සුළු සුළු ශල්‍යකර්මවලට පවා යොමුවීමට ඉඩ ඇත.

අය 07 වැය 06

ජය අංකය - 06

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - බදාදා

මීන

ව්‍යාපාර ලාභ

ගතට සිතට සැනසිල්ල උදාකරමින් පවතින සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 5,6,7 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

අලංකාරයට, විනෝදයට කැමැති කාලයකි. අන් අය සමඟ සුහදව කටයුතු සිදුකරයි. තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. පවුලේ උත්සව අවස්ථාවකට සහභාගිවීමට කටයුතු උදාකරයි. නිතර ප්‍රභූන් හා ඇසුරට කටයුතු සැලසෙන බවක් පෙනේ. ආගමික වැඩසටහනක් වෙනුවෙන් දුර පළාතකට යාමට සිදුවන කාලයකි.

රැකියාව

අලුත් ව්‍යාපාර කටයුත්තකට අත ගසන කාලයකි. සුළු සුළු ස්වයංරැකියා කටයුතුවලට සම්බන්ධ වීමට අවස්ථාව උදාකරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ අවහිරතා මඟහැරෙන අතර, තනතුරු වෙනසක්ද සිදු කරයි. නිතර ඇවිදිලි ඇතිකරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති බවක් පෙන්නුම් කරයි.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතුවලට සම්බන්ධ වූ අයගේ බලාපොරොත්තු ඉටුකරයි. මෙතෙක් මඟහැරී තිබූ විෂය කරුණු කීපයක් සම්පූර්ණ කර ගැනීමට අවස්ථාව උදාකරයි. අමතර දේ ඉගෙනීමට අවස්ථාව උදාකරන සතියකි. කණ්ඩායම් වැඩසටහන්වලට සහභාගි වීමට මඟ සැලසෙන බවක් පෙනේ.

සෞඛ්‍යය

ශරීර වෙහෙස මහන්සිය ගෙන දෙන සතියකි. වරින්වර ඇතිකරන ක්ලාන්ත ගතියකින් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. රුධිරගත සීනිමට්ටම, අධිරුධිර පීඩනය ගැන සැලකිලිමත් විය යුතු සතියකි. ගතට සිතට අවිවේකී බවක් මෙන්ම වෙහෙස මහන්සියක් ගෙන දෙන සතියකි.

 

අය 06 වැය 05

ජය අංකය - 02

ජය වර්ණය - රතු

සුබ දවස - සිකුරාදා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.