මේ සති‍ෙය් ලග්න පලාපල... (දෙසැ. 29 සිට ජන. 04 දක්වා)

දෙසැම්බර් 29, 2023

 

මේෂ

විදෙස් ගමනකට සූදානමක්

 

සැලසුම් කීපයක් ප්‍රමාද කරමින් සතිය ආරම්භ වන මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතිය 4,5,6 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. විශේෂ ගමනකට කටයුතු සූදානමක් ඇති කර ගනී. නොගැළපෙන ඇසුරක් හේතුවෙන් සිතේ චංචල බවක් ඇති කරයි. විදෙස් ගමනකට කටයුතු සූදානමක් ඇති කර ගන්නා කාලයකි.

රැකියාව

රැකියාවේ පැවැති ආරවුල්කාරී බවක් නිරවුල් කර ගැනීමට කටයුතු උදා කරයි. තාක්ෂණික අංශයේ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. වගකීම් බහුල රැකියා මාර්ගවලට හේතු ඇති කරයි.

අධ්‍යාපනය

ප්‍රාථමික අංශයේ අධ්‍යාපන කටයුතුවල නියැළී සිටින අයට විශේෂ ජයග්‍රහණය හිමි කරයි. පොත්පත් මිල දී ගැනීමක් වෙනුවෙන් අමතර මුදලක් වැය කිරීමට සිදු වෙයි.

සෞඛ්‍යය

ශාරීරික අපහසුතා කීපයක් මඟහැරී යයි. නිතර ජලය සම්බන්ධ කටයුතුවලින් පරිස්සම් වීම වැදගත් වේ. යටිබඩ ආශි‍්‍රත ආබාධ, වකුගඩු සම්බන්ධ ආබාධ මතු විය හැකි කාලයකි.

 

අය 07 වැය 04

ජය අංකය – 04

ජය වර්ණය – දම්

සුබ දවස – බ්‍රහස්පතින්දා

 

වෘෂභ

දරුවකු පිළිබඳ සතුටක්

 

සිතේ සැහැල්ලුවට කටයුතු උදා කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 3,4,5 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

මෙතෙක් මඟහැරී තිබූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු උදා කරයි. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි කාලයකි. වැඩිහිටියකු වෙනුවෙන් සාත්තු සත්කාර කිරීමට කටයුතු යෙදේ. නිතර පින්දහම් කටයුතුවලට සම්බන්ධ වන කාලයකි.

රැකියාව

රැකියාවේ ස්ථිරවීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටු කරයි. එමෙන්ම අලුත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුබදායක බවක් පෙනේ. විදෙස් රැකියා මාර්ග සඳහා ඉල්ලුම් කිරීමට අවස්ථාව උදා කරයි.

අධ්‍යාපනය

පැවැති උදාසීන ගති මඟහැරී යන කාලයකි. ගුරුවරු මෙන්ම වැඩිහිටියන්ගේ ප්‍රසාදයට පත් වන කරුණු සිදු කරයි. තරග විභාගයක් වෙනුවෙන් කටයුතු සූදානමක් ඇතිකර ගන්නා කාලයකි.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙස මහන්සිය ගෙන දෙන කරුණු කීපයක් ඇති කරයි. හදිසි සෞඛ්‍ය පරීක්ෂණයකට භාජනය වීමට සිදුවන සතියකි. වෙනදාට වඩා ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් වන්න.

 

 

අය 07 වැය 06

ජය අංකය 04

ජය වර්ණය – කොළ

සුබ දවස – බ්‍රහස්පතින්දා

 

මිථුන

තරගකාරි කටයුතුවලට සම්බන්ධ වෙයි

 

පැවැති සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන 2,3,4 යන භාවයන් මතින් සිදුවනු ලබයි.

ගෘහ ජීවිතය

පවුලේ කටයුතු සම්බන්ධ වැඩිපුර සොයා බැලීමක් කළ යුතු සතියකි. මවට හෝ මවුපස ඥාතියකුට එතරම් යහපත් කාලයක් නොවනු ඇත. දේපළ ගැටලුවකට මුහුණපෑමට සිදුවන බවක් පෙනේ. ගනුුදෙනුවකින් වාසි අත්කරයි.

 

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ යම් යම් වෙනස්කම් කීපයක් සිදු කරයි. තනතුරු මාරුවක් සිදු විය හැකි කාලයකි. ස්වයංරැකයා කටයුතුවලට සම්බන්ධ වූ අයට සුබදායකයි.

අධ්‍යාපනය

අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. තරගකාරි කටයුතුª කීපයකට සම්බන්ධ වීමට සිදුවන සතියකි. සෞන්දර්යාත්මක කටයුතු කෙරෙහි වෙහෙසෙන බවක් පෙනේ.

සෞඛ්‍යය

වෙනදාට වඩා ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත්වන්න. චර්මගත ආබාධයකින් පීඩා අත්කරන කාලයකි. උෂ්ණාධික ආහාරපාන ගැනීමෙන් වැළැකී සිටීම යහපත්ය.

 

 

අය 07 වැය 05

ජය අංකය – 04

ජය වර්ණය – දම්

සුබ දවස – සිකුරාදා

 

 

කටක

අලුත් දේ මිලදී ගැනීමට අවස්ථාවක්

වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු කරන බවක් පෙන්නුම් කරන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 1,2,3 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

අමතර කටයුතු කීපයකට සම්බන්ධ වීමට සිදුවන සතියකි. වෙනදාට වඩා උනන්දුවෙන් කටයුතු සිදු කරන බවක් පෙනේ. ගනුදෙනුවකින් නිදහස් වීමට කටයුතු සැලසෙන සතියකි. අලුත් දේ මිලදී ගැනීමට කටයුතු උදා කරයි.

රැකියාව

රැකියා ස්ථිර වීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටු කරයි. ලිපිලේඛන ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති කාලයකි. ව්‍යාපාරික කටයුතු සම්බන්ධ පාඩු කීපයක් සිදු කරයි.

අධ්‍යාපනය

තරග විභාගයකින් ජය අත්කරන කාලයකි. පාඩම් වැඩ කටයුතු කෙරෙහි දවසින් වැඩි කාලයක් යෙදවීමට සිදුවේ. අතපසු වූ පාඩම් වැඩ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු සැලසෙන සතියකි.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙස ගෙන දෙන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. වෙනදාට වඩා තමා ගන්නා ආහාරපාන පිළිබඳ සැලකිලිමත්වන්න. රුධිරගත සීනි මට්ටම කෙරෙහි අවධානය යොමු කළ යුතු කාලයකි.

 

 

අය 06 වැය 03

ජය අංකය – 05

ජය වර්ණය – කොළ

සුබ දවස – සිකුරාදා

 

සිංහ

රැකියාවේ ප්‍රශංසා

 

අලුත් බලාපොරොත්තු ඇතිකරන සතියක් වන අතර, සඳු ග්‍රහයා මේ සතියේ 12,1,2 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

හිතුමතයට කටයුතු කිරීමෙන් ගැටලු කීපයක් මතු කරයි. එහෙත් උත්සාහය හා උනන්දුව මත කටයුතු කිරීමෙන් බලාපොරොත්තු කීපයක් ඉටුකර ගත හැකි වේ. සහෝදර බැඳීම් වැඩි කරන කාලයකි.

 

රැකියාව

රැකියාවේ කටයුතුª සම්බන්ධ සතුටුදායක පුවතක් අසන්න ලැබේ. තනතුරු ස්ථිර වීමක් සම්බන්ධ බලාපොරොත්තුවක් ඇති කරයි. කලා ක්ෂේත්‍රයේ රැකියා කටයුතුවලින් විවිධ ප්‍රශංසා අත්කරයි.

අධ්‍යාපනය

මෙතෙක් අතපසු වූ පාඩම් වැඩකටයුතු කීපයක් සම්පූර්ණ කර ගැනීමට හැකිවෙයි. එහෙත් වරින්වර ඇති කරන උදාසීන ගතිපැවතුම් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි.

 

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යයට වරින්වර බාධා මතුකරන කාලයකි. දතක ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි.

 

 

අය 08 වැය 05

ජය අංකය – 05

ජය වර්ණය – කොළ

සුබ දවස – සඳුදා

 

 

කන්‍යා

ගේදොර අලුත්වැඩියාවක්

 

පවුලේ බැඳීම් වැඩිවන අන්දමේ කටයුතු කීපයක් සැලසෙමින් සතිය ආරම්භ වන කන්‍යා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 11,12,1 යන භාවයන් මතින් ගමන් කරයි.

 

ගෘහ ජීවිතය

පවුලේ වගකීම් කීපයක් තමා වෙත පැවරීමට ඉඩ ඇත. වරින්වර ආගමික නායකයන්ගේ පිහිට පතන කාලයකි. ශරීරික වෙහෙස ගෙන දෙන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. ගේ දොර අලුත්වැඩියාවක් වෙනුවෙන් සැලසුමක් ඇති කර ගනී.

රැකියාව

පොත්පත් ලිපි ලේඛන ගැටලුවකට මුහුණපෑමට සිදුවන සතියකි. දරුවන්ට දැනුම ලබා දීමේ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. රැකියාවේ වගකීම් බහුල කරන කාලයකි.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධව පැවැති බලාපොරොත්තු කීපයක් කල් දැමීමට සිදුවේ. හදිසි පොත්පත් මිළදී ගැනීමකට ද කටයුතු උදා කරන කාලයකි.

 

සෞඛ්‍යය

ශරීර සෞඛ්‍යය අතින් එතරම් යහපත් කාලයක් නොවේ. ශාරීරික අප්‍රාණික ගති, කෑම අරුචිය ආදි ගැටලුවලින් පීඩා විඳීමට සිදුවේ.

 

 

අය 08 වැය 06

ජය අංකය – 07

ජය වර්ණය – කහ

සුබ දවස – බ්‍රහස්පතින්දා

 

 

තුලා

අලුත් දේ ඉගෙනීමට අවස්ථාවක්

අමතර ලැබීම් අතින් යහපත් කාලයක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයාගේ ගමන 10,11,12 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

ක්ෂණික තීරණ හේතුවෙන් විවිධ ගැටලු මතු කරයි. නොසිතූ ලෙස අලාභයක් සිදුවිය හැකි කාලයකි. තැන්පත් ධනය වැය වන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි. අඹුසැමි මතභේදයක් ඇතිවිය හැකි කාලයකි.

රැකියාව

ජලාශි‍්‍රත කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. රැකියාවේ කටයුතු නව මුහුණුවරකින් කරගෙන යෑමට අවස්ථා උදා කරයි. අමතර ආදායම් මාර්ග හිමි කරන රැකියා මාර්ගවලට පසුබිමක් ඇති කරයි.

අධ්‍යාපනය

අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරන කාලයකි. ශාස්ත්‍රීය කටයුතු සම්බන්ධ ගැටලුවකට මුහුණ පායි. මෙතෙක් අතපසු වූ ලිපි ලේඛන ගැටලුවක් විසඳා ගැනීමට කටයුතු සැලසේ.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙස ගෙන දෙන සතියකි. යටපත් වූ තුනටියේ ආබාධයක් නැවත මතු කරයි. හදිසි ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙනේ. එමෙන්ම රුධිරගත සීනි මට්ටම කෙරෙහි ද සැලකිලිමත් විය යුතු බවක් පෙන්නුම් කරයි.

 

 

අය 06 වැය 04

ජය අංකය – 04

ජය වර්ණය – කහ

සුබ දවස – සිකුරදා

 

වෘශ්චික

අමතර ලැබීම්

අමතර ලැබීම් අතින් යහපත් සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 9,10,11 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ සතුට සැනසීමට කරුණු ඇති කරන සතියකි. මෙතෙක් ප්‍රමාද වෙමින් පැවැති පොරොන්දු ගිවිසුමක් සාර්ථක වන බවක් පෙන්නුම් කරයි. අමතර ලැබීම් අතින් යහපත් සතියක් බව පෙන්නුම් කරයි.

 

රැකියාව

රැකියාවේ ඉදිරි වැඩපිළිවෙළක් වෙනස් කිරීමට සිදු වෙයි. පිරිස් පාලනය සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. උසස් නිලධාරින්ගේ පැසසුමට ලක්වන කාලයකි.

අධ්‍යාපනය

නව සැලසුමකට අනුව අධ්‍යාපන කටයුතු කරගෙන යෑමට කටයුතු උදාකරන කාලයකි. නිතර වැඩිහිටියන්ගේ මෙන්ම ගුරුභවතුන්ගේ ප්‍රසාදයට පත්වන බවක් පෙන්නුම් කරයි.

සෞඛ්‍යය

උගුර ආශි‍්‍රත ආබාධයක් හේතුවෙන් පීඩාගෙන දෙන බවක් පෙන්නුම් කරයි. වෙනදාට වඩා ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත්වීම වැදගත් වේ.

 

අය 07 වැය 03

ජය අංකය – 07

ජය වර්ණය – තැඹිලි

සුබ දවස – සඳුදා

 

 

ධනු

ප්‍රසිද්ධියට පත්වන කාලයක්

 

 

හිතුවක්කාර ලෙස කටයුතු කීපයක් කරගෙන යන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 8,9,10 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

ඥාති හිතවතුන්ගෙන් උපාකර හිමිකරන බවක් පෙනේ. වෙනදාට වඩා ප්‍රසිද්ධියට පත්වන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. ගේ දොර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන සතියකි. පවුලේ වැඩිහිටි ඥාතියකු පිළිබඳ සිත්තැවුලක් අසන්න ලැබෙන බවන් පෙනේ.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධව පැවති අවිවේකී බව මඟහැරී යන බවක් පෙනේ. වෙනදාට වඩා දුර දිග බලා කටයුතු කළ යුතු සතියකි. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි අන්දමේ කටයුතු කීපයක් යෙදේ.

අධ්‍යාපනය

උසස් අධ්‍යාපන කටයුතුවල නියැළී සිටින අයට නොසිතූ ගැටලුකාරි බවක් මතු කරයි. අමතර භාෂාවක් ඉගෙනීම වෙනුවෙන් වෙහෙසෙන සතියකි. පොත්පත් කියවීම පිළිබඳ රුචිකත්වයක් දක්වන බවක් පෙනේ.

සෞඛ්‍ය

මෙතෙක් පැවැති අසනීපකාරි බවකින් නිදහස් වීමට කටයුතු උදා කරයි. එහෙත් හදිසි පරීක්ෂණ කීපයකට මුහුණපෑමට සිදුවන බවක් පෙනීයයි.

 

 

අය 08 වැය 05

ජය අංකය – 04

ජය වර්ණය – කොළ

සුබ දවස – බ්‍රහස්පතින්දා

 

මකර

උත්සවයකට සැලසුමක්

 

විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 7,8,9 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

වෙනදාට වඩා වගකීම් බහුල කරයි. පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් කැප වී කටයුතු කිරීමට සිදුවෙයි. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති බැවින් වෙනදාට වඩා කල්පනාකාරි වන්න. පවුලේ උත්සව අවස්ථාවකට සැලසුමක් ඇතිකර ගනී.

රැකියාව

අමතර ආදායම් මාර්ග බහුල රැකියා මාර්ගයක් හිමිකරයි. එමෙන්ම උසස් අයගේ පැසසුමට පත්වන අන්දමේ කරුණු කීපයක් සිදු කරයි. ස්වයං රැකියා කටයුතුවලට සම්බන්ධ වූ අයට සුබදායක බවක් පෙනේ.

අධ්‍යාපනය

පැවැති බාධාකාරි බව මඟහැරි යන සතියක් වන අතර, සෞන්දර්යාත්මක කටයුතුවලින් විවිධ සම්මාන පැසසුම් හිමි කරන බවක් පෙන්නුම් කරයි. විදෙස් අධ්‍යාපනයකට සැලසුමක් ඇති කර ගන්නා සතියකි.

සෞඛ්‍යය

ශාරීරික වෙහෙස මහන්සිය ගෙන දෙන කාලයකි උරහිස සම්බන්ධ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙයි.

 

අය 06 වැය 05

ජය අංකය – 09

ජය වර්ණය – කහ

සුබ දවස – බ්‍රහස්පතින්දා

 

කුම්භ

 

ඥාතීන්ගේ ප්‍රසාදය

 

අවිවේකී ලෙස සතිය උදා කරන අතර, මේ සතියේ සඳු ග්‍රහයා 6,7,8 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

පවුලේ අයගේ ප්‍රසාදයට හේතු ඇති කරන කාලයකි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන බවක් පෙන්නුම් කරයි. ගේ දොර කටයුතු කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වන බවක් පෙනේ. ආගමික කටයුතු කෙරෙහි උනන්දුවක් දක්වන සතියකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේදී දුර දිග සිතා බලන්න. අණදෙන ක්ෂේත්‍රයේ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරයි. රැකියාවේ වගකීම් බහුල වන කාලයකි.

අධ්‍යාපනය

සෞන්දර්යාත්මක කටයුතු කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වන සතියකි. අලුත් පොත්පත් මිල දී ගැනීමක් සම්බන්ධ කටයුත්තකට අත ගසයි. තරග විභාග ජයග්‍රහණයක් පිළිබඳ සතුටට පත්වීමට අවස්ථාව උදා කරයි.

සෞඛ්‍යය

ජලය සම්බන්ධ කටයුතුවලින් පරිස්සම්වීම වැදගත් වේ. උගුර ආශි‍්‍රත ආබාධ සෙම් රෝග බහුල කාලයකි.

 

අය 06 වැය 04

ජය අංකය –09

ජය වර්ණය –දම්

සුබ දවස – ඉරිදා

 

 

මීන

 

අලුත් රැකියා හිමිකම්

 

අවිවේකී ලෙස සතිය උදා කරන අතර මේ සතියේ සඳු ග්‍රහයා 5,6,7 යන භාවයන් මතින් ගමන් කරයි.

ගෘහ ජීවිතය

ගෘහ ජීවිතයේ කටයුතුවල වෙනස්කම් කීපයක් සිදු කරයි. සමිති සමාගම්වල නිලතල දැරීමට අවස්ථාව උදා කරයි. අමතර ලැබීම් හිමිකරන කටයුතු කීපයකට සම්බන්ධ වීමට අවස්ථාව උදා කරයි. නිතර හුදෙකලාව කටයුතු කිරීමට කැමැති කාලයකි.

රැකියාව

රැකියාවේ කටයුතු සම්බන්ධ උදාසීන ගති පැවැතුම් ඇති කරයි. තනතුරු වෙනසක් සිදු වීමෙන් සිතේ නොසන්සුන්තාවක් ඇති කරයි. අලුත් රැකියා හිමිකම් ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ උනන්දුවෙන් කටයුතු කරයි.

අධ්‍යාපනය

අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. තරග විභාගයක් වෙනුවෙන් දුර පළාතකට යාමට සිදුවේ. හදිසි සම්මුඛ පරීක්ෂණයකට මුහුණදීමට සිදුවන කාලයකි.

සෞඛ්‍යය

වරින්වර ගතට සිතට පීඩාකාරි ලෙස කටයුතු කීපයක් සිදු කරයි. පපුව, පෙණහැල්ල ආශි‍්‍රත ඇතිවන අසනිප තත්ත්වයකින් පීඩා අත් කරයි. සෙම් බහුල කාලයක් බැවින් එදිනෙදා කටයුතුවලදී පරිස්සම් වන්න.

 

අය 07 වැය 05

ජය අංකය – 04

ජය වර්ණය – දම්

සුබ දවස – බදාදා

 

 

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.