මේ සතියේ ඔබට

පෙබරවාරි 25 සිට මාර්තු 03 දක්වා
පෙබරවාරි 25, 2022

මේෂ

අමතර ලැබීම්

හදිස්සි වගකීම් කීපයක් තමා වෙත යොමුවන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 8,9,10,11 යන භාවස්ථාන වලය. වෙනදාට වඩා බාහිර කටයුතුවලට සම්බන්ධ වන සතියක් වන අතර, හදිසි වැටීම් තැලීම් වැනි අනතුරුදායක තත්වයකට ද මුහුණ පෑමට සිදුවෙන කාලයකි.

නිතර මවගේ කටයුතු වෙනුවෙන් අමතර කාලයත් ශ්‍රමයත් වැය කිරීමට සිදුවේ. අසල්වාසීන් අතර සිදුවන මතභේදයක් හේතුවෙන් නීති පිහිට පැතීමට සිදුවේ.

ශාරීර වෙහෙසීම් ගෙන දෙන සතියකි. අමතර ලැබීම් වලට හිමිකම් ඇති කරයි.

 

අය 06 - වැය 04

ජය අංකය - 07

ජය වර්ණය - කහ

සුබ දවස - බ්‍රහස්පතින්දා

සිංහ

 

 

අලුත් ව්‍යාපාරයකට අත ගසයි

 

හදිසි ගමන් කීපයක් යෙදීමෙන් නොසිතූ ගැටලුකාරි බවක් ඇතිකරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 4,5,6,7 යන භාවස්ථාන වල ගමන් කරයි. ඉඩම් ගනුදෙනුවක් හේතුවෙන් දවසින් වැඩි ප්‍රමාණයක් පදිංචියෙන් පිට වාසයට හේතු ඇතිකරයි. නිතර දරුවකු පිළිබඳ සැලකිලිමත් විය යුතු කාලයකි. ගේ දොර වැඩපිළිවෙලක් කල්දැමීමට සිදුවන ලකුණු පෙන්නුම් කරයි. වෙනදා වඩා ආගමික සහන පතන කාලයකි. අලුත් ව්‍යාපාර කටයුත්තකට අත ගැසීමට කරුණු ඇති කරයි. දරුවකු වෙනුවෙන් හදිසි තීරණ කීපයක් ගැනීමට සිදුවන සතියකි. වාහන අලුත්වැඩියාවකට සැලසුමක් ඇතිකර ගන්නා කාලයක් වන අතර මුදල් වැයවීම් ද වැඩිකරයි.

 

අය 08 - වැය 05

ජය අංකය - 07

ජය වර්ණය -ලා නිල්

සුබ දවස - සඳුදා

ධනු

 

වාහන ගනුදෙනුවක්

 

අවිවේකී ලෙස උදාවන මේ සතියේ ධනු ලග්න හිමි ඔබගේ කටයුතුවල වෙනස්කම් කීපයක් සිදුකරන අතර සඳු ග්‍රහයා ගමන් කරන්නේ 12,1,2,3 යන භාවස්ථානවලයි. නිතර තමා සොයාගෙන එන කෙනකු නිසා කරදරකාරි බවක් ඇතිකරන සතියකි. හිමිවන්න තිබූ ආදායම් මාර්ගයකට නොසිතූ අවහිරතා කීපයක් මතුකරන කාලයකි. සතිය මැද කාලයේදී වැඩිහිටි උපකාර ඇතිව කරන කටයුතු කීපයක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. වාහන හුවමාරුවක් සම්බන්ධ බලාපොරොත්තුවක් ඉටුකරයි. යටපත් වූ මූත්‍ර ආබාධයක් නැවත මතුවිය හැකි කාලයක් බැවින් නිතර කෑමෙන් පරිස්සම් වන්න. සති අන්තයේදී දරුවකු පිළිබඳ සතුටුදායක පුවතක් අසන්න ලැබෙන බවක් පෙන්නුම් කරයි.

 

 

අය 06 - වැය 04

ජය අංකය - 03

ජය වර්ණය -නිල්

සුබ දවස - සිකුරාදා

වෘෂභ

 

උරුම හිමිකම් ගැටලු

 

 

ගේ දොර කටයුතු ක්‍රමවත් ලෙස කරගෙන යෑමට හැකිවන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 7,8,9,10 යන භාවස්ථාන වලයි. නිතර ආගමික භක්තියෙන් කටයුතු කරන සතියකි. ගනුදෙනුවක් පියවා ගැනීමට හිතවතකුගෙන් උපකාරයක් පතයි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු සැලසේ. එහෙත් සතිය මැද කාලයේදී පවුලේ වගකීම් පැහැර හැරීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි.

උරුම හිමිකමක් සම්බන්ධ මතභේදකාරි බවක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි. පවුලේ ආගමික සැලසුමකට කටයුතු සූදානම් වන කාලයකි. වාත වේදනාවකින් පීඩා විදින සතියකි.

 

 

අය 06- වැය 05

ජය අංකය - 02

ජය වර්ණය -ලා කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

කන්‍යා

 

 

අහිමි වූ දෙයක් නැවත හිමිකරයි

 

 

සහෝදරයකුගේ දුරස්වීමක් සිදුවෙමින් සතිය ආරම් වන කන්‍යා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 3,4,5,6 යන භාවස්ථාන වල ගමන් කරයි. වෙනදාට වඩා අතමිට සරු වුවත් වැය පස අධික කරන කාලයකි. දරුවකු වෙනුවෙන් අමතර මුදලක් වැය කිරීමට හේතු ඇතිකරයි. නිතර මුදල් සම්බන්ධ කටයුතුවලදී කල්පනාකාරි වන්න.

සතිය මැද කාලයේදී පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ වීමෙන් ගැටලු කීපයක් වෙනුවෙන් වෙහෙසීම් ඇතිකරයි. දරුලාභ හිමිකම් ඇති අයට සුබදායක කාලයකි. තමාට අහිමිවූ දෙයක් නැවතත් හිමිවන ලකුණු පෙන්නුම් කරයි.

 

 

අය 07- වැය 04

ජය අංකය - 09

ජය වර්ණය -කොළ

සුබ දවස - සඳුදා

මකර

 

 

රැකියාවේ අසහනය

 

අනාගත සැලසුමකට අඩිතාලමක් ඇති කරමින් සතිය ආරම්භ කරන මකර ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 11,12,1,2 යන භාවස්ථාන වල ගමන් කරයි. නිතර රැකියාවේ කටයුතු සම්බන්ධ මානසික අසහනකාරි බවක් ඇතිකරන අතර ස්ථාන මාරුවකට ද කටයුතු සැලසෙන කාලයකි. මෙතෙක් කරගෙන ආ සැලසුමක් වෙනසකට ලක්කරන සතියකි. පියපස ඥාතියකුගේ උපකාරයක් හිමිවන බවක් පෙන්නුම් කරයි. රාත්‍රි ගමන් බහුල කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන්න. වෙනදාට වඩා කේන්ති යන ස්වභාවයකින් කටයුතු කරන කාලයකි.

දරුවකුගේ අසනීපකාරි බවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇතිකරයි. මෙතෙක් ගැටලුකාරි බවක් ඇතිකල කටයුත්තකින් නිදහස්වීමට මඟ සැලසේ.

 

 

අය 08 - වැය 07

ජය අංකය - 02

ජය වර්ණය - ලා දම්

සුබ දවස - බදාදා

මිථුන

 

විශ්වාසය බිඳවැටීමක්

 

විදෙස් ලැබීම් අතින් යහපත් සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 6,7,8,9 යන භාවස්ථාන වල ගමන් කරයි. තමා ළඟින් ඇසුරු කරන අයකු සමඟ විශ්වාසය බිඳවැටීමක් සිදුවීමෙන් මනසට නොසන්සුන්කාරි බවක් ඇති කරයි. යටපත් වූ කොන්දේ අමාරුවක් නැවත මතුවීමෙන් යොදා ගත් සැලසුමක් වෙනසකට ලක් කරයි. දුර ගමන් යෙදෙන කාලයක් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න. මුදල් ගනුදෙනු ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත.

හිතවතුන් ඇසුරේදී වෙනදාට වඩා කල්පනාකාරි වන්න. පෙම් සබඳතාවයකට වැඩිහිටි ආශිර්වාදය හිමිවන ලකුණු පෙන්නුම් කරයි.

 

 

අය 07 - වැය 04

ජය අංකය - 07

ජය වර්ණය - දම්

සුබ දවස -බදාදා

තුලා

 

 

 

ගනුදෙනුවකින් නිදහස්

 

හදිසි තීරණයක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 2,3,4,5 යන භාවස්ථාන වලයි. අසල්වාසියකු සමඟ සිදුකළ ණය ගනුදෙනුවකින් නිදහස්වීමට මඟ සැලසේ. නිතර ගේ දොර කටයුතු පිළිබඳ වෙනස්කම් කීපයක් සිදුකරයි. වෙනදාට වඩා වාහන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. වරින්වර ඇතිකරන දණහිසේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන සතියකි.

සතිය මැද කාලයේදී පවුලේ උත්සව අවස්ථාවක් වෙනුවෙන් වෙහෙසීම් වැඩි කරයි. යොදා ගත් සැලසුමකට බාධාවන අන්දමේ කටයුත්තක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි.

 

 

අය 06 - වැය 03

ජය අංකය - 04

ජය වර්ණය - ලා දම්

සුබ දවස -

කුම්භ

 

 

ඥාති හිතවත්කම් අලුත් වෙයි

 

 

ගේ දොර කටයුතු ක්‍රමවත් කර ගැනීමට සෑහෙන වෙහෙසක් දරමින් කටයුතු කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 10,11,12,1 යන භාවස්ථාන වල ගමන් කරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ ගැටලුකාරි බවක් මතුකරන බවක් පෙන්නුම් කරයි. දරුවකුගේ අනාගත සැලසුමක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. ඥාති හිතවත්කම් අලුත්වන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි.

වෙනදාට වඩා වගකීම් බහුල වන අතර වැඩිහිටි ඥාතියකුගේ කටයුතු වෙනුවෙන් වෙහෙසීමක් ද සිදුකරයි. සති අන්තයේදී යටපත් වෙමින් පැවැති පෙම් සබඳතාවයක් අලුත්වන ලකුණු පෙන්නුම් කරයි.

 

 

අය 06 - වැය 03

ජය අංකය - 04

ජය වර්ණය - ලා කොළ

සුබ දවස - බ්‍රහස්පතින්දා

 

කටක

 

නොසිතූ රැවටීමකට හසුවේ

 

හදිසි සැලසුමක් වෙනුවෙන් අත ගැසීමට කටයුතු සැලසෙන සතියක් වන අතර, මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 5,6,7,8 යන භාවස්ථාන වලයි. සහෝදර මත ගැටුමක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි. නිතර පවුලේ වැඩිහිටියකුගේ දෝෂාරෝපණයකට ලක්වන අන්දමේ කරුණු කීපයක් සිදුකරයි. ළඟින් ඇසුරු කරන කෙනකු නිසා කරදරකාරි බවක් ඇති කරයි. සතිය මැද කාලයේදී දරුවකුගේ හිතුවක්කාරී බවක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි. ශාස්ත්‍රීය කටයුත්තක් හේතුවෙන් තමාට ප්‍රශංසා හිමිකරයි. එහෙත් සති අන්තයේදී නොසිතූ රැවටීමකට හසුවීමට ඉඩ ඇති බැවින් ඇසුරු කරන අය පිළිබඳ සැලකිලිමත් වන්න.

 

අය 08 - වැය 07

ජය අංකය - 04

ජය වර්ණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා

වෘශ්චික

 

 

සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් වන්න

 

අවිවේකී වුවත් සැලසුමක් සාර්ථක කරගැනීමට වෙහෙසක් ගෙන දෙන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 1,2,3,4 යන භාවස්ථාන වලයි. මෙතෙක් පවුලේ අය අතර පැවැති මතභේදකාරි බවක් මඟ හැරී යන කාලයකි. වෙනදාට වඩා තම ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් වන්න. පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කීපයක් සිදුවන කාලයකි. තරඟ විභාගයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරන සතියකි.

මවට හෝ මව්පස ඥාතියකුට අපල සහගත කාලයක් වන අතර ඒ පිළිබඳ විමසිල්ලෙන් මෙන්ම වෛද්‍ය උපදෙස් පැතීම ද වැදගත් වේ. සති අන්තයේදී අජීර්ණ ආබාධයක් හේතුවෙන් පීඩාකාරි බවක් ඇති කරයි.

 

අය 08 - වැය 06

ජය අංකය - 02

ජය වර්ණය - කහ

සුබ දවස - බදාදා

මීන

 

 

සෙම් රෝග

 

නිතර පිනට දහමට ලැදිව කටයුතු කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 9,10,11,12 යන භාවස්ථාන වලයි. ළඟින් ඇසුරු කරන අයකු සමඟ විශ්වාසය බිඳවැටීමක් සිදුවීමෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇතිකරයි. එමෙන් අලුත් රැිකියා හිමිකම් ඇති කාලයක් බැවින් ඒ පිළිබඳ උනන්දුවෙන් කටයුතු කරන්න . සතිය මැද කාලයේදී හදිස්සියේ ඇතිවන සෙම් රෝගයක් හේතුවෙන් පවුලේ අයගෙන් වෙන්ව කටයුතු කිරීමට සිදුවේ.

හදිසි ගනුදෙනුවක් සිදුකර ගැනීමට කටයුතු සැලසෙන කාලයකි. අලුතින් පවුලට සම්බන්ධ කෙනකු නිසා නොසිතූ ගැටලු කීපයකට මුහුණපෑමට සිදුවෙයි.

 

 

අය 07 - වැය 04

ජය අංකය - 06

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සඳුදා

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.