නොවැම්බර් 19 සිට නොවැම්බර් 25 දක්වා

නොවැම්බර් 19, 2021

මේෂ

තනතුරු මාරුවක්

සැනසිලිදායක ලෙස සතිය ආරම්භ වෙමින් පවතින කාලයක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 1,2,3,4 යන භාවස්ථානවල ගමන් කරයි. හදිසි දේපල ලැබීමකට හිමිකම් ඇති සතියකි. පවුලේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා උනන්දුවක් ඇති කරයි.

නිතර හට ගන්නා වාත රෝගයක් හේතුවෙන් පීඩාකාරි බවක් ඇති කරයි. තනතුරු මාරුවක් සිදුවීමට ඉඩ ඇති කාලයක් වන අතර, රැකියාවේ කටයුතු පිළිබඳ වගකීම්ද වැඩිවන බවක් පෙනේ. සති අන්තයේදී පවුලේ විශේෂ උත්සව අවස්ථාවකට කටයුතු සැලසෙන බවක් පෙන්වයි.

අය 06 - වැය 05

ජය අංකය - 02

ජය වර්ූණය - දම්

සුබ දවස - බදාදා


සිංහ

විභාග ජයග්‍රහණයක්

වගකීම් බහුල කරමින් උදාවන මේ සතියේ සිංහ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 9,10,11,12 යන භාවස්ථාන වල ගමන් කරයි. අමතර කටයුතු කීපයකට සම්බන්ධවීමට සිදුවන සතියකි. වෙනදාට වඩා ආගම දහමට ලැදිව කටයුතු කරන බවක් පෙනේ.

දරුවකු ගේ අධ්‍යාපනික කටයුතු පිළිබඳ තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න. තරග විභාගයකින් විශේෂ ජයග්‍රහණ හිමිකරන සතියකි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුර අවස්ථාව උදාකරයි. සති අන්තයේදී නිවැසියන් අතර සතුට සමාදානයට බාධා පමුණුවයි. ඉකමන් කලබලකරී ගති තමාට හානි පමුණුවන සතියකි.

අය 06 - වැය 04

ජය අංකය - 09

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සඳුදා


ධනු

දරුවකු පිළිබඳ සතුටක්

වෙනදාට වඩා සිතේ සැහැල්ලුවෙන් කටයුතු කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 5,6,7,8 යන භාවස්ථාන වල ගමන් කරයි. පවුලේ අයගේ ප්‍රශංසාව හිමිකරන සතියක් වන අතර පවුලේ කටයුතු පිළිබඳ මූලිකත්වයක් ගැනීමට ද සිදුවෙයි. පරම්පරාගත දේපලක් හිමිවන ලකුණු පෙන්නුම් කරයි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන අතර අලුත් කටයුතු කීපයක් ආරම්භ කිරීමට ද අවස්ථාව උදාකරයි. සතිය මැද කාලයේදී විශේෂ පුද්ගලයකුගේ හමුවීමක් සිදුකරයි. යටපත්වූ හිසේ වේදනාවක් නැවත මතුවිය හැකිය. ඥාතියකු පිළිබඳ සතුටට පත්විය හැකි අන්දම් පුවතක් අසන්න ලැබේ. සති අන්තයේදී නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න.

අය 07 - වැය 04

ජය අංකය - 09

ජය වර්ූණය - දම්

සුබ දවස - බ්‍රහස්පතින්දා


වෘෂභ

ආගමික සැලසුමක්

මුදල් ගනුදෙනුවක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරමින් සතිය ආරම්භ වන වෘෂභ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 12,1,2,3 යන භාවස්ථාන වල ගමන් කරයි. තනි මතයට කටයුතු කරන කාලයක් වන අතර, පවුලේ අයගෙන් දුරස්ව සිටීමට හේතු යෙදේ. වෙනදාට වඩා ශාරිරික වෙහෙස ගෙන දෙයි.

වාහන ගමන් පිළිබඳ කල්පනාකාරි විය යුතු බවක් පෙනේ. හිතවතකු සමඟ හදිසි ගනුදෙනුවක් සිදුකරගන්නා කාලයකි. පවුලේ ළඟම ඥාතියකු පිළිබඳ සිත්තැවුලක් අසන්න ලැබේ. සති අන්තයේදී ආගමික සැලසුමක් වෙනුවෙන් දවසින් වැඩි කාලයක් ගතකිරීමට සිදුවේ.

අය 06 - වැය 03

ජය අංකය - 05

ජය වර්ූණය - නිල්

සුබ දවස - බ්‍රහස්පතින්දා


කන්‍යා

විවාහ ගිවිස ගැනීමක්

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර මේ සතියේ සඳුගේ ගමන 8,9,10,11 යන භාවස්ථාන වල සිදුවනු ලබයි. අලුත් ඥාති සබඳතාවයකට කටයුතු සැලසෙන කාලයක් වන අතර. විවාහ ගිවිස ගැනීමකට ද සැලසුමක් ඇති කර ගනී. පවුලේ වැඩිහිටි සහෝදරයකු සමඟ ගනුදෙනුවක් සිදුකර ගැනීමට මග සැලසේ. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. සතිය මැද කාලයේදී ආගමික සැලසුමක් සඳහා දුරපළාතකට යාමට කටයුතු සැලසේ. වෙනදාට වඩා දරුවකු පිළිබඳ උනන්දුවක් මෙන්ම සොයා බැලීමක් කළ යුතු කාලයකි. මවට හෝ මව්පස ඥාතියකුට අපල සහගත කාලයක් බැවින් කල්පනාකාරි වන්න.

අය 06 - වැය 04

ජය අංකය - 02

ජය වර්ූණය - කහ

සුබ දවස - බදාදා


මකර

වියදම් වැඩිකරයි

නොගැලපෙන ඇසුරක් හේතුවෙන් කටයුතු කීපයක වෙනසක් සිදුකරන සතියක් වන අතර සඳු ග්‍රහයා මේ සතියේ 4,5,6,7 යන භාවස්ථාන වල සිදුවනු ලබයි. නිතර ගත සිත වෙහෙස කරන කටයුතු අධික කරයි. මව්පස ඥාතියකු නිසා පවුලේ ආරවුල්කාරි බවක් ඇති කරයි. සතිය මැද කාලයේදී අඹුසැමි සුහදතාවයට බාධා ගෙන දෙන අන්දමේ කටයුතු කීපයක් සිදුකරයි. තීරණ ගැනීමේදී වෙනදාට වඩා කල්පනාකාරි විය යුතු සතියකි. වියදම් වැඩි වන සතියක් වන අතර, තැන්පත් ධනය පවා වැයවීමට ඉඩ ඇත. සතිය මැද කාලයේදී හදිස්සියේ සිදුවන වාහන ගනුදෙනුවක් පිළිබඳ තීරණයක් වෙනස් කිරීමට සිදුවේ.

අය 06 - වැය 07

ජය අංකය - 02

ජය වර්ූණය - කොළ

සුබ දවස - සඳුදා


මිථුන

නීති ගැටලුවක්

පවුලේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා උනන්දුවක් ඇතිකර ගත යුතු සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 11,12,1,2 යන භාවස්ථාන වල ගමන් කරයි. හදිසි ලැබීම් වලට ඉඩකඩ ඇති බවක් පෙන්වයි. එහෙත් සතිය මැද කාලයේදී පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කිරීමට සිදුවේ. හදිස්සියේ ඇතිවන පෙම්සබඳතාවයක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි කාලයකි. නීති ගැටලුවක් හේතුවෙන් යොදාගත් සැලසුමක් වෙනස් කිරීමට සිදුවේ. සති අන්තයේදී හදිස්සියේ සිදුවන වාහන ගනුදෙනුවකින් ලාභ හිමිකරන බවක් පෙන්වයි.

අය 06 - වැය 04

ජය අංකය - 03

ජය වර්ූණය - කොළ

සුබ දවස - සඳුදා


තුලා

ගේ දොර අලුත්වැඩියාවක්

විශේෂ සැලසුමකට අත ගැසීමට කටයුතු සැලසෙමින් සතිය උදාකරන තුලා ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 7,8,9,10 යන භාවස්ථාන වල ගමන් කරයි. වරින් වර ඇති කරන හිසේ ආබාධයකට ප්‍රතිකාර ලබාගැනීමට සිදුවෙයි. වෙනදාට වඩා උත්සාහයෙන් මෙන්ම වගකීමෙන් ද කටයුතු කරන බවක් පෙනේ. සතිය මැද කාලයේදී ගේ දොර අලුත්වැඩියාවක් හේතුවෙන් වෙහෙසීම් ඇති කරයි. හදිස්සි වී ගන්නා තීරණයක් හේතුවෙන් නොසිතූ පාඩුවක් සිදුකරයි. රැකියා ස්ථානයේ ඇතිවන බහින් බස්වීමක් දුරදිග යන ලකුණු පෙන්නුම් කරයි. උසස් අධ්‍යාපන කටයුතු වල නියුතු වූවන්ට සුබදායක කාලයකි. ණය ගනුදෙනුවක් පියවා ගැනීමට අවස්ථාව සැලසෙන සතියකි.

අය 06 - වැය 04

ජය අංකය - 06

ජය වර්ූණය - කොළ

සුබ දවස - සදුදා


කුම්භ

රැකියාවේ වගකීම්

ගතට සිතට පීඩාකාරි සතියක් වන අත මේ සතියේ සඳු ග්‍රහයා 3,4,5,6 යන භාවස්ථාන වල ගමන් කරයි. වෙනදාට වඩා හිතුමතයට කටයුතු කරන කාලයකි. කලබලකාරී ගතිපැවැතුම් හේතුවෙන් පාඩුවක් විදීමට සිදුවේ. නිතර තමා දෝෂාරෝපණයට ලක්වන සතියකි. රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනදාට වඩා වගකීම් වැඩිකරයි. පවුලේ කටයුතු කීපයක් අතපසුවී යන බවක් පෙන්වයි. වාහනයක අඩුපාඩු කීපයක් සපුරාගැනීමට දවසින් වැඩි කාලයක් යෙදවීමට සිදුවේ. සති අන්තය වන විටදී හදිස්සියේ හට ගන්නා මුත්‍ර ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.

අය 07 - වැය 08

ජය අංකය - 04

ජය වර්ූණය - කහ

සුබ දවස - බදාදා


කටක

විශ්වාසය බිඳ වැටීමක්

මිශ්‍රඵලදායක ලෙස උදාවන මේ සතියේ සඳු ග්‍රහයා 10,11,12,1 යන භාවස්ථාන වල ගමන් කරයි. විශ්වාසය බිඳවැටීමක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. යටපත් වූ සෙම් රෝගයක් හෝ පපුව ආශි‍්‍රත ආබාධ තත්වයක් ඇතිවීමට ඉඩ ඇති බැවින් එදිනෙදා කටයුතු වලදී පරිස්සම් විය යුතු බවක් පෙනේ. පවුලේ වැඩිහිටියකු වෙනුවෙන් ඇප කැපවී කටයුතු සිදුකිරීමට සිදුවන සතියක් වන අතර, හදිසි වියදමක් දැරීමටද සිදුවන බවක් පෙන්වයි. දුර ගමන් බහුල වන කාලයකි. නිතර පවුලේ අයගෙන් වෙන්වී කටයුතු කිරීමට සිදුවේ. මව්පිය උරුමයක් පිළිබඳ මෙතෙක් පැවැති ගැටලුදායක බවක් මඟහැරී යයි.

අය 07 - වැය 04

ජය අංකය - 09

ජය වර්ූණය - කහ

සුබ දවස - ඉරිදා


වෘශ්චික

හදිසි දේපල ගනුදෙනුවක්

නොසැලකිලිමත් බව හේතුවෙන් ගැටලු කීපයකට මැදිවෙමින් සතිය ආරම්භ වන වෘශ්චික ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහයා 6,7,8,9 යන භාවස්ථාන වල ගමන් කරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනදාට වඩා සැලකිලිමත් විය යුතු බවක් පෙනේ. නිතර දුර ගමන් යෙදෙන කාලයක් වන අතර ඒ පිළිබඳව අවධානය යොමු කරන්න. හදිසි දේපල ගනුදෙනුවකට මග සැලසේ. විදෙස් ගත ඥාතියෙකුගෙන් උපකාරයක් හිමිකරයි. සතිය මැද කාලයේදී දතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. නීති ගැටලුවක් හේතුවෙන් මානසික අසහනකාරි බවක් ඇතිකරන සතියකි. නැතිවූ දෙයක හිමිකමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටුකරයි.

අය 07 - වැය 04

ජය අංකය - 07

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා


මීන

විදෙස් උපකාරයක්

ලැබීම් අතින් යහපත් සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 2,3,4,5 යන භාවස්ථාන වල ගමන් කරයි. විශේෂ සැලසුමකට අතගැසීමට සිදුවන සතියකි. මෙතෙක් පාඩු ලබමින් සිටි ව්‍යාපාරයක් සාර්ථක කරගැනීමට මඟ සැලසේ. නිතර ආගමික භක්තියෙන් කටයුතු කරන බවක් පෙනේ. විවාහ යෝජනාවක් සාර්ථක වන ලකුණු පෙන්නුම් කරයි. විදෙස්ගත ඥාතියකුගෙන් උපකාරයක් හිමිවන කාලයකි. එමෙන්ම අන්සතු වස්තු ලාබයකට ද හිමිකම් ඇතිකරයි. සති අන්තයේදී අලුත් දේපල මිලදී ගැනීමක් සම්බන්ධ බලාපොරොත්තුවක් ඉටුවන ලකුණු පෙන්නුම් කරයි. වෙනදාට වඩා වගකීම් බහුල සතියකි.

අය 07 - වැය 03

ජය අංකය - 09

ජය වර්ූණය - තැඹිලි

සුබ දවස - සිකුරාදා

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.