වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
මාර්තු මාසයේ උපන් පෞද්ගලික අංක 4,5,6 හිමි ඔබ ගැනයි...
දෙසැම්බර් 15, 2023
මාර්තු මාසයේ 4, 13, 22, දිනයන් හි උපත ලද අයගේ පෞද්ගලික අංකය අංක 4 වන අතර එය යුරේනස් ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවුයේ මාර්තු මාසයේ නිසා පුද්ගලයා රවි යුරේනස් ග්‍රහයන්ගේ මෙන්ම ගුරු ග්‍රහයාගේ බලපෑමට යටත් වේ.
ඉතාම දුක්ඛිත ළමා කාලයක් උරුමකර ගනිමින් මෙම දිනවල පුද්ගලයන් උත්පත්තිය ලබයි. දෙමාපියන්ගෙ ආදරය අහිමිවීම අධ්‍යාපනය බිඳ වැටීම, ආනාරක්ෂිතවීම වැනි දුෂ්කරතාවලට බහුලව ඔවුන්ට මුහුණ දීමට සිදුවන කාරණාය. ප්‍රබල විවේචනයන්ට ලක්වීම නිරන්තරයෙන් සිදුවේ. පවුලේ නෑදෑ හිතවතුන් නිසා පීඩාවට පත්වේ. එසේම මෙදින උපන් අයවලුන් ගූප්ත ශාස්ත්‍ර හැදෑරීම අධ්‍යයනය කිරිම වැනි කාරණාවන් සම්බන්ධයෙන් විශේෂ කැමත්තක් දක්වයි. තවද ගුප්ත විද්‍යානුකූල අත්දැකිම් ජිවිත කාලය පුරාවට ග්‍රහණය කර ගන්නා අතර නමුත් ඒ සියලු දේම රහසක් වශයෙන් තබා ගැනීම මොවුන්ගේ සිරිතයි. හොඳ ඉවසීමේ ගූණයක් මොවුන් සතුය. මුදල් කටයුතුවලදි ප්‍රවේසම්කාරි ලෙස කටයුතු කිරිම දැකිය හැකිය. සියලු ආකාරයේ මුදල් ඔට්ටු තැබීම මොවුනට සාර්ථක වන්නේ නැත. ආර්ථිකය ආරක්ෂා කර ගැනීම සඳහා කිසිවෙකු විශ්වාස නොකළ යුතුය. එම ස්වභාවය ඔවුන් තුළ පවතින බැවින් ගැටලු ඇති නොවේ. බොහෝවිට ආර්ථිකය උරුමයක් ලෙස ලැබෙනු ඇත. පැරණි භාණ්ඩ එකතු කිරීමට කැමැත්තක් දක්වයි.
මොවුන් සෑම කටයුත්තක් සඳහාම 1 2 7 10 11 16 19 20 25 29 යන දිනයන් හෙවත් අංක 1 2 7 යන දිනයන් යොදා ගැනීම කටයුතු සාර්ථක කරගැනීමට උපකාරි වේ. රන්වන් පැහැය කහ තඹ රන් දුබුරු පැහැය සුබ වර්ණ වේ.
මාර්තු මාසයේ 5, 14, 23, දිනයන් හි උපත ලද අයගේ පෞද්ගලික අංකය අංක 5 වන අතර එය බුධ ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවුයේ මාර්තු මාසයේ නිසා පුද්ගලයා බුධ ග්‍රහයන්ගේ මෙන්ම ගුරු ග්‍රහයාගේ බලපෑමට යටත් වේ.
මෙම දිනවල උපන් අය ස්වභාවයන් දෙකක් යටතේ හඳුනා ගත හැකිය. සමහර විට පූර්ණ දුර්වලතාවයන්ට පත්වු සහ ඉතා සාර්ථක පුද්ගලයන් ලෙස හඳුනාගත හැකිය. මෙය තිරණය වන්නේ ඔවුන් ඔවුන්ගේ ශක්තිය වර්ධනය කර ගන්නා ආකාරය මතයි. මොවුන් ස්වකීය ශක්තිමත් පාර්ශ්වය දියුණු කරගෙන ඉදිරියට පැමිණෙන්නේ නම් සෑම දුර්වලකමක්ම මේ අය ඔවුන්ගේ වාසියට පවරාගනු ඇත. මුදල් සම්බන්ධ කටයුතුවලදි අවදානම් භාර ගැනීමේ ස්වභාවයක් මේ අය වෙත පවති. තවද සූදු සහ ඉක්මනින් මුදල් සෙවීමේ ක්‍රමවේද කෙරෙහි සොයා බලනු ඇත. නමුත් ආර්ථිකය ඉතා ප්‍රබල ලෙස දෝළනය වේ. පදිංචි නිවෙස නිතර නිතර වෙනස් වේ. සංචාරයන් සඳහා විශේෂ කැමැත්තක් මොවුන් තුළ පවති. විවිධ ප්‍රදේශ සහ ඒවායේ ඉතිහාසය පිළිබඳව ඉතා හොඳ දැනීමක් ඔවුන් සතුවේ. වසරේ මෙම කාලයේ උපන් අය ඉතා ඉහළ දක්ෂතාවලින් යුක්ත නමුත් ඔවුන් පොහොසතුන් ලෙස මිය යන්නේ නැත. විශාල ව්‍යාපෘතින් සඳහා මුදල් යෙදවීම දැකිය හැකිය. නමුත් පූර්ණ බලය තමා අතින් ගිලිහි ගිය හොත් ගැටලුවලට මුහුණපෑමට සිදුවේ. මෙම දිනවල උපන් අයට ස්නායු සම්බන්ධ රෝගාබාධ ඇතිවීමේ ප්‍රවණතාවයක් දැකිය හැකිය.
මෙම දිනවල උපන් අයවලුන් සෑම කටයුත්තක් සඳහාම අංක 5 දින එනම්, 5 14 23 යන දිනයන් යොදා ගැනීම කටයුතු සාර්ථක කරගැනිමට උපකාරි වේ. සියලුම ළා වර්ණ සුබ වර්ණ වේ.
මාර්තු මාසයේ 6, 15, 24, දිනයන් හි උපත ලද අයගේ පෞද්ගලික අංකය අංක 6 වන අතර එය සිකුරුට අයිති අංකයකි.එසේම උපත සිදුවුයේ මාර්තු මාසයේ නිසා පුද්ගලයා ගුරු ග්‍රහයාගේ ද බලපෑමට යටත් වේ.
මෙම දිනවල පුද්ගලයන් ඉතාමත් හැඟීම්බර පුද්ගලයන් වන අතර අසරණ දුක්විදින සහ ආබාධිතයන් පිළිබඳ ව දැඩි කැරණාවක් ආදරයක් දක්වනු ඇත. එසේම විශේෂයෙන් එවැනි පුද්ගලයන්ට උදව් උපකාර කිරිම මොවුන් අතින් සිදුවේ. බොහෝ යහලුවන් පිරිසක් මොවුන් වටා රොක්වන අතර සමාජශීලි භාවය ඉහළින්ම දැකිය හැකිය. කලා කටයුතුවලට විශේෂ හැකියාවක් දක්වන අතර හොටෙල් කේටරින් සේවාවන් සහ ආහාර සැපයීම සම්බන්ධ සියලු ම අවස්ථාවලට මොවුහු රුචි වෙති.ආදරය සම්බන්ධ කටයුතුවලදි ගැටලු මතුවේ.ප්‍රේම සම්බන්ධතා කිහිපයක් ඇතිවිය හැකිය. එසේම එක් විවාහයකට වඩා සිදුවිය හැකිය. බලාපොරොත්තු නොවන ධනලාභ ලැබීමේ වසනා ගුණයක් උත්පත්තියෙන්ම මොවුන්ට උරුමය. ජීවිතයේ ආරම්භයේ සිටම හොඳ සෞඛ්‍ය තත්වයක් පවතින නමුත් සුඛෝපභෝගි ජිවිතය නිසා සෞඛ්‍ය අවධානමකට ලක්වේ. මෙහිදි ක්‍රමයෙන් කොලොස්ටරෝල් ඉහළයාම අධික රුධිර පීඩනය සහ හෘද්‍යාබාධ වලටත් තුඩු දෙනු ඇත.
මෙම දිනවල උපන් අයවලුන් සෑම කටයුත්තක් සඳහාම අංක 6 දින එනම් 6 15 24 යන දිනයන් යොදා ගැනීම කටයුතු සාර්ථක කරගැනීමට උපකාරි වේ. වයලට්, දම් සුබ වර්ණ වේ.
සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,
හස්ත රේඛා පරික්ෂක,
හස්ත රේඛා පරික්ෂක,
මාතලේ නාඋල
බී. ඒ. ජයවර්ධන
෴ සබැඳි ලිපි ෴
සාම්ප්‍රදායික ඡ්‍යොතිෂය අනුව විවාහ සීහුම් බලා සිදුකරන ලද විවාහ විශාල සංඛ්‍යාවක් කැඩී බිඳී ගිය අවස්ථා කොතෙකුත් දක්නට ලැබේ. ජන්ම පත්‍ර පිරික්සීමේ...
2022-03-24 18:30:00
මානව හිමිකම් සුරැකීමේ වැඩපිළිවෙළක්සිනමා නළු නිළියන්ට සුබවාදි කාලයක්සංචාරක කර්මාන්තයේ ප්රවර්ධනයක්දුෂ්කර ප්‍රදේශවලට ජලය සහ විදුලිය ලබාදීමේ...
2022-03-24 18:30:00
පුරාතනයේ සිටම මිනිසාත් ගහකොළත් අතර තිබුණේ සමීප සම්බන්ධතාවකි. උපතේ සිට මරණය දක්වාම මිනිසාට වෘක්ෂලතාදිය ප්‍රයෝජනවන බවත්, උපකාරිවන බවත් අපි දනිමු...
2022-03-17 18:30:00
කියනකොටත් බය හිතෙන කරුණු සමූහයක්. ඒත් දැනගන්න ආසයි. දැනගත්තට පසු හිත කඩා වැටෙනවා. තැවෙනවා. කවුරුත් කැමැති එක මොහොතක් හෝ වැඩිපුර ජීවත්වන්නයි. බෞද්ධ...
2022-03-17 18:30:00
ලග්න 8කට සුබ පල දෙයි මාර්තු මස 24 වන සිකුරාදා දින පෙ. ව 10.57 ට ග්‍රහ ලොව බුද්ධිමතා හෙවත් සඳු පුත් බුධ ග්‍රහයා තම එකම නීච රාශිය වූ ගුරු ට...
2022-03-17 18:30:00
උපන්නේ ශකවර්ෂ 1727 ක් වූ මැදින් මස අව දියවක (දියවක) තිථියලත් ගුරු දින සූර්ය උදයාද 35 පැය විනාඩි 15 ට ක්‍රිස්තුවර්ෂ 1806 මාර්තු 06 වෙනි බ්...
2022-03-17 18:30:00
කාලීනව නිවැරදි පිළිතුරක් ලැබීමේ තවත් එක් ප්‍රශ්නයක් තමයි මේ. ලෝකයේ කිසිම දෙයක් සියයට සියයක්ම නිවැරදි හෝ වැරදි නැහැ. බොහෝ දේවල් ජලයේ දියවෙනවා. ඒත්...
2022-03-10 18:30:00
හත සහ අට යන භාවයන් ජන්ම පත්‍රයක අශුභ ස්ථාන වශයෙන් සැලකීම සාමාන්‍ය සම්ප්රදාය වේ. මෙයට හේතුව 7 -8 යන සංඛ්‍යා දෙකේ පවතින අශුභ ස්වභාවයක් කාල පුරුෂයාගේ...
2022-03-10 18:30:00
සූර්ය මාස ක්‍රමයට අනුව රවි ග්‍රහයා මීන, මිථුන, කන්‍යා හා ධනු යන රාශිවල ගමන් කරන කාලය කෝණ මාස ලෙස හඳුන්වයි. ඒ අනුව ඡ්‍යොතිෂානුකූලව කෝණ මාසයක් යනුවෙන්...
2022-03-10 18:30:00
ගමනක් සඳහා නිවසින් පිටත් වී කරදරයක් නැතුව ආපසු නිවසට එන්නේ නම් එම ගමන ඉතා වාසනාවන්ත ගමනකි. තව ද යම් බලාපොරොත්තුවක් ඇතුව ගමනක් යන ඔබට එය සම්පූර්ණයෙන්...
2022-03-03 18:30:00
ගණ දෙවියන් විරුදාවලි කිහිපයකින් හැඳීන්වෙන අතර “ ගණපති ” සහ “විග්නේශ්වර” යන නම් ඉතා ප්‍රසිද්ධ නාමයන් වෙයි.සංස්කෘත මාසයන්ට අනූව “ගණ” යන පදයෙන් අදහස්...
2022-03-03 18:30:00
තම පුරුෂයාට අනේකවාරයක් මුසා බස් ගොතමින් ජීවිතය ද පරදුවට තබා හෝ වෙනත් පුරුෂයන් කරා ඇදී යන්නීය. මෙවන් කාන්තාවන් තමන්ගේ ශරීරයට වඩා ඉඳුරාම ස්ථුල (මහත්)...
2022-03-03 18:30:00
ඡ්‍යොතිෂයේ දැක්වෙන පරිදි රාහුගේ හැසිරීම ගැන වැඩි උනන්දුවක් සෑම කේන්ද්‍ර හිමියකුම දක්වනු ඇත. රාහු ජීවිතයේ ඝෘණ පැත්ත වැඩි කරන අතර, ධනාත්මක පැත්ත...
2022-02-24 18:30:00
වාසනාවන්ත බිරිඳක් සමඟ එක් වහලක් යට සැමියකුට ජීවත්වීමට ලැබෙන්නේ නම් ඔහු දිව්‍ය සම්පත්වලට සමාන සැපයක් විඳිනු ඇතැයි ජාතකරත්නාකරයේ සඳහන්ව තිබේ....
2022-02-24 18:30:00
2022 මාර්තු 02 බදාදා රාත්‍රී 10.04 ට බුද, ශනි යුද වදී. එයින් ශනිට ජය අයත් වේ. ග්‍රහයන් දෙදෙනකු එකම රාශියේ එකම අංශකයේ ගමන් කරන විට එක ග්‍රහයකුගේ...
2022-02-24 18:30:00
මේ දිනවල ජන සමාජය තුළ නිතර කතාබහ වන හා අපට ජනමාධ්‍ය තුළින් අසන්නට ලැබෙන ප්රමුඛ මාතෘකාවක් වී ඇත්තේ විවිධාකාරයේ අනතුරු, ස්වාභාවික විපත් හේතුවෙන්...
2022-02-24 18:30:00