ගණ දෙවිඳුගෙ පිහිට ගන්න

මාර්තු 4, 2022

ගණ දෙවියන් විරුදාවලි කිහිපයකින් හැඳීන්වෙන අතර “ ගණපති ” සහ “විග්නේශ්වර” යන නම් ඉතා ප්‍රසිද්ධ නාමයන් වෙයි.

සංස්කෘත මාසයන්ට අනූව “ගණ” යන පදයෙන් අදහස් වනුයේ සමූහයක්, කණ්ඩායමක් හෝ නියත පද්ධතියක් වන අතර “ ඒෂ ” යන්නෙන් සමිඳුන් හෝ උතුම් දක්ෂයා යන තේරුම දෙයි. එබැවින් ගණ දෙවියන් ඉන්දියාවේ “ ගණේෂ ” යන නාමයෙන් හැඳීන්වෙයි. ගණ දෙවියන් තම පියාණන් වූ ශිව දෙවියන් වහන්සේගේ පරිවාර ජනයාගෙන් කොටසකින් ජන සමූහයා සංවිධානය කළ නිසාවෙන්ද “ ගණ ” යන නාමය ගණ දෙවියන් සමග බැ¼දී පවතී.

“ විනායක ” යන නාමය පුරාණ සහ බෞද්ධ තන්ත්‍රවලදී ගණ දෙවියන් සඳහා භාවිතා කළ ප්‍රසිද්ධ නාමයකි. මහාරාෂ්ට්‍රයේ ගණ දෙවියන් උදෙසා දේවාල අටකින් සමන්විත “ අශ්ටවිනායක ” නම් දේවාලය නිසා මෙම නාමය ගණ දෙවියන් වෙනුවෙන් භාවිත කෙරෙයි. “ විග්නේෂ ” සහ “ විග්නේශ්වර ” යන නාමයන් ගණ දෙවියන් උදෙසා භාවිතා කරන්නේ විශේෂයෙන් හින්දු ජනයාගේ කරදර බාධක ඉවත් කර දෙන උතුම් දෙවියන් යන විශ්වාසයෙනි.

දමිල භාෂාවෙන් “ පිල්ලයාර් ” සහ “ පිල්ලයාර් ” යන නම් වලින් හඳුන්වනු ලැබේ. පිල්ලයර් යන නමෙහි පිල්ලෙ යන මූලික පදයෙන් අදහස් වන්නේ “ හස්තියකුගේ තරුණ කාලය ” වන අතර පාලි භාෂාවෙන් “ පිල්ලක ” යන නමෙන් “ තරුණ හස්තියා ” යන අරුත දෙයි.

ගණ දෙවි රුව

6 වන සියවස පමණ වන විට ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල ගණ දෙවියන්ගේ රූප දක්නට ලැබුණි. 13 වන සියවසේ වසර 900 - 1200 අතර කාලයේ නියමාකාරයෙන් ගණ දෙවි රූප නිර්මාණය විය. ඉන්පසු ගණ දෙවියන් ස්වාධීන දෙවිකෙනකු ලෙස සලකා ගණ දෙවියන්ට ආවේනික සම්ප්‍රදායන් නිර්මාණය වී ඉතා හොඳීන් එම සම්ප්‍රදායන් ස්ථාපනය විය. මෙම දේව රූපවල ගණ දෙවියන්ගේ පොදු ලක්ෂණ කීපයක් දක්නට ලැබේ.

ගණ දෙවියන්ගේ හිස හස්තියකුගේ හිසට සමාන වන අතර තරමක් විශාල උදරයක් ද නිරූපණය වේ. ගණ දෙවියන්ගේ රූපවල උන් වහන්සේ අත් සතරක් සහිතව නිරුපණය කර තිබීම ඉතා සුලභව දැකිය හැක. ගණ දෙවියන් ගේ පහතින් පිහිටි දකුණු අතෙන් උන්වහන්සේගේම කැඩුණු ඇත්දළය සියුම්ව දරාගෙන සිටියි.

ගණ දෙවියන් ගේ පහතින් පිහිටි වම් අතෙන් රස කැවිල්ලක් දරා සිටීම පුරාණයේ සිටම ගණ දෙවි පිළිමවල දක්නට ඇත. 7 වැනි සියවසට අයත් යැයි නම් කෙරුණු මෙම ලක්ෂණවලට වඩාත් සමීප ලක්ෂණ දරණ පිළිමයක් “ එල්ලෝරා ” ගුහාවෙන් හමුවී ඇත.

නිදා සිටින, නර්තනයේ යෙදෙන, යක්ෂයන් සමග කරන සටන් විලාශ, කුඩා ළමයකු මෙන් පවුලේ අය සමග සෙල්ලම් කරන ආකාරය, ආසනයක් මත හිඳගෙන සිටීම සහ විවිධ සුදුසු ඉරියව්වලින් ගණ දෙවිඳුන් නිරූපණය කර ඇත.

නූතන ගණ දෙවි රූප නිර්මාණයේදී අතීත ප්‍රතිමාවන්ගෙන් වෙනස් වන එක් ප්‍රධාන ලක්ෂණයක් නම් ගණ දෙවියන් ගේ පහතින් පිහිටි දකුණු අතින් දරා සිටි ඇත්දළය ඉවත්වී ඒ වෙනුවට එය අභය මුද්‍රාව (ආරක්ෂාව නිරූපණය කරයි, බිය දුරුකිරීම නිරූපණය කරයි) පෙන්නුම් කිරීමයි. ගණ දෙවියන්ට කෙසේ නම් හස්තියකුට සමාන හිසක් ලැබුණේද යන්න පුරාණ ජනප්‍රවාදවලට අනූව බොහෝ පැහැදිලි කිරීම් ඇත. ඉන් වඩාත් ප්‍රසිද්ධ වන්නේ ගණ දෙවියන් වහන්සේ හස්ති හිස් පහක් දැරූ බවයි.

සමහර ලියවීම්වලදී ගණ දෙවියන් හස්තියකු මෙන් හිසක් සහිතව ඉපදුණු බව, සඳහන් වෙතත් බොහෝ තැන්වල සඳහන් වන්නේ ගණ දෙවියන් උත්පත්තියෙන් පසු හස්තියකු මෙන් හිසක් අත්කර ගත් බවයි. තවත් එක් පුරාවෘත්තයක් වන්නේ ශිව දෙවියන්ගේ සිනහවෙන් ගණ දෙවියන් නිර්මාණය වූ බවයි. ගණ දෙවියන් වහන්සේ වඩාත් ආකර්ශනීය විය යුතු යැයි සිතූ ශිව දෙවියන් වහන්සේ ගණ දෙවියන්ට හස්තියකුට සමාන හිසකුත් තරමක් විශාල උදරයකුත් ලබාදී ඇති බව තවත් තැනෙක සඳහන් වේ. මීට වෙනස් පරසිඳු කතා මින් පෙර මෙහි පළවී ඇත

 

වර්ණවල වෙනස්කම්

බොහෝ විට ගණ දෙවියන් රතු වර්ණයෙන් නියෝජනය කරයි. සමහර අවස්ථාවලදී විශේෂිත වර්ණ සංයෝජන භාවිතා වන අවස්ථාද ඇත. හින්දු ප්‍රතිමාශිල්ප පිළිබඳ ග්‍රන්ථයක් වන “ ශ්‍රීතට්ටවනිධි ” (ඉපඪබචබබමචදඤඩඪ) හි විස්තර දක්වන ආකාරයට වර්ණ සංයෝජනය වී ඇත්තේ විශේෂිත යෝගී ඉරියව් අනූවය. උදාහරණයක් ලෙස සුදු වර්ණය යොදා ගන්නේ ගණ දෙවියන්ගේ “ හෙරඹ - ගණපති ” සහ “ රින - මෝචන - ගණපති ” (ගණ දෙවියන් වහන්සේ වහල් වැසියන්ගේ ගැලවුම්කරු වන බැවින්) සංකේතවත් කිරීමටය. “ ඒකදන්ත - ගණපති ” යෝගී ඉරියව්ව නිල් පැහැයෙන් පෙන්නුම් කරනු ලබයි.

ගණ දෙවි වාහන විවිධයි

පැරණි සිතුවම්වල ගණ දෙවියන් වහන්සේ කිසිදු රථයකින් (වාහනයකින්) තොරව නිරූපණය කර තිබිණි. “ මුද්ගල පුරාණය ” ට අනූව ගණ දෙවියන් භාවිත කළ වාහන පහ අතුරින් මීයා එක් වාහනයක් ලෙස දැක්වෙයි. ජෛන සඳහන්වලට අනූව ගණ දෙවියන් වහන්සේ විවිධ වාහන භාවිතා කළ බව කියැවේ. ඒවා නම් මීයා, අලියා, ඉබ්බා, බැටළුවා හා මයුරාය.

7 වන සියවසට අයත් මධ්‍යම සහ බටහිර ඉන්දියානු ප්‍රදේශ වල ඇති ඝණ දෙවි ප්‍රතිමා නිර්මාණය කිරීමේදී ගණ දෙවියන්ගේ දෙපා අසල ප්‍රධාන වාහනය ලෙසින් මීයා දක්වා ඇත. ප්‍රථමයෙන්ම එය සටහන් වී ඇත්තේ “ මත්ස්‍ය පුරාණ ” යේය. පසුව “ බ්‍රහ්මානන්ද පුරාණ ” සහ “ ගනේශ පුරාණ ” ප්‍රභව වලද ගණ දෙවියන් වහන්සේ මීයා වාහනය ලෙස භාවිතා කළ බවට සඳහන් වේ. “ ගණපති අතර්වශිර්ස ” හි ඇතුළත් වන ආකාරයට ගණ දෙවියන් ගැන කියැවෙන පද්‍යවල ගණ දෙවියන්ගේ ධජයේ මීයා ඇතුළත්ව තිබූ බව සඳහන් වේ. මීයාගේ වාහනයට “ මූසකවාහන ” ලෙසද මීයා සහිත ධජයට “ ආඛුකෙටන ” ලෙසද “ ගනේශ සහසුනාම ” හි හඳුන්වා තිබේ. මීයාගෙන් දාර්ශනික බව මෙන්ම නුවණද සංකේතවත් වේ.

ගණ දෙවි පිහිට

ගණ දෙවියන් වහන්සේ “ විග්නේශ්වර ”, “ විග්නරාජ ” සහ මරාති භාෂාවෙන් “ විඥ්නහර්ත ”ලෙසින් හඳුන්වන්නේ පිළිවෙලින් අනාත්ම සහ ආධ්‍යාත්මික යන පාර්ශව දෙකෙහිම බාධා ඉවත් කර දෙන බැවිනි. ගණ දෙවියන් වහන්සේ වඩාත් වැඳුම් පිදුම් ලබන්නේ කරදර බාධක ඉවත් කර දෙන හා නුවණට අධිපති දේවෝත්තමයාණන් කෙනකු ලෙසින්ය.

ගණ දෙවියන් වහන්සේ පුද්ගලයන්ගේ ජීවන චරිතය දෙස බලා ඔවුන්ව “ විඥ්නකර්ටා ” සිට (බාධක ඇති වීමේ සිට) “ විඥ්නහර්තා ” දක්වා (බාධක දුරලීම දක්වා) උපකාර වන බව හින්දුන්ගේ විශ්වාසයයි.

බුද්ධියට අධිපති

ගණ දෙවියන්ට සාහිත්‍යයටත් අකුරු වලටත් ඉගෙනීමේ කටයුතු වලටත් අධිපති දෙවියන් වහන්සේ ලෙසින් වන්දනා පුද සත්කාර පවත්වයි. සංස්කෘත භාෂාවෙන් “ බුද්ධි ” යන වචනයේ අර්ථය ඥානය, ප්‍රඥාව සහ කල්පනා කිරීමේ ශක්තිය ලෙසින් දැක්විය හැකිය. බුද්ධි යන සංකල්පය ගණ දෙවියන්ගේ ආනුභාව සම්පන්න බව හා නිරන්තරයෙන් බැ¼දී බවතින අතර විශේෂයෙන් පුරාණ බොහෝ ජනප්‍රවාද වලින් ගණ දෙවියන්ගේ දක්ෂකමේ ප්‍රත්‍යාබලය සහ ඥානය සමග ඇති බව මැනවින් පෙන්නුම් කරයි. “ ගනේශ පුරාණ ” සහ “ ගනේශ සහස්‍රනාම ” වල දැක්වෙන පරිදි ගණ දෙවියන් සඳහා “ බුද්ධිප්‍රිය ” යන නාමයද යොදාගෙන ඇත. “ ගනේශ සහස්‍රනාමහි ” අවසානයෙහි දක්වා ඇති ගණ දෙවියන්ගේ නාම 21 ක් ඇතුළත් ලැයිස්තුවේ මෙම නාමයද ඉතා වැදගත් සුවිශේෂී නාමයක් ලෙස දක්වා තිබේ. “ ප්‍රිය ” යන වචනයෙහි අරුත කැමැත්ත වන අතර විවාහයෙන් පසු ආදරවන්තයාට සහ ස්වාමියාටද “ ප්‍රිය ” යන වචනය යොදා ගැනේ. එම නිසා “ බුද්ධිප්‍රිය ” යන නමෙහි අර්ථය “ ඥානයට ඇති කැමැත්ත ” හෝ “ බුද්ධියෙහි ස්වාමියාණන් ” ලෙසින්ද දැක්විය හැකිය.

ඕම්කාරය

හින්දු මන්ත්‍ර සමගින් “ ඕම් ” යන පදයෙන් ගණ දෙවියන් වහන්සේ හඳුනාගත හැක. “ ඕම්කාර ස්වරූප ” යන යෙදුමෙන් “ මේ ආකාර ස්වරූප වේ ” යන අරුත දෙන අතර මෙම සංකේතවත් ස්වරය ගණ දෙවියන්ගේ පුද්ගලායිත මූලික නාදයයි.

“ කුන්ඩලිනි යෝග ” වලට අනූව ගණ දෙවිඳුන් වාසය කරන්නේ පළමු චක්‍රයේය. එය “ මූලධාරක ” ලෙසින් හඳුන්වයි. “ මූල ” යන්නෙන් ප්‍රධාන, මුල් යන අදහසත් “ ආධාර ” යන්නෙන් පදනම, පාදය යන අදහසත් දැක්වෙයි. මූලාධර චක්‍රය මූලික විද්‍යමානයක් හෝ දෙවි දේවතාවුන් වහන්සේලා වැඩම කර සිටින මූලිකයෙන් බාහිරට ව්‍යාප්ත වුණු එකකි. මේ පිළිබඳව“ගණපති අතර්වශිර්සය ” ද සාක්ෂි දරයි. එහි සඳහන් පාඨය මෙසේ දක්වා ඇත. “ නුඹ නිරතුරුව මූලික නාරටියේ (මූලාධාර චක්‍රයේ) සංස්කාරික ප්‍රතානය තුළ හැසිරෙයි. ” මේ අනූව යමින්, ගණ දෙවියන් ස්ථීරව වාසස්ථානයක් කර ගෙන සෑම ජීවියකු තුළම ඇති මූල චක්‍රයන් තුළ වැඩි සිටියි. ගණ දෙවියන් අනෙකුත් සියලු චක්‍රවලට ද සහයෝගය සහ මගපෙන්වීම සිදුකරයි.

ගණ දෙවියන් විශ්වාස කරන්නා කිසි කලෙකත් අඥානයකු නොවන්නේය.ඒ පුවතද සක් සුදක් සේ සුපැහැදිලිය.

 

ඒ. සී. එස්. නවීලා

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.