ශ්‍රවණ ආබාධිතයෙක්ද? නැද්ද? යන්න ලග්න කේන්දරය මඟින් හෙළිදරව් කර ගත හැකිද?

දෙසැම්බර් 9, 2022

බටහිර රටවල්වල වැසියන්ට ශ්‍රවණ ආබාධ ගැන හොඳ දැනීමක් ඇත. ඒ අනුව යම් පුද්ගලයෙක් ශ්‍රවණ ආබාධිතයෙක්ද? නැද්ද යන්න පිළිබඳව කරුණු හෙළිදරව් කර ගන්නේ වෛද්‍ය පරීක්ෂණයක් මඟිනි.

 

ලංකාව මකර නිවර්තනයට ආසන්නව පිහිටි වියළි කාලගුණයක් ඇති රටක් වන නිසාත් ලංකාවේ ජීවත්වන ජනතාව මේදය බහුල එමෙන්ම අසාත්මිකතාවය ඉහළ මස්, කිරි වැනි ආහාර වැඩියෙන් පරිහරණය නොකිරීම නිසාත් ශීත කළ බීම වර්ග සහ අයිස් ක්‍රීම් වැනි ආහාර වැඩියෙන් පරිභෝජනය නොකිරීම නිසාත් මෙරට ශ්‍රවණ ආබාධන්ගෙන් පෙළෙන ජන සංඛ්‍යාව ඉතා අඩුය. එනිසා මෙරට ජනතාවට ශ්‍රවණ ආබාධ ගැන ඇත්තේ අඩු දැනුමකි.

 

නමුත් ශීතල දේශගුණයක් ඇති බටහිර රටවල්වල වැසියන් බොහෝ දෙනෙක් මේදය බහුල අසාත්මිකතාවයෙන් ඉහළ කිරි ආහාර, මස් මාංශ, අයිස් කළ ආහාර සහ පාන වැඩියෙන් පරිභෝජනය කිරීම හේතුකොට ගෙන බටහිර රටවල්වල ජීවත්වන ජනතාවගෙන් බොහෝ දෙනෙක් ශ්‍රවණ ආබාධවලින් පීඩාවිඳිති. ඒ අනුව බටහිර රටවල්වල ජීවත්වන ජනතාවගෙන් 20%ක පමණ ප්‍රතිශතයක් ශ්‍රවණ ආබාධවලින් පෙළෙන බව වෛද්‍ය සමීක්ෂණවලින් හෙළිදරව් වී ඇත. එහෙයින් බටහිර රටවල්වල වැසියන්ට ශ්‍රවණ ආබාධ ගැන හොඳ දැනීමක් ඇත. ඒ අනුව යම් පුද්ගලයෙක් ශ්‍රවණ ආබාධිතයෙක්ද? නැද්ද යන්න පිළිබඳව කරුණු හෙළිදරව් කර ගන්නේ වෛද්‍ය පරීක්ෂණයක් මඟිනි. වෛද්‍ය පරීක්ෂණ අනුව යම් පුද්ගලයෙක්ට ඩෙසිබල් 0 - 25 දක්වා වූ ඉතා සියුම් ශබ්ද ශ්‍රවණ කළ හැකි නම් ඔහු හෝ ඇය ශ්‍රවණ ආබාධිතයෙක් නොවේ. නමුත් යම් පුද්ගලයෙක්ට ශ්‍රවණ කළ හැක්කේ ඩෙසිබල් 25 - 40 අතර ශබ්දයක් නම් ඔහු සුළු ශ්‍රවණ ආබාධිතයෙක් වෙයි. එවැන්නන්ට ඉතා හෙමින් කතා කරන ශබ්දය නොඇසීම හෝ ඇසුනත් තේරුම් ගැනීමට නොහැකි ය. නමුත් සාමාන්‍ය හඬකින් කතා කළ විට ශබ්දය හොඳින් ඇසේ. ඩෙසිබල් 40 - 55 අතර ශ්‍රවණ ශක්තියක් ඇති අය මධ්‍යම තත්ත්වයේ ශ්‍රවණ ශක්තියක් අය වෙති. මෙවැනි අයට සාමාන්‍ය හඬින් කතා කරන ශබ්දය නොඇසේ. ඉතා හයියෙන් කෑ ගසා කතා කළ විට පමණක් ශබ්දය ඇසේ. ඩෙසිබල් 60 - 70 අතර ශබ්ද ඇසෙන්නේ ඉහළ මධ්‍යම ශ්‍රවණ ශක්තියක් ඇති පුද්ගලයන්ටය. මෙවැන්නන්ට මිනිස් කටහඬ කොහෙත්ම නොව ඇසේ නමුත් යන්ත්‍ර සූත්‍ර මඟින් නිකුත් කෙරෙන අධික ශබ්දය සාමාන්‍යයෙන් ඇසේ. ඩෙසිබල් 70 - 90 දක්වා ශ්‍රවණ ශක්තියක් ඇත්තේ ඇසීමේ ශක්තිය ඉතා දුර්වල අයටය. මෙවැනි අයට යන්ත්‍ර සූත්‍රවලින් නිකුත් කෙරෙන අධික ශබ්දය යන්තමින් ඇසේ. ඩෙසිබල් 90 - 100 අතර ශ්‍රවණ ශක්තිය ඇති අය කිසිම ශබ්දයක් නොඇසෙන බිහිරි අය වෙති. ඒ අනුව මෙකී ශ්‍රවණ ආබාධ විවිධ රෝග නිසාත් ශ්‍රවණ සම්බන්ධ ස්නායු දුර්වලවීම හේතුකොට ගෙන සෑදේ.

මෙකී ශ්‍රවණ ආබාධ පිළිබඳව ඡ්‍යෝතිෂමය දෘෂ්ටි කෝණයකින් කරුණු විමසා බලන කළ ලග්න කේන්දරයක දකුණු කන ගැන කියැවෙන 3 වැන්නත් එහි අධිපතීත්, වම් කන ගැන කියැවෙන 11 වැන්න එහි අධිපතීත් පිඩාවී ඇති විටක විශ්ව කේන්දරය වන මේෂ ලග්නයේ කාල පුරුෂයාගේ දකුණු කන ගැන කියැවෙන 3 වැන්න වූ මිථුන රාශියත් එහි අධිපතිත් වම් කන ගැන කියන 11 වැන්න වූ කුම්භ රැසත් එහි අධිපති වූ සෙනසුරුත් පීඩා වූ කල්හි ලග්නය සහ එහි අධිපතිත් පීඩා වී ඇත්නම් ජන්මියා බිහිරි අයෙක් වේ. මෙකී සාධකයන්ගෙන් කිහිපයක් පීඩාවී ඇත්නම් ජන්මියා සුළු හෝ මධ්‍යම වශයෙන් ශ්‍රවණ ශක්තිය හීන වූ අයෙක් වෙයි. ඒ අනුව යට විග්‍රහ කළ කරුණු පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගැනීම පිණිස අපි අපගේ අවධානය උදාහරණ කේන්දරයක් වෙත යොමු කරමු.

උපත 1950.02.06 ගාල්ලේ තුලා නවාශකයෙන් හත නැකතේ පළමු පාදයෙන් උපත ලබා ඇති හෙයින් සඳු මහ දශාව ඉදිරියට වර්ෂ 08 මාස 01 දින 10ක් ශේෂව තිබුණි.

ඉහත සිංහ ලග්න කේන්දරයේ දකුණු කන ගැන කියැවෙන භාවයක් වන 3 වැන්න වූ තුලා රාශියෙහි අධිපති සිකුරු ග්‍රහයා රෝග ස්ථානය වන 6 වැන්න වූ මකරයේ සතුරු ලග්නාධිපති රවි සහ නීච 8 අධිපති ගුරු සමඟ යෝග වී ඇත. 6 අධිපති සෙනසුරු ලග්නයේ වක්‍රව නීච ගුරු, සතුරු රවි, සතුරු කුජ සහ 12 වැන්නාධිපති සඳු, රාහු, කේතු යන ග්‍රහයන්ගෙන් පාප කර්තරී යෝගයකට මැදිව පාප පීඩිත වී ඇත. එම ග්‍රහ බලය ජන්මියාගේ දකුණු කන නො ඇසෙන බව පෙන්වා දෙන ග්‍රහ බලයකි. මෙකී සිංහ ලග්න කේන්දරයේ වම් කන ගැන කියැවෙන 11 වැන්නාධිපති බුධ ත්‍රිකෝණ ස්ථානයක් වන 5 වැන්නේ පතිතව එනම් ධනු රාශියෙහි පතිතව තම රාශි වන මිථුන වූ 11 වැන්න සප්තම දෘෂ්ටියෙන් දකියි. එහෙයින් වම් කන දකුණු කනට වඩා හොඳින් ඇසෙන නමුත් බුධ තැන්පත් රාශි අධිපති ගුරු 6 වැන්නේ නීචව සතුරු රවිගෙන් සහ සතුරු කුජ සමඟ යෝග වූ කේතුගෙන් පීඩා වීම නිසා වම් කනේ ඇසීම අඩුය. නමුත් දකුණු කණට වඩා වම් කන හොඳින් ඇසේ. මෙහිදී 6 අධිපති ශනි ලග්නයේ වක්‍රව චෙෂ්ටා බලයෙන් යුතුව සිටීම, 3 වැන්නාධිපති සතුරු 6 වැන්නේ පතිත වීම, 11 වැන්නාධිපති බුධ තැන්පත් රාශි අධිපති 6 වැන්නේ තැන්පත්වීම එසේ තැන්පත්ව සිටියදී ලග්නාධිපති රවි 6 වැන්නේ සතුරුව පතිතව සිටීම මෙකී ශ්‍රවණ ආබාධිත තත්ත්වය ජන්මියාගේ දෛනික වැඩ කටයුතුවලට බාධාවක් වී ඇති බව පෙන්නුම් කරන අතර, රුධිරයට සම්බන්ධ ග්‍රහයන් දෙදෙනෙක් වන සඳු, කුජ සංයෝගව රාහු, කේතුගෙන් පීඩා වීමට 6 අධිපති සෙනසුරු එකී ග්‍රහ යුවළගෙන් 12 වැන්නේ සිට 2 වැන්න පූර්ණ දෘෂ්ටියෙන් දැකීමෙන් පාප කර්තරී යෝගයක් ඇති කිරීම, මෙකී ශ්‍රවණ ආබාධිත තත්ත්වය රුධිරයේ ඇති වූ අසාත්මිකතාවයක් නිසා ඇති වූ බව පෙන්නුම් කෙරේ. මෙහිදී මෙකී චන්ද්‍ර මංගල යෝගයට සම්බන්ධ කුජ 22 වැනි දෙර්කාණාධිපති වීමෙන් ඒ බව වඩාත් හොඳින් තහවුරු වේ.

 

ඡ්‍යොතිෂවේදී

උදම් පෙරේරා

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.