වෘශ්චික ලග්න හිමි ඔබගේ ගතිගුණ

ඔක්තෝබර් 14, 2022

වෘශ්චික ලග්න හිමියන් නිර්භීතයි. ධෛර්ය සම්පන්නයි. දයාවත්, ආදරයත්, ප්‍රේමයත් හරිහැටි හඳුනන්නෝය. ස්ථාවර මනසකින් යුතුව සෘජුව වැඩ කරයි. සෑම විටම වැඩක යෙදෙයි. කියන දෙයම හරියටම කරයි. අංක ගණිතයට ඉතාම දක්ෂයි. ආර්ථිකමය අංශයේ ඉතාම දක්ෂයින් වන්නේ වෘශ්චික ලග්න හිමියන්ය. තමා ඉදිරිපත්වන ඕනෑම වැඩක් හරියට කරයි. සමහර අවස්ථාවලදී දැඩි ආත්මාර්ථකාමීන්ය. අන්‍යයන් ගැන තැකීමක්ද නොකරයි.

දක්ෂ නිර්මාණ කරුවන්ය. ජීවිතයේ මුල සිටම එකම අඩිතාලමක් මත සැලසුම් කරගනී. වෘශ්චික ලග්න කාන්තාව පිරිමියෙක් සේ එඩිතරයි. සටනට වුවත් ඉදිරි පත්වේ. පරාජය බාර ගැනීමටද අකමැතිය. තමාගේ නායකත්වය මතම රැඳේ. පසුබැසීමට අකමැතිය. තනතුරේ තත්ත්වය රැක ගනී. රජයේ රැකියාවන්ට අවස්ථාව වෘශ්චික ලග්න හිමියන්ට පහසුවෙන්ම ලැබේ.

දක්ෂ නීතිඥයින් ද ගණකාධිකාරීවරුන්ද, බැංකු අධිපතිවරුන්ද, වෛද්‍ය විශේෂඥයින්ද මේ අතර වේ. අති දක්ෂම දේශපාලකයින් ද ඇත. පසුබෑමක් නැති එකම අරමුණක යන ස්ථාවර අදහස් ඇති නායකත්වය බාර ගන්නා කෙනෙකි.

සමාජයේ නොමැකෙන නමක් ඇති කර ගනී. අඟහරු පාලක ග්‍රහයාය. ලේවලට අධිපතිය. යුද්ධයටද දක්ෂයි. වයස 25 වන විට තමාගේ ජීවිතයේ අඩිතාලම දමාගෙන අවසන් ය. 40 වන විට අවශ්‍ය තැනට පත්වේ. සැක නැත. මනෝවිද්‍යාව, කායච්ඡේද විද්‍යාව ගැන අති දක්ෂයි. මීන, වෘෂභ, කන්‍යා ලග්න හිමියන් විවාහයට ගැළපේ. පෙම් සබඳතා ඇතිකර ගැනීම අඩුයි. ඉතාම නීති ගරුක නිසා මිල මුදල් ගනුදෙනුවලදී වඩාත් ස්ථාවර තැනක සිටී. මුදල් ඉපයීමට දක්ෂයි. වියදම් කිරීමට කම්මැලිය. සිය පොකට්ටුව නිකරුනේ හිස් කර ගැනීමට අකමැතිය.

වෘශ්චික ලග්න හිමියන් ගන්නා දැඩි තීරණ නිසා සමහර විට පවුල් දිවියේ ගැටලු ඇතිකර ගැනීම අයහපත් චරිත ලක්ෂණයකි. ඉතාම ඉක්මනින්ම කෝප වෙයි. සමහරවිට යටින් පළිගැනීමට වුවත් පෙළඹේ. තමාට ලබාගැනීමට අවශ්‍ය දේවල්වලට ඉදිරිපත් වූ විට දී අන් අය ගැන එතරම් සැලකිල්ලක් නොදක්වයි. බොරු අනුකම්පාවක් ද නැත. පොල්තෙල් ඉතාම අගුණයි.

 

ඡ්‍යෝතිෂ සහ වාස්තුවිද්‍යාවේදී, දේශබන්ධු,

ටී. හෙන්රි බෙම්මුල්ල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.