මිථුන ලග්නය

අගෝස්තු 26, 2022

මිථුන ලග්න හිමියෝ නිහඬ සිත් අලවන සුළු යහපත් දක්ෂ උපදේශකවරු ය. නිර්මාණශීලීය. ප්‍රේමයට අවනත වේ. අලුත් දේ ගැන සිතා වැඩ කරයි. ආලය, ආදරය, ප්‍රේමය මෙන්ම කාමයේ ද රුසියෝ ය. ප්‍රේමය නැත්නම් ඔහුගේ ජීවිතයද පාළු බව දක්වයි. ඉතාම ප්‍රඥාවන්තයි. බුද්ධිමත්ය. දක්ෂ සංගීවේදීන්, චිත්‍ර ශිල්පීන්, නාට්‍යකරුවන්, ගීත නිබන්ඳකයින්, ලේඛකයින් මෙන්ම රුව වඩන අයද වේ.

අනුන් ගැන සිතන පතන දෑ ගැන මොවුන්ට ඉවක් තිබේ. අන්‍යයන්ගේ හැසිරීම මනාව තේරුම් ගෙන වැඩ කරයි. නිතර තරුණ බවින් සිටී. හැඩකාරියන් වීමට උත්සාහ කරයි. මිථුන ලග්න හිමි අය භෞතික මෙන්ම ආධ්‍යාත්මික ලෙසද ඉතාම සුවිශේෂී තැනක සිටී. අනුන්ගේ සතුටෙන් තමාද සතුට ලබයි. විවාහ යෙදී අනෙකාගේ තෘප්තිය ගැන වැඩි වෙහෙසක් දරයි. යහපත් යුග දිවියක් ගත කිරීමට වාසනාව ඇත. නමුත් චංචල අදහස් නිසා ප්‍රශ්න ඇති කර ගනී. ජීවිතයේ මැදිවියේ විශාල ලෙස මුදල් උපයා ගනී. මිථුන ලග්න කරුවාගේ වැඩ කටයුතුවලට අනවශ්‍ය ලෙස මුදල් උපයා ගනී. මිථුන ලග්න කරුවාගේ වැඩ කටයුතුවලට අනවශ්‍ය ලෙස ඇඟිලි ගසන්නට ඒමෙන් ඔහුව හෝ ඇයව සිතෙන් වහා ඉවත් කරයි.

සත්‍යයට හිසනමයි. අහංකාර නැත. යහපත් මනාව භක්තියකින් යුක්තයි. දරුවන්ට ආදරය කරයි. කන්‍යා, තුලා, කුම්භ ලග්න හිමි අය ඔබට ගැළපේ. වෘත්තීය දෙකක හෝ වැඩි ගණනක සේවාවන්ට එක්වේ. සමහර විට කාන්තා පක්ෂය නිසා ධන හානිවේ. ආලය, ආදරය, ප්‍රේමය ගැන වඩාත් සුන්දර හැඟීම්වලට වහල් වේ. තමා ප්‍රේම කරන අයගේ රූපය සිතෙන් මවාගෙන මානසික තෘප්තියකට එළඹෙන ගතියක් ද පිහිටා තිබේ. තරම් ගුප්තයි. දුබලකම් ලෙස දැක්විය හැක්කේ පටන් ගත් වැඩ සමහර විට තේරුමක් නැතිව අතර මඟ නවතා දැමීමයි. දවසින් දවස අදහස් වහා වෙනස් කරයි. ජීවිතයේ මැදි වියේ දී තදබල ලෝභියෙක් ද වේ.

සමහර විට විවාහ කීපයක්ද ගත කරන අයකු ද විය හැක. එයට ග්‍රහ හැසිරීම මුල්වේ. ව්‍යාපාරික පැත්තට නැඹුරු වේ නම් එයින් විශාල ලෙස සම්පත් ලබාගනු ඇත. නමුත් සමහර අවස්ථාවලදී මිල මුදල් ගැන ප්‍රශ්න ඇති කර ගනී. මිථුන ලග්න හිමියා ඇසුරු කිරීමට කිසිම බියක් ඇති නොකර ගත යුතු වේ. ඔහු එතරම් මානව දයාවෙන් ක්‍රියා කරන යහපත් මනුෂ්‍යයෙක් නිසා.

ලෝ පතල අය - වික්ටෝරියා රැජිණ, ජූඩ් ගාල්ඩන්, බොබී හෝප්, ජෝන් එප් කෙනඩි, මෙලරින් මොන්රෝ (රූ රැජිණ) ඔල්වියා රෝන්වේන් මිථුන ලග්න හිමියෝ වෙති.

ඡ්‍යොතිෂ වාස්තු විද්‍යාවේදී, දේශබන්ධු

ටී. හෙන්රි බෙම්මුල්ල

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.