ක්‍රිෂ්ණ මූර්ති පද්ධතිය පාඩම් මාලාව 3 නක්ෂත්‍ර වළල්ල

සැප්තැම්බර් 24, 2021

 

ඉහත සඳහන් කළ නක්ෂත්‍ර 27 ට අයත් වන රාශි සහ ඒ් රාශි 12 ට අයත් වන නක්ෂත්‍ර ප්‍රදේශ වල විශාලත්වය මෙම සටහන් 3හි දක්වා ඇත.

මෙම නක්ෂත්‍ර සටහන් තුන සෑදී ඇති රාශි චක්‍රය බෙදෙන සෘක්ෂි සන්ධි ඔස්සේය. ඒ් අනුව මේෂ, සිංහ, සහ ධනු රාශි වලින් ආරම්භ වන මුල් නක්ෂත්‍රය කේතුට හිමි ‌වෙයි. එතැන් සිට ඉදිරියට සිකුරු, රවි, සඳු යනාදී වශයෙන් බුධ දක්වා විංශෝත්තරී මහ දශාවේ පිළිවෙල අනුව නක්ෂත්‍ර හිමිකම ලැබේ. රාශි චක්‍රයේ මේෂ = වෘෂභ, මිථුන =කටක, සිංහ =කන්‍යා, තුලා =වෘශ්චික, ධනු =මකර, කුම්භ = මීන යන රාශි සන්ධි වල එක් ග්‍රහයකු හිමි නැකැතක් බැගින් ඇත. මෙම නැකැත් බෙදා ඇති ආකාරය අනුව ක්‍රිෂණමූර්ති පද්ධතිය විශේෂත්වයක් පෙන්වයි.

 

පී. එච්. ඩබ්ලිව්. සිල්වා

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.