සර්පයන් හඳුනා ගනිමු

අගෝස්තු 27, 2021

මෙරට සමස්ත සර්පයන්ගේ සිරුරු පොදු ස්වරූපයක් ගනියි. සිලින්ඩරාකාර දිගු ශරීරයකින් යුක්ත වේ. නිසි ගෙල, කඳ එකම ස්වභාවයක් ගනියි. එම අංග වෙන් වී පිහිටීමක් නිරූපණය නොවේ. අපර භාගය සිහින් ස්වභාවයක් ගනියි. එය එක ළඟින් වූ කොට හැඩයක් සමහර සතුන්ගෙන් දිස්වේ. හිසේ සිට අවසන දක්වා කොරල ව්‍යාප්තය.

එම වියළි සම හෙවත් ආවරණය කාලයකට සැරයක් ඉවත් කරයි.

ශ්‍රී ලංකාව විවිධත්වයෙන් යුතු හරිත වියණකින් සමන්විතය. එය 2016 හෙක්ටයාර් මිලියන 2375 කින් යුක්ත විය. මුළු බිම් ප්‍රමාණයෙන් 365% ක ප්‍රමාණයකි. වියළි, තෙත්, අර්ධ ශුෂ්ක කලාප අනුව පැතුරුණු වන ගහණයන්ගෙන් යුක්ත වේ. පවතින භූ ගෝලීය කලාප අනුව පැතුරුණු වෘක්ෂලතා කලාප 06 කි. එම හරිත පරිසරයන් පහත සඳහන් ලෙස හඳුන්වනු ලැබේ.

 

පහත රට තෙත් සදාහරිත වනාන්තර

පහතරට වියළි කලාපීය වනාන්තර

අර්ධ ශුෂ්ක කලාපීය කටු පඳුරු සහිත ලඳු කැලෑ

කඳුකර වනාන්තර

තෘණ බිම් (පතන තලාව)

කඩොලාන

මෙම ව්‍යාප්තීන්හි ජෛව විවිධත්වයක් නිරූපිතය. පවතින සෞම්‍ය දේශගුණය අපූර්වත්වයක් එක්කරයි. මෙය බොහෝ ජීවීන්ට වාසය කිරීමට සුදුසු පරිසරයක් නිවමා ඇත. වන ජීවීන් සඳහා වූ අභය භූමි 50 කින් පමණ යුක්තය. සිංහරාජ, නකල්ස්, හෝටන්තැන්න, යාල, වෙරළ බඩ ආශි‍්‍රත සර්ප ගහනයකි. මොවුන්ගේ වෙනස්කම් ද සියුම්ව බැලීමේ දී පෙනී යයි.

මෙරට සමස්ත සර්පයන්ගේ සිරුරු පොදු ස්වරූපයක් ගනියි. සිලින්ඩරාකාර දිගු ශරීරයකින් යුක්ත වේ. නිසි ගෙල, කඳ එකම ස්වභාවයක් ගනියි. එම අංග වෙන් වී පිහිටීමක් නිරූපණය නොවේ. අපර භාගය සිහින් ස්වභාවයක් ගනියි. එය එක ළඟින් වූ කොට හැඩයක් සමහර සතුන්ගෙන් දිස්වේ. හිසේ සිට අවසන දක්වා කොරල ව්‍යාප්තය.

එම වියළි සම හෙවත් ආවරණය කාලයකට සැරයක් ඉවත් කරයි. ගැමියන් මෙය හැව ලෙස හඳුන්වනු ලැබේ.

පොදුවේ සර්පයන් මාංශ භක්ෂක වේ. විෂ විද ගොදුරු අඩපන කරන්නෝද වෙති. ගොදුරු වෙලාගෙන ආහාරය ගන්නා සතුන් වේ. පරණ ගොදුරු ආහාරයට ගැනීමට මැලිකමක් දක්වයි. මොවුන් සුලබ වශයෙන් මීයන්, හූනන්, මත්සයින්, ගෙම්බන්, කුඩා කෘමීන් ආහාරයට ගනියි. මේ උරගයන් මාංශ භක්ෂක විලෝපිකයින් වෙයි. මොවුන්ගෙන් සමහරෙක් ගොදුරු ඩැහැගැනීමට විෂ භාවිතා කරති. ගොදුරු අප්‍රාණික කර ගැනීමට වෙලා ගැනීම් කිරීම දකින්නට ලැබේ.

ලිංගික ද්විරූපකාව පෙන්වන සර්පයෝ වෙති. අණ්ඩජ හා අණ්ඩජ ජලාබුජ වශයෙන් ප්‍රජනනය දෙයාකාරය. තවත් සර්පයන් බිත්තර රැකීමද සිදු කරනු ලබයි. සර්පයන් ගේ පාරිසරික හැසිරීම විවිධත්වයෙන් යුක්තය. තර්ජනයක් හෝ බියක් දැනුණු විට වේගයෙන් පලා යන අයද සමහර උරගයන් ශරීරය සඟවා ගනියි. තවත් අය හිස පමණක් සඟවා ගනු ලැබේ. පෙරලා පහර දෙන සර්ප විශේෂයන් ද වේ. මොවුන්ගේ දේහය කොරල සහිත සමකින් වැසී ඇත. ග්‍රන්ථි රහිත වියලු සමක් දක්නට ලැබීම සර්පයන් ගේ පොදු ලක්ෂණයකි.

කශේරුකාවක් හා කපාලයක් සහිත අස්ථිමය සැකිල්ලක් වේ. දේහයේ එක් කෙළවරක මනා හිසකින් යුක්ත වීම පොදු ලක්ෂණයකි. මෙරට වෙසෙන සර්පයන් ජීවත් වන ස්ථාන අනු කොටස් 04 කට බෙදනු ලැබේ. පාංශු වාසී, රුක් වාසී, භෞමික, ජලජ වාසී. මෙහි සර්ප විශේෂ 101 පමණ වෙසෙති. ඔවුන් කුල 11 අයත් ගණ 48 න් යුක්තය. මෙරට ආවේණික ගණ 05කි. ආවේණික උප විශේෂ 10 ද මෙරටින් හමුවේ. සර්පයින් බාහිර පරිසරයේ තොරතුරු නිරතුව ලබා ගනියි. ඒ ඇස්, නාසය සම සහ දිව යන ඉන්ද්‍රියන් භාවිතයෙනි.

අවට ශබ්ද හඳුනා ගැනීම බාහිර පරිසරයට විවර වූ කන් සර්පයින්ට නැත. තමන් ගැවසෙන පෘෂ්ඨිය දිගේ පැමිණෙන ශබ්ද තරංග මඟින් පරිසරය අවබෝධ කර ගනිති.

සර්පයන්ට නොමැති මුත් තියුණු ලෙස පෙනෙන දෑස් තිබේ. ඇස් පිහාටු නොමැති නිසා දෑස් පරිසරයට විවෘතව පවතියි. ඇස්වලට ඇතිවන හානි වලකා ගැනීමට ස්වභාවික පිහිටීමක් වේ. ඒ විනිවිද පෙනෙන කොරළ පොත්තක් වැනි කවචයකින් ආරක්ෂිතව පැවතීම ය.

මෙම සත්වයන්ගේ ඇස්වල විශේෂත්වයකි. තියුණු ඇස් ඇතත් සර්පයන්ට වර්ණ හඳුනාගත නොහැකිය. පොළොවේ ගැවසෙන සර්පයන්ට පැහැදිලිව ළඟ පෙනෙයි. වෘක්ෂවාසී සර්පයන්ට පැහැදිලිව දුර පෙනෙයි. මොවුන්ගේ ඇස්වල කළු ඉංගිරියාව දිවා කාලයේ රවුමට පිහිටනු ලැබේ. රාත්‍රියේ කළු ඉංගිරියාව සෘජුව පිහිටයි.

ලොව පුරා ඝන 450 කට වැඩි සර්ප විශේෂ 2900 පමණ වාසය කරති. එම සර්පයන් පහත සඳහන් පරිදි වර්ගීකරණය කරනු ලැබේ.

මෙලෙස වෙසෙන සර්පයන්ගෙන් 20ක් උග්‍ර විෂ සහිතය. ඉන් 13 වර්ගයක් කරදියෙන් යුත් මුහුදේ වාසය කරයි. ගොඩබිම වෙසෙන විෂ සහිත සර්ප විශේෂ 7 කි. ඒ අතරින් උග්‍ර විෂ සහිත වර්ග 04ක් ආසියාතික රටවල වෙසෙයි. නාගයා, වැලි පොළඟා, තෙල් කරවලා, තිත් පොළඟා මේ සිව් දෙනාට අමතරව පහත සඳහන් සර්පයන්ද උග්‍ර විෂය. මෙය හෙළ විෂ වෛද්‍යවරු පාරම්පරිකව දැන සිටියේ ය. එහෙත් බටහිර වෛද්‍ය විද්‍යාව එය පිළිගත්තෙ මෑතක සිටයි. මුහුදු කරවලා, කුණකටුවා, දෙපත් කළුවා මෙයට අමතරව මද විෂ සහිත සර්ප විශේෂ 03 කි. මූකලන් තෙලිස්සා, කුඩා මූකලන් තෙලිස්සා, පළා පොළඟා.

ලංකාවේ සුළු විෂ සහිත සර්ප විශේෂ 12ක් හඳුනාගෙන තිබේ. මෙයට අමතරව විෂ රහිත සර්ප විශේෂයන්ද හඳුනාගෙන තිබේ. එහෙත් ප්‍රායෝගික තත්ත්වය තරමක් වෙනස්ය. විෂ රහිත සර්ප දෂ්ඨවලදී ඉදිමුම, වේදනාව, හිසේ කැක්කුම, වමනය දැකිය හැකි ය. ඒ එම සර්පයන් ගෙන ඇති ගොදුරු අනුව ඇතිවන තත්ත්වයක් වේ.

මෙම සර්පයන් පරිසර තුළනතාවේ වැදගත් කොටසකි. ඔවුන් අනාගතය වෙනුවෙන් ආරක්ෂා කරගත යුතු ය. බියට පත්ව මෙම සතුන් මරා දැමීම නොකළ යුතු වේ. එවැන්න ආගම, ධර්මයන්ට ද නොගැළපෙන්නකි. අනවශ්‍ය ලෙස සර්පයන් අසල ගැවසීමෙන් වැළකිය යුතු ය. එමෙන්ම හිංසා කිරීම්වලින් වැළකීමටද අවශ්‍ය වෙයි. එවැනි මැදිහත්වීම් නිසා ඇතිවන සර්ප දෂ්ඨයන් විශාල ප්‍රමාණයකි. සර්ප විෂ සඳහා බටහිර ප්‍රතිකාර මෙ තුළ පවතියි. අතුරු ආබාධ නොමැති හෙළ විෂ වෛද්‍ය ප්‍රතිකාර විශිෂ්ටය. එවැනි දක්ෂ පාරම්පරික වෛද්‍යවරු රටේ සිටීම වාසනාවකි.

 

වෛද්‍ය

ලක්ෂ්මන් වසන්ත රුක්මාල්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.