මැණික් ප්‍රතිකාරවලට වඩා ප්‍රතිඵල ගෙනදෙන වෘක්ෂ වන්දනාව

ජූලි 16, 2021

මැණික් ප්‍රතිකාර ක්‍රමයට වඩා ජන්මීන්ට අපල කරන ඒ ඒ ග්‍රහයන්ට අයත් වෘක්ෂයන්ට සාත්තු සප්පායම් කිරීමෙන්ද ඒ ඒ ග්‍රහයන්ට අයත් වෘක්ෂයන්ට එකී ග්‍රහයන්ට අයත් හෝරාවන් ඇතුළදී ස්පර්ශ කිරීමද නොවරදින සුළුවූත් සාර්ථක වූත් ප්‍රතිකාර ක්‍රමයක් වන්නේ ය.

 

ග්‍රහ අපල මර්දනය කිරීමට මැණික් ගල් ඇල්ලූ මුදු පැලඳීම අද සමාජයේ බෙහෙවින් ප්‍රචලිත ය. එනමුත් මේ සඳහා යන වියදම ගැනත් නියම ප්‍රමිතියෙන් යුත් මැණික් ගල් සොයා ගැනීමේ දුෂ්කරතාවය ගැනත් සලකා බලන කල මෙය තරමක් දුරට අවදානම් සහගත සහ මුදල අපතේ යන නිෂ්ඵල ක්‍රියාවක් බව වර්තමාන සමාජයේදී මෙකී මැණික් ප්‍රතිකාර ක්‍රම මඟින් අසාර්ථක ප්‍රතිඵල ලැබූ බොහෝ දෙනාගේ කතා බස්වලට සවන්දීම තුළින් අවබෝධ කරගත හැකි ය.

 

ඒ අනුව බලන කල මැණික් ප්‍රතිකාර ක්‍රමයට වඩා ජන්මීන්ට අපල කරන ඒ ඒ ග්‍රහයන්ට අයත් වෘක්ෂයන්ට සාත්තු සප්පායම් කිරීමෙන්ද ඒ ඒ ග්‍රහයන්ට අයත් වෘක්ෂයන්ට එකී ග්‍රහයන්ට අයත් හෝරාවන් ඇතුළදී ස්පර්ශය කිරීමද නොවරදින සුළුවූත් සාර්ථක වූත් ප්‍රතිකාර ක්‍රමයක් වන්නේ ය. එමෙන්ම මෙකී ප්‍රතිකාර ක්‍රමය දුප්පත් පොහොසත් සෑම තරාතිරමකට අයත් සෑම පුද්ගලයෙකුටම කිසිදු වියදමකින් තොරව කිසිදු බයක් සැකක් නොමැතිව කරගත හැකි ශාන්ති කර්මයක් වන්නේ ය.

යටකී ශාන්නි කර්මය සඳහා ප්‍රථමයෙන් තමාට අපල කරන ග්‍රහයාට අයත් දිශාවෙන් තමාට අපල කරන ග්‍රහයාට අයත් වෘක්ෂයක් තෝරා ගතයුතු ය. තෝරා ගන්නා වෘක්ෂය බොහෝ දුරට නිදහසේ අහස යට පොළොව ස්පර්ශ කරමින් වැඩෙන වෘක්ෂයක් විය යුතු ය. ඒ අනුව එම ගස ගෙදර මිදුලක, වත්තක, ආගමික සිද්ධස්ථානයක හෝ කැලෑවක නිදහසේ වැඩෙන වෘක්ෂයක් විය යුතු යි.

එකී තෝරා ගත් වෘක්ෂය අපලකරු විසින් පළමුවෙන් ස්පර්ශ කළ යුතුයි. පසුව ගස පිරිසුදු කළ යුතුයි. ගස වටා ඇතිකුණු ඉවත් කළ යුතු යි.

දෙවෙනුවට එකී වෘක්ෂය වටා අපල කරන ග්‍රහයාට අයත් අංකයට සමාන පහන් සංඛ්‍යාවක් දැල්විය යුතුයි. මෙසේ පහන් තබන විට පහන්වල රශ්මිය ගස මුලට නොවැදෙන ආකාරයට පහන් තැබිය යුතුයි. තෙවෙනුවට එම අපල කරන ග්‍රහයාට අයත් වර්ණයෙන් යුත් සහ එකී ග්‍රහයාට අයත් අංකයට සමාන අංකයකින් යුත් කොඩි වැලක් ගස වටා එල්ලිය යුතුයි. එම කොඩි වැලෙහි එක් කොඩියක අපලකරුගේ නම සඳහන් කොට එම අපලය දුරු වේවා යැයි සඳහන් කළ යුතුයි.

අවසානයේ දී අපල කරන ග්‍රහයාට අයත් කවය එම අපල කරන ග්‍රහයාට අයත් දිශාව බලාගෙන එම ග්‍රහයාට අයත් අංකයට සමාන අංක ගණනක් උච්චාරණය කර අවසානයේ දී තමාගේ අපලය දුරුවේවා යැයි කියා තමා ප්‍රාර්ථනා කරන දෙය තමාට ලැබේවායි සඳහන් කරමින් භක්තිමත් සිතින් ගස ස්පර්ශ කළ යුතු ය.

මෙලෙස අපල කරන ග්‍රහයාට අයත් දිනයකින් මෙකී වෘක්ෂ වන්දනාව පටන් ගෙන සෑම දිනයකම එකී අපල කරන ග්‍රහයාට අයත් හෝරාවෙන් ඉහත විස්තර කළ පරිදි එකී වෘක්ෂ වන්දනාව කළ යුතු ය. එහිදී වෘක්ෂයට අවශ්‍ය ජලය සැපයීමද අනිවාර්යෙන් සැමදා කළ යුතු කාර්යයක් වන්නේ ය. ඒ අනුව ඉහත දැක්වෙන්නේ ඒ ඒ අපල කරන ග්‍රහයන්ට අයත් වෘක්ෂය දිශාව වර්ගය, අංකය, දිනය ඇතුළත් වගුවකි.

 

ඡ්‍යොතිෂවේදී

උදම් පෙරේරා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.