සතියේ පඤ්චාංගය

සැප්තැම්බර් 22, 2023

ශක වර්ෂ 1945 ක් වූ කන්‍යා රවි 06 භාග බිනර පුර සතවක තිථිය ලත් කිවිදින සිට එම රවි 12 භාග බිනර පුර තුදුස්වක තිථිය ලත් ගුරු දින දක්වායි.

 

ග්‍රහයෝ සහ රාශි

 

රවි - කන්‍යා

කුජ - කන්‍යා

බුධ - සිංහ

ගුරු - මේෂ

ශුක්‍ර - කටක

ශනි - කුම්භ

රාහු - මේෂ

කේතු - තුලා

යුරේනස් - මේෂ

නැප්චූන් - මීන

 

 

ග්‍රහයෝ සහ නැකැත්

 

රවි - උත්‍රපල් ( 27 දා සවස 06.55 හත)

කුජ - හත ( 23 දා සවස 05.20 සිත)

බුධ - පුවපල්

ගුරු - බෙරණ

ශුක්‍ර - අස්ලිස

ශනි - සියාවස

රාහු - අස්විද

කේතු - සිත

යුරේනස් - කැති

නැප්චූන් - පුවපුටුප

 

පෝය

සැප්තැම්බර් 28 බ්‍රහස්පතින්දා සවස 06.52න් පුර පසළොස්වක ලබා 29 සිකුරාදා සවස 03.31න් ගෙවේ. 29 සිකුරාදා සිල්.

 

 

චන්ද්‍ර චාරය

22 දා සවස 03.31 ධනු

24 දා රාත්‍රී 07.14 මකර

26 දා රාත්‍රී 08.27 කුම්භ

28 දා රාත්‍රී 08.30 මීන

 

 

දිනූ තත්ත්ූවය

සැප්තැම්බර් 22 සිකුරාදා

කන්‍යා රවි 06 භාග බිනර පුර සතවක තිථිය ලත් කිවිදින. ඉර උදාව 06.00. ඉර බැසීම 06.07. දෙට නැකත සවස 03.31න් ගෙවී මුල නැකත ලබයි. බිනර පුර සතවක තිථිය දහවල් 01.32න් ගෙවී පුර අටවක තිථිය ලබයි. පී‍්‍රති යෝගය අලුයම 01.43න් ගෙවී ආයුෂ්මත් යෝගය ලබා එය රාත්‍රී 11.50න් ගෙවී සෞභාග්‍ය යෝගය ලබයි. ගරජකරණය අලුයම 01.59න් ගෙවී වණිජකරණය ලබා එය දහවල් 01.32න් ගෙවී විෂ්ටිකරණය උදාව පවතී.

විෂ කලාව - බැම

අමෘත කලාව - ළැම

මරු - ගිනිකොන

යෝගිනි - වයඹ

සුබ දිශාව - උතුර

සැප්තැම්බර් 23 සෙනසුරාදා

කන්‍යා රවි 07 භාග බිනර පුර අටවක හා නවවක තිථිය ලත් ශනිදින. ඉර උදාව 6.00. ඉර බැසීම 06.07. මුල නැකත දහවල් 02.53න් ගෙවී පුවසල නැකත ලබයි. බිනර පුර අටවක තිථිය දහවල් 12.15න් ගෙවී පුර නවවක තිථිය ලබයි. සෞභාග්‍ය යෝගය රාත්‍රී 09.27න් ගෙවී ශෝභන යෝගය ලබයි. විෂ්ටිකරණය අලුයම 01.00න් ගෙවී බවකරණය ලබා එය දහවල් 12.15න් ගෙවී බාලවකරණය උදාවී එදින රාත්‍රී 11.23න් ගෙවී කෞලවකරණය උදාව පවතී.

විෂ කලාව - නළල / හිස්මුදුන

අමෘත කලාව - තනය / ගෙල

මරු - නැඟෙනහිර

යෝගිනි - ඊසාන / නැඟෙනහිර

සුබ දිශාව - දකුණ

සැප්තැම්බර් 24 ඉරිදා

කන්‍යා රවි 08 භාග බිනර පුර දසවක ලත් රවිදින. ඉර උදාව 6.00. ඉර බැසීම 06.06. පුවසල නැකත දහවල් 01.39න් ගෙවී උත්‍රසල නැකත ලබයි. බිනර පුර නවවක තිථිය දහවල් 10.22න් ගෙවී පුර දසවක තිථිය ලබයි. ශෝභන යෝගය සවස 06.36න් ගෙවී අතිගන්ඩ යෝගය ලබයි. කෞලවකරණය උදේ 10.22න් ගෙවී තෛතිලකරණය ලබා එය රාත්‍රී 09.11න් ගෙවී ගරජකරණය උදාව පවතී.

විෂ කලාව - හිස් මුදුන

අමෘත කලාව - ගෙල, නාසය

මරු - උතුර යෝගිනි - උතුර

සුබ දිශාව - නැඟෙනහිර

සැප්තැම්බර් 25 සඳුදා

කන්‍යා රවි 09 භාග බිනර පුර එකොළොස්වක ලත් සඳුදින. ඉර උදාව 05.59. ඉර බැසීම 06.06 උත්‍රසල නැකත දහවල් 11.53න් ගෙවී සුවන නැකත ලබයි. බිනර පුර දසවක තිථිය උදේ 07.56න් ගෙවී පුර එකොළොස්වක තිථිය ලබයි. අතිගන්ඩ යෝගය සවස 03.20න් ගෙවී සුකර්ම යෝගය ලබයි. ගරජකරණය උදේ 07.56න් ගෙවී වණිජකරණය ලබා එය සවස 06.29න් ගෙවී විෂ්ටිකරණය උදාව පවතී.

විෂ කලාව - නළල

අමෘත කලාව - ඇස

මරු - වයඹ

යෝගිනි - ගිනිකොන

සුබ දිශාව - දකුණ

සැප්තැම්බර් 26 අඟහරුවාදා

කන්‍යා රවි 10 භාග බිනර පුර දොළොස්වක ලත් කුජදින. ඉර උදාව 05.59. ඉර බැසීම 06.05. සුවන නැකත උදේ 09.41න් ගෙවී දෙනට නැකත ලබයි. බිනර පුර එකොළොස්වක තිථිය අලුයම 05.02න් ගෙවී පුර දොළොස්වක තිථිය ලබා පවතී. සුකර්ම යෝගය දහවල් 11.45න් ගෙවී ධෘති යෝගය ලබයි. බාලවකරණය අලුයම 01.46න් ගෙවී කෞලවකරණය ලබා දහවල් 12.04න් ගෙවී තෛතිලකරණය උදාවී එදින රාත්‍රී 10.20න් ගෙවී ගරජකරණය උදාව පවතී.

විෂ කලාව - බැම

අමෘත කලාව - කන

මරු - බටහිර යෝගිනි - නිරිත

සුබ දිශාව - දකුණ

සැප්තැම්බර් 27 බදාදා

කන්‍යා රවි 11 භාග බිනර පුර තෙළෙස්වක ලත් බුධදින. ඉර උදාව 05.59. ඉර බැසීම 06.05. දෙනට නැකත උදේ 07.11න් ගෙවී සියාවස නැකත ලබයි. බිනර පුර දොළොස්වක තිථිය අලුයම 01.46 න් ගෙවී පුර තෙළෙස්වක තිථිය ලබා එය රාත්‍රී 10.20න් ගෙවී පුර තුදුස්වක තිථිය ලබයි. ධෘති යෝගය උදේ 07.54න් ගෙවී ශුල යෝගය ලබයි. බාලව කරණය අලුයම 01.46 න් ගෙවී කෞලවකරණය ලබා එය දහවල් 12.04න් ගෙවී තෛතිලකරණය උදාව එදින රාත්‍රී 10.20න් ගෙවී ගරජකරණය උදාවෙයි.

විෂ කලාව - කන

අමෘත කලාව - බැම

මරු - නිරිත යෝගිනි - දකුණ

සුබ දිශාව - නැඟෙනහිර

සැප්තැම්බර් 28 බ්‍රහස්පතින්දා

කන්‍යා රවි 12 භාග බිනර පුර තුදුස්වක ලත් ගුරුදින. ඉර උදාව 05.59. ඉර බැසීම 06.05. සියාවස නැකත අලුයම 04.30න් ගෙවී පුවපුටුප නැකත ලබයි. බිනරපුර තුදුස්වක තිථිය සවස 06.52න් ගෙවී පුර පසළොස්වක ලබා පවතී. ශුල යෝගය අලුයම 03.55න් ගෙවී ගණ්ඩ යෝගය ලබා එය රාත්‍රී 11.56න් ගෙවී ව්‍යාධි යෝගය ලබයි. ගරජකරණය උදේ 08.36න් ගෙවී වණිජකරණය ලබා එය සවස 06.52න් ගෙවී විෂ්ටිකරණය උදාව පවතී.

විෂ කලාව - ඇස

අමෘත කලාව - නළල

මරු - දකුණ යෝගිනි - බටහිර

සුබ දිශාව - නැඟෙනහිර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.