රහස් රෝගයකින් පෙළෙනවා නම් කේන්දරයෙන් කියන්න පුළුවන්

මාර්තු 11, 2022

බහු ලිංගික සම්බන්ධතා හේතු කොට වැලඳෙන රහස් රෝග වර්තමාන සමාජයේ ජීවත් වන බොහෝ දෙනා අතර, දක්නට ලැබෙන රෝග විශේෂයකි. ඒ අනුව වර්තමාන සමාජය තුළ අතීත සමාජයට වඩා ලිංගික අවශ්‍යතාව ඉටුකර ගැනීමට, මාර්ග සහ නිදහස තිබීම වර්තමාන සමාජය තුළ සමාජ රෝග බහුලව ව්‍යාප්තවීමට හේතු වී ඇත.

 

එහෙයින් විවාහය සඳහා කේන්දර ගැළපීමේ දී, විවාහ සහකරු හෝ සහකාරිය සමාජ රෝගියෙක් ද නැද්ද? යන්නත් අනාගතයේදී එනම් විවාහයෙන් පසු රහස් රෝගියෙක් වේද? යන්න

පිළිබඳව දැනුම්වත් වීම ඉතා වැදගත් ය. ඒ අනුව සමාජ රෝග වැලඳීමට නම් ලග්න කේන්දරයේ ලග්නාධිපති දුර්වලව පාප පීඩිතව සිටිය යුතුයි. එසේම භාග්‍ය ස්ථානාධිපති, ගුරු දුර්වලව පාප පීඩිතව සිටිය යුතුයි. 7 අධිපති, 6, 8, 12 යන දෘෂ්ට භාවාධිපතියන් වැඩි දෙනෙකු ගේ දෘෂ්ටියෙන් සංයෝගයෙන් පීඩා වී සිටිය යුතු නැතිනම් නීච, සතුරු අස්න බලය ලැබූ රවි, කුජ, ශනි, රාහු, කේතු යන පාපීන් වැඩි දෙනෙක් ගේ දෘෂ්ටියෙන් හෝ සංයෝගයෙන් පීඩාවී සිටිය යුතු යි. එසේ පීඩාවී සිටියදී 3, 7, 11 යන කාම ත්‍රිකෝණයට අයත් භාවයක කුජ, සිකුරු / සඳු, සිකුරු / රාහු, සිකුරු/ රාහු, කුජ / රවි, සිකුරු හෝ කුජ, සිකුරු, සඳු / රාහු, සිකුරු සඳු යන අතිධාවන කාමයෝගයක් යෙදිය යුතුයි. එසේම විශ්ව කේන්දරය වන මේෂ ලග්නයේ ලිංගික ආශාවන් ගැන කියැවෙන 7 වැන්න වූ තුලා රාශියේ අධිපති, සිකුරු එකී ලිංගික ආශාවන් ක්‍රියා කිරීමට ශක්තිය දෙන භාවාත් භාවම් සංකල්පයට අනුව 7 වැන්නෙන් 7 අධිපති එනම් මේෂ ලග්නයේ අධිපති අඟහරු යන ග්‍රහයන් දෙදෙනාගෙන් එක් අයෙක් 22 වෙනි දෙර්කාණාධිපතිව පීඩනය විය යුතුයි. ඒ අනුව සමාජ රෝගියෙක්ද නැද්ද යන්න පිළිබඳව ලග්න කේන්දරයට අනුව පරීක්ෂා කිරීමේ දී, ලග්න කේන්දරයේ අතිධාවන කාමයෝගයන් තුනක් ලග්නාධිපතිත් 7 අධිපතිත් කුජ සිකුරු යන ග්‍රහයනුත්, ලග්නය, 7 වැන්න, මේෂ, තුලා, වෘශ්චික යන රාශීන් පාප පීඩිතවී ඇත්නම් එවන් ග්‍රහ බලයක් ඇති කේන්දර හිමියන් ලිංගික වහල්ලන් බවට පත්වීමෙන්, ලිංගික දූෂණයන්වලට ලක්වීමෙන් සල්ලාල පුද්ගලයෙක්, සමඟ හෝ බොහෝ පුරුෂයන් සමඟ කායික සම්බන්ධතා පවත්වන ස්ත්‍රියක් සමඟ, හරි හැටි අවබෝධයක් නොමැතිව ප්‍රේම සම්බන්ධතාවයකට පැටලවීමෙන්, රහස් රෝගයන්ට ගොදුරුවිය හැකි හෙයිනි. ඒ අනුව යට සඳහන් කළ ග්‍රහ පිහිටීම් චර රාශිවල යෙදී ඇත්නම් එවන් ග්‍රහ පිහිටීම් ඇති පුරුෂයන් සහ ස්ත්‍රීන් බොහෝ විරුද්ධ ලිංගිකයන් සමඟ ශාරීරික සම්බන්ධතා පවත්වන හෙයින් චර රාශිවල යටකී ග්‍රහ පිහිටීම් ඇති ස්ත්‍රීන් සහ පුරුෂයන්ට, තිර රාශි සහ උභය රාශිවල යටකි ග්‍රහ පිහිටීම් ඇති ස්ත්‍රීන් සහ පුරුෂයින් වඩා ඉතා ඉක්මනින් රහස් රෝග වැලඳෙයි.

ඒ අනුව මෙකී සමාජ රෝග විරුද්ධ ලිංගිකයන් හා සමඟ ලිංගික සම්බන්ධකම් පවත්වන අයට පමණක් නොව සමලිංගිකයන් සමඟ ලිංගික සම්බන්ධකම් පවත්වන අයවලුන්ට වැලඳෙන්නේ ය. ඒ අනුව සමලිංගික ආශ්වාදයට පි‍්‍රය කරන ජන්මීන්ගේ හඳහන්වල 7 අධිපති සහ සිකුරු යන ග්‍රහයන් ශනි, කේතු, බුධ, රාහු යන ග්‍රහයන් වැඩි දෙනෙක් ගේ දෘෂ්ටියෙන් සහ සංයෝගයෙන් පීඩාවීමත් සිකුරු සහ හත අධිපති ලග්නය සහ නවාංශක යන දෙකෙහිම හෝ එකක් නීච සතුරු, අස්න යනාදි බලයකින් යුතුව සිටියදී සිකුරු 22 වෙනි දෙර්කානවීමත්, චන්ද්‍ර මංගල (කුජ, චන්ද්‍ර) හෝ රාහු චන්ද්‍ර යෝගයක් 3, 7, 11 යන කාම ත්‍රිකෝණයට අයත් භාවක යෙදීම හෝ වෙනයම් භාවයක සිට 7 වැන්න දකියි නම්, එවන් ග්‍රහ පිහිටීම් ඇති ජන්මීන් සමලිංගික සේවනයට දැඩි රුචිකත්වයක් දක්වන අය වෙති. ඒ අනුව යටකී ග්‍රහ පිහිටීම් ඇති කේන්දරයක තවදුරටත් 7 වැන්නාධිපති සහ ලිංගික කටයුතුවලට සම්බන්ධ කුජ සහ සිකුරු යන ග්‍රහයන් 6, 8, 12 යන දුෂ්ට භාවාධිපතියන් වැඩි දෙනෙකු ගේ දෘෂ්ටියෙන් හෝ සංයෝගයෙන් පීඩාවී ඇතිනම් හෝ අස්න, නීච, සතුරු බලය ලැබූ රවි, කුජ, ශනි, රාහු, කේතු යන සහජ පාපීන් වැඩි දෙනෙකුගේ දෘෂ්ඨියෙන් හෝ සංයෝගයෙන් පීඩා වී ඇත්නම් ඔහු හෝ ඇයට සමලිංගික සේවනය හේතු කොටගෙන රහස් රෝග වැලඳෙන්නේ ය. ඒ අනුව යට විග්‍රහ කළ කරුණු වඩාත් පැහැදිලිව අවබෝධ කර ගැනීමට, අපි අපගේ අවධානය උදාහරණ කේන්දර කිහිපයක් වෙත යොමු කරමු. උපත 1897 අප්‍රේල් මස 4 වෙනිදා, උදේ 10.47 ට බෙරණ නැකතේ පළමුවෙනි පාදයෙන් උපත ලබා ඇති හෙයින් සිකුරු මහ දශාව ඉදිරියට වර්ෂ 17 යි මාස 9 යි දින 22 ක් ශේෂව තිබුණි.

ඉහත උදාහරණ කේන්දරය අයත් වන්නේ පනහ දශකයේ මෙරට පාලනය කළ අගමැතිවරයෙකුට ය. එම කේන්දරයේ 11 වැන්නේ සඳු, සිකුරු අතිධාවන කාම යෝගයක් යෙදී ඇත. එම අති ධාවන කාම යෝගය යමක් වැඩිකර දෙන භාවයක් වන 11 වැන්නෙහි යෙදීමත්, කාම ත්‍රිකෝණයට අයත් භාවයක යෙදීමත්, කාමාධික ග්‍රහයෙක් වන අඟහරුට අයත් චර රාශියක යෙදීමත් යන කරුණු නිසා එකී අතිධාවන යෝගයේ බලය තීව්‍ර වී ඇත. එසේම මෙකී අතිධාවන කාම යෝගය යෙදුණු රාශියේ අධිපති අඟහරු කාමාශාවන් ක්‍රියාවට නංවන භාවයක් වන 7 වැන්නෙන් 7 වැන්න හෙවත් ලග්නයේ යෙදීම හේතු කොට ගෙන ඉහත මිථුන ලග්න කේන්දරය හිමි රාජ්‍ය නායකයා එක් ස්ත්‍රියකගෙන් සෑහීමකට පත් නොවන බොහෝ ස්ත්‍රීස් සමඟ කායික සම්බන්ධතා පවත්වන අධිකාම ශක්තියක් ඇති පුද්ගලයකු බවට පත් කොට ඇත. ඒ අනුව කාම ත්‍රිකෝණයට අයත් භාවයක් වන,3 වැන්නෙහි සිටින 7 අධිපති ගැරවුමෙකි අතිධාවන කාම යෝගයට සම්බන්ධ සිකුරු පූර්ණ දෘෂ්ටියෙන් දැකීම, එමෙන්ම 7 වැන්න එකී කාමයෝගයට සම්බන්ධ සිකුරු පූර්ණ දෘෂ්ටියෙන් දැකීම ඉහත විග්‍රහ කළ කරුණුවල සත්‍යතාව වඩාත් හොඳින් තහවුරු කරන ග්‍රහ පිහිටීම් වන්නේ ය. මෙහිදී 8 වැන්නේ රාහු වීම 8 අධිපති සෙනසුරු 22 වෙනි දෙර්කාණාධිපති මෙන්ම 04 වෙනි නවාංශකාධිපතිව, රෝග ස්ථානය වන 6 වැන්න වූ වෘශ්චික රැසෙහි සතුරුව සූර්යා දෘෂ්ටියෙන් 3 වැන්නේ සිටින 7 අධිපති ගුරු දැකීම ඉහත කේන්දරය හිමි රාජ්‍ය නායකයා පහත් ලිංගික හැසිරීම් හේතු කොටගෙන සමාජ රෝගියෙක් බවට පත්වන බව පෙන්වන ග්‍රහ බලයක් වන්නේ ඒ අනුව 7 අධිපති තුළ ගුරුට දුර්වල භාවයක් වන 7 වැන්නේ පතිතව රාහු, කේතු යන ග්‍රහයන්ගෙන් පාප කර්තරිතව සිටියදි 6 වැන්නේ සිටින සතුරු 22 වෙනි දෙර්කාණාධිපති , ශනි ගේ පූර්ණ දෘෂ්ටිය ලක්වීම නිසා රහස් රෝග හේතු කොටගෙන ඉහත කේන්දරය හිමි රාජ නායකයාගේ ලිංගය පසු කලෙකදී සැත්කම් මඟින් ඉවත් කරන ලදී.

උපත 1925 /11/17 පාන්දර 02.15ට ඇමෙරිකාවේ ශනි හිමි අනුර නැකතේ 4 වෙනි පාදයෙන් උපත ලබා ඇති හෙයින් ශනි මහා දශාව ඉදිරියට වර්ෂ 1 යි මාස 08 යි දින 12 ක් ශේෂව තිබුණි.

ඉහත කන්‍යා ලග්න කේන්දරය අයත් වන්නේ සමලිංගික සේවනය හේතුකොටගෙන ඒඩ්ස් රෝගය වැලඳීමෙන් ජීවිතක්ෂයට පත් වූ ඇමෙරිකාවේ ජනපි‍්‍රය සිනමා නළුවෙක් වූ රොක් හඩ්සන්ටය. ඒ අනුව ඉහත කේන්දරයේ කාම ත්‍රිකෝණයට අයත් භාවයක් වන 3 වැන්නේ නීච වර්ගොත්තම සඳුය. එම සඳු කාම ත්‍රිකෝණයට අයත් තවත් භාවයක් වන 11 වැන්නේ සිටින, සතුරු රාහුගේ දෘෂ්ටිය ලක්වේ. ඒ අනුව එතනදී රාහු, සඳු සංයෝගයක් නැතත් රාහුගේ දෘෂ්ඨිය සඳු වැටීමෙන් වක්‍ර ආකාරයෙන් රාහු, සඳුට සංයෝගයට සමාන ග්‍රහ බලයක් ක්‍රියාත්මක වී ඇත. එමෙන්ම කාම ත්‍රිකෝණයට අයත් පළමු භාවය වන 7 වැන්නට, සඳුගේ රාශි දෘෂ්ටිය ලබාගත් රාහු 7 වැන්න පූර්ණ දෘෂ්ඨියෙන් දකිමින් රාහු, සඳු ගේ බලපෑම රති කාමය නිවේදනය කරන භාවයක් වන හත් වැන්නට ලබා දී ඇත. ඒ අනුව කාම ත්‍රිකෝණය අයත් 3, 7, 11 යන භාව 3 ම රාහු/ සඳුගේ බලපෑම ලක්වීම, ජන්මියාට සමලිංගික සේවනයට දැඩි රුචිකත්වයක් දක්වන ග්‍රහ බලපෑමක් වනවා සේම සමලිංගික තෘප්තිය උදෙසා විවිධ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී ඇති බව පෙන්වා දෙන ග්‍රහ බලයක් වන්නේ ය. එමෙන්ම ලිංගික ජීවිතය ගැන කරුණු හෙළිදරව් කරන සිකුරු නවාංශකයේ නීචවීම, එකී සිකුරු සහ 7 අධිපති ගුරු තවදුරටත් පාළු ග්‍රහයන් වන රාහු සහ කේතුගෙන් පාප කර්තරීනම් තවත් පාළු ග්‍රහයෙක් වන සෙනසුරුගේ සූර්යයා දෘෂ්ටියෙන් පීඩාවීමද ජන්මියාට සමලිංගික සේවනයට යොමු කරන ග්‍රහ බලයක් වන්නේ ය. මෙහිදී කන්‍යා ලග්නයට තදබල පාපියෙක් වන 22 වෙනි දෙර්කාණාධිපති අඟහරු මාරක භාවයක් වන දෙවැන්නෙහි රෝග ස්ථානාධිපති ( 6 අධිපති) සෙනසුරු සමඟ යෝගව, සෙනසුරුගේ පූර්ණ දෘෂ්ටිය තුළින් 22 වෙනි දෙර්කාණාධිපති අඟහරුගේ පාපී බලය 7 අධිපති ගුරුට, රති කාමයට කාරක සිකුරුට 7 අධිපති ගුරු 22 වෙනි දෙර්කාණාධිපති අඟහරුට අයත් නවාංශකය වීම යන කරුණු ඉහත කේන්දර හිමි සිනමා නළුවා සමලිංගික සේවනය හේතුකොටගෙන රුධිර ආශි‍්‍රත රෝගවලට ගොදුරුවන බව පෙන්වාදෙන ග්‍රහ බලයකි. මෙහිදී අඟහරුට වඩා ලග්න කේන්දරයක රුධිරය සඳහා පෙනී සිටින ග්‍රහයෙක් වන සඳු 22 වෙනි දෙර්කාණාධිපති අඟහරුට අයත් රාශි නවාංශකවල පතිතව නීච වර්ගෝත්තම බලය ලැබීම. මෙකී සමලිංගික සේවනය හේතුකොට වැලඳෙන රුධිර සම්බන්ධ රෝගී තත්ත්වය වඩා තීව්‍රවන බව පෙන්වා දෙන ග්‍රහ බලයක් වන අතර, මෙහිදී වයිරස්වලට කාරක ග්‍රහයෙක් වන කේතු 5 වැන්නෙහි, සතුරුව කේන්ද්‍රය දෘෂ්ඨියෙන්, මාරක භාවයක් වන දෙවැන්නෙහි සිටින 22 වෙනි දෙර්කාණාධිපති අඟහරුවත් රෝග ස්ථානාධිපති, සෙනසුරුව දැකීමත් රාශි දෘෂ්ඨියෙන් අයු භාවක් වන 3 වැන්නේ සිටින ලග්නාධිපති, සඳු සහ රවි දැකීමක් එමෙන් කේතු පූර්ණ දෘෂ්ඨියෙන් ලග්නය දැකීම හේතු කොට හත කේන්දරය හිමි සිනමා නළුවා, සමලිංගික සේවනය හේතු කොටගෙන ඒඩ්ස් වයිරසය ශරීරගතවීමෙන් 1985 දී ජීවිතක්ෂයට පත්විය.

 

ඡ්‍යොතිෂවේදී,

උදම් පෙරේරා

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 16 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.