උපන් නැකැතයි නව වසරයි

ජනවාරි 7, 2022

උපන් නැකැත යනු පුද්ගලයාගේ ජන්ම නැකැතයි. ජන්ම නැකැතේ සිට ගණනය කරන විට කර්ම, සංඝාත, සාමුදාහික, ආධාන වෛනායක, ජාත, දේශ, අභිෂ්ක යන නැකැත්වල සුබ ග්‍රහයන් , අසුබ ග්‍රහයන් ගමන් ගන්නා කාලවලදී ජන්මියාට සුබ අසුබ ප්‍රතිඵල ගෙන දෙයි. ඒ අනුව 2022 වසරේදී ඔබගේ නැකැතේ මෙම සුබාසුබ ග්‍රහයන් ගමන් කරන පලාඵල විග්‍රහ කිරීම මෙම ලිපියේ අරමුණයි. ඒ අනුව නැකැත් 27 සඳහා මෙම පලාඵල ගොනුකර දැක්වෙයි.

 

 

අස්විද

වසර ආරම්භය ඔබට රැකියාවේ ප්‍රගතියක් පෙන්නුම් කරමින් පටන් ගනී. විශේෂයෙන් රාජ්‍ය අංශයේ උසස් පදවි, තානාන්තර ලැබීමට හිමිකම් ඇත. වැඩි කැමැත්ත පොත්පත්, ග්‍රන්ථ කරණය ආදී කටයුතු කෙරෙහි ඇතිකරයි. එහෙත් වසර මැද කාලය පීඩා ගෙන දෙන කරුණක් ඇතිවේ. ව්‍යාපාර ආදායම් තත්ත්වය වසර අගදී වැඩි වෙයි. වසර අවසානය නීතිමය කටයුතු නිසා පීඩා ගෙන දෙයි. තමාගෙ පවුලට හිතවත් වැඩිහිටියකු වෙන් වෙයි.

බෙරණ

වසර ආරම්භය නඩුහබ කරදර ආදී ගැටලු රැසකට මුහුණ පාමින් ආරම්භ වෙයි. තමා නොසිතූ අයකුගෙන් චෝදනා එල්ලවන කාලයකි. වැඩිහිටි පක්ෂයේ අයකුට අපලයි. ගේ දොර තත්ත්වය දියුණුවක් දකී. සැප්තැම්බර් මාසය තරමක පීඩා ගෙන දෙන කාලයක් බව කිව යුතුයි. මැයි මාසයෙ ඔබගේ ප්‍රමාද වූ විවාහ කටයුතු සාර්ථක වෙයි. ගින්න ආශි‍්‍රත කටයුතු වලින් හැකිතාක් පරෙස්සම් වන්න.

කැති

වසර පටන් ගැන්ම තරමක පීඩා ගෙන දෙන කාලයකි. නිතර නිතර ආගම දහමට අනුව කටයුතු කරමින් කාලය ගෙවන්න. උෂ්ණාධික රෝග පහව යයි. වසර මැද කාලයේදී හදිසි ශල්‍යකර්මයකට භාජනය වීමට ඉඩ තිබේ. ජුනි මැද කාලය වනවිටදී විභාග අපේක්ෂක දරුවන්ට සුබදායකයි. ආදර සබඳතා වැඩි දියුණු වෙයි. තමාගේ තත්ත්වයට ගැලපෙන අය ඇසුරට ගන්න.

රෙහෙණ

ඔබට වසර ආරම්භ වන්නේ රජයට සම්බන්ධ උසස් පුද්ගලයන්ගේ ඇසුරු කිරීම් වැඩි වීමෙනි. තමාගේ පවුලට එක්වන්නේද ප්‍රභූ පිරිසකි. භූමිලාභ බලාපොරොත්තුවෙන් කිසිවක් නොකරන්න. පාඩු සිදුවෙයි. වසර මැදදී රැකියාව සම්බන්ධයෙන් විදෙස් ගතවෙයි. ඔක්තෝබර් මාසය පමණ වන විටදී යටපත් වූ රෝගයක් නැවත උත්සන්න වෙයි. අනුන්ගේ ආහාරයක් විෂ වීමට ඉඩ ඇත. තමාගේ පරෙස්සම පිළිබඳව සැලකිළිමත් වන්න.

මුවසිරස

වසර ආරම්භ වන්නේ වැදගත් ඥාතීන් හිතවතුන් පිරිසකට නෑකම් කියමිනි. පවත්නා රෝග සුව අතටත් රැකියා ලාබ වැඩිවීමටත් ජනවාරි මාසය මුල්වෙයි. වසර මැදදී අධ්‍යාපන ජයක් ලබයි. ජූලි – අගෝස්තු අතර කාලය විවාහ ඉක්මන් කරවයි. හදිසි අනතුරු ඇතිකරවන බවක් වසර මැදදී පෙන්නුම් කරයි. වසර අවසානයත් උදරාබාධ තත්ත්වයකින් පීඩා ගෙන දෙයි. නිතර නිතර ආගමානුකූලව වතාවත් ඉටුකර කුසල් රැස්කර ගන්න.

අද

වසර මුල සාමාන්‍ය ප්‍රතිඵල උදාකර දෙමින් අද නැකැත් හිමියන්ට සුබාසුබ ගෙන දෙයි. දරුවන්ගේ කටයුතු වලින් තරමක සිත් රිදවීම් ගෙන දෙන වසරකි. වසර මැද රජයේ අනුග්‍රහයෙන් සිදුවන ක්‍රියාවන්ට මුහුණපායි. ඇස්වල, අත්,පාවල උෂ්ණාධික බව වැඩිවන රෝගයක් හට ගනී. ප්‍රමාදවූ විවාහ කටයුතු අවසන් කරගැනීමට හැකියාව ලැබෙයි. වසර අවසානය බොහෝ ජයග්‍රහණ සහිතව ගත කිරීමට අවස්ථාව උදා වේ.

පුනාවස

වසර ආරම්භය සුබදායක වුවත් මාසයක් දෙකක් ගත වූ පසු යටපත් වූ රෝගයක් උත්සන්න වන ලකුණූ පෙන්වයි.කල්තියා පරික්ෂා කරවාගෙන ප්‍රතිකාර ලබාගැනීම සුදුසුයි. රවි, බුධ, සිකුරු යන ග්‍රහයන් මෙම නැකැත් ගමන් කරන කාලය තරමක සුබදායක ප්‍රතිඵල උදාකර දෙයි. ව්‍යාපාර හෝ රැකියා කටයුතු ආදියෙන් සහනයක් ලැබේ. පරම්පරා ගත ධනයකට හිමිකම් කියන වසරකි.

පුෂ

අධ්‍යාපන කටයුතුවල දියුණුවක් දැකිය හැකි වසරකි. උනන්දුවේ තරමට ප්‍රතිඵල ගෙන දෙයි. පවුල් කටයුතු අවුල් තත්ත්වයක් ඇති කරයි. හැකිතාක් ජලය පානය කරන්න. උදරාබාධ රෝගී තත්ත්වයක් පැනනඟින කාලවකවානුවකි. මිත්‍රයන් සේ ඇසුරට එන සතුරන් හඳුනා ගැනීමට වඩාත් උපක්‍රමශීලි වන්න. ඔබේ දියුණුවට , පැවැත්මට මෙම තත්ත්වය වඩාත් ඵලදායක වේ.

අස්ලිස

වසර මුලදීම නොසිතූ කරදර කීපයකට මුහුණපායි. වැඩිහිටියන්ගේ උපකාර ලබාගැනීමට සිදුවෙනු ඇත. තීන්දු තීරණ දුරදිග බලා ගැනීම නුවණට හුරුයි. මාපිය පාර්ශ්වයේ උරුම හිමිකම් පිළිබඳව ගැටලුවක් ඇතිවේ. වසර අවසානය පදිංචියේ වෙනසක් සිදුකිරීමට බලාපොරොත්තු වෙයි. දුර බැහැර ඥාතියකුගෙන් විශේෂ වාසියක් හිමි වෙනු ඇත.

මා

සුබාසුබ මිශ්‍රව ගෙන දෙන වසරකි. වසර පුරාවට රවි, බුධ, සිකුරු යන ග්‍රහයන් ගමන් ගන්නා බැවින් අයහපත් ඵල තරමකට අඩුවෙනු ඇත. ලොතරැයි වාසනා හදිසි ධනය ලැබීම් හිමි වෙයි. හිතුවක්කාර දරුවකු නිසා නීතියේ පිහිට පතයි. ගැහැණු දරුවන්ගේ පරෙස්සම පිළිබඳව දෙවරක් සිතා බැලිය යුතු වසරකි.

පුවපල්

ගේදොර තත්ත්වය සුබදායක ලෙස සකස්වන වසරකි. අලුත් අලුත් දේ අත්හදා බලන කාලයකි. තමාගේ නම ප්‍රසිද්ධියට පත්වන කරුණු යෙදෙයි. වසර මැද තරමක පසුබෑමකට ලක් වුවත් ඉදිරිය යහපත් ය. යානවාහන මිලදී ගැනීමට අවස්ථාව සැලසේ. විවාහයෙන් දියුණුව, පී‍්‍රතිය, ඇති කරන කාලයකි. යොදාගත් කටයුතු කීපයක් එකලාසයක් කරගත හැකි වසරකි.

උත්‍රපල්

රවිට හිමි නැකැතකින් උපන් ඔබට මෙම වසර වඩාත් සුබදායක වෙනු ඇත. අතපසු වූ රැකියාවේ කටයුතු ව්‍යාපාර කටයුතු නිමාකර ගැනීමට හැකියාව ලැබෙයි. හදිසි කෝපය හේතුවෙන් තමාට පාඩු වෙයි. වසර මැද දී කලාතුරකින් හමුවන අයකුගෙන් විශේෂ උපකාරයක් බලාපොරොත්තු වෙයි. වැඩිහිටියන්ගේ කීමකට විරුද්ධ වෙයි. පොරොන්දු වූ ගිවිසුම් ඉවතලන කාලයකි.

හත

වසර ආරම්භයත් සමඟ සිතට අසහනකාරි බවක් ඇති කරයි. නිකරුණේ සිදුවන කතාබහ හේතුවෙන් පාඩු විඳී. නිතර නිතර අධිකව ඇවිදීම් වැඩි කරයි. රවි, බුධ, සිකුරු යන ග්‍රහයන් ගමන් ගන්නා මෙම වසරේදී හත නැකැත් හිමියන්ට සුබදායක විවාහයක් ඉටුවන ලකුණු පෙන්නුම් කරයි. රැකියාව නිසා වරින්වර ශාරිරික පීඩා මතු වේ. වසර අවසානය නිවසින් පිටත ගත කිරීමට සිදුවෙනු ඇත.

සිත

කුජගේ නැකැතක් හිමි ඔබට මෙම වසරේදී පැවති අසහනකාරි ගති ස්වභාවය ඉවතට යයි. මාපිය පාර්ශ්වයෙන් විශේෂ සහයෝගයක් හිමි වෙනු ඇත. වසර මැද කාලය ගතවන්නේ විදෙස් ගත රැකියාවකට මුල පුරමිනි. කුඩා දරුවකුගේ ශල්‍යකර්මයක් සඳහා අවශ්‍ය පහසුකම් සැලසෙයි. වසර අවසානය සිතට සහනය ළඟා වෙයි.

සා

නිතර නිතර ඇවිදිලි ගමන් බිමන් වැඩිවන වසරකි. නිතරම අවිවේකීව කාලය ගතවෙයි. ගුරු වෘත්තියේ කටයුතු කරන්නකු නම් නොසිතූ කරදර කීපයකට මුහුණ පායි. ලොකු කුඩා කා සමඟත් සුහදව කටයුතු කිරීමට සිතයි. වසර අවසානය දරු සම්පත් ලාභීන්ට සතුටුදායක වෙයි.

විසා

වසර ආරම්භය සුබදායක ලෙස ඇරඹේ. තමාට හිතවත් පිරිස වැඩි වෙයි. නමුත් මුදල් කටයුතු වලින් පරෙස්සම් වන්න. ව්‍යාපාර කටයුතු කෙරෙහි වැඩි නැඹුරුතාවයක් දක්වයි. අලුත් කටයුතු කීපයක් ආරම්භ කරයි. විවාහක සහකරු සහකාරිය සමඟින් සුහදව ක්‍රියා කිරීමට අවස්ථාව උදා වේ. වසර අවසානය තමාගේ නිරෝගිකම පිළිබඳව වැඩි අවධානයකින් කටයුතු කරන කාලයකි.

අනුර

පවත්නා රෝග සමනය වන වසරකි.රැකියා කටයුතු ආදියෙන් ලාබ තත්වයක් ඇති කරයි. වසර වසර මැද කාලයේදී රැකියාව නිසා තරමක ශාරිරික පීඩා තත්වයක් බලපායි. ව්‍යාපර කටයුතු ආදියෙන් ලැබෙන ආදායම වැඩි කරයි. වසර අවසානයට පෙර නඩුහබ, ස්ථාන කරදර පෙන්නුම් කරයි. අවසාන මාස කීපය තුළදී ඔබගේ විවාහ කටයුතු ඉක්මන් වෙයි. ඉන්පසුව දියුණුව පී‍්‍රතිය වැඩිකරයි.

දෙට

වසර මුල දින කීපය තුළ සටන්කාරි ගතියක් ඔබට පෙන්නුම් කරයි. අඟහරුගේ බලපෑම මත සිදුවන මෙම වෙනස්කම් වසර අවසානයේදී නැතිවී යයි. තමාගේ සෞඛ්‍යය පිළිබඳව නිසි උපදෙස් ලබාගත යුතු කාලයකි. වසර මැදවනවිට රැකියා ලාබ වැඩිකරයි. ව්‍යාපාර වලින් ලැබෙන ආදායම් ජූලි මැද භාගය වනවිට වැඩිවේ. වැඩිහිටි අයට සුබයි. ගේ දොර තත්වය උසස් වෙයි. පී‍්‍රතිමත් විවාහයකට ඉඩ සැලසෙයි.

මුල

රවි, බුධ, සිකුරු යන සුබ ග්‍රහයන් ගමන් ගණන මෙම වසර ඔබට සුබදායක වෙයි. විශේෂයෙන් බලාපොරොත්තු වු පරිදි අධ්‍යාපනයේ නව මඟක් ඇතිකරගන්න කාලයකි. වසර මැදදී උසස් විවාහ දිවියකට ඇතුළු වේ. දරුලාභ සම්පත් වාසනාවන්ත වෙයි. නිවුන් දරු උපතකට හේතුයි. වසර අවසානය දෙමාපියන්ගේ කටයුතු උදෙසා විදෙස්ගත වෙයි. හදිසි ලාබ ගෙන දෙන වසරකි.

පුවසල

සිකුරුගේ නැකතක් හිමි ඔබට සිකුරු රජවන කාලයකි. වසර මුලදීම මංගල සීනු නාදවන කරුණු යෙදේ. එහෙත් සතුරන්ද නැතිවාම නොවේ. හවුල් කටයුතු නිසා සතුරු මිතුරුකම් ඇතිවෙයි. දුරගමන්, සංචාර අත්හිටුවිය යුතු කාලයකි. බෝවන රෝග වලින් ආරක්ෂා වන්න. වසර අවසානය ඔබට පින්දහම් කටයුතු වල නිරතවීමට බොහෝ ඉඩ ලැබෙනු ඇත.

උත්‍රසල

ඔබගේ නැකැත් රවි බුධ, ග්‍රහයන් වසර මුලදීම තැන්පත්ව සිටීම නව ආදායම් මාර්ග පෙන්නුම් කරන තත්ත්වයකි. නිවැරදි තීන්දු, තීරණ අනුව කටයුතු කිරීම, යහපත උදාකරයි. වසර මැදදී සිදුවන යම් කරදරයක් හේතුවෙන් පීඩා ගෙන දෙයි. දරුවෙකුට අධ්‍යාපන ක්‍රියාවලියක් හේතුවෙන් විශිෂ්ට ජයක් හිමිවේ. වසර අවසානය පෙම්වතුන්ට සුබදායක වෙයි.

සුවණ

වසර ආරම්භ වන්නේ බුධ, සිකුරු මෙන්ම පාප ග්‍රහයෙක් වන සෙනසුරුද, සුවණ නැකැතේ ගමන් කරද්දීය. විශේෂයෙන් ඔබට පාදයක ආබාධ තත්වයකින් පීඩා විඳීමට සිදුවන වසරකි. උස් ස්ථානවලට නැගීමේදී වඩාත් පරෙස්සම්වන්න. වසර මැදදී විවාහ පොරොන්දුවක් කඩවෙයි. උත්සාහයේ තරමට ප්‍රතිඵල වාසිදායක වෙනු ඇත. උත්සාහයෙන් ක්‍රියා කළ යුතු වසරකි. දරුවන්ට පී‍්‍රතිමත් වෙයි.

දෙනට

සටන්කාමී ගතිය වැඩිකර දෙමින් ආරම්භ වන වසරකි. සැමවිටම යුක්තිය, සාධාරණය, වෙනුවෙන් ක්‍රියා කරයි. මාර්තු මාසයට පෙර බලාපොරොත්තුවෙන් සිටි සහකාරිය, සහකරු මුණ ගැසේ. සෙනසුරු මහ දශා, අතුරු දශා ගතකරන, අයට තරමක පීඩා ගෙන දෙන වසරකි. පින්දහම් කටයුතු සිදුකරගනිමින් අකුසල් මඟහැර ගන්න.

සියාවස

වසර මුලදී සියාවස නැකැතේ රවි ගමන් ගැනීම නිසා රජයට පක්ෂපාතී අයෙකුගෙන් සහයෝගය හිමිකර ගනී. ස්වයං රැකියා, ව්‍යාපාර වලට වාසිදායකයි. විභාගවලට පෙනී සිටින දරුවන්හට විශේෂ සුබඵල ගෙන දෙන වසරකි. වසර මැදදී ලෝකෝත්තර අංශවලට වැඩි කාලයක් යොදවන සිදුවීම් සිදුවෙයි. වසර අවසානයට පෙර ලබාගත් ණයකින් නිදහසක් ලැබීමට හැකියාව අවස්ථාව උදාවෙයි. වාසනාව ගෙන දෙන වසරකි.

පුවපුටුප

රවි, කුජ, බුධ, ගුරු, සිකුරු, යන ග්‍රහයන් මෙම නැකැතේ ගමන් කරයි. වසර සුබාසුබ මිශ්‍රව ගෙවීයයි. ආරම්භය තරමක නොසන්සුන්කාරී බවකින් යුක්ත වුවත් වසර මැද ගතවන විටදී ලාබ ඉපයීම් වැඩිකරයි. රථ වාහන, යන්ත්‍ර සූත්‍ර මිලදී ගැනීම් වලට හවුල් වෙයි. වසර අවසානය හදිසි ගිනිගැනීම්, පිපිරීම් වැනි අවාසනාවන්ත සිදුවීම් වලට මුහුණ පෑමට සිදුවෙනු ඇත.

උත්‍රපුටුප

වසර ආරම්භය උදාවන්නේ හිතවත් මිතුරෙකුගේ උපකාරයකට එක්වීමෙනි. නිතර නිතර ආගමානුකූලව පිළිවෙත් අනුගමනය කරමින් කටයුතු කිරීම අපල දුරුකරගැනීමට මාර්ගයකි. වසර මැදදී උදාවන්නේ දරුවෙකුගේ කටයුත්තක් වෙනුවෙන් වෙහෙසීමටයි. ගුරු වැනි ලෝකෝත්තර අංශයට නැඹුරු ග්‍රහයෙකු මෙම නැකැත් ගමන් කිරීම වඩ වඩාත් ආගමික කටයුතු වලට සිත යොදවන ග්‍රහ තත්ත්වයකි. වසර අවසානයේදී තරුණ පිරිස අතර තමා ජනපි‍්‍රය චාරිතයක් වෙයි.

රේවතී

වසර මුලදී මාර්තු – අපේ‍්‍රල් කාලය තුළදී ඔබට බොහෝ සුබඵල ගෙනදෙනු ඇත. බුධ මහ දශාවේත් උපන් ඔබට හා බුධ මහ දශාව ගතකරන අයට විශේෂ සුබඵල අත්වන කාලයකි. වසර මැද උදාවන විට පොත්පත් ආශි‍්‍රත ග්‍රන්ථ ලිවීම්, මුද්‍රණය කිරීම් වැනි කටයුතුවලට එක්වෙයි. කුඩා දරුවන්ගේ කටයුතු සඳහා වැඩි කාලයක් යොදවයි. ලමා නිවාස සඳහා වැඩි කාලයක් යොදවයි. ළමා නිවාස පාලිකාවන්ට දැඩි නීතිරීති පැනවෙන කාලයකි. වසර ගෙවී යද්දී පිටරට සංචාරයකට එක්වෙයි.

 

විසා

වසර ආරම්භය සුබදායක ලෙස ඇරඹේ. තමාට හිතවත් පිරිස වැඩි වෙයි. නමුත් මුදල් කටයුතු වලින් පරෙස්සම් වන්න. ව්‍යාපාර කටයුතු කෙරෙහි වැඩි නැඹුරුතාවයක් දක්වයි. අලුත් කටයුතු කීපයක් ආරම්භ කරයි. විවාහක සහකරු සහකාරිය සමඟින් සුහදව ක්‍රියා කිරීමට අවස්ථාව උදා වේ. වසර අවසානය තමාගේ නිරෝගිකම පිළිබඳව වැඩි අවධානයකින් කටයුතු කරන කාලයකි.

 

අනුර

පවත්නා රෝග සමනය වන වසරකි.රැකියා කටයුතු ආදියෙන් ලාබ තත්ත්වයක් ඇති කරයි. වසර මැද කාලයේදී රැකියාව නිසා තරමක ශාරිරික පීඩා තත්ත්වයක් බලපායි. ව්‍යාපර කටයුතු ආදියෙන් ලැබෙන ආදායම වැඩි කරයි. වසර අවසානයට පෙර නඩුහබ, ස්ථාන කරදර පෙන්නුම් කරයි. අවසාන මාස කීපය තුළදී ඔබගේ විවාහ කටයුතු ඉක්මන් වෙයි. ඉන්පසුව දියුණුව පී‍්‍රතිය වැඩිකරයි.

දෙට

වසර මුල දින කීපය තුළ සටන්කාරි ගතියක් ඔබට පෙන්නුම් කරයි. අඟහරුගේ බලපෑම මත සිදුවන මෙම වෙනස්කම් වසර අවසානයේදී නැතිවී යයි. තමාගේ සෞඛ්‍යය පිළිබඳව නිසි උපදෙස් ලබාගත යුතු කාලයකි. වසර මැදවනවිට රැකියා ලාබ වැඩිකරයි. ව්‍යාපාර වලින් ලැබෙන ආදායම් ජූලි මැද භාගය වනවිට වැඩිවේ. වැඩිහිටි අයට සුබයි. ගේ දොර තත්ත්වය උසස් වෙයි. පී‍්‍රතිමත් විවාහයකට ඉඩ සැලසෙයි.

මුල

රවි, බුධ, සිකුරු යන සුබ ග්‍රහයන් ගමන් ගණන මෙම වසර ඔබට සුබදායක වෙයි. විශේෂයෙන් බලාපොරොත්තු වු පරිදි අධ්‍යාපනයේ නව මඟක් ඇතිකරගන්න කාලයකි. වසර මැදදී උසස් විවාහ දිවියකට ඇතුළු වේ. දරුලාභ සම්පත් වාසනාවන්ත වෙයි. නිවුන් දරු උපතකට හේතුයි. වසර අවසානය දෙමාපියන්ගේ කටයුතු උදෙසා විදෙස්ගත වෙයි. හදිසි ලාබ ගෙන දෙන වසරකි.

පුවසල

සිකුරුගේ නැකැතක් හිමි ඔබට සිකුරු රජවන කාලයකි. වසර මුලදීම මංගල සීනු නාදවන කරුණු යෙදේ. එහෙත් සතුරන්ද නැතිවාම නොවේ. හවුල් කටයුතු නිසා සතුරු මිතුරුකම් ඇතිවෙයි. දුරගමන්, සංචාර අත්හිටුවිය යුතු කාලයකි. බෝවන රෝග වලින් ආරක්ෂා වන්න. වසර අවසානය ඔබට පින්දහම් කටයුතු වල නිරතවීමට බොහෝ ඉඩ ලැබෙනු ඇත.

උත්‍රසල

ඔබගේ නැකැතේ රවි බුධ, ග්‍රහයන් වසර මුලදීම තැන්පත්ව සිටීම නව ආදායම් මාර්ග පෙන්නුම් කරන තත්ත්වයකි. නිවැරදි තීන්දු, තීරණ අනුව කටයුතු කිරීම, යහපත උදාකරයි. වසර මැදදී සිදුවන යම් කරදරයක් හේතුවෙන් පීඩා ගෙන දෙයි. දරුවකුට අධ්‍යාපන ක්‍රියාවලියක් හේතුවෙන් විශිෂ්ට ජයක් හිමිවේ. වසර අවසානය පෙම්වතුන්ට සුබදායක වෙයි.

සුවණ

වසර ආරම්භ වන්නේ බුධ, සිකුරු මෙන්ම පාප ග්‍රහයෙක් වන සෙනසුරුද, සුවණ නැකැතේ ගමන් කරද්දීය. විශේෂයෙන් ඔබට පාදයක ආබාධ තත්ත්වයකින් පීඩා විඳීමට සිදුවන වසරකි. උස් ස්ථානවලට නැගීමේදී වඩාත් පරෙස්සම්වන්න. වසර මැදදී විවාහ පොරොන්දුවක් කඩවෙයි. උත්සාහයේ තරමට ප්‍රතිඵල වාසිදායක වෙනු ඇත. උත්සාහයෙන් ක්‍රියා කළ යුතු වසරකි. දරුවන්ට පී‍්‍රතිමත් වෙයි.

දෙනට

සටන්කාමී ගතිය වැඩිකර දෙමින් ආරම්භ වන වසරකි. සැමවිටම යුක්තිය, සාධාරණය, වෙනුවෙන් ක්‍රියා කරයි. මාර්තු මාසයට පෙර බලාපොරොත්තුවෙන් සිටි සහකාරිය, සහකරු මුණ ගැසේ. සෙනසුරු මහ දශා, අතුරු දශා ගතකරන, අයට තරමක පීඩා ගෙන දෙන වසරකි. පින්දහම් කටයුතු සිදුකරගනිමින් අකුසල් මඟහැර ගන්න.

සියාවස

වසර මුලදී සියාවස නැකැතේ රවි ගමන් ගැනීම නිසා රජයට පක්ෂපාතී අයකුගෙන් සහයෝගය හිමිකර ගනී. ස්වයං රැකියා, ව්‍යාපාර වලට වාසිදායකයි. විභාගවලට පෙනී සිටින දරුවන්හට විශේෂ සුබඵල ගෙන දෙන වසරකි. වසර මැදදී ලෝකෝත්තර අංශවලට වැඩි කාලයක් යොදවන සිදුවීම් සිදුවෙයි. වසර අවසානයට පෙර ලබාගත් ණයකින් නිදහසක් ලැබීමට හැකියාව අවස්ථාව උදාවෙයි. වාසනාව ගෙන දෙන වසරකි.

පුවපුටුප

රවි, කුජ, බුධ, ගුරු, සිකුරු, යන ග්‍රහයන් මෙම නැකැතේ ගමන් කරයි. වසර සුබාසුබ මිශ්‍රව ගෙවීයයි. ආරම්භය තරමක නොසන්සුන්කාරී බවකින් යුක්ත වුවත් වසර මැද ගතවන විටදී ලාබ ඉපයීම් වැඩිකරයි. රථ වාහන, යන්ත්‍ර සූත්‍ර මිලදී ගැනීම් වලට හවුල් වෙයි. වසර අවසානය හදිසි ගිනිගැනීම්, පිපිරීම් වැනි අවාසනාවන්ත සිදුවීම් වලට මුහුණ පෑමට සිදුවෙනු ඇත.

උත්‍රපුටුප

වසර ආරම්භය උදාවන්නේ හිතවත් මිතුරකුගේ උපකාරයකට එක්වීමෙනි. නිතර නිතර ආගමානුකූලව පිළිවෙත් අනුගමනය කරමින් කටයුතු කිරීම අපල දුරුකරගැනීමට මාර්ගයකි. වසර මැදදී උදාවන්නේ දරුවකුගේ කටයුත්තක් වෙනුවෙන් වෙහෙසීමටයි. ගුරු වැනි ලෝකෝත්තර අංශයට නැඹුරු ග්‍රහයකු මෙම නැකැත් ගමන් කිරීම වඩ වඩාත් ආගමික කටයුතු වලට සිත යොදවන ග්‍රහ තත්ත්වයකි. වසර අවසානයේදී තරුණ පිරිස අතර තමා ජනපි‍්‍රය චාරිතයක් වෙයි.

රේවතී

වසර මුලදී මාර්තු – අපේ‍්‍රල් කාලය තුළදී ඔබට බොහෝ සුබඵල ගෙනදෙනු ඇත. බුධ මහ දශාවේත් උපන් ඔබට හා බුධ මහ දශාව ගතකරන අයට විශේෂ සුබඵල අත්වන කාලයකි. වසර මැද උදාවන විට පොත්පත් ආශි‍්‍රත ග්‍රන්ථ ලිවීම්, මුද්‍රණය කිරීම් වැනි කටයුතුවලට එක්වෙයි. කුඩා දරුවන්ගේ කටයුතු සඳහා වැඩි කාලයක් යොදවයි. ළමා නිවාස සඳහා වැඩි කාලයක් යොදවයි. ළමා නිවාස පාලිකාවන්ට දැඩි නීතිරීති පැනවෙන කාලයකි. වසර ගෙවී යද්දී පිටරට සංචාරයකට එක්වෙයි.

 

ඔබ සැමට ජය පිරි සුබ වසරක් වේවා!

 

චම්පිකා අඹුවන්ගල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.