සුදුවීමේ මාෆියාවෙන් ගැලවෙන්න පිළිපැදිය යුතු හෙළ වෙද පිළියම්

ජනවාරි 31, 2020

නව යොවුන්විය බෙහෙවින් පී‍්‍රතිමත් ය. කෙළිලොල් ය. තරුණ සිත් පිරිසුදුය. ගත ක්‍රියාශීලි ය.

මේ නිසා ඉතාම ළාබාල වියේ සිටම රූපලාවණ්‍යාගාර වලින් ෆේෂල් කිරීමට යොමු වනවාට වඩා සිත නිරවුල්ව හා පී‍්‍රතිමත්ව තබාගැනීම කායික හා මානසික පිරිසුදුකම රැක ගැනීම තුළින් අනවශ්‍ය ලෙස මුහුණේ විරූපී වීම් ඇති නොවන බව තරුණ ඔබ හොඳින්ම වටහා ගත යුතුය.

එමෙන්ම අද රූපලාවණ්‍යාගාරවල තිබෙන අධික මිලෙන් යුත්, රසදිය හා ඉක්මනින් සුදු වෙන කෘත්‍රීම රසායන ද්‍රව්‍ය අධිකව මිශ්‍ර කර නිපදවන ටික දෙනෙකුට ධන උල්පතක් මවනා කිසිදු ප්‍රයෝජනයක් නැති ෆේෂල් සඳහා නිකරුණේ මුදල් නාස්ති කිරීම නොකළ යුතු බව ද අපේ යෞවනියන් හා තරුණ කාන්තාවන් විශේෂයෙන්ම අවබෝධ කරගත යුතුය.

බොහෝ රූපලාවණ්‍ය ආලේපන ඒවායේ මිල ගණන් අනුව සාමාන්‍ය ආදායමක් ඇති අයෙකුට ළං වීමටත් අපහසු තරම් ය. එමෙන්ම සමේ රැළි වැටීම තුරන් කිරීම, පැහැපත් කිරීම, සම සුදු කිරීම, මෘදු කිරීම ආදිය සඳහා දිනපතා උදේ, සවස හෝ නින්දට පෙර ගත යුතු ඖෂධීය ටැබ්ලට් ඉතාම ආකර්ෂණීය නාමයන්ගෙන් සිත් වශී කරන දවටන හා ඇසුරුම් වලින් ඉතා සූක්ෂ්ම අයුරින් ඔබේ මනස ආකර්ෂණය කරන යුගයකි. මේ මෙවන් බොළඳ පෙළඹවීම්වලට නොරැවටී නිකරුණේ මුදල් මෙන්ම තම ප්‍රාණවත් සජීවි සම ද විනාශ කර නොගැනීමට තරම් කාන්තා ඔබ බුද්ධිමත් විය යුතුමය. ප්‍රමිතියෙන් බාල නුසුදුසු රූපලාවණ්‍ය ආලේපන වසර ගණනක් තුළ භාවිතා කිරීම නිසාම මුහුණ මෙන්ම ශරීරයේ සම අකාලයේ විනාශ කරගත් වයසට කලින් මහලු පෙනුමක් බලෙන් උදා කරගත් අය පිළිබඳව ප්‍රසිද්ධියේ හෙළිදරව් නොවුණත් එවන් තරුණියන් හා කාන්තාවන් බහුතරයකට නිසි වෛද්‍ය උපදෙස්වල පිහිටෙන් පවා එම භයානක තත්වයෙන් මිදී සාමාන්‍ය තත්ත්වයට පත්වීමට නෙහැකි වී ඇති බව ද බොහෝ පිරිසක් සමේ පිළිකා තත්වයන්ට ගොදුරු වී ඇති බව ද ඔබ තවමත් නොදන්නා සත්‍යයකි.

ගෙවත්තෙන් ලබා ගත හැකි ඉතාම සරල හා දේශීය ක්‍රමයට භාවිතා වන අපේම ඖෂධ හා ප්‍රතිකර්ම මඟින් මුහුණ මෙන්ම සිරුරේ සම පිරිසුදුව පැහැපත්ව තබා ගැනීම හැර ඝර්ම කලාපික රටක ට උරුම වූ කළු සම හෝ තළෙළු සම අකාලයේ මරා දමමින් සමේ පැහැය තහවුුරු කරන “මෙලනින්” වර්ණකය විනාශ කිරීමට උත්සාහ කිරීම ලොකුම මුලාවකි. විනාශයකි. මුහුණේ සම අධික ලෙස ප්‍රාණවත් වන්නේ මුහුණට සිදුකරන ව්‍යායාම මගින් බවත් මෙය ඇඟිලි තුඩු මඟින් සිදු කෙරෙන ඉතා ක්‍රමවත් ස්පර්ශයක් බවත් ඔබ තේරුම් ගත යුතුය. දෛනිකව අප ලබාගත යුතු ආහාර පාන අලුත් පලතුරු ,අලුත් එළවළු හා පලා වර්ග මෙන්ම පහත දැක්වෙන සරල ප්‍රතිකර්ම මගින් පැහැපත් මුහුණක් (සුදු මුහුණක් නොවේ) හා පැහැපත් පිරිසුදු සමක් ලබාගත හැකි බව විශ්වාස කරන්න.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.