වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
සිව් සැට වැනි නවාංසකය
මැයි 10, 2019
ජන්ම කේන්දරයක 64 වැනි නවාංසකය අදිපතියා ඉතා මැ අයහපත් පල ඇතිකරන ගහයන් හත් දෙනාගෙන් එක් කෙනකු බව ඔබ දනිති. එය ලග්නයෙන් ද සඳු ගෙන් ද යන දෙපිළිවලට මැ බලපානා බව පැරැණි ඉසිවරුන් පෙන්වා දී ඇත.
එය “ඛර” නවාංසකය යන නමින් ද හඳුන්වා ඇත. “ඛර” යනු සකුවෙහි,තද, දැඩි, කුරිරු යන අරුත් දෙන වදනකි. මේ කුරිරු නවාංසකය හිමියා ඇතිකරන කුරිරු පල විපාක ගැනද සැලැකිලිමත්වීම වැදගත් වෙයි. මීට ඉහත පළ කළ 35 වැනි පැටුමෙහි ලා, ‘ජිද්රගහ’ යන නමින් ඉසිවරුන් හඳුන්වා ඇති ගහයන් හත් දෙනකු ගැන සඳහන් කළෙමි. “ජිද්රා” යනු “සිදුරුකරන” යන අරුත ඇති සකු වදනකි. 64 වැනි නවාංසකය අදිපතියා ද ඒ හත් දෙනා ගෙන් එක් ගහයෙකි. ඒ හත් දෙනා ගෙන් බලවත් මැ ගහයා ගේ දසා, අතුරු දසාවකදී කෙනකු ගේ මරණය සිදු වන බව ද ඉසිවරුන් පෙන්වා දී ඇත. එ පමණක් නො වැ ලග්නයෙන් හෝ සඳු ගෙන් හෝ 64 වැනි නවාංසකය යෙදෙන තැනින් රාහු ගමන් කරන අවස්ථාවක තමා ගේ හිතවත් නෑයකු ගේ මරණය සිදු වීමට ඉඩ ඇති බව බලභද්රයෝ පෙන්වා දෙති. රාහු මේ තැන ඉක්මවා යාමට මාස දෙකක පමණ කාලයක් ගන්නා බව ද කියා ඇත.
මේ 64 වැනි නවාංශකය අදිපතියා දුස්ට රාසියකට වැටී සෙනසුරු හා එක්වී ඇත්නම් ඒ තැනැත්තා ගේ මරණය සිදුවන්නේ වස ශරීරගත වීමෙන් බවත්, එම 64 වැනි නවාංසකය අදිපතියා දුස්ට රාසියක දී රාහු හෝ කේතු හෝ සමඟ එක් වී ඇත්නම් ගෙල හිරවීමෙන් මරණය සිදුවන බවත් “ජාතක පාරිජාත” නම් දෝ සතර පොතේ සඳහන් වී ඇත.
මෙ සේ මෙම 64 වැනි නවාංසකය මතින් පමණක් නොව, එහි අදිපතියා දුස්ට රාසියක තැන්පත් වී ඇත්නම් ඒ මතින් පාප ගහයකු ගමන් කරන කාලසීමාව ද අයහපත් කාලයක් බව දත යුතු වෙයි.
එ වැනි අවස්තාවක තමන් කෙරෙහි බලපාන මහ දසාව හෝ අතුරු දසාව හෝ පාපයකු ගේ වුව හොත් එයින් ඇතිකරන පලයද ඉතා මැ අයහපත් වනු ඇත. පලාපල කීමේදී එ බඳු තැන් ගැන ද සැලැකිලිමත් වීම වැදගත් වෙයි.
ජන්ම කේන්දරයක් අතට ගත් සැණින් 64 වැනි නවාංසකය සොයාගැනීමේ පහසු පිළිවෙළක්ද ඇත. 64 දොළහෙන් බෙදූ විට 4 ක් ඉතිරි වෙයි.
එ හෙයින් නවාංසක සටහනේ 4 වැනි කොටුව හිමියා 64 වන නවාංසකය අදිපතියා වෙයි. නිදසුනක් ගෙන බලමු.
මීන නවාංසකයේ සිට සිව් වැන්න මිතුනය යි. මිතුනය බුදට හිමියි. එ හෙයින් මේ කේන්දරයේ 64 වැනි නවාංසකය අදිපතියා බුද යි.නවාංසකය එකින් එක ගණන් කැර බැලූ විට එය නිවැරැදි බව පෙනෙයි. කන්‍යා රාසියේ මීන නවාංසකයේ සිට ඉදිරියට නවාංසක හතක් ඇත. එ තැන් සිට තුලා, වෘශ්චික , ධනු, මකර , කුම්භ, මීන යන රාසි හයෙහි නවාංසක පණස් හතරකි. (9ය6=54) යි.ඒ 54 ද කන්‍යා රාසියේ නවාංසක හතට එකතු කළ විට 61 ක් වෙයි. ඊළඟ මේෂ රාසියේ නවාංසක ඇරඹෙන්නේ මේෂයෙනි. එහෙයින් , මේස, වෘෂභ, මිතුන යන නවාංසක තුන ඉහත හැට එකට එක් කළ විට 64 වෙයි. එ හෙයින් ඉහත කී කෙටි ක්‍රමය නිවැරැදි බව පැහැදිලි වෙ යි.
මෙ සේ ඕනෑම කේන්දරයක 64 වැනි නවාංසකය අදිපතියා ඉතා පහසුවෙන් සොයා ගත හැක.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
හේමසිරි කුමාරණතුංග
෴ සබැඳි ලිපි ෴
රාශි චක්‍රයේ සිවු වන රාශිය වන කටක ජලජ රාශියක් වශයෙන් සැලකේ. බොහෝ අස්ථිර ගතියෙන් යුත් නීච රාශියක් නිසා කකුළුවකුගේ ස්වරූපයෙන් කටක රාශිය හඳුන්වනු...
2022-12-15 18:30:00
චරිත ලක්ෂණ රැකියාව විවාහය රෝගාබාධ මරණය මෙසේ විය හැකියි. නර රාශියක් වූ මිථුනයෙන් උපන් අය මනුෂ්‍ය ජීවිතය පිළිබඳව මනා අවබෝධයක් ඇත්තෙකි. මානුෂික...
2022-12-08 18:30:00
චරිත ලක්ෂණ රැකියාව විවාහය රෝගාබාධ මරණය මෙසේ විය හැකියි. ගොනෙකුගේ රුව සංකේතවත් කරන වෘෂභ රාශිය තාරකා 23කින් සමන්විත වන කැති නැකතේ පාද තුනක්ද...
2022-12-01 18:30:00
රවි ග්‍රහ අපලයට සෙත් කවි කියවා සෙත් පැතීම.විෂ්ණු ආඝෝර යන්ත්‍රය පැලඳවීම.සූර්ය මණ්ඩල යන්ත්‍රය සුදුසුයි.සෙත් කවි කියවීමට හා විෂ්ණු දෙවියන් ප්රමුඛ...
2022-12-01 18:30:00
රාශි චක්‍රයේ ලග්න දොළසකි. මෙළොව ඉපදුණ හැම අයකුටම ලග්නයක් හිමිවේ. ලෝකයේ කොතනක කුමන වේලාවක උපත ලැබුවත් එම මොහොතේ නැඟෙනහිර අහසේ උදාවන තාරකාව ලග්නය...
2022-11-24 18:30:00
ජන්ම පත්‍රයේ 6 වැනි රාශියෙන් රෝග ගැන කරුණු අනාවරණය කර ගැනීමට උගත් ඡ්‍යෝතිෂවේදියාට හැකියාවක් ඇත. එමෙන්ම භාවවල හැඩරුව අනුසාරයෙන් ද වා පිත් සෙම්...
2022-11-17 18:30:00
ලග්න රැසකටම සුබපල උදාකරමින් අද සිකුරුත් අනිද්දා බුධත් 16 දා රවිත් වෘශ්චික රාශියට පිවිසෙද්දී 13 දා කුජ වෘෂභයට යයි අප්‍රතිහත ධෛර්යය හා නොපසුබට...
2022-11-10 18:30:00
ග්‍රහ අපල දුරුවීමට වත්පිළිවෙත් ඔබේ ජීවිතයේ ප්‍රශ්න, ගැටලු, විවිධ කරදර, බාධා හා විවාහ ප්‍රමාදවීම් වැනි විවිධ ග්‍රහ අපල හේතුවෙන් සිදුවන බාධා සඳහා තම...
2022-11-10 18:30:00
කාන්තාවකගේ කේන්ද්‍රයේ සඳු සිකුරු ලග්නයේ පිහිටි ශනි හෝ රාහු සමඟ 5 වැන්නේ පාපියෙකු පිහිටීම හෝ අසුබ දෘෂ්ටියකට ලක්වීමෙන් එකී කාන්තාව දරුඵල අහිමි බවට...
2022-11-10 18:30:00
අසරණයින්ට පිහිට වන දයාව, අනුකම්පාව හා ත්‍යාගශීලිත්ව ඇති තරමක් දුරට අන්‍යයන් ඇසුරු කිරීමේදි ඔවුන් ගැන එකවරම නොපැහැදී කලක් ඇසුරු කර මිත්‍රවන...
2022-11-03 18:30:00
එක රාශියක එක ග්‍රහයකු බැගින් සිටීමෙන් යෙදෙන ඒක ශ්‍රැතිධර යෝගය (ඒකාවලීයෝගය) යෙදී ඇත්නම් සරසවි අධ්‍යාපනය ලබන උගතකු වනු ඇත. ජන්ම කේන්දරයක සඳුට ගුරු හෝ...
2022-11-03 18:30:00
විවාහය ගැන කතා කිරීමේ දී 7 වැන්න ගැන කිව යුතුමය. ශුභයින්ගෙන් විවාහය සාර්ථක වන අතර අශුභයින්ගෙන් අසාර්ථක වේ. සඳු, බුධ, ගුරු, ශුක්‍ර අසුබ පාපී ග්‍රහයින්...
2022-10-27 18:30:00
කන්‍යා ලග්නයට හිමි රැකියා ගැන බැලීමේ දී ලග්නාධිපති සහ දහවැන්නාධිපති වන බුධ ගැන බැලිය යුතු වේ. කන්‍යා රාශිය පඨවි ගුණයෙන් යුත් උභය රාශියකි. මුද්...
2022-10-20 18:30:00
රවි හිමි සිංහ ලග්නයෙන් උපන් ජන්මියා ආත්ම ශක්තියෙන් යුත් දියුණුවීමේ ආශා ඇති එඩිතර ගති ඇත්තෙක් වේ. සිංහ ලග්නයේ ලග්නාධිපති රාජ්‍යකාරක රවි වේ. රජය...
2022-10-13 18:30:00
සෑම කේන්දරයකම රැකියාව ගැන බැලීමේ දී ඉගෙනීම ගැනත් බැලිය යුතු ය. ඉගෙනීම උසස් නම් රැකියාව උසස් වේ. කටක ලග්න හිමියාගේ අධ්‍යාපනය ගැන බලන විට අධ්...
2022-10-06 18:30:00
මිථුන ලග්නයට හිමි රැකියා ගැන කතා කරන විට ලග්නාධිපති බුධ ගැනත් දහවැන්නාධිපති ගුරු ගැනත් බැලිය යුතුය. මිථුන ලග්නයේ ලග්නාධිපතිගේ ස්වරූපය වන බුද්ධිමත් බව...
2022-09-29 18:30:00