දාරක සම්පත අහිමි වන්නේ කෙසේද?

නොවැම්බර් 11, 2022

කාන්තාවකගේ කේන්ද්‍රයේ සඳු සිකුරු ලග්නයේ පිහිටි ශනි හෝ රාහු සමඟ 5 වැන්නේ පාපියෙකු පිහිටීම හෝ අසුබ දෘෂ්ටියකට ලක්වීමෙන් එකී කාන්තාව දරුඵල අහිමි බවට පත්වන්නීය. කේන්ද්‍රයේ පාපීන් සිටීම සහ ඔවුන්ගේ පෙනීම මත ස්ත්‍රියකගේ ඉරණම තීරණය වේ. 7 වැන්න කුජගේ නවාංශකයක පිහිටා සෙනසුරුගේ පෙනීමට ලක්වේ නම් එය ද එතරම් සුබවාදී නොවේ. ඇය ලිංගිකමය රෝගී බවට පත්විය හැකිය.

 

7 වැන්න තුළ රවි සිට රාහු හෝ ගුරු සමඟ සංයෝගවී අට වැන්නේ රාහු හෝ සිකුරු සමඟ 5 වැන්න තුළ පාපියෙකු ඇත්නම් ඇගේ කුසින් මළ දරු උපත් ඇතිවේ. ගුරු හෝ සිකුරු කුජ සමඟ සංයෝගවීම හෝ කුජ 7 වැන්නේ සිට ශනි සම්බන්ධ වීම ඇගේ දරු ගැබ තමා විසින් ම ගබ්සා කර ගැනීමට හේතු කාරක වේ. කුජ 7 වැන්නට තැන්පත්වීම ද ස්වභාවිකව ගැබ් ක්ෂය වීමට හේතුවක් වේ.

ලග්නය 5 සහ 7 වැන්න සහ ගුරු දුබල වීම දාරක සම්පත්වලට ධනාත්මක නොවේ. රවි, කුජ, රාහු දුර්වලවීම දරු සම්පත් නොලැබීමට ද හේතුවේ. පහ අධිපති 10 අධිපතිත් ස්ථාන මාරු කරගෙන සිටි විට හා ලග්නය හා පස්වැන්න පාපීන් සිටි විට ද 10 අධිපති කුජ 5 අධිපති සමඟ ලග්නය හා පස්වැන්න තුළ පාපීන් සිටි විට ද දහය අධිපති කුජ 5 අධිපති සමඟ සම්බන්ධව 5 වැන්නේ හා 10 වැන්නේ පාපීන් වීම ද දරුඵල නැතිවීමට හේතුවක් වේ.

ලග්නාධිපති 5 අධිපති 6 තුළ ද 4 අධිපති 8 වැන්නේ වීම ද අට අධිපති 10 යේ වීම ද දරුඵල අහිමි වේ. ලග්නය පාපීන්ට මැදිවී සඳු දුර්වලව 7 වැන්නේ ද 4 තුළ රාහු ද 5ගේ ශනි වීම ද 4 අධිපතියා සහ සඳු 6, 8, 12 වීම ද කටක ලග්නයේ කුජ රාහු වීමත් සඳු හා ශනි 5 තුළ වීම හරහා දාරක සම්පත් අහිමි වේ.

මේ ආකාරයට පෙර ආත්ම සර්ප ශාපය, පිය ශාපය, මවගේ ශාපය, සහෝදර ශාපය, බ්‍රහ්ම ශාපය මෙන්ම ප්‍රේත පිසාච ශාපය ද නිසා ම දරුඵල අහිමි වේ.

බුධ ගුරු, කුජ රාහු 5 වැන්නේ ද ශනි ලග්නයේ ද පිහිටීම ලග්නාධිපති 5 සිටීම ද පහ තුළ ශනි, කුජ, බුධ සිටීම හරහා දරුපල අහිමි වේ.

රාහු ගුරුගේ රාශියක වේ ද ගුරු, කුජ, ශනි 5 සිට 9 අධිපති අටවැන්නේ සිටීමත් විවිධ ශාපයන් බලපෑමෙන් දාරක සම්පත් අහිමි වේ. ශනි සිකුරු 7 සිට 8 අධිපති 5 - 4 සිටි විට ද ලග්නයේ රාහු ඇත්නම් පෙර කරන ලද මහා ශාපයන් හේතුවෙන් දරුඵල අහිමි වේ. ලග්නය 5 - 9 තුළ රාහු, කුජ, ශනි පිහිටීම හරහා ද පහ අධිපති 7 අධිපති සිටීම නිසා දරුඵල නැතිවේ.

ශාරීරික විද්‍යාව අනුව බලන විටත් පුරුෂයාගේ ශුක්‍රාණුවල ද ස්ත්‍රියකගේ ආර්තවානුවලත් දරා ගැනීමේ ශක්තිය හීන වූ විට දාරක සම්පත් අහිමි වේ. ශුක්‍රාණු හා ආර්තවානු සංයෝගය (ඨචථඥබඵ) යන්න නම් කෙරේ. ඔ සහ ක හරහා ගැහැනු පිරිමි නම් කෙරේ. පිරිමියෙකුගේ ශුක්‍රණු හටගන්නේ කෝටි සංඛ්‍යාවකි. ගැහැනියගේ අණ්ඩාශයේ ආර්තවානු හටගන්නේ මසකට එකක් පමණි.

ඇගේ වයස 45 ඉක්මවූ කල ආර්තවානු හටගැනීම නවතී. අවුරුදු අනූව ඉක්මවන තුරු ද පිරිමියාගේ බීජ කෝෂයේ ශුක්‍රාණු උපදී. මහලුවියේ වුව ද පිරිමියාගේ හටගන්නා ශුක්‍රාණු මහලු නොවේ. උපදින දරුවන්ගේ ගතිලක්ෂණ චර්යා රටාව අංග දේහ ලක්ෂණ අනුව දරුවා පිරිමියා ද ගැහැනිය ද යන බව තීරණය වන්නේ වර්ණාංශු පිළිබඳව නිරීක්ෂණය කිරීමෙනි.

කෙසේ වෙතත් උලකුඩය දේවියට පුත් රුවනක් ලබා ගැනීමට රහල් හිමියන් සෙත් කවියක් කියැවූ බැව් ද වංශ කතාවක දැක්වේ.

 

ඡ්‍යෝතිෂ සහ වාස්තු විද්‍යාවේදී, දේශබන්ධු,

ටී. හෙන්රි බෙම්මුල්ල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.