ආයුර්වේද මූලධර්ම පිළිබඳ සහතික පත්‍ර ප්‍රදානය කෙරේ

ජනවාරි 10, 2025

 

ආයුර්වේද ආහාර පාලන තන්ත්‍ර මූලික මූලධර්ම පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාවේ සමාරම්භක උත්සවය පසුගියදා කොළඹ විශ්වවිද්‍යාලයීය දේශීය වෛද්‍ය පීඨයේදී පැවැත්විණි.

ආයුර්වේද මූලධර්ම, ආයුර්වේද ශරීර රචනා සහ ශරීර ක්‍රියා දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දුන් මෙම සහතික පත්‍ර පාඨමාලාවේ දෙවැනි කණ්ඩායමේ බඳවා ගැනීම මෙය වන අතර එය දේශීය වෛද්‍ය පීඨයේ පශ්චාත් උපාධි හා මධ්‍ය වෘත්තීය සංවර්ධන ඒකකය හරහා ක්‍රියාත්මක වේ.

ආයුර්වේද ආහාර සහ ආහාර පාලන ක්‍රම පිළිබඳ දැනුම තුළින් ජීවන තත්ත්වය ඉහළ නැංවීම සහ අදාළ සේවාවන් පුද්ගලයාගේ දැනුම යාවත්කාලීන කර ඔවුන්ගේ සේවාවන්හි ගුණාත්මක බව ඉහළ නැංවීම පාඨමාලාවේ ප්‍රධාන අරමුණු වේ. මෙම අවස්ථාවට දේශීය වෛද්‍ය පීඨයේ පීඨාධිපති, ඇතුළු අධ්‍යයන, අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් සහ සිසුන් රාශියක් සහභාගී විය.

 

- ජයන්ති කුරේ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.