ඖෂධ ලබාදීමේ පින්කමක්

ඔක්තෝබර් 13, 2023

බෙම්මුල්ල ග්‍රාමයේ පදිංචි ටී.එම්.පැතුම් රුවන් කුමාර නම් තරුණ මහතා ගම්වාසීන්, අසල්වාසින් හා ශිෂ්‍ය ශිෂ්‍යාවන් සම්බන්ධ කරගෙන සෑම වසරකම රජයේ රෝහල් සඳහා රෝගී ජනතාව වෙනුවෙන් ඖෂධ ලබාදීමේ මාහැඟි පින්කමක් සිදු කරගෙන යනු ලබයි. එම පින්කමේ අවස්ථා ලෙස පසුගියදා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට සහ ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද රෝහලටද මෙන්ම බෙම්මුල්ල ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකයටද රුපියල් ලක්ෂයක පමණ වියදමින් ආධාර එකතු කර ඖෂධ පරිත්‍යාග කොට ඇත. එමෙන්ම රුපියල් තිස්දහසක පමණ ඖෂධ ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ද පරිත්‍යාග කර ඇත.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.