පාතහේවාහැට ඩෙංගු රෝගීන් වැඩිවන ලකුණු

ඔක්තෝබර් 13, 2023

2023 ජනවාරි මස සිට අගෝස්තු මස කාලය තුළ පාත හේවාහැට තලාතුඔය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ ඩෙංගු රෝගීන් හැත්තෑඅට දෙනකු (78) වාර්තා වී ඇති බව වාර්තා වේ.

මොවුනතුරින් බහුතරය නගරාශි‍්‍රත රැකියාවන් කරන්නවුන් අතර ඔවුන් මඟින් රෝගය ව්‍යාප්ත වන බව අදාළ වෛද්‍යවරු පවසති. මේ අතර ඉවත දමන ප්ලාස්ටික් බඳුන් හා පොලිතීන්වලින් නව නිර්මාණ කිරීමටත් මදුරු කීටයන් හඳුනාගැනීම සඳහා අදාළ නිලධාරීන් සහ ජනතාව දැනුවත් කිරීමටත් පාත හේවාහැට ඩෙංගු මර්දන කමිටුව තීරණය කර ඇත. 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.