සුබසෙත අනුග්‍රහයෙන් නොමිලේ පවත්වනු ලබන ඡ්‍යොතිෂ සම්මන්ත්‍රණය

නොවැම්බර් 1, 2024

ඡ්‍යොතිෂවේදය පිළිබඳ උනන්දුවක් දක්වන විද්‍යාර්ථීන් හට නිවැරැදි ඡ්‍යොතිෂ දැනුම ලබා ගනිමින් එම විෂයය හැදෑරීමට සුබසෙත ඡ්‍යොතිෂායුර්වේද පුවත්පත අනුග්‍රහයෙන් ආචාර්ය ජී.ඇම්. ගුණපාලයන් විසින් සෑම මසකම පසළොස්වක පෝදා ධර්ම දානයක් ලෙස අනුරාධපුර සුතිවන ශ්‍රී ආර්ය ශාන්ති භවනේදී නොමිලේ පවත්වනු ලබන ඡ්‍යොතිෂ සම්මන්ත්‍රණය මෙවර පසළොස්වක පෝදා නොපැවැත්වෙන අතර එය 19 වැනිදා අඟහරුවාදා පැවැත්වීමට නියමිතය. මෙවර සම්මන්ත්‍රණයේ මාතෘකාව වනුයේ නවාංශකය පාදක කරගනිමින් නිශ්චිත පලාපල කථනයේ දෙවැනි කොටස වේ. අනුරාධපුර පොතානේගම (නගරාශි‍්‍රත) නව පුත්තලම් පාරේ තිස්ස මාවත කෙළවර තිසා වැව අසල පිහිටි සුතිවන ශ්‍රී ආර්ය ශාන්තිභවන සම්මන්ත්‍රණ ශාලාවේ උදේ 9.00ට ඇරැඹී සවස 3.00 දක්වා පැවැත්වෙනු ඇත. මෙයට ඡ්‍යොතිෂයට ඇල්මක් දක්වන වයස් භේදයකින් තොරව ඕනෑම අයකුට නොමිලේ සහභාගී විය හැකිය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 16 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.