වර්ෂ 2023 ක්වූ February 03 වැනිදා Friday
සීනි මට්ටු කරන තෙබු
අගෝස්තු 19, 2022

තෙබුවල ඖෂධීය ගුණ
ගම්බදව වැවෙන ආහාරයට ගන්නා දේශීය ශාක වර්ග බොහොමයක් තිබේ. එවැනි වූ ශාක විශේෂයක් ලෙස ‘තෙබු’ හැඳීන්විය හැකිය. ‘තෙබු’ ගැමියන් අතර මෙන්ම නාගරිකයන් අතර ද ඉතාම ජනප්‍රිය ශාකයකි.
මෙම ශාකය ජනතාව අතර ජනප්‍රිය වීමට හේතුවී තිබෙන්නේ ඒවා ආහාරයට ගැනීම මඟින් රුධිරයේ සීනි මට්ටම ශීඝ්‍රයෙන් පහළ වැටීමට සමත්වේය යන මතයයි. එසේම තෙබු කොළ වල රුධිරයේ කොලොස්ටරෝල් පාලනය කිරීමේ ඖෂධීය ගුණයක් තිබෙන බවටත් විශ්වාසයක් පවතී. මෙය ඇතැම් රටවල ආක්‍රමණශීලී පැළෑටියක් ලෙස ද හඳුන්වනු ලබයි. අග්නිදිග ආසියාව මෙම ශාකයේ නිජ භූමිය වන අතර ඉන්දුනීසියාවේ සුන්ඩා දූපතේ මේවායේ බහුල ව්‍යාප්තියක් දක්නට ලැබේ. කුක්, ෆිජි සහ හවායි වැනි පැසිෆික් දූපත්වලද මෙම ශාකය දක්නට ලැබෙන අතර ඒවායේ මෙය හඳුන්වා ඇත්තේ ආක්‍රමණශීලී ශාකයක් ලෙසිනි. මෙය ඉන්දියාවේ බහුලව වගා කෙරෙන අතර, අනෙකුත් රටවල විසිතුරු පැළෑටියක් ලෙස ද වගා කෙරේ.
ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව මෙම ශාකය විවිධ වූ ඖෂධීය ගුණාංගයන්ගෙන් යුක්තය. ලාදුරු, උණ, ඇදුම, බ්‍රොන්කයිටිස් හෙවත් ශ්වාසනාළ ප්‍රදාහය හා බඩවැල්වල පණුවන් නැසීම සඳහාද මෙය යොදාගනු ලබයි. මෑතකදී කළ පර්යේෂණවලට අනුව හෙළි වී ඇත්තේ දියවැඩියාවට ද මෙය ප්‍රත්‍යක්ෂ ඔසුවක් බවය. දැනට සිදුකොට ඇති පර්යේෂණවලට අනුව තෙබු පත්‍රයක ප්‍රෝටීන් 19 ක්ද, කාබෝහයිඩේ්‍රට් 44ක්ද, ලිපිඩ 4 ක්ද තිබේ. තන්තු සංයුතිය 12කි. එමෙන්ම කැල්සියම්, මැග්නීසියම් හා සෝඩියම් 2 බැගින්ද, පොටෑසියම් 1ක්ද, බොහෝ විටමින් වර්ග ද ඇති බැව් හෙළි වී තිබේ. තෙබු පත්‍ර යොදා විවිධ ආහාර වර්ග පිසීම ආසියානු රටවල සුලබව දක්නට ලැබේ.
මෙම ශාකය බැක්ටීරියා හා දිලීරවලට ඔරොත්තු දීමේ ගුණයෙන් යුක්ත බැව් සොයාගෙන තිබේ.
ඈත අතීතයේ සිටම අපේ ගැමියන් තෙබු කොළ විවිධ ආකාරවලට තම ආහාර වේලට එක්කරගෙන තිබේ.
කලවම් පලාවේ අංගයක් ලෙස. එසේම සලාදයක් ලෙස. තෙබු වලින් කුසගින්න ඇති කරනවා වගේම ආහාර රුචියද වැඩිකරනවා. ඒ වගේම සෙම, පිත, උණ, කැස්ස, ආදිය පාලනයට තෙබු ආහාරයට ගැනීමෙන් සිදුවෙනවා. ඉරුවාරදය නසන්න තෙබු ඉතා හොඳයි. ශරීරය උෂ්ණ අයගේ සිරුර සිසිල් කරන්නත් තෙබු ආහාරයට ගැනීම හොඳයි. හමේ රෝග නසන්නත් තෙබු උදව් වෙනවා. ඇදුම රෝගයට, මල බද්ධයට, පණු රෝගවලට, තෙබු ඉතා ගුණයි. සමහර අයට ඇති වෙන මානසික ආතතිය පාලනය කරන්නත් තෙබු ඉතා ප්‍රයෝජනවත් වෙනවා.
ඒ වගේම තෙබු වැඩිපුරම උදව් වෙන්නේ දියවැඩියාව පාලනය කරන්න සහ කොලෙස්ටරෝල් පාලනය කරන්න. කලක් තිස්සේ අපේ ගැමි ජනතාව මේ ආකාරයෙන් ආහාරයට එකතු කර ගැනීමෙන් විශේෂිත ගුණයක් ඇති වු අතරම අගුණයක් නම් කිසි විටෙක ඇති වුයේ නැහැ. දිනපතාම තෙබු ආහාරයට ගැනීම සුදුසු නැහැ. නමුත් සතියට දින 2ක් හෝ 3ක් ආහාරයට ගැනීමෙන් සියලුම ලෙඩ රෝගවලින් සහනයක් ලබාගන්න හැකි වේවි.
ඒ වගේම තෙබු පැළය ඉතා අංලකාර සුදුපාට මල් පිපෙන පැළයක්. එනිසා අවට පරිසරය සුන්දර කරන්න මෙන්ම පලාවක් ලෙස ආහාරයට එක්කර ගන්න ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල ඉතා පහසුවෙන් වගා කර ගන්න පුළුවන්. පැළෑටියක් විදියට තෙබු හඳුන්වන්න පුළුවන්.
තෙබු කොළ මැල්ලුම, තෙබු කොළ සලාදය, තෙබු ගොබ ව්‍යංජනය, වගේ නොයෙක් විදියට සකස් කර ගන්න පුළුවන්. තෙබු දල්ල සහිත ළපටි ගොබය කිරට පිසූ කළ ඉතා රසවත් ව්‍යංජනයකි. තෙබුවලින් රසවත් ආහාර සකසා ගනිමු.
තෙබු කොළ මැල්ලුම
අවශ්‍ය ද්‍රව්‍ය
තෙබු කොළ දෙමිටක්
ගාගත් පොල් ටිකක්
රතුලූනු ගෙඩි කීපයක්
අමුමිරිස් කරලක්
කරපිංචා කිනිත්තක්
කහකුඩු ස්වල්පයක්
ගම්මිරිස් ඇට කීපයක්
අබ ස්වල්පයක්
තෙල් ටිකක්
උම්බලකඩ කුඩු ටිකක්
දෙහි යුෂ ටිකක්
රස අනුව ලුණු
සාදන ආකාරය
තෙබු කොළ සෝදා දිය බේරා ගෙන ඉතා සිහින්ව ලියාගන්න. පොල් වලට කහ, ගම්මිරිස්, උම්බලකඩ, රතුලූනු, අමුමිරිස්, ලුණු දමා හොඳීන් ගලේ අඹරා ගන්න. නැතිනම් කොටා ගන්න. දැන් තෙබුකොළවලට අඹරාගත් පොල් මිශ්‍රණය දමා හොඳීන් කලවම් කරගන්න. දැන් තෙල් ටිකක් ළිප තබා රත්වන විට කරපිංචා දමන්න. අබ ඇට ටික දමා පුපුරවා ගන්න. දැන් කොළ මිශ්‍රණය දමා කොළ පැහැය වියැකී යා නොදී මලවා ගන්න. බිමට බා දෙහි යුෂ එකතු කරන්න.
තෙබු කොළ සලාදය
අවශ්‍ය ද්‍රව්‍ය
තෙබු කොළ දෙමිටක්
අමුමිරිස් කරල් 2 ක්
රතුලූනු ගෙඩි කීපයක්
ලුණු රසට අනුව
උම්බලකඩ කුඩු ටිකක්
ගම්මිරිස් කුඩු ඉතා ස්වල්පයක්
ගාගත් පොල් ටිකක්
දෙහි යුෂ ටිකක්
සාදන ආකාරය
තෙබු කොළ සෝදා හොඳීන් දිය බේරා ගන්න. ඉතා සිහින්ව ලියා ගන්න. රතුලූනු, අමුමිරිස්, සිහින්ව ලියා ගන්න. දැන් භාජනයක් ගෙන එයට පොල්, කපාගත් රතුලූනු, අමුමිරිස්, ගම්මිරිස් කුඩු, ලුණු, දෙහියුෂ, උම්බලකඩ කුඩු දමා හොඳීන් මිශ්‍ර කරන්න. අන්තිමට කපාගත් තෙබු කොළ ටිකද මිශ්‍ර කරගන්න.
තෙබු ගොබ ව්‍යංජනය
අවශ්‍ය ද්‍රව්‍ය
ළපටි තෙබු දළු සහිත ගොබ දෙක තුනක්
අමුමිරිස් කරල් 2 ක්
රතුලූනු අහුරක්
කහ ස්වල්පයක්
අමුතුනපහ ස්වල්පයක්
උම්බලකඩ කැබැලි ටිකක්
ලුණු
මිටිකිරි ටිකක්
උළුහාල් ඇට කීපයක්
සාදන ආකාරය
තෙබු ගොබ ටික සෝදා සිහින්ව කැබැලිවලට කපා ගන්න. රතුලූනු, අමුමිරිස් ද සිහින්ව කපන්න. දැන් මැටි හට්ටියක් ගෙන සියල්ල එකට දමා කොළ පැහැය නොනැසෙන සේ සිදුවා ගන්න.
එස්. එම් ජයසූරිය
෴ සබැඳි ලිපි ෴
සෑම රටකම එරටට ආවේණික සුවිශේෂ වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම ඇත. ඒ සඳහා බොහෝ විට භාවිත කරන්නේ සිය පරිසරයේ වැවෙන ගහකොළ පැළෑටි සහ වෙනත් ඛනිජ ද්‍රව්‍ය ආශි‍්‍රතව...
2023-01-05 18:30:00
සමස්ත ලංකා වෘත්තීය ජ්‍යෝතිෂවේදීන්ගේ සංගමයේ පළමු සංවත්සර මහා සභා රැස්වීම 2022.12.10 සෙනසුරාදා කොළඹ දී පැවැත්විණි. එසේම සංගමය මඟින් නොමිලේ...
2022-12-15 18:30:00
ඇස යනු ඉතා සංවේදී මෙන්ම ශරීරයේ ඉතාමත්ම වැදගත්ම ඉන්ද්‍රියකි. එසේම ඇසට හානියක් සිදුවීමේ දී ඉතා කුඩා සිදුවීමක් වුවත් හේතු විය හැකි ය. ඇසට වන හානිය සුළු...
2022-12-08 18:30:00
මාන්දම් රෝගයට ප්‍රතිකාර කිරීමේ දී පළමුව අග්නි දීපනය කිරීම. ඉන්පසු ශෝධක කිරීමත්, අවසානයට රසායනික චිකිත්සාවත් කළ යුතු ය. පසුව ප්‍රතිකාර හා උපද්‍රව සඳහා...
2022-12-01 18:30:00
ආයුර්වේදය යනුවෙන් හඳුන්වන්නේ, “උපතින් පටන් ගෙන මරණයෙන් කෙළවරවන අපේ ජීවිතය නීරෝගිව (ශාරීරික හා මානසික) පවත්වාගෙන යාමට අවශ්‍ය කරන කලාව හා විද්‍යාව...
2022-11-24 18:30:00
ව්‍යායාම කිරීමේදී ඉකිළියේ ඉදිමුමක් ඇතිවන බව රෝගියා පවසයි නම්, එම ඉදිමුම ස්පර්ශ නොවේ නම්, රෝගියා සිටුවා දෙපා දෙපසට කර, කැස්ස එනවිට තරංගය ඉදිමුම මතුපිට...
2022-11-24 18:30:00
වැඩිහිටි මෙන්ම මහලු අය අතර වැඩි වශයෙන් පවතින හන්දිපත් රුදාව හෙවත් හන්දිපත් වේදනාව වර්තමාන සමාජයේ බෙහෙවින් පවතින රෝගයකි. එදිනෙදා කටයුතුවලට බාධා...
2022-11-10 18:30:00
අල බතල වගේ ජනපි‍්‍රය නොවූවත් හුළංකීරිය අලවල ඇත්තේ පුදුමාකාර ඖෂධීය ගුණයක්. වෙළෙඳපොළේ නිතර දෙවේලේ දකින්නට නොලැබෙන නිසාදෝ ගෘහිණියන් ඒ ගැන වැඩි...
2022-10-27 18:30:00
ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී නොයෙක් රෝගයන් සඳහා ඖෂධ යෙදීම මෙන්ම ආහාර සහ විහරණයන් පිළිබඳවද වැඩිම අවධානයක් යොමුකර ඇත. විවිධ රෝගවලදී යොදනු ලබන...
2022-10-20 18:30:00
අජීර්ණයටහොඳින් නටන උණුවතුර භාජනයකට අළු ස්වල්පයක් දමා සුළු වෙලාවක් වසා තබා ඉන්පසුව පෙරා එම ජලය පානය කිරීම.වමනයටකතා නොකොට ඇඳ සිටින වස්ත්‍රයේ පටියක් ඉරා...
2022-09-29 18:30:00
අධික රක්ත චාපය යන්න කුමක්දැයි ප්‍රථමයෙන් වටහා ගැනීම සුදුසු වේ. මෙය සාමාන්‍ය කවුරුත් හඳුන්වන්නේ ප්‍රෙෂර් එක නමිනි. ප්‍රෙෂර් එක හෙවත් අධික රුධිර පීඩනය...
2022-09-15 18:30:00
කෙදිනක හෝ ඔබට හිසරදයක් සැදුණා යැයි මතකයක් තිබෙනවාද? එසේ හටගත් හිසේ වේදනාවෙන් ඔබ සැලුනේද? එසේ නැත්නම් වේදනාව ඉවසීමෙන් මැඩ පවත්වා ගත්තේද? එපමණකින්...
2022-08-25 18:30:00
තෙබුවල ඖෂධීය ගුණ ගම්බදව වැවෙන ආහාරයට ගන්නා දේශීය ශාක වර්ග බොහොමයක් තිබේ. එවැනි වූ ශාක විශේෂයක් ලෙස ‘තෙබු’ හැඳීන්විය හැකිය. ‘තෙබු’ ගැමියන්...
2022-08-18 18:30:00
යමෙකුට ඇතිවන සරල ආබාධයක් සඳහා වෛද්‍ය උපදෙස් ලැබීමට පළමුව පරිසරයේ ඇති ඔසු පැළ භාවිතා කර ගෙදරදී සාදා ගන්නා ඖෂධ අත් බෙහෙත් නම් වේ. අත් බෙහෙතකට එක ද්රව්...
2022-08-18 18:30:00
කොරෝනා රෝගයට පසු වර්තමානයේ නව රෝගයක් පිළිබඳව කතිකාවක් ගොඩනැගී ඇත. එය ද මේ වනවිට ලොව පුරා පැතිරීමේ අවදානමට ලක්ව ඇති බව වාර්තාවන දත්ත අනුව පෙනේ....
2022-08-04 18:30:00
ආයුර්වේදය හා පරිසරය අතර ඇත්තේ වෙන්කළ නොහැකි සම්බන්ධතාවයකි. නිවැරැදි ආහාරවලින් අපට ආයුෂය, වර්ණය, සැපය, බලය, ප්‍රඥාව ලබාදෙයි. අතීතයේ අපේ මුතුන් මිත්තෝ...
2022-07-28 18:30:00